නව කතාව

😍නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍

චන්ඩි #රැජින🌹🌹

පහළොස් වන චන්ඩිකම 🙅🙅 •

” මෙතන මොකක්ද? මේ නටන නාඩගම ” 😡

එහෙම්මම විදුලියක් වගේ වේගෙන් ඒ පපුවෙන් ඈත් වුණේ.එයත් ගැස්සිලා පිටි පස්සට විසි වෙනකොට.

අ අ ම් ම 😳

දෙවියනේ එතකොට මේ හේරත් මැඩම් ද? ඒ කියන්නෙ විනෝද් සර්ගෙ අම්ම.තාමත් දොර ගාවට වෙලා පුපුර පුපුර බලන් හිටපු හේරත් මැඩම් එක පාරටම ඉස්සරහට ඇවිත් සර්ගෙ කම්මුලට පාරක් ගැහුවෙ හිතා ගන්නවත් කාලයක් නැති වෙනකොට.

” මේකටද? උදේම ගෙදරින් ආවෙ නංගිවත් දාල” 😡

තව එක එක ජාති කියල කෑ ගහපු හේරත් මැඩම් මං දිහාත් කන්න වගේ බලන් ඉදලා ආයෙත් යන්න ගියේ.යන්න ගියපු හේරත් මැඩම් දොර ගාව නතර වෙලා ආයෙත් විනෝද් සර්ට කතා කලේ.

” මේ දැන්මම ගෙදර එනව “😡

එහෙම කියල යන්න ගියේ දොරත් සද්දෙට වහ ගෙනම.සර් තාමත් බිම බලා ගෙන පුපුරු ගහන කම්මුල අත ගානව.මාත් එහෙම්මම මේසෙ උඩ තිබුණු බත් එක අරන් ඩස්පින් එකර දාල පිටට පනින්න හදන ඉකියත් හිර කරන් බෑග් එකත් අරන් ඔෆිස් රූම් එකෙන් එළියට දුවන් ආවේ.විනෝද් සර් මොණ මොනවදෝ කිය කිය පස්සෙන් එනව ඇහුනත් එහෙම්මම පාරටඇවිත් ත්‍රී වීල් එකක් නතර කරල නැග්ගෙ.එයා බලන් ඉන්නව ඇස් කොණින් වගේ දැක්ක උනත් ඒ පැත්තවත් බලන්න උවමනාවක් වුණේ නෑ මට.

” හෙලෝ රශී කියන්න ඇයි කතා කලේ “

” අනේ නිශා ඉහි ඉහි…..” 😭

” රශී උඹ අඩනවද? මොකද?බං වුණේ.හෙලෝ හෙලෝ රශී කතා කරපංකො බං කොහෙද? ඉන්නෙ ” 😳

නිශා කොච්චර කතා කලත් ඒ වෙනකොට එහා පැත්තෙන් කෝල් එක කට් කරල ඉවරයි.කලබලෙන් නම්බර් එකක් ඩයල් කරල ෆෝන් එක කනේ තියා ගත්තු නිශා දිහා ඇසලත් ධනුකත් බලන් හිටියෙ පුදුමයෙන්.

” ශික් මේ කෙල්ල ෆෝන් එකත් ඕෆ් කරල”

” නිශා මොකක් හරි ප්‍රශ්නයක් ද? බං “

කිසිම දෙයක් හිතා ගන්න බැරිම තැන ඇසල එහෙම ඇහුවෙ.

” ඔව් ඇසල මේ මගෙ යාලුව දැන් කෝල් එකක් ගත්ත.මං ආන්සර් කරල කතා කලාට එයා වචනයක්වත් කිව්වෙ නෑ අඩනව හැර.මං හිතන්නෙ එයා පාරෙ හිටියෙ.වාහන සද්දෙත් ඇහුණ.”

” ඒ මොකෝ බං එයාට කරදරයක්වත් ද? “

“ඒක තමයි ධනුක මටත් හිතා ගන්න බැරි”

එහෙම කියල නිශා හනිකට බෑග් එක සූදානම් කලේ.

” ඔය උඹ යන්නද? දැන් “

” ඔව් ධනුක අයියෙ. මේ කෙල්ල ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ.මට බයක් දැනෙනව.”

” එහෙනම් ලීව් එකක් දාල පලයං “

ධනුක හයියෙන් කෑ ගහල කිව්වෙ බෑග් එකත් අර ගෙන වේගෙන් දුවන නිශා දිහා බලා ගෙන.

ලීව් එකක් දාල ශොප් එකෙන් ආපු නිශා බයික් එකට නැඟල වේගෙන් පිටත් වුණේ ගෙදර යන්න. විනාඩිවිස්සක් විතර යන කොට ගෙදරට යා ගන්න පුලුවන් වුණා.ඉක්මනට කාපට් එක යට තිබුණු යතුර අරන් දොර ඇරල ඇතුලට ගියේ රශීට කතා කරන ගමන්ම.

” රශී රශී රශී…..උඹ කොහෙද? “

නිශා හිතුවෙ රශී ගාව එක්ස්ට්‍රා කී එකක් තියෙන නිසා රශී ගෙදර ඇවිත් ඇති කියලයි.නිශා ගේ පුරාම හෙව්වත් රශී ගෙදර ඇවිත් හිටියෙ නෑ.ආයෙමත් ෆෝන් එකට අරන් බැලුවෙ.ෆෝන් එකත් ඕෆ්.

