බැඳීමක් නැති මුදුවක්💔

19 වන කොටස

“අම්මේ පොඩ්ඩක් එන්න..මට අම්මට කියන්න දෙයක් තියෙනවා..”

උ/ඹ උ/ඹේ අම්මව එහෙම කියමින් කාමරේට එක්කගෙන ගියේ මගේ හිතට ලොකු සැකයක් ඇති කරලා…

මේ මොකක්ද මේ වෙන්න යන්නේ…

උ/ඹ මේ සූදානම් වෙන්නේ මම කාටවත් කියන්න එපා කියලා කියපු ඒ රහස උ/ඹේ අම්මගේ කනේ තියන්න වත්ද කියලා මට හිතුණා …

කමක් නෑ…උ/ඹ/ට ඕනේ හැමෝටම මේ දේවල් කියලා මගේ ආත්ම ගෞරවය විනාශ කරන්න නම් උ/ඹ ඒකත් කර/ප/න්…

උ/බ කවදාවත් මම ගැන හිතුවේ නෑ..

උ/ඹ හැමදාම හිතුවේ උ/ඹ ගැන විතරයි..

මම එහෙම හිතලා ලොකු හුස්මක් පිට කෙරේ වෙන ඕනම දෙයකට මුහුණ දෙන්න කියලා හිතාගෙන…

ඒ දේවල් දැනගත්තොත් උ/ඹේ අම්මා මටයි මගේ අම්මටයි අපහාස කරලා උ/ඹ/ව මේ ගෙදරින් අරන් ගිහින් මගෙන් සදහටම වෙන් කරයි කියලා මට හිතුනා…

අම්මා මගේ දිහා පසුතැවීමකින් වගේ බලාගෙන හිටියා…

“මට සමා වෙ/ය/න් පුතේ…මේ මිනිස්සු මෙහෙම ති/රි/ස/න්/නු කියලා දන්නවනම් මම කීයටවත් පුතාට මේ කටයුත්ත කරලා දෙන්නේ නැහැ..මේ අම්මයි දුවයි එකතුවෙලා මගේ පුතාව නො/මරා ම/රන/වා…”

“අම්මා කියලා මොනව කරන්නද?අම්මා මට හොඳක් කරන්න කියලා හිතුවේ..මනුස්සයෙක්ට වැරදෙන්නම ඕනේ වටේ ඉන්න මිනිස්සු ගැන තේරුම් ගන්න…

“මේ දුවව නම් නරක් කරන්නේ මේ මහ අම්මන්ඩි තමයි…මට ඇහෙනවනේ කෝල් කරාම අම්මා දුවට දෙන උපදෙස්…මම මෙච්චර කාලයක් ඕවා පුතාට වත් කිව්වේ නෑ…ඔය ළමයි දෙන්නා අතර ප්‍රශ්න ඇති කරන්න ඕනේ නැති නිසා…ඔය අම්මගේ පදයට තමා දුව නටන්නේ….මම අම්මල දැකලා තියනවා මේ වගේ අම්මා කෙනෙක් නම් දැක්කමයි..”

අම්මා කම්මුලට අතක් තියාගෙන එහෙම කිව්වා…අම්මා අද පලවෙනි වතාවට මේ දේවල් කිව්වත් මම නම් මේ දේවල් කලින් ඉඳලම දන්නවා..නෙහාරා කියන්නේ තනිකරම අම්මගේ අතේ නැටවෙන රූකඩයක් කියලා..

මොහොතෙකින් උ/ඹ/යි උ/ඹේ අම්මයි කාමරේ ඉඳන් එළියට ආවා…උ/ඹේ අම්මගේ කරේ අත් බෑගයක් තිබුණා…නැන්දම්මා මේ හදන්නේ මට අපහාස කරලා උ/බ/ව ගෙනියන්න කියලාමයි මට ඒ වෙලාවේත් හිතුනේ….

