තරු ඇස්🌟

  1. කොටස

ඒත් එදා හවස නොහිතපු විදිහට වහින්න පටන් ගත්තා……..

“ශික් මේ ගෑණි තාමත් නෑ…….. වහිනවත් එක්ක අද ගෙදර යන්නේ නැද්ද කොහෙද……. “

බැන බැනම මිහේෂ් ආපහු office එකට ගියේ තෙනූව හොයන්න………… ඒත් මිහේෂ් office එකට ඇතුල් වෙනකොට දැක්ක දෙයින් බය වෙනවා…….

තෙනූ මේසයක් යටට වෙලා ගුලි වෙලා ඔලුවත් තියාගෙන අඬනවා…….

තෙනූ ඉස්සර ඉඳළම වැස්සට බයයි…….. හේතුවක් දන්නෙ නෑ……… ඒත් තේනුට තදින් වහින වෙලාවට…….. අමුතු සිද්දින් ඇස් ඉස්සරහා මැවිලා පේනවා……… ඒ සේරම අපැහදිලි උනත් තෙනූ ඒ දේවල් මතක් කර ගන්න බයයි……… තෙනූට මතක එකම දේ තුවක්කුවක් අතින් ගත්ත මනුස්සයෙක් විතරයි………….. ඒ වෙලාවට තෙනූගේ ඔලුව මාරෙට රිදෙනව……..

“තෙනුලි………… අයිසේ……….. මොකද මේ?? කතා කරනවා………. තෙනුලි ඔයා හොඳින්ද??……….”

තෙනූ තාමත් වෙව්ලනවා………. මිහේෂ් ඇවිල්ලා තෙනූව ඇල්ලුවා විතරයි….. තෙනූ හයියෙන් මිහේෂ්ව බදා ගත්තා……..

“මි…..හූ………….”

තෙනූ වචන පටල පටල කතා කරත් ඒ ආමන්ත්‍රණයට මිහේෂ් ගැස්සුනා…….. මිහේෂ් ඉස්සර ඉඳලම කැමති…. මිහූ කියනවට……….. මිහේෂ් සනීප උනාට පස්සේ තෙනූ පළවෙනි වතාවටයි මිහේෂ්ට මීහූ කියලා කතා කරේ…………. කියාගන්න බැරි දුකක් තෙනූ වෙනුවෙන් මිහේෂ්ගේ හිතේ නලියනවා කියලා ම්හේෂ්ට තේරුණා……

“දෙයියනේ……… ඇයි මැණික මේ??…… ඔයා හොඳටම වෙව්වලනවනේ??……. මොකක්ද උනේ ළමයෝ???”

“ම…………ම…………ගේ අම්……..මයි………. තාත්………….තයි……………. අනේ…….😭”

තෙනුලි දැන් නම් හොඳටම අඬනවා…….. මිහේෂ්ට බයයිත් එක්ක………..

“ඔව් ඉතිම්………..”

“එ……….එයා…………ලා……. පව්……… එයා…… ලා……… මැරුණේ……. නෑ………… මැරුවා………. “

“මැරුවා……. දෙවියනේ තෙනූ මේ මොනාද කියන්නෙ………… කවුද??…….”

“ද………න්නෑ………. අර ගන් එක තියා ගෙන………. හිටපු……… අංකල්……. ෂූට්….. කලා……..මා……..වත්……… මරයි…… මීහු….. මට බයයි……….”

“ෂ් ෂ්………. කාම් ඩවුන් තේනූ……… මං ඉන්නවනේ ඔයාට…….. ම්ම්ම්ම්……… ඔයාට මුකුත් වෙන්න දෙන්නෙ නෑ……… ඕකේ…… කෝ දැන් එන්න අපි ගෙදර ගිහින් රෙස්ට් කරමු…….. ඔයාට මුකුත් වෙන්නේ නෑ…. මං ඉන්නවනේ…………….”

මිහේෂ් එහෙම්මම තෙනූව අත් දෙකට අරන් පරිස්සමෙන් වාහනේට ගෙනත් ගෙදර එක්ක ආවා……..

එදා බයටම තෙනූට උණ ගැණුනා……. මිහේෂ් තෙනූ ළඟින් හෙල්ලුනේ වත් නෑ……. ලියෙවි නැති උණ අඩුව…… තෙනූ පුරවනවා වගෙයි මිහේෂ්ට දැණුනේ…….