ෆෝන් එකත් ඕෆ් මෙයාට මොනව වුණාද? එක්කො තව ටිකක් බලනව.

නිශා එහෙම හිතල සාරි එකත් මාරු කරල මූණ අත පය සෝද ගෙන කුස්සියට ගියේ.තේ එකක්වත් හදා ගන්න කියල.තේ කෝපයත් අරන් ඉස්සරහට ඇවිත් වාඩි වුණේ ෆෝන් එකත් මේසෙ උඩින් තියන ගමන්.

පැය භාගයකුත් ගත වෙලා රශී තාම නෑ.ඔෆිස් එකේ ඉදන් මෙතනට එන්න මෙච්චර වෙලා යන්නෙ නෑ.මේ කෙල්ල කොහෙ ගිහින්ද? අම්මට කියන්නත් බෑ.එහෙම වුණොත් එයා බය වෙයි.යාන්තමට වගේ මතකෙට ආවෙ විනෝද්ගෙ නම්බර් එක.එහෙම්මම නම්බර් එක ඩයල් කරල ෆෝන් එක කණේ තියා ගත්තෙ.

” හෙලෝ “

” හෙලෝ විනෝද් සර් “

” yes speaking who are you “

” සර් මං රශීගෙ යාලුව නිශාදි.”

” අහ් ඔව් නිශාදි.කියන්න”

” සර් අපේ රශී ඔහෙ ඉන්නවද? “

” නෑ නිශාදි ඇයි මගෙ කෙල්ලට මොකද?වුණේ”

” රශී මට කෝල් කලා.දැන් පැයකට විතර කලින්.ඒ වෙලාවෙ එයා හොදටම අඩන ගමන් උන්නෙ.ඒත් මොකුත් කිව්වෙ නෑ.දැන් ෆෝන් ඕෆ්”

” දෙයියනේ මගෙ කෙල්ල 😳 බය වෙන්න එපා නිශාදි මං රශීව හොයා ගන්නම්.ඔයත් රශීව හම්බ වුණොත් මට කෝල් එකක් දෙන්නකො “

විනෝද් එහෙම කියල ෆෝන් එක තිබ්බෙ.නිශාත් ඇදුමක් දා ගෙන ලෑස්ති වෙලා එළියට ආවෙ දන්න කියන තැන්වලටවත් ගිහින් බලන්නම් කියල හිතා ගෙනම.ඒත් එක්කම වීල් එකක් ඇවිත් නතර කලේ.

” දෙයියනේ රශිඋ උඹ කොහෙද?මෙච්චර වෙලා ගිහින් උන්නෙ.ෆෝන් එකත් ඕෆ් කරන් “

නිශා මොනව කිව්වත් රශී නෑහුනු ගානට ගෙට දිව්වෙ.නිශා ඒත් එක්කම විනෝද්ට කෝල් එකක් අරන් කිව්වෙ රශී ගෙදර ආව කියල නැත්තං එයා කලබල වෙලා හොයන නිසාම.

” රශී උඹ කොහෙද? ගියේ බං “

කලබලෙන් සාරි එක ගලවන නිශාගෙන් රශී එහෙම ඇහුවෙ.

” අපි ඒ දවස්වල නිවාසෙ ඉන්න කොට අම්මත් එක්ක යන පන්සලට ගියේ “

” යකෝ මොන ඉලව්වක ගියත් තොට ඒක කියන්න බැරි වුණාද? මං මෙතන කලබල වෙනව කියල හිතන්න බැරි වුණාද? මොන මගුලක්ද? තෝ ෆෝන් එකත් ඕෆ් කරන් කරේ “

” අනේ බං කෑ ගහන්නෙ නැතුව හිටපංකො.මගුල ” 😡

” ඔව් ඔව් උඹට මගුලෙ යන්න හොදා.මං කෑ ගැහුවම තමයි අමාරු ” 😡

ගස්ස ගස්ස වොශ් රූම් එකට දුවන් රශීට බනින ගමන් නිශාත් රූම් එකෙන් එළියට ආවෙ.

💓💓💓

” විනෝද් ඔහොම ඉන්නව ” 😡

කලින් ගෙදර එන්න කිව්වත් අම්ම තාමත් කේන්තියෙන් ඇත්තෙ කියල හිතලු විනෝද් වෙනද වෙලාවටම ගෙදර ගියේ.ගෙට ගොඩ වෙනවත් එක්කම ඇහුණු කට හඩින් ඒ දිහා බලපු විනෝද් ගැස්සිලා ගියේ ඒ දැකපු දෙයින්…නැවත හමුවෙමු. 👋👋

වස්තුලා ලොකු උදව්වක් ඕනෙ හැමෝගෙන්ම.ගෙන්දම් අකුරු සමූහයේ මං කෙටි කතා තුනක් දාල තියෙයි තරගෙකට.Like coment Share කරල ඔයාලගෙ යාලුවො ටිකකුත් මෙන්ශන් කරන් යන්න මේ ගමන්ම.මගෙ වෝල් එකේ කතා තුනම දාල තියෙනව.කතාවෙ ෆොටෝ එක ටච් කරල coment එකක් දා ගෙන යන්න බබාල තරහ නැතුව. මතක ඇතුව යාලුවො මෙන්ශන් කරන් යන්නෝ.

ඔන්න චන්ඩි රැජින ඩබල් බෝනස් 😍 දෙනව මට help එකක් දුන්නොත්