“මම එහෙනම් ගිහින් එන්නම්…සුදු කියපු නිසාමයි මම මේ සද්ද නොකර යන්නේ..දුවේ මට මෙහේ මොනවා හරි කෙනෙහිලිකමක් වෙනවා නම් මට කියාපන්…මම අනිත් අතට ඇවිත් උ/ඹ ව එක්කන් යනවා…මට උ/ඹ/ව බරක් නෑ දුවේ… “

උ/ඹේ අම්මාගේ වදන් වලට අම්මගේ මුහුණ අඳුරු පැහැ වුණා…අම්මා නෙහාරාට,නෑනාට සලකන්නේ තමන්ගේම දුවෙක්ට සලකනවා වගේ…එහෙම කරන අම්මාට මෙහෙම කිව්වාම දුක හිතෙන්නේ නැද්ද?…

“ඔයාලා මට වෙනස් කම් කලාට අපේ ගෙදරින් නෙහාරට කවුරුත් වෙනස්කම් කරන්නේ නැහැ…ඔයාලට මාව පිට කෙනෙක් වුණාට අපේ ගෙදර අයට නම් නෙහාරව එයාලගේම දුවෙක් වගේ…”

මම එහෙම කිව්වම උ/ඹෙ/යි උ/ඹේ අම්මගෙයි මුහුණු එකපාරටම වෙනස් වුණා..

උ/ඹ උ/ඹේ අම්මට අමාරුවෙන් වැන්දා…

“දුව මට වඳින්න එපා..මේ කාලේ දෙකට තුනට නැවෙන්න හොඳ නෑ දරුවෝ…මගේ දරුවාට රත්නත්තරේ පිහිටයි…”

උ/ඹේ අම්මා උ/ඹේ හිස පිරිමැද්දා..උ/ඹ මට උ/ඹේ අම්මට වඳින්න කියලා අබිනයෙන් කිව්වා…

ඒත් මම ඒක නොදුටු විලාසයෙන් හිටියේ අපේ පවුල සුණු විසුණු කරන්නේ කියලා හිතාගෙන වැලි මතුරලා ගෙනත් මිදුලට දාපු උ/ඹේ අම්මට කොහොම නම් නමස්කාර කරන්නද කියලා කල්පනා කරලා..

වැඩිහිටියෝ කියන්නේ වයසින් විතරක් වැඩි අයට නෙවෙයි..වයසින් වගේම ගුණ නුවණින් වැඩි අයට..වැදුම් පිදුම් ලබන්න සුදුසු ඒවගේ වැඩිහිටියෝ විතරයි…

මම එහෙම හිතලා උ/ඹේ අම්මට වැද නමස්කාර කරන්න ගියේ නැහැ.

“හත් මාසයක් යනකම් අපි මේ දරුවව මේ ගෙදරින් පිට කරන්නෙ නෑ ..නෙහරාගෙ අම්මා කොයි තරම් දුවව ගෙනියන්න ආවත් අපි දෙන්නෙ නෑ..මේ දරුවා අපේ පුතාගේ කසාද බිරිඳ…මේ දරුවාගේ කුසේ ඉන්නේ අපේ පරම්පරාව ගෙනියන්න ඉන්න දරුවෙක්…නෙහාරාගේ අම්මා ඒ දේවල් මතක තියාගත්තොත් හොඳයි..”

උ/ඹේ අම්ම අපේ ගෙදරින් පිට වෙලා ගියේ අම්මායි මටයි දෙන්නටම රවා ගෙන…

උ/ඹේ අම්මා පිටවෙලා ගියාට පස්සේ උ/ඹ/ත් මට රවාගෙනම සාලයේ ඉදන් කාමරය පැත්තට ඇවිදගෙන ගියා…

ගහේ කටු උල් කරන්න ඕනේ නෑ කියලා කියන්නේ නිකන්ද?..ඒ අම්මා වගේමයි දුවත්…

ගුණයහපත් දරුවෝ ලැබෙන්නෙ ගුණයහපත් දෙමව්පියන්ට විතරයි….