“මීහූ………….. ය……….න්…………න………. එපා…………. හ………රි…….ද……….. මට බය…….යි………… ඔයා………. වෙන……..ස්…. උනේ………. ඇයි…………. ඇයි……… මාව….. රිද්ද………..න්නේ…………??……..”

උණ විකාරෙන් කියවන තේනූ දිහා මිහේෂ් බැලුවේ අනුකම්පාවෙන්……… තමන් මේ ගෑණු ළමයට සලකනවා සැර වැඩිදෝ කියලා….. මිහේෂ්ට හිතෙනවා………..

මිහේෂ්ට එහෙම්මම තේනු ගාව නිනද ගිහින් තිබ්බා……….. උදේම තෙනූ ඇහැරුණාමයි දැක්කේ……… ඇඳට ඔලුව තියන් නිදන් උන්නු මිහේෂ්ව………

“අනේහ්……….. මෙයා එළි වෙනකම් මෙතන ඉඳලඳ………..”

තෙනු මිහේෂ්ගේ හිස සිම්බේ හදිදිස්සියේ ඇති උණ හැඟීමකින්…….

“මෙහෙම ඉද්දි නම් කොච්චර අහිංසක පාටද……….”

“මෙහෙම නෙමේ කොහොමත් අපි අහිංසක පාටයි “

නිදාගෙන ඉන්න මිහේෂ් කතා කරද්දි තෙනූ ගැස්සුනා……..

“නිදාගෙන ඉන්නකොට බලහත්කාරකම් කරන්න ඔට්ටු නෑ……..”

එහෙම කියලා මිහේෂ් තෙනූගේ ඔලුවට ගහගෙනම ගියේ බාතෲම් එකට…..

“ර්ර්ර්ර්ර් ඇහැරිලාද ඉඳලා තියෙන්නේ …….. ඔයා ඉවරයි තෙනූ……….”

“ඔතන රව රව ඉන්න නෙමේ තමුන්ගේ කාමරේට ගිහින් විනාඩි 5න් ලෑස්ති වෙලා එනවා……..”

එතකොට තමා තෙනූ තේරුම් ගත්තේ තමන් ඉඳලා තියෙන්නේ මිහේෂ්ගේ කාමරේ කියලා…….. තෙනූ ගියා නෙමේ දිව්වා……..

“තමුන් විනාඩි 10ක් පරක්කුයි………”

වොෂ් දාගෙන තමන්ගේ කාමරේට ආපු තෙනූට මිහේෂ් කිව්වේ තරහා මූණක් මවාගෙන……..

“අනේ පොඩි මහත්තයා………”

තෙනූයි මිහේෂුයි ගැස්සිලා ගියේ ඒ ඇහුණ සද්දෙට………..

“මොකද ජස්ටින් සීයේ කෑ ගහන්නේ…….”

“මහත්තයා………. අපිට තැනක් වැරදුණා….”

ඒක ඇහුවා විතරයි මිහේෂ්ගේ මූණේ හැඟීම් වෙනස් වෙන්න ගියේ මොහොතයි….

“ඒ………..ඒක………. වෙන්න බෑ………. මොකක්ද උනේ??……..”

“සෙනුලි කෙල්ල අතුරුදහන්…………….”

“වට් ???…… එතකොට තේජ්??……..”

“එයත් නෑ මහත්තයෝ……… ලොකු නෝනට මොකද කියන්නෙ ??”

“මේක වෙන්න දෙන්න බෑ ජස්ටින්…… තෙනූ…… තමුසෙට කියන්න දෙයක් තියෙනවා…………..”

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

තරහද ඔයාලා….. අනී🥺 අම්මට සාත්තු කරන්න ගිහින් මටත් පැපොල හැදුනනේ බබාලා……….. අනි මගේ මූණ 😭………

දන්නවා ආසාවෙන් ඉන්නේ කියලා කතාව දානකම්…….. සොරි හරිද😒

තව කොටස් දෙකකින් විතර කතාව ඉවර වෙයි…………. ඔන්න දැන් තමා ඔයාලා පැට ලෙන්නේ….. සෙනුයි තේජුයි පැනලවත් ගියාද?? එහෙනම් ඇයි තේජ් තෙනූව බඳින්න ගියේ??……. ප්‍රශ්න නේ?? ඉවසන්නකෝ චුට්ටක්