මුරුගසන් වැහි ❤️🔥
-අතුරු කතාංගය 01 (23 ii කොටස)-
(යශෝද්ගේ දෘෂ්ටි කෝණයෙන්- මෙම කොටස වැඩිහිටියන්ට වඩාත් සුදුසු බව කරුණාවෙන් සලකන්න.)
‘දියවෙන්නට අවැසි මට නුඹෙ උරහිසය
මියැදෙන්නට කලින් දෙනු මැන අවසරය…’
-අවසන් අයැදුම (ඉන්ද්‍රා ලියනගේ)
“ඔයා ඔෆිස් ගිහින්ද ආවේ..?”
සසඳි විමසුවේ යශෝද් හට සිය හිස්වැසුමේ විලංගුව දැමීමට ඉඩදෙමිනි. කොළඹ නගරයේ මධ්‍යම බස් නැවතුම්පොළ පුරා ඒ මොහොතෙහි එතරම් කලබලකාරී බවක් නොවූයේ පාසැල් සහ කාර්යාල ඇරඹී හෝරාවන් දෙකක් පමණ ම ඉකුත්ව ගොස් ඇති බැවින් විය යුතු ය. කළු පැහැති කාර්යාලීය කලිසමට සහ සපත්තු යුවලට ළා නිල් පැහැති අත් දිගු කාර්යාලීය කමිසයක් වැළමිට තෙක් අත් නවා ඇඳසිටි යශෝද්ගෙන් පෙනුනේ කාර්යාලීය තරුණයෙකුගේ පෙනුමකි.
“ඊයෙම නිවාඩුව දැම්මා. ඒත් පොඩි පොඩි වැඩ ටිකක් තිබ්බා… ඔයා එද්දිත් දහය විතර වෙනවා කිව්ව නිසා ඔෆිස් එකට ගිහින් ඒ ටික ඉවර කරලම ආවා… නිවාඩු දාලත් කැපවීමෙන් වැඩ කරන්න ආව කියලා ලොක්කටත් හැපි ඉතින්…”
සසඳි වෙත පමණක් තිලිණ කරන ආකාරයේ සිනහවක් පාමින් ඔහු, සසඳි වෙනුවෙන් ම වෙන් කර තිබූ කළු පැහැති ගමන් කබාය ඈ අතට දුන්නා ය. ඩෙනිම් කලිසමක් සහ ටී කමිසයකින් සැරසී සිටි තම පෙම්වතිය දෙස යශෝද් බලාසිටියේ සෙනෙහස් බල්මකිනි.
“ඔහොම බලන්නෙපා… ගෙදර යනකන් පොඩ්ඩක් ඉවසන් ඉන්න… නැත්නම් වෙන වෙන ඒවා හිතෙනවා…”
සසඳි කීවේ යතුරුපැදියේ පසුපස අසුනට නැග හිඳගත් පසුව ය.
“ඇයි අද ගෙදර කවුරුත් නැද්ද..?”
තම හිස්වැසුම පළඳින්නට පෙර හිස හරවා බලමින් යශෝද් විමසුවේ ය.
“නෑ… තාත්ති හොස්පිට්ල්… අම්මි කෝර්ට්… නංගි කැම්පස්… මාමියි, නැන්දියි ගමේ ගිහින්… අම්මිට ඊයේ කෝල් කළාම කී එක එයාගේ ඔෆිස් එකෙන් ඉල්ලන් යන්න කිව්වා…”
“දැන් එතකොට අලුත්කඩේටත් ගිහින්ද යන්න ඕනේ..?”
“හ්ම්ම්ම්…”
යශෝද් හිස්වැසුම පළඳා යතුරුපැදිය පණගන්වා ගත්තේ ය.
“දැන් අම්මි දන්නවද මාත් එක්ක ගෙදර යන්නේ කියලා..?”
ඔහු යළිත් හිස මඳක් හරවා විමසුවේ ය.
“ඔව්… මං කිව්වා ඔයා ෂෝර්ට් ලීව් එකක් දාලා මාව බස් ස්ටෑන්ඩ් එකෙන් පික් කරලා ගෙදර ගෙනත් දාලා යන්නම් කිව්වා කියලා…”
“යකෝ… ෂෝර්ට් ලීව්..?”
යශෝද් තරමක හඬින් ඇසීය.
“හරි හරි… අපි කියමු ෂෝර්ට් ලීව් එක ෆුල් ඩේ ලීව් එකක් උනා කියලා… පොඩ්ඩක් එහෙ මෙහෙ කරගන්න බැරිකමක් නෑනේ… ඔයා හවස අම්මි එන වෙලාව වෙනකන් ඉඳලා නැන්දම්මට මූණ පෙන්නලා හොඳ බෑණා සීන් එක ඇක්ට් කරලා ඩිනර් එහෙමත් අරගෙන මාමණ්ඩි කලින් ආවොත් බියර් එකකුත් ගහලම ආපහු යන්න… හරිනේ එතකොට…”
යශෝද් සිනාසෙමින් යතුරුපැදිය මාර්ගයට අවතීර්ණ කරගත්තේ ය.
“කපටි නෑ මේකිත් බබා වගේ හිටියට…”
ඔහු කියාගත්තේ තමන්ට ම ය.
විශේෂ කරුණක්- මේ කතාවේ එන චරිත අපේ ඉතිහාසගත චරිත හෝ ජීවමාන චරිත එක්ක සංසන්දනය කරන්නෙපා කියලා මං කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ චරිත ඔයාලා නොහිතන තරම් කළු සහ සුදු සම්මිශ්‍රිත චරිත නිසාමයි ඇත්ත ජීවිතයේ අපිට හමුවන ස්ථාන, ආයතන, න්‍යායන් වගේ දෙයක්වත් මං කතාවට භාවිත නොකරන්නේ. ඒ වගේම මේ චරිතවල තාත්විකත්වය රැකගන්න මං යම් සත්‍ය පුද්ගල චරිතවල ගතිගුණ මුහු කළත් මේ කතාවට ඒ සත්‍ය පුද්ගල චරිත කිසිසේත්ම සම්බන්ධ නෑ. ඒ වගේම ඒ චරිත සම්පූර්ණයෙන්ම කතාවේ චරිතවලට සමපාතත් නෑ. ඒක කතාවේ ජීවගුණය රැකගන්න භාවිත කරපු උපක්‍රමයක් විතරයි. ඒ නිසා මේ කතාව යතාර්ථවාදී ප්‍රබන්ධයක් කියන එක හිතේ තියාගෙන කියවන්න කියලා මං ආදරයෙන් ඉල්ලා සිටිනවා.