මට එහෙම හිතල මගේ දරුවා ගැනත් බය හිතුණා…

උ/ඹ/ත් උ/ඹේ අම්මා වගේම මගේ දරුවා හදයිද කියලා මගේ හිතේ බියක් සැකයක් ඇති වුණා..

උ/ඹ ගිහින් මොහොතක් ගත වුණාට පස්සේ මම අපේ කාමරේට ගියා…

මම යද්දි උ/ඹ අපේ යුගල යහන මත වැතිරිලා උන්නා

“ත/මු/සේ ත/මු/සෙ/ගේ අම්මා ඉස්සරහා හැසිරෙන්නේ හරියට නිකන් සිංහයෙක් වගේ…මම ත/මු/සේ පව් කියලා හිතලයි ඒ දේවල් අපේ අම්මටවත් කිව්වේ නැත්තේ…ඒ උනාට මම ත/මු/සෙ/ට කී පාරක් කිව්වද අපේ අම්මට වඳින්න කියලා..තියන උද්දච්ච කමට ත/මු/සේ වැන්දෙම නෑ.”

“මම වෙනදට ඔයාගේ අම්මට වඳිනවා..ඒත් අද අච්චර දෙයක් කරද්දි මම කොහමද එයාට වඳින්නේ..වැලි වගයක් මතුර ගෙන ඇවිල්ලා කොයිතරම් වැරදිද?.ඕවා අම්මා කෙනෙක් කරන දේවල් ද..”

මම එහෙම කියද්දී උ/ඹේ මුහුණ බලන් ඉන්දැද්දී වෙනස් වුණා…

“ඇති ඇති..,මගේ අම්මට විරුද්ධව තව එක වචනයක් කිව්වොත් මම මේ ගෙදරින් යන එක යනවා..”

උ/ඹ/ට ඕනේ තරම් බැන ගන්න කියලා මම කාමරයෙන් පිට වෙලා ලිඳ පැත්තට ඇවිදගෙන ගියා….

කොළඹ ගිහිල්ලා වැඩ කරද්දිත් දවල් රෑ සේවා මුරයේ නිදි තිත් මගේ හිතට නිවනක් නම් තිබුණේ නැහැ…

ගෙට ගෙවන්න තිබුනු හවුසින් ලෝන් එක මතක් කරලා බැංකුවෙන් එක පිට එක ලියුම්

එනවා…තාත්තා හැමදාම ඒ ලියුම් කියවලා මාත් එක්ක රණ්ඩු කරනවා..

ගෙයි ඉඩම තියෙන්නේ තාත්තාගේ නමට වුනත් ගේ හදන්න සල්ලි වියදම් කළේ මම..ඒකට මදි පාඩුවට තමයි බැංකුවෙන් ලෝන් එකක් ගත්තේ…

තාත්තගේ ඉඩමේ හදල තිබ්බ පුංචි පැල්කොටේක තමයි අයියයි මමයි පුංචි කාලේ හැදුණෙ..

තාත්තට කවදාවත් ඒ පැල්කොටේ ගෙයක් කරගන්න වුවමනාවක් තිබ්බේ නෑ…අම්මා අයියවයි මාවයි හැදුවට පස්සේ තාත්තාට අම්මව මදි වෙලා රට වටේ ඉන්න ගෑ//නු පස්සේ ගියා..

මම යන්තම් කරදඩු උස් මහත් වෙලා රැකියාවකට ගියාට පස්සේ තමා මම ගේ හදන්න ගත්තේ..

ආර්ථික ප්‍රශ්න ඔලුවේ එක පැත්තක…

නෙහාරයි නෙහාරගෙ අම්මගෙ ප්‍රශ්න ඔලුවේ අනෙක් පැත්තක..

මම පණ වගේ ආදරේ කරත් නෙහාරා මාව ප්‍රතික්ෂේප කරනවා…මට පොඩ්ඩක්වත් ආදරයෙන් සලකන්නේ නැහැ…

ඒ අස්සේ නැන්දම්මා ඇවිල්ලා රටේ නැති ප්‍රශ්න ඇති කරනවා…

ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න….

මගේ ජීවිතයේ හැමදාම අඩුවක් නැතුව තියෙන එකම දේ ප්‍රශ්නම විතරයි….

සැනසීමක සේයාවක් වත් මෑතක තියා ගව්ගානක් දුරකින් වත් නෑ…

කල්පනා කරලා වැඩි වෙලාම හිස පුපුරු ගහන්න වගේ කකියනවා…ඒත් එක්කම මගේ මොබයිල් එකට මැසෙන්ජර් කෝල් එකක් ආවා…

විරාජ් ගේ රූපය මොබයිල් එකේ ස්ක්‍රීන් එකෙන් දිස්වුණා…

ඇමතුම විරාජ්ගෙන්…

මම කඩිමුඩියේ ඒ ඇමතුමට පිළිතුරු දුන්නා…..

“හලෝ මචං…කොහොමද ඉතින්…”

විරාජ්ගේ කටහඬ තවමත් ඉස්සර වගේමයි කියලා මට හිතුණා..

“ඉන්නවා මචං හොඳින් කියන්න බෑ…උ/ඹ දන්නවනේ මම උ/ඹ/ට කිව්වනේ ලෝන් කේස් ගැන ඔළුව උස්සගන්නවත් බැහැ…”

“මම උ/ඹ ගැන අපේ සුපර්මාකට් එකේ සුප්පා එක්ක කතා කරා…උ/ඹේ වෙලාව හොඳයි …අලුතින් ස්ටාෆ් එකක් ගන්නවා කියලා මට කිව්වා.. උ/ඹේ සීවී එක පුළුවන් තරම් ඉක්මනට ෆෝවර්ඩ් කරන්න කිව්වා..”

විරාජ්ගේ වදන් ගිනි ගන්න මගේ හදවතට සිහිල් දිය පැන් වගේ උනා…

උ/ඹ/යි ලැබෙන්න ඉන්න දරුවාවයි දාලා විදේශ රැකියාවකට යන්න හිත හදාගන්න අමාරුයි තමයි…

ඒ වුණත් මෙහෙම ජීවත් වුනොත් කවදාවත් මේ තියෙන ප්‍රශ්නවලට විසඳුමක් නම් ලැබෙන්නේ නැහැ කියලා මට හිතුනා….

ඩුබායි ගිහින් හොඳට සල්ලි හම්බ කරගෙන අතමිට සරු කර ගෙන ආවට පස්සේ මේ සේරම ආර්ථික ප්‍රශ්න වගේම උ/ඹේ ප්‍රශ්නත් අවසන් වෙයි කියලා මට හිතුනා..

අතේ සතයක් නැති හිඟන්නෙක් නිසා උ/ඹ/යි උ/ඹේ අම්මයි දැන් මාව ගනන් ගන්නේ නැති උනාට එතකොට නම් උ/ඹ/ලා මට ගරු නම්බු දීලා සලකයි කියල හිතුනා..

“ඇයි මචං උඹ කල්පනා කරන්නේ…මොකෝ එන්න බෑ වගේද?.”

” නෑ මචං…සැලරි එහෙම කොහොමද?..”

“ලංකාවෙ මුදලින් ලක්ෂයක් වගේ හොයාගන්න පුළුවන්…මහන්සිවෙලා පාර්ට්ටයිම් කරොත් තව හතළිස් දහක් ,පනස්දාහක් විතර හොයාගන්න පුළුවන්..”

“උ/ඹ/ත් පාර්ට් ටයිම් කරනවද?..පාර්ට් ටයිම් වලට වැඩ කරන එක මාකට් එකේම ද?.”