කඩවත පිහිටි සසඳිගේ නිවසට පැමිණෙන්නට ඔවුන්ට හෝරාවකට ආසන්න කාලයක් ගතවූයේ සසඳිගේ මවගේ කාර්යාලයට ද ගොස් ඒමට සිදු වූ බැවිනි. යශෝද් හට සසඳිගේ නිවස, තම නිවස තරම්ම හුරුපුරුදු වුවත්, සසඳිගේ මව්පියන් නොමැති අවස්ථාවල එහි පැමිණීමට ඔහු තරමක් අකමැති වූයේ එය පසුවට ගැටළුවක් විය හැකි යැයි සිතමිණි.
“ඔයා වොෂ් දාගෙන එන්න… මං තේ එකක් හදන්නම්…”
යශෝද් කීවේ සසඳිගේ බෑගය ඇගේ කාමරයෙන් තබන අතරතුර දී ය. නමුත් ඔහුට ඉන් පිටවයාමට ඉඩනුදුන් යුවතිය, ඔහුගේ බඳ වටා දෑත් යවා තුරුළු වෙමින් ඔහුගේ දෙතොල් සිපගන්නට වූවා ය.
“පිස්සු වගේ යශ් දකින්නවත් නැති උනාම මෙච්චර කාලෙකට… අනිද්දා ඉන්ටර්වීව් එක හරි ගියොත් හොඳයි. එතකොට මමත් කොළඹමනේ…”
යශෝද්ගේ කමිසයෙහි බොත්තම් කිහිපයක් ගලවමින් ඈ කියන්නට වූවා ය.
“ලෙක්චරර් පෝස්ට් එක තමුසෙට කොහොමත් හම්බෙනවා සුදූ… ඕක බැච් ෆස්ට්ට දෙන්නැතුව උන් තියාගෙන දුම් ගහන්නද..?”
ඇගේ කෙහෙරැල් අතරින් සුරතෙහි අතැඟිලි යවමින් ඔහු කීවේ ය. ඇය, ඔහුගේ පපුව මත සිපුම් තබන්නට වූවා ය.
“වොෂ් දාගන්න හඩ්ඩි… මාත් මේ බයික් එකේ ඇවිත් දූවිලි නාගෙන ඉන්නේ… දෙන්නම වොෂ් දාගත්තම ඉල්ලන ඒවා දෙන්නම්…”
සසඳි, ඔහු වෙතින් ඉවත්වූයේ අකමැත්තෙනි.
“සුදූ… මගේ ඇඳුම් මෙහෙ තියෙද..?”
“මගේ කබඩ් එකේ ඇති…”
යශෝද් හිස සලා යළි පහත මාලයට ගියේ තේ පිළියෙළ කිරීමට ය. ඔහු නැවත සසඳිගේ කාමරයට පැමිණෙන විට ගත දොවාගත් සසඳි සිටියේ රෝස පැහැති තුවාය ගත දවටාගෙන ය. යශෝද් තේ කෝප්ප ද්විත්වය මේසය මත තබා දොර වසාදැමුවේ හිසකෙස් පිසදමන යුවතිය මත නෙතු රඳවමිනි.
“දැම්ම කවුරුවත් එන එකක් නෑ නේද..?”
සසඳිගේ අතැඟිලිවලින් මිදුණු ඉතුරු බොත්තම් කිහිපය ගලවමින් යශෝද් විමසුවේ ය. එහි සාක්කුවක බහා ලූ ටයි පටිය මේසය මත තැබුවේ ය.
“නෑ…”
“නංගිවත්..?”
“නෑ. ඇයි..?”
කලිසම ගලවා දමමින් සිටි යශෝද් වෙත හැරෙමින් සසඳි විමසුවා ය.
“මං වොෂ් දාගෙන එනකොට කොණ්ඩේ ඩ්‍රයි කරගෙන තේක බීලා ඉන්න…”
යට කලිසම ඇඳි වතින්ම තම තේ කෝප්පය ගෙන පානය කරමින් ඔහු කීවේ ය. ඈ තෙතැති හිසකෙස් අතින් ගසමින් ඔහු දෙස බලාසිටියා ය.
“මොකටද..?”
“පොඩි කැණීමක් තියනවා කරන්න… ඊළඟ පාර සීගිරි යන්න කලින් කියාදෙන්න ඕනේ…”
ඇසක් වසා ඉඟි කරමින් කී යශෝද් පානය කර අවසන් කළ තේ කෝප්පය මේසය මත තැබුවේ ය. සසඳි දෙතොල් තදකොට සිනාසුණේ ය.
“එතකොට අර ඊයේ කියන්න තියනවා කියපු සීරියස් කතාව..?”
ඈ නළල රැළි කොට විමසීය.
“ඒක කැණීමෙන් පස්සේ… කොණ්ඩේ ඩ්‍රයි කරගත්තම ඇති. වෙන මුකුත් එපා…”
කී ඔහු යහන මත වූ ඔහු වෙනුවෙන් සසඳි තබා තිබූ තුවාය රැගෙන නාන කාමරය වෙත පියනැගුවේ ය.
යශෝද් ගත දොවා කාමරයට පිවිසෙන විට සසඳි සිටියේ වියළාගත් හිසකෙස් පීරමිනි.
“තමුසේ කළුවෙලා සුදූ…”
සසඳිගේ නිරුවත් දෙවුර මත හාදු අතුරමින් යශෝද් කීවේ ය.
“එහෙ අව්වට කළු නූනොත් තමා පුදුමේ… දැන් තාත්ති දැක්කම තමා පන්දම පත්තු කරගෙන පන්දම් පාලිය නටන්න ගන්නේ… ආයේ යන්නවත් දෙයිද මන්දා මට එහෙ…”
තම රූසපුව පිළිබඳව තමාටත් වඩා උනන්දුවක් දක්වන තම පියා සිහිපත් කරමින් සසඳි කීවා ය. සසඳි වනාහි රූමතියක නොවුණ ද සිත්ගන්නා සුළු ලාලිත්‍යයකින් සහ පිරිපුන් සිරුරකින් හෙබි, සුරතල් පෙනුමැති, සාපේක්ෂව පැහැපත් සමක් හිමි යුවතියක වූවා ය.