“මෙහෙ ඉන්න හැමෝම වගේ කරනවා..සුපර් මාර්කට් එකේ නෙමෙයි

සමහරු ෂෙඩ් වල පෙට්‍රෝල් ගහනවා…තවත් සමහරු සපත්තු පවා පොලිෂ් කරලා කීය කීය හරි හොයාගන්නවා.එහෙම නැත්තම් ක්ලීනින් වැඩක් කරනවා…මිනිස්සු එහෙමයි සල්ලි හොයාගන්නේ…”

එතෙර ගිහින් කාසි හොයාගෙන එන එකත් සුළු පටු දෙයක් නෙමෙයි කියලා මට හිතුනා…කමක් නෑ කොහොම හරි අවුරුදු දෙකක් කට්ට කෑවොත් මේ සේරම විසඳගන්න පුළුවන්.මම එහෙම කල්පනා කරා..

“මම කැමැතියි මචං…මට කොහොමහරි වැඩේ සෙට් කරලා දී/ප/න්…”

“හරි හරි…බයවෙන්න එපා මං වැඩේ කරලා දෙන්නම්..පුලුවන්නං හෙටම සී වී එක මට එවපන්….මම උ/ඹ/ට මගේ ඊමේල් ඇඩ්‍රස් එක ටෙක්ස්ට් කරන්නම්..”

විරාජ්ගෙ ඇමතුම විසන්ධි වුනේ මගේ හිතට ලොකු සතුටක් සැනසීමක් ගෙනත් දීලා…ජීවිතය ජයගන්න ලැබුණු මට ලැබුනු හොඳම අවස්ථාවක් කියලා මට හිතුනා…

පහුවෙනිදා උදේම සී වී එක විරාජ්ට ඊමේල් කරල යවන්න මම තීරණය කළා…

ඒත් එක්කම මම කල්පනා කරන්න ගත්තේ දැන් උ/ඹ/ට ඇමතුමක් දීලා කියනවද කියනවද නැද්ද කියලා…

මොබයිල් එකෙන් මේ ගැන කතා කරනවාට වඩා සිකුරාදා ගෙදර ගියාම මේ ගැන උ//ඹ/ත් එක්ක කතා කරනවා කියලා මම තීරණය කලා…

මම ගෙදර ගියේ උ/ඹ කන්න ආසයි කියලා කියපු නිසා හන්දියෙන් අමු දිවුල් ටිකකුයි පලතුරු ටිකකුයි අරගෙන…

හැමදාම වගේ මාව පිළිගන්න මග බලාගෙන හිටියේ මගේ අම්මා විතරමයි…

මේ ලෝකෙන් මට ඇත්තටම ආදරේ කරන්නේ අම්මා විතරයි කියලා මට ඒ මොහොතේ හිතුනා…

කොහොමත්ම අම්මගේ ආදරේ මේ විශ්වයේ තියෙන වෙන කිසිම ආදරයකට සමාන කරන්න බැහැ …

බිරිඳකට සැමියාව එපා වුණත්,

පෙම්වතියකට පෙම්වතෙක් එපා වුණත්,

සොහොයුරියකට සොහොයුරෙක් එපා වුණත්,

යෙහෙළියකට යහළුවෙක් එපා වුණාත්,

කවදාවත් කිසිම අම්මෙක්ට දරුවෙක්ව එපා වෙන්නේ නැහැ …..

අතේ මිටේ සල්ලි හිඟ දාකට බොහොමයක් නෑදෑකම් හිත මිතුරුකම් නැති වෙලා යද්දි අම්මෙක්ගේ මව් සෙනෙහස නම් දුප්පත්කම ඉස්සරහා දියවෙලා හේදිලා යන්නෙ නෑ …

ඒ තරමට මව් සෙනෙහස පිවිතුරුයි…

අම්මාගේ මුහුණ දැක්කත් ඇති හිත නිවිලා යන්න …

මම අම්මාගේ සිරියාවන්ත මූන දිහා ආදරයෙන් බලලා අම්මගේ අතේ ගෙදරට ගෙනාපු බඩු මල්ල තිබ්බා…

“පුතාට මහන්සි පාටයි…ඇඟ පත හෝදගෙන එන්න දරුවෝ…මම තේ ටිකක්වත් කරන්නම්…”

අම්මගේ හිත සනසන වදන් මගේ හිතට ලොකු සැනසීමක් ගෙන දුන්නා…

අම්මා ඉන්නකන් මගේ ජීවිතයේ මට ආදරේ අඩුවක් වෙන එකක් නැහැ…

ඒ තරමට ඇය මට ආදරෙයි..

මේ තරම් මහමෙරක් වගේ අම්මගේ ආදරේ ලැබෙද්දී නොලැබෙන ආදරයක් ගැන හිත හිත දුක් විඳින එක මෝඩ කමක් කියලා මට හිතුනා…

“ඔයා ආවද?.”

උ/ඹේ මුහුණේ තිබ්බේ මහා ඇල්මැරුණු හැඟීමක් කියල අඳුරගන්න මට අමාරු වුණේ නෑ..

“ඔව්…සුදු..මම වොෂ් එකක් දාගෙන එන්නම්….හරිම නිදිමතයි…”

“හරි…”.

උ/ඹ ඉස්සර මම නාල ඉවර වෙනකන් ළිඳ ගාව තියෙන සිමෙන්ති බංකුවේ වාඩි වෙලා මම එනකම් මග බලාගෙන ඉන්න හැටි මට අදත් එදා වගේ මතක් උනා…

ඒත් ඒ දේවල් අතීතය විතරක් වෙලා…

අද උ/ඹ/ට මාව මහ හුඟක් මගහැරිලා…

මම නාලා ඉවර වෙනකම් කල්පනා කරේ ඒ මතක ගැන…

නාල ඉවර වෙලා හෙට ගොඩවෙද්දීම අම්මා මගේ අතේ කහට කෝප්පයක් තැබුවා…

“නිදිමතයි අම්මා…”

“තේ එක බීලා නිදා ගනින් දරුවෝ…”

“නෙහාරා දිවුල් අච්චාරු කන්න ආසයි කිව්වා..දිවුල් අච්චාරුවයි අඹ අච්චාරුවයි හදලම නිදාගන්නවා…”

මම එහෙම කිව්වම අම්මා අනුකම්පාවෙන් වගේ මගේ දිහා බැලුවා…

“මම ඒක හදල දෙන්නම් පුතේ…මගේ පුතා නිදාගන්න…”

“නෑ අම්මේ මගේ මගේ අතින් හදලා දෙන්න ආසයි… අම්මාට පුළුවන්නම් දිවුල් ටික ගාලා දෙන්න….”

“හොඳයි පුතේ..අන්න තාත්තට කියලා අඹ ගෙඩි ටිකක් කඩා ගත්තා…පහල ගහෙන් ලොවි ටිකකුත් කඩාගත්තා…ඔය අතන එළවළු බක්කිය ළඟ ඇති..”

අම්මා එහෙම කියලා දිවුල් ගෙඩි දෙකට පලාගෙන හිරමනයෙන් හිමීට ගාන්න ගත්තා…

තේක බීලා අවසන් කරපු මම අඹ ගෙඩියි ලොවි ගෙඩි ටිකයි හීනියට කපලා ගත්තා…

අම්මගේ උදව් අරගෙන මම අඹ අච්චාරුවකුයි දිවුල් සම්බෝලෙකුයි හැදුවා…

මම පොඩි දීසි දෙකක් අරගෙන එයින් එකකට අඹ අච්චාරුත් එකකට දිවුල් සම්බෝලත් දැම්මා….

“අම්මත් කන්න…”

” අනේ අම්මෝ මටනං ඕවා කන්න බෑ… මගේ දත් හිරි වැටිලා යයි..ඕවා ඔය දරුවාට ම කන්න තියමු…පව් ඔය කාලේ මේ වගේ දේවල් තමයි කන්න හොයන්නේ..”

මම අච්චාරු දිසි දෙකත් අරගෙන කාමරේට ආවේ උඹ මොන විදිහට හැසිරුණත්,මොන විදිහට කතා කලත් අම්මා උ/ඹ ගැන කොයිතරම් උපේක්ෂාවකින් ද ඉන්නේ කියලා කල්පනා කරන ගමන්….

අම්මා වරු කියන්නේ සතර බ්‍රහ්ම විහරණ වලින් අනූන කොට්ඨාශයක්…

උ/ඹේ අම්මා මට පිට කෙනෙක් විදිහට සැලකුවාට අපේ අම්මා උ/ඹ/ට සලකන්නේ අම්මාගේම දරුවෙක්ට වගේ..

මට මගේ අම්මා ගැන ලොකු ආඩම්බරයක් ඇති වුණා..

“මං බැලුවා නාන්න ගිහිල්ලා ලිද ගාව මුල් ඇද්දා කියලා…”

උ/ඹ එහෙම කිව්වේ උඹේ අතේ තිබ්බ මගේ මොබයිල් එක ඔබන ගමන්…

උ/ඹ දැන් ඉස්සර වගේ නෙමෙයි…

පොඩ්ඩක් ඇත්නම් මාව සැක කරනවා…

මම ගෙදර ඉන්න දවස් වල උ/ඹේ රාජකාරිය මගේ මොබයිල් එක පරික්ෂා කරන එක…

උ/ඹ එහෙම පරික්ෂා කරන්නේ උ/ඹේ හිතේ මම ගැන තියෙන ආදරය නිසා වෙන්නැති කියලා මම ඒ දේවල් ඉවසාගෙන ඉන්නවා…

“සුදු මගේ මොබයිල් එක දීලා මම මේ හදපු අච්චාරු කන්න”

“හරි බයයි නේද මොබයිල් එක ගත්තට…ඇයි ඉතින් හොර අහු වෙනවනේ..”

“මගේ ඇති හොරයක් නෑ…ඔය ෆෝන් එක ඕනතරම් බලනවා…හොයා ගන්න දෙයක් තියෙන්න ඕනනේ..”

“කවුද මේ විරාජ් කියන්නේ…මූ/ත් එක්ක මහ රෑ තිස්සෙත් විනාඩි තිහ හතලිහ කෝල් කරලා….”

උ/ඹ එහෙම අහද්දී නම් මට මගේ තරහව පාලනය කරගන්න බැරි වුණා..

උ/ඹ/ට තියෙන්නෙ මොන තරම් කැත හිතක්ද කියලා මට හිතුනා…

තවත් ගෑනු කෙනෙක් ව සම්බන්ධ කරලා කතාවක් හැදුවනම් ඒකත් එකක්..

මගේම යාලුවෙක් මට සම්බන්ධ කරලා උ/ඹ මෙහෙම කතා හදද්දි මම කොහොම කොහොම නම් ඉවසගෙන ඉන්නද?..

උ/ඹ මම සමරිසි පුද්ගලයෙක් කියලා හිතෙනකොට මම කොහොම නම් ඉවසගෙන ඉන්නද?.

“ත/මු/සේ වගේ ජරා හිතක් තියෙන ගැහැණියෙක් මම මගේ ජීවිතයට දැකලවත් නෑ…”

මම එහෙම කිව්වේ තරහ ඉවසගන්න බැරුව අතේ තිබ්බ අච්චාරු දීසදෙකත් පොළොවේ ගහලා…

උ/ඹ මෙහෙම හැසිරෙන්න හැසිරෙන්න මගේ හිතේ උ/ඹ ගැන තියෙන ආදරේ ටිකෙන් ටික වියැකිලා යනවා වගේ මගේ හිතට දැනෙනවා…

“අපරාදේ මම කොච්චර ආසාවෙන්ද හිටියේ ඇයි මේ ටික විසී කරේ…ත/මු/සේ නම් කිසිම හිතක් පපුවක් නැති මිනිහෙක්”

“නෙහාරා ත/මු/සෙ/යි මාව ටිකෙන් ටික ඒ තත්වෙට පත් කරන්නේ..මට ඕනේ තරම් බැඳලා හිටියට කෙ/ල්/ලෝ හොයා ගන්න පුළුවන්…කො/ල්ලො පස්සෙ යන්න ඕන නෑ…”

“එහෙනම් මොකද මේ මහරෑ මූ/ත් එක්ක කතා කරල තියෙන්නේ..”

“විරාජ් ඉන්නේ ලංකාවේ නෙමෙයි. ඉන්නේ ඩුබායි වල..එයා මට මහරෑ කතා කරාට එහේ වෙලාව වෙනස්…විරාජ් මගේ ක්ලාස් මේට් කෙනෙක්..මම විරාජ්ට කතා කරලා එහෙ ජොබ් එකක් හොයලා දෙන්න කිව්වා..ඌ මට කතා කරේ ජොබ් එකක් හොයලා..”.

“ත/මු/සෙ මට නිකමටවත් කිව්වද ?ත/මු/සේ ඔය වගේ දෙයක් කරන්න හදනවා කියලා..”

“අද ආවාම ඒ ගැන කියන්න තමයි හිටියේ..ඩුබායි ගිහිල්ලා අවුරුදු දෙකක් ඉඳලා ආවත් ඇති..මේ ලෝන් එක ගෙවලා නිදහසේ ඉන්න පුළුවන්..”

මම එහෙම කිව්වම උ/ඹ ඇස් දෙක ලොකු කරගෙන වගේ මගේ දිහා බලාගෙන හිටියේ නම් මම මහා භයානක දෙයක් කියනවා වගේ…

“නෑ ත/මු/සේ රට යන්නේ නැහැ..මම කැමැති නෑ ත/මු/සේ රට යනවට..මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා..මේ මට ත/මු/සෙ/ව ඕනෙම කාලේ…”

උ/ඹ එහෙම කිව්වම නම් මගේ හිතේ උ/ඹ ගැන පොඩි අනුකම්පාවක් ඇතිවුණා..

“ඒක මම දන්නවා..ඒත් මම රට යන්න ඉන්නේ..අපි හැමෝම වෙනුවෙන්..අපිට ඔළුව උස්සලා ජීවත් වෙන්න පුළුවන්..අපේ දරුවාව සතුටින් තියන්න පුළුවන්..”

“නෑ මම මේකට කැමති නෑ…”

“රට යන්නේ නැතුව ඉන්න නම් මම මේ සල්ලි ලංකාවෙන් හොයා ගන්න ඕනේ…එහෙම ඉල්ලගන්න කෙනෙක් නෑනේ..නෙහාරා මාව තේරුම් ගන්න..”

“මට පොඩි වෙලාවක් දෙන්න ..මම අම්මත් එක්ක කතා කරනකම්..අපේ තාත්තා ගාව සල්ලි ඇති…”

උ/ඹ එහෙම කියලා උ/ඹේ අතේ තිබ්බ මොබයිල් එකෙන් අම්මට කෝල් එකක් ගත්තා…

මොහොතකින් උ/ඹ සිනාමුසු මුහුණින් මගේ ළඟට ආවා..

“වැඩේ හරි..ඔයා රට යන්න ඕනේ නෑ..”

උ/ඹ එහෙම කිව්වම මගේ හිතේ සතුටක් ඇතිවුණේ උ/ඹේ අම්මා අපිට උදව් කරන්න කැමති වෙච්ච එකට..

“ඔය ඇත්තමද නෙහාරා..”

“ඔව් දිලංක..හැබැයි පොඩි කොන්දේසියක් තියෙනවා…”

උ/ඹ එහෙම කිව්වම මගේ හිතේ ලොකු කුතුහලයක් ඇති වුණා…ඒ ගමන සල්ලි දෙන්නම් කියලා උ/ඹේ අම්මා මේ අර අදින්නේ මොකටද කියලා මම කල්පනා කරා…

“ඒ මොකක්ද ඒ….”

“අම්මා ඔය සල්ලි දෙනවා කිව්වේ ඔයාගේ අම්මවයි තාත්තවයි ඔයා මේ ගෙදරින් යැව්වොත් විතරයි…”

උ/ඹ එහෙම කිව්වම මට ඇත්තටම අදහගන්න බැරි වුණා…

හමුවෙමු මීළඟ කොටසෙන්