“එහෙනම් තාත්ති එනකන් ඉඳලා යන්න ඕනේ… මං ගාව දුම්මල තියේ. තාත්තිගේ තොවිලෙට අත්උදව්කාරයෙකුත් ඕනේ වෙයිනෙ…”
සසඳිගේ සීගිරි ගමන පිළිබඳ එතරම් පහන් හැඟීමක නොසිටි යශෝද් කී විට සසඳි හඬ නගා සිනාසුණා ය. ඇය, තම උර මතට නැඹුරුව දෙතොල් අතුරන යශෝද්ගේ හිසකෙස් අතරින් අතැඟිලි ගෙනගියා ය. ඔහු, ඇගේ ළමැද හරහා වූ තුවායේ ගැටය වමතින් අල්වාගෙන සුරතින් ඈ අසල වූ බිත්තිය මතට හේත්තු කර ඇගේ පිට තම පපුවට තෙරපාගත්තේ ය.
“ඉන්ටර්වීව් එක පාස් උනා කියලා දැනගත්ත ගමන් බඩු අකුලගෙන කොළඹ එන්න ඕනේ හරිද..? ඊට වඩා එක දවසක් එහෙ ඉන්න බෑ සුදූ…”
ඇගේ පසුපසට පහරක් ගසමින් ඔහු කීවේ විධානාත්මක ස්වරයෙනි. සොඳුරු කැරලිකාරිය සැමවිට ම මෙන් ඒ මොහොතේ ද ආඥාදායක හීන්දෑරියාගේ ඒකාධිපති ස්වරයට නතු වූවා ය. තුවායේ පලු ද්විත්වය අතරින් යැවූ ඔහුගේ සුරතේ අතැඟිලිවල ගමනාන්තය වූයේ ඇගේ දෙපා අතර වූ රොන්සුණුවලින් බාධා නොවූ මල් පෙතිවලින් වසාගත් මල් කෙමිය යි. ඔහුගේ සිහින්, දිගු අතැඟිලිවල රළු පහසින් ඇවිලීගිය ඕ බිත්තිය මතට දෑත් සහ කොපුලක් තෙරපමින් කෙඳිරිලි හඬක් නැගුවා ය. ඔහු සෙමෙන් සහ මෘදුව මල් කෙමිය පිරිමදින්නට වූයේ ඇගේ සවන්පෙත්තක් ද දෙතොලින් කුල්මත් කරවමිනි.
ඔහුගේ පහසින් ඇවිලුණු මල් කෙමිය තෙත්ව මල් පෙති පවා තෙත් කරමින් මල් පැණි වෑහෙන්නට වූයෙන් ඇගේ කෙඳිරිලි හඬ ද උච්ච විය. ඔවුන් දෙදෙනාගේ සරාගය සඳහා ම අවකාශය සැලසූ නිවස තුළ කිසිවෙකු නොවූයෙන් ඈ මුවින් නික්මෙන රාවය පිළිබඳව බියවෙන්නට කරුණක් ද නොවී ය. ඔහු, ඈ දෙපා නිම්නය, තම දෙපයින් තව තවත් පුළුල් කරමින් තව තවත් ඈ මුසපත් කරවූයේ ය. එකවර ම ඈ, තමන් වෙතට මුහුණලා හරවාගත් ඔහු, ඇගේ ගෙලෙන් අල්වාගෙන දෙතොල් සිපගන්නට විය. ඇගේ අතැඟිලි ඔහුගේ කුස මතින් පහළට ඇදෙද්දී එහි ගමනාන්තය පිළිබඳව වටහාගත් ඔහු, ඇගේ දෙතොල් මුදවමින් තදින් කෙටි හුස්ම කිහිපයක් අදින්නට විය.
“Do you want it..? (ඔයාට ඒක ඕනෙද..?)”
ඔහු ගැඹුරු මිමිණුම් ස්වරයෙන් විමසුවේ ය.
“Yeah… (ඔව්…)”
ඈ සෙමෙන් කෙඳිරුවා ය. ඔහු නිහඬව ම තම ගත රැඳි තුවාය ගලවා ඉවත්කොට නිරුවත් වූයේ ය. ඈ සෙමෙන් ඔහු දෙපා මුල දණ ගසාගත්තේ දෑස් උස්සා ඔහු දෙස බලාගත් වනම ය. අනතුරුව ගිනිගෙන දැවෙමින් තිබූ ඔහුගේ යදඬුව ඇගේ සියුමැලි දෙතොල් අතරින් මෘදු ලෙස රුවාගෙන එය ලොවන්නට වූවා ය. ඔහු ගැඹුරු කෙඳිරිලි හඬක් නගමින් ඇගේ ආලිංගනය විඳින්නට වූයේ ඇගේ හිසකෙස් එක් මිටකට ගුලිකොට අල්ලාගෙන ය. පිපිරෙන්නට තරම් ආතුර වූ හැඟුම් දමනය කරගත් ඔහු මිනිත්තු කිහිපයකට පසුව, ඇයව ඉහළට ඇද නැගිට්ටුවා, යළිත් ඇගේ දෙතොල් සිපගත්තේ ඇයව බිත්තියටත්, තම සිරුරටත් මැදිකොට සිරකර ගනිමිනි. එතෙක් ගත වසාලූ තුවාය ඈ ගත හැරගියෙන් ඇගේ ළමැද උස් කඳු ශිඛර ද්වය ඔහුගේ කුස මත තෙරපී යන්නට විය. ඒ අතරතුර ඔහු යළිත් ඈ මල් කෙමිය සිය අතැඟිලිවලින් විකසිත කළේ ය. අනතුරුව ඈ ඉඟටියෙන් ගෙන යහන මුණින්තලාව මතට හෙලුවේ ය.
ඇයට සිතාගන්නටවත් මොහොතක් නුදුන් ඔහු, ඇගේ දෙපා මධ්‍ය නිම්නය මැදින්, රාග ගින්නෙන් පිරියම් වූ තම යදඬුව කිමිදවූයේ ඈ තරමක හඬින් ශබ්ද නගන විට ය. ඔහු, ඈ තුළට කිහිපවරක් කිමිදෙමින් ඉපිලෙන විට ඇගේ හඬ උච්ච කෙඳිරීමක් බවට පරිවර්තනය වෙමින් ඇය ද, ඔහුගේ රාගී රිද්මයට අනුයාත වූවා ය. අවසානයේ ඈ තම සියොළඟ ම අවුළුවන උච්චතම හැඟුමෙහි වෙලෙමින් යහනතෙහි ඇතිරිලි අතැඟිලිවලින් තෙරපාගත්තා ය. චණ්ඩ කුණාටුවක් පරිද්දෙන් හමාගිය හැඟුම් අවසානයේ ඈ නිවෙන්නට මත්තෙන් තමන්ට මුහුණලා හරවාගත් ඔහු යළිත් ඈ තුළට කිමිදෙන්නටත්, ඉපිලෙන්නටත් වූයේ ය. ඇගේ ළමැද වසාගත් පිරිපුන් කඳු යුවළ ඔහු දෑත් අතර මිරිකී යන්නට විය. ඇගේ සංවේදී ම ස්වර තන්ත්‍ර යළි යළිත් ඔහුගේ සිහින් අතැඟිලිවලින් සුසර විය. අවසානයේ ඈ යළිත් සරාගයේ අන්තය ස්පර්ශ කරද්දී ඔහු ද, ඈට සමගාමීව පියවර තබමින් රාග ධාරා ඈ සිරුර තුළ නිදහස් කරමින් ඈ ගත වසාගෙන වැතිරගත්තේ ය.
“Sorry baby… I love you so much… (සමාවෙන්න බබා… මම ඔයාට ගොඩක් ආදරෙයි…)”
වේගවත් හුස්ම අතරින් ඔහු, ඇගේ කොපුල් සිපගනිමින් කීවේ ය.
“It’s okay Yash… I love you… (ඒකට කමක් නෑ යෂ්… මම ඔයාට ආදරෙයි…)”
ඈ පිළිවදන් දුන්නේ ඔහුගේ උරහිස් මෘදුව පිරිමදිමිනි. උද්වේගකාරී සුසුමන් සමනය වන තෙක් සියුම් හාදු තවරමින් ඔවුන් දෙදෙනා එකිනෙකාගේ පහසින් නොමිදෙමින් සිටියහ. අඩහෝරාවකට පමණ පසු යශෝද් යහන මත වැතිරී සිටි අතර ඔහුගේ ගතට ඇලී වැතිරී සිටි සසඳි ඔහුගේ පපුව මතට හිස තබාගෙන සිටියා ය.
“සුදූ… ඔයා ටැබ්ලට්ස් ගන්නවා නේද..?”
වමත නවා හිස යටින් තබාගනිමින් යශෝද් විමසුවේ ය.
“හ්ම්ම්ම්… ගන්නවා…”
ඔහු සුරතින් මෘදුව ඇගේ උරහිස පිරිමැද්දේ ය.
“ප්‍රෙග්නන්ට් උනොත් එහෙම ඔයාගේ තාත්ති මගේ හාර්ට් එක ගලවලා එයාගේ පේෂන්ට් කෙනෙක්ට බද්ධ කරයි හරිද..?”
ඔහුගේ වදනට ඈ සිනාසුණා ය.
“ඉතිං අපි බඳිමු… දැන් අපි දෙන්නටම ජොබ්ස් තියනවනේ… එතකොට ප්‍රෙග්නන්ට් උනාට අවුලක් නෑනේ…”
ඔහු ගැඹුරු සුසුමක් හෙලන හඬ ඇසී ඈ දෑස් උස්සා ඔහු දෙස බැලුවා ය. ඔහු සුසුමක් හෙලුවේ ය.
“ඔයාට තාම විසිහතරයි සුදූ…”
“ඉතිං… දහඅටෙනුත් කෙල්ලෝ බඳින්නේ…”
ඈ ද දෙවනි නොවන්නී ය.
“මට දැන්ම බඳින්න බෑ සුදූ… මං ඉන්නේ මිෂන් එකක…”
අවසන ඔහු තෙවසරක් පුරා ඇගෙන් සැඟවූ එක ම දේ අපහසුවෙන් කියාදැමුවේ ය.
“මිෂන් එකක් කිව්වේ..? ඔයා CID එකකටවත් බැඳුණද..?”
ඇගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහුට දැනුනේ ඈ පිළිබඳව අනුකම්පාවකි. ඇය තවමත් ලෝකය හරිහැටි නුදුටු බොළඳියකි.
“නෑ සුදූ… Anti-state well planned grounded organization (රාජ්‍ය විරෝධී සැලසුම් සහගත බිම්ගත සංවිධානය) එකකට මං දැන් අවුරුදු දහයක ඉඳන් සම්බන්ධ වෙලා ඉන්නවා… අපේ සංවිධානයේ ඔරිජිනල් නම Clandestine Club of Comrades (ක්ලැන්ඩෙස්ටයින් ක්ලබ් ඔෆ් කොම්රේඩ්ස්- සහෝදරවරුන්ගේ රහසිගත සමාජය). ඒත් නොර්මලි යූස් කරන්නේ Comrade Clan (කොම්රේඩ් ක්ලෑන්- සහෘද වංශය) කියලා… ඒක පවතින දූෂිත දේශපාලනික ප්‍රවාහය වෙනස් කරලා ඒකට දේශපාලනික, සාමාජීය, ආර්ථික, සංස්කෘතික උපාය මාර්ග හදන්න තරුණ අය පිරිසක් එකතුවෙලා හදාගත්ත හොඳ න්‍යායික සහ ප්‍රායෝගික පදනමක් තියන සංවිධානයක්…”
සසඳි, ඔහු දෙස බැලුවේ දෑස් සිහින් කොටගෙන ය. පුරාවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධාරිනියක වූ ඇයට ලෝක දේශපාලනික ඉතිහාසය පිළිබඳව මනා දැනුමක් විය. එසේ ම ඇය සාහිත්‍යයෙන් මනාව පෝෂණය වූ යුවතියකි. මේ නිසා මෙවැනි සංවිධාන ඇයට ආගන්තුක නොවීය. නමුත් ලංකාව තුළ මෙවැනි සංවිධාන ඇය මින් පෙර අසා නොතිබුණි.
“එතකොට ඔයාල සම්බන්ධ SPF (Socialist People’s Front- සමාජවාදී ජනතා පෙරමුණ) එකටද..?”
යශෝද්ගේ දේශපාලන නැඹුරුව පිළිබඳව යම් අවබෝධයක් සහිත වූ ඈ ප්‍රශ්න කළා ය.
“හ්ම්ම්ම්… අපේ න්‍යායන් එයාලගේ න්‍යායන්වලට හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් මැච් වෙන්නෑ… ඒත් එයාලගේ ලොක්කෝ තමයි අපිව කවර් කරන්නේ… ඔයාට මතකනේ මීට අවුරුදු අටකට විතර කලින් කැම්පස් ළමයි හතළිහක් විතර පැහැරගෙන ගිහින් එයින් සමහරු මරලා දැම්මා..?”
යශෝද් ප්‍රශ්න කළේ ය. සසඳි හිස සැලුවේ ඇයට මතක බව කීමට ය.
“ඒ ළමයි සේරම මේකට සම්බන්ධ අය… කොම්රේඩ් ක්ලෑන් එක තාම අන්ඩිටෙක්ටඩ් (අනාවරණය නොවූ) සංවිධානයක්… එයාලා එතකොට හිතුවේ SSU (Sri Lanka Student Union- සමස්ත ලංකා ශිෂ්‍ය සංගමය) එක තමයි ඒ හැමදේම කරන්නේ කියලා… ඒ නිසා ඒකෙත් හිටපු ජාතිකෙත් (ජාතික විශ්වවිද්‍යාල ශිෂ්‍ය එකමුතුව- National University Student Union- NUSU) හිටපු කොල්ලෝ තමයි එහෙම අරගෙන ගියේ… එවෙලේ කොම්රේඩ්ස්ලා ගැන එළියට ආවේ නෑ. තාම මේ වෙනකන් අපි රහසිගත සංවිධානයක්…”
යශෝද් ඉරියව්ව මඳක් වෙනස් කර සසඳි දෙස බැලුවේ ය.
“ඒකෙ කොටස් දෙකක් තියනවා… Comrade Clan එක කියන්නේ කෝර් (කේන්ද්‍රය) එක… ඒකෙ ඉන්නේ ආරම්භක සාමාජිකයන්ගේ ඉඳලා සංවිධානයේ රහස් දන්න විශ්වාසවන්තම කණ්ඩායම… අනික් එක Comrade Circle (කොම්රේඩ් සර්කල්- සහෘද කවය) එක. ඒක හරියට බෆර් එකක් වගේ. අලුතින් බැඳෙන කොම්රේඩ්ස්ලා සාමාන්‍යයෙන් කොම්රේඩ් සර්කල් එකේ අවුරුදු තුනක්-පහක් වගේ ගාණක් ඉන්නවා… ඒ අතරේ කොම්රේඩ් ක්ලෑන් එකේ අය එයාලව ඔබ්සර්ව් (නිරීක්ෂණය) කරලා එයාලා ශුවර් නම් කෝර් එකට ඇඩ් කරගන්නවා… හරියට දොඩම් ගෙඩියක් වගේ. ක්ලෑන් එක කියන්නේ මදය. සර්කල් එක කියන්නේ පිට පොත්ත… මං අවුරුදු දාහතරේ වගේ ඉඳන් කොම්රේඩ් සර්කල් එක එක්ක සම්බන්ධ වුණා. ඒ නිසා මාව අවුරුදු දාසයෙන් කොම්රේඩ් ක්ලෑන් එකට එන්ටර් කරගත්තා… නෝර්මලි අපේ කොන්ස්ටිටියුෂන් එකට අනුව කොම්රේඩ් ක්ලෑන් එකට ගන්නේ දහඅටෙන් පස්සේ උනාට මං සම්බන්ධව පොඩ්ඩක් ඒක එහා මෙහා කළා එයාලා. මං තමයි අඩුම වයසෙන් කොම්රේඩ් කෙනෙක් උනේ… රුශා සෙට් උනේ ඒලෙවල් කරන්න ගත්තට පස්සේ…”
“මොනවද ඔයාලා මේකෙන් දැන් කරන්න හදන්නේ..?”
යශෝද් මොහොතක් කල්පනා කළේ ය. අනතුරුව ඔහු, තමන්ගේ කණ්ඩායමේ අනාගත සැලසුම් පිළිබඳව ඔහු එකිනෙක ඇය හමුවේ තැබුවේ ය. ඈ හූමිටි තබමින්, ප්‍රශ්න අසමින් ඒ සියල්ල අසාසිටියා ය.
“එතකොට ඔයාලා ඊළඟ ඡන්දෙට ඉල්ලනවද පක්ෂයක් විදියට..?”
ඈ අවසානයේ විමසුවා ය.
“මං ඡන්දෙට ඉල්ලන්නේ නෑ සුදූ… අපිට පක්ෂයක් නෑ දැනට… අපේ දෙන්නෙක් පාර්ලිමන්ට් ඉන්න නිසා අපි SPF එකත් එක්කම වැඩ කරනවා… හරිම විදියට කිව්වොත් SPF එක අපේ විදියට වෙනස් කරගන්නවා… ඒක ලොකු හිස්ට්‍රි එකක් තියන පක්ෂයක් නොවෙන නිසා එච්චර අමාරු නෑ… එයාලා ඊළඟ ඡන්දෙට PLF (Populist Left Front- ජනතාවාදී වාමාංශික පෙරමුණ) කියලා හවුල් පක්ෂයක් විදියට එන්න හදන්නේ අපිත් එක්ක…”
සසඳි මොහොතක් කල්පනා කළා ය.
“යශ්… ඔයා දන්නවනේ අපේ තාත්ති පොලිටික්ස් වලට කැමතිම නෑ කියලා… ඒ නිසා මේක අපිට ප්‍රශ්නයක් වෙයි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද..?”
පොරවනය පපුවට තද කරගනිමින් යහන මත හිඳගනිමින් සසඳි විමසුවා ය. යශෝද් එතෙක් ඈ වටා එතී තිබූ සුරත ද හිස යටින් තබාගෙන සසඳිගේ කාමරයේ සිවිලිම දෙස බලාසිටියේ ය.
“මං ඇක්ටිව් පොලිටික්ස් වලට එකතුවෙන්න තාම හිතලා නෑ සුදූ…”
ඇය සැනසුම් සුසුමක් හෙලුවා ය. එය සෑහේ ය.
“ඒත් සුදූ, ඉස්සරහා මාස දහය ඇතුළත මොන වගේ තත්ත්වයක් උද්ගත වෙයිද කියලා අපි දන්නෑ… ආණ්ඩුව වගේම විපක්ෂෙත් ඉන්නේ බන්කොලොත් වෙලා… මේ වෙලාවේ එයාලා දෙගොල්ලන්ටම ඉන්න පොදු සතුරා වෙලා ඉන්නේ SPF නැත්නම් PLF එක… ඒකත් එක්ක ජාතිකේ, සමස්තේ වගේම තවත් වෘත්තීය සංගම්, ශිෂ්‍ය සංගම් ගොඩක් එකතුවෙලා ඉන්නවා. ඒ නිසා උන් හදන්නේ හොඳින් හෝ නරකින් අපි වටේ බලය ඒකරාශී වෙන එක වළක්වලා උන්ගේ බලය පවත්වාගන්න උත්සාහ කරන එක… හදිසි නීතියයි, ක්‍රියාත්මක වෙන අනික් අණ පනත් එක්කයි උන්ට ඕනෙම වෙලාවක අපිව අත්අඩංගුවට ගන්න පුලුවන්… විසල් අයියලගේ පාර කොල්ලෝ කිඩ්නැප් කරලා වධදීලා මරලා දැම්මට පස්සේ ඒ වගේ මහා පරිමාණෙන් විප්ලවකාරයෝ නොමැරුවට මේ වෙනකන් සුළු සුළු සිද්ධිවලින් සෑහෙන විපලවකාරයෝ ප්‍රමාණයක් උන් මැරුවා… අපේ ඇක්සිඩන්ට් එක පවා උන් කළේ. ඒත් එතනදි අපි ඒක සාමාන්‍ය ඇක්සිඩන්ට් එකක් ගාණට දාලා ස්ට්‍රැටජිකලි (උපායමාර්ගිකව) පහුබැස්සා අපේ ආරක්ෂාව පතා… මොකද එතකොට කොම්රේඩ් ක්ලෑන් එක තාවකාලිකව ඩිසෝල්ව් (විසුරුවා හැර) කරලා තිබ්බේ… ආයේ ක්ලෑන් එකේ ෆවුන්ඩර්ස්ලා එකතුවෙලා ඒක ඇක්ටිව් කරලා තමයි දැන් මේ වැඩ පටන් අරගෙන තියෙන්නේ… උන්ට කොතනින් හරි අපි ගැන ඉවක් වැට
ුණොත් උන් අපිව පණපිටින් අතාරින එකක් නෑ…”
“කවුද උන් කියන්නේ..?”
“හිමේෂ් සිරිවර්ධන සහ වතික අතපත්තු තමයි මේක මූලිකවම මෙහෙය වන්නේ… එයාලට දැන් ආණ්ඩු පක්ෂේ සාගර ධර්මබන්ධුත් එකතුවෙලා ඉන්නේ… හැබැයි එයාලා පිටිපස්සෙන් රටේ මහ පුටුවට යනකන් ඉන්න හැමෝම ඉන්නවා…”
“ඔයාලගේ පොලිටිකල් වීව් එකේ තියන ස්පෙෂලිටි එක මොකක්ද ආණ්ඩු පක්ෂෙයි, විපක්ෂෙයි දෙකම ඔයාලට මේ තරම් ඇටෑක් කරන්න තරම්..?”
“අපි එයාලා කාටත් වඩා ප්‍රැක්ටිකල්… අපි ලේෆ්ටිස්ට්ලා (වාමාංශිකයෝ) උනා කියලා රොබින් හුඩ් තියරි එකක් නෙවි ඇප්ලයි කරන්නේ. ඒ කියන්නේ අපි කියන්නෑ තියන මිනිහගෙන් අරගෙන නැති මිනිහට දෙන්න ඕනේ වගේ දේවල්… අපි කියන්නේ තියන එකා ඉන්න ඕනේ. නැති එකා හොරෙක්, මංකොල්ලකාරයෙක් නොවෙන්න වගබලාගන්න ඕනේ වගේ අදහසක්… අපිට පන්ති භේදය නැත්තටම නැති කරලා හැමෝටම එක වගේ සමාජයක් ගොඩනගන්න බෑ කවදාවත්… බලයයි, ධනයයි කියන සාධක දෙක එක්ක අනිවාර්යෙන්ම ධනවත් පන්තියක් හැදෙනවාමයි… හැබැයි නිර්ධන පන්තිය අපිට පීඩිතයෝ බවට පත්නොකර ඉන්නයි ඕනේ… ඒක ලේසි නෑ. මොකද බලවත් පක්ෂ දෙකම රැකෙන්නේ උන්ගේ ඡන්ද පොරොන්දුවලට හැමදාම රැවටෙන ඔය මධ්‍යම පාන්තිකයන්ගෙනුයි, නිර්ධන පාන්තිකයන්ගෙනුයි… ඒ නිසා අපි ඇප්‍රෝච් කරන්නේ යන්ග් ජෙනරේෂන් එකට… දැනටම ඒක සීයට හැත්තෑවක් විතරම සක්සස්…”
සසඳි, යශෝද් දෙස බලාසිටියා ය.
“ඔයාලා මැරෙයිද..?”
යශෝද් කෙළ පිඬක් ගිල්ලේ ය.
“මං දන්නෑ සුදූ… මං තමයි කොම්රේඩ් සර්කල් එක භාරව ඉන්නේ… එළියෙන් වෙන සේරම දේවල් ඒ කියන්නේ පිකට්, පාගමන්, ස්ට්‍රයික් සේරම එක්ක ඩීල් කරන එකා වෙන්නේ මං. කොටින්ම කිව්වොත් ක්ලෑන් එකෙන් මුලින්ම එළියට එක්ස්පෝස් වෙන එකා වෙන්නේ මං…”
“ඇයි විසල් අයියා ඔයාව ඒකට දැම්මේ..?”
“මොකද මට ඒක කරන්න පුලුවන් නිසා… එයාලා මාව විශ්වාස කරන නිසා… ඒ වගේම මං ඒක අනිවාර්යෙන්ම කරන නිසා…”
සසඳි සුසුමක් හෙලුවා ය.
“ඒ කියන්නේ මේකෙන් මුලින්ම බෙල්ල ගහලා යන්නේ ඔයාගේ..?”
ඇගේ පැනයට පිළිතුරු දෙන්නට ප්‍රථම ඔහු යහන මත හිඳගත්තේ ය.
“එහෙමම කියන්න බෑ… ඒත් මේ මිෂන් එක ඉවරවෙද්දී අපි ජීවත්වෙලා ඉඳීද නැද්ද කියන්න බෑ… උන්ට මිනීමරනවා කියන්නේ චිකන් අන්ඩක් සූප්පනවා වගේ සිම්පල් වැඩක්…”
“ඇයි ඔයාලම මේක කරන්නේ..?”
“කවුරුම හරි මේක කරන්න ඕනේ සුදූ… හැමෝම අනික් එකා කරයි කියලා බලන් හිටියොත් වෙන්නේ ආඬි හත්දෙනාගේ කැඳ හැලියට වෙච්ච දේ තමා… කවදාවත් කෙරෙන්නෑ එහෙම උනොත්… අපේ අත්තම්මලා ඉගෙනගත්තෙත් ලංකාව සංවර්ධනය වෙන රටක් කියලා. අපේ අම්මලත් එහෙමයි. අපිත් එහෙමයි… අපෙන් පස්සේ පරම්පරා ටිකත් එහෙමමද ඒක ඉගෙනගන්න ඕනේ සුදූ..? ඇයි මෙච්චර ප්‍රෞඪ ඉතිහාසයක් ගැන පාරම්බාන අපි හැමදාම තරඩ් වර්ල්ඩ් කන්ට්‍රි (තුන්වන ලෝකයේ රට) එකක් කියලා හැඳින්වෙන්නේ..? වැරද්ද තියෙන්නේ අපේ රටේ පාලනයේ සුදූ… එතන හැදුවොත් අනික් ටික අපිට හදාගන්න ලේසි… කවුරු හරි ඒක කරන්න ඕනේ… අපි ඒකයි කැමත්තෙන්ම මේකට ඉදිරිපත් වෙන්නේ…”
“එතකොට මට මොකද වෙන්නේ..?”
සසඳිගේ හඬ මිමිණුමකට පරිවර්තනය වී තිබිණි.
“සුදූ… මේ අහන්න… ඔයා ඔයාගේ ටාර්ගට්ස්වලින් ඉස්සරහටම යන්න. කවදා හරි ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න… මේ මිෂන් එකෙන් පස්සේ මං ආයේ නාවොත් ඔයාව තේරුම්ගන්න, ඔයාට ආදරේ කරන කෙනෙක්ව මැරි කරන්න. බබාලා හදන්න… ඔයා ආස විදියට බබාලා තුන්දෙනෙක්… ඔයාට මේ ටික කියන්න මං හිත හදාගත්තේ හරි අමාරුවෙන් සුදූ…”
“ඒ හැම හීනයක්ම දැක්කේ මං ඔයා එක්ක යශ්…”
ඇගේ හඬ හැඬුම්බර විය.
“දන්නවා… මටත් හීන තිබ්බා… ඔයාව මැරි කරලා පුංචි පවුලක් හදාගෙන කාටවත් කරදරයක් නැතුව ජීවත්වෙන්න හීනයක් මට තිබ්බා සුදූ… ඒත් මං අවුරුදු දාසයේදීම මගේ පාර තෝරගෙන ඉවරයි… රුශා කවදාවත් කෙල්ලෙක්ට සිරා ලව් නොකළේ මෙන්න මේ හේතුව හින්දා… ඒත් ඔයා මගේ ඇස් ඉස්සරහට ආවට පස්සේ මගේ ටාර්ගට්ස් අස්සට ඔයා හීනත් ගෙනාවා සුදූ… මං එතකොට නොහිතුවට ඔයාත් එක්ක අවුරුදු තුනක් තිස්සේ මං මේ දැකලා තියෙන්නේ කවදාවත් මට එළිකරගන්න බැරි හීනයක්ද කියලා දැන් මට බයයි… මං මොකාටවත් බය මිනිහෙක් නෙවි සුදූ… ඒත් මං බය එකම දෙයක් දැන් ලෝකේ තියේ. ඒ ඔයාව දාලා යන්න වෙන එක…”
ඔහු, ඇගේ දෑත් තම දෝතට ගත්තේ ය.
“මේ ලෝකේ තමුසෙට තරම් මං වෙන කාටවත් ආදරේ නෑ සුදූ. ඒක තමුසේ දන්නවා… මෙච්චර දුර අරන් ඇවිත් මගින් අතඇරලා දාන්න වෙයි කියලා හිතුවා නම් මං හුඟක් දේවල් නොකර ඉන්න තිබ්බා… ඒත් උඹ ගාව, උඹේ ආදරේ ගාව මං කවදාවත් කන්ට්‍රෝල් උනේ නෑ… සුදූ, ඔයා ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ, මං හිටියත් නැතත්… වර්ජිනිටි වගේ දේවල් හොයන්නැති කොල්ලෝ ඕනේ තරම් අපේ සමාජේ ඉන්නවා… ඒ වගේ ඔයාට ආදරේ කරන එකෙක් ගාව නතරවෙන්න… අම්මියි, තාත්තියි ඔයා ගැන හෝප්ස් තියාගෙන ඉන්නේ ගොඩක්. ඔයා ඒවා හැබෑ කරන්න ඕනේ ගෑනු ළමයෝ…”
ඇගේ නළල මතින් තම නළල තබමින් ඔහු කීවේ ය. ඇගේ කොපුල් මතින් ගලන කඳුළු කැට නතර කරන්නට වෙනදා මෙන් ඔහු උත්සාහ නොගත්තේ ය.
“එතකන් අපිට එකට ඉන්න පුලුවන්ද..?”
ඈ නාසය ඉහළට අදිමින් විමසුවා ය.
“පුලුවන්… මං මේ කතා කරන්නේ බ්‍රේක්-අප් එකක් ගැන නෙවි සුදූ… එහෙම එකක් ගැන මට හිතන්නවත් බෑ. ඒ තරම්ම මගේ ආදරේ ආත්මාර්ථකාමීයි… මට ඕනේ ඉස්සරහා ගැන ඔයාට ඇත්තම කියලා තියන්න… ඔයාව ශක්තිමත් කරන්න… එච්චරයි…”
ඈ සුසුම් හෙලුවා ය. ඒ සුසුම් ලෝදිය සේ ගලාගියේ ඔහුගේ හද පතුලේ ම ය.
“මං ඔයාට කවී අක්කලව, නදී අක්කලව අඳුන්වලා දෙන්නම් ආයේ සීගිරි යන්න කලින්… එයාලා ඔයාට උදව් කරයි ඕනෙම වෙලාවක…”
ඈ හිස සැලුවා ය. කඳුළු වියැලෙන තෙක් ඔහු, ඇගේ හිස පිරිමැද්දේ ය.
“අම්මිලට මුකුත් කියන්නෙපා… අපේ ගෙදර කාටවත්… වෙනසක් පෙන්නන්නත් එපා…”
ඈ යද්දා ය. ඔහු හිස සලා එකඟ විය. ඇය, ඔහුගෙන් මිදී පොරවනය ගත දවටාගෙන යහනෙන් බැස කවුළුව වෙත ගියා ය. ඉන් පිටත බලාගෙන ඈ කල්පනාවක නිමග්න වූවා ය. ඔහු, ඈ දෙස ම බලාගෙන යළි ඇගේ සයනය මත වතිරුණේ ය.
“ඔයාට තරම් වෙන කාටවත් මට මෙහෙම ආදරේ කරන්න බැරිවෙයි යශ්…”
සසඳි කවුළුවට පිටුපා, යශෝද් දෙසට මුහුණලා හැරෙමින් කීවා ය. ඔහුගේ දෑස් යන්තමට තෙත් විය. නමුත් ඉන් කඳුලක් නොවැටිණි. ඈ සෙමෙන් යළි යහන අසලට පැමිණියා ය.
“මොන දේ උනත් ඒ වෙනකන් මං ඔයා එක්ක ඉන්නවා…”
ඈ කීවේ පොරවනය දෙපතුල් පාමුල වැටෙන්නට ඉඩහරිමිනි. සියලු නාරිමය හැඩතලයන්ගෙන් ඔපවත් වූ ඇගේ නග්න ගත දෙස ඔහු බලාසිටියේ යළිත් ඇවිලෙන හැඟුම් සහ ඈ පිළිබඳව උපන් සානුකම්පිත හැඟුම් අතර යුධ වදිමිනි. වෙනත් පිරිමියෙකුගේ සුසුමකින්වත් නොකිළිටි වූ ඈ ගැහැනියක වීමේ වරම් පවා ලද්දේ තමා හමුවේ ම ය. ඈ ඒ පිළිබඳව කිසිඳු විටෙක නොතැවුනා ය. ජීවිතයේ වැටීම්, නැගිටීම් සියල්ල මැද කප්පරක් බාධා මධ්‍යයේ ඈ, තමා නමට පේවී හුන්නා ය. ඉදින්, ඈ හැරයාමට සිත ලෝබ ගැනීම පුදුමවීමට තරම් කරුණක් නොවේ.
සසඳි යහන මතට නැග යශෝද්ගේ නිරුවත් ගත මතින් හිඳගත්තේ දෙපසට දෙපා දමාගෙන පහසු ලෙස ය. ඔහු, ඇගේ වටොර මතින් අතැඟිලි ගෙනගියේ ය. ඈ ගැඹුරු හුස්මක් ගෙන ඔහු මතට නැඹුරු වී ඔහුගේ දෙතොල් සිපගන්නට වූවා ය. අනතුරුව යළි ඍජුව හිඳගෙන සුරත ඔහු වෙත පෑවේ ය. ඔහුගේ ටයි පටිය ඈ අත විය. ඔහු මෙය එතෙක් නුදුටුවේ ය.
“Are you sure babe..? (ඔයාට විශ්වාසයිද බබා..?)”
ඔහු විමසුවේ ඇගේ දෑස් දෙස ඍජුව බලමිනි.
“Sure… (විශ්වාසයි…)”
ඈ දැඩිව කීවා ය. ඔහු ටයි පටිය ඈ’තින් ගෙන ඇගේ දෑත් එක්කොට මැණික්කටුව අසලින් ගැටගැසුවේ ය. අනතුරුව ඇයව යහන මත හෙලමින් ඈ මතට පැමිණියේ ගැටගැසූ ඇගේ දෑත්, ඈ හිසට ඉහළින් තබා තම වමතින් සිර කරමිනි.
“This time will be a little harder… (මේ පාර ටිකක් අමාරු වෙයි…)”
ඈ දෙතොලින් මෙන් ම දෑසින් ද සිනාසුණා ය. යළිත් වරක් ඈ පිළිබඳව වූ සානුකම්පිත හැඟුම් ඔහුගේ සිත අරක්ගන්නට විය. තමාගේ ආධිපත්‍යය මේ තරම් සංයමයෙන් පිළිගන්නා ඈ පිළිබඳව ඔහු තුළ වූයේ අපරිමිත ගෞරවයකි.
“You’re a f-cking submissive, girl… (උඹ නියම යටත් වන්නියක්, කෙල්ලේ…)”
ඔහු කීවේ ඇගේ පසුපසට පහරක් ගසමිනි. ඈ සිනාසෙමින් යටිතොල සපන්නට වූවා ය. ඒ සිනහව ඔවුන්ව තවත් සරාගී සුයාමයක් සඳහා ගෙනයාමේ පළමු පියවර විය.
යශෝද්, සසඳිගේ නිවසින් සමුගෙන යන්නට වූයේ රාත්‍රී ආහාරය ගෙන ඇගේ දෙමව්පියන් හා සතුටු සාමීචියේ යෙදීමෙන් ද අනතුරුව ය. තමන්ව පවුලේ සාමාජිකයෙකු ලෙස ම පිළිගන්නා සසඳිගේ දෙමව්පියන් කෙරෙහි ඔහු දැක්වූයේ ඉමහත් ගෞරවයක් සහ ආදරයකි. ජීවිතය ගොඩනගාගැනීමට තනිව වෙහෙසෙන යශෝද් කෙරෙහි ද ඔවුන් තුළ වූයේ නොමඳ පැහැදීමකි. වසර තුනක් පුරා තම දියණිය හා ඔහුගේ සබඳතාවය පිළිබඳව ඔවුන් දැක්වූයේ ධනාත්මක ආකල්පයකි.
“මං යන්නම් සුදූ…”
ගේට්ටුව තෙක් තමා සමඟ පැමිණි සසඳි දෙස බලමින් යශෝද් කීවේ ය.
“යන්නම් කියන්නෙපා යශ්. එතකොට හිත බර වැඩී… ආයේ නාවත් ගිහින් එන්නම් කියන්න. ඒ වචන ටික ඇතුළේ අඩුගානේ බලාපොරොත්තුවක් හරි ඉතුරු වෙනවා…”
ඈ කීවේ තෙතැති නෙතිනි. ඔහු හිස සැලුවේ ය.
“ගෙට යන්න… පරිස්සමින් ඉන්න… මං ගිහින් කියන්නම්…”
ඔහු කීවේ ය.
“පරිස්සමින් යන්න… බුදුසරණයි…”
ඈ, ඔහුට සමුදුන්නා ය. ස්වයංක්‍රීයව ගේට්ටුව වැසෙන තෙක් බලාසිටි සසඳි නිවසට පැමිණියේ කල්පනා කරමිනි.
“ආයේ පුතා ආවම ඔයා කියන්න අඩුම රෙජිස්ට්‍රේෂන් එකවත් දැන් ගන්න කියලා… නොකිව්වට අපි දන්නෑනේ මෙයාලගේ අෆෙයාර් එක කොච්චර දුරදිග ගිය එකක්ද කියලවත්. අපිත් මුල් කාලේ තරම් දැන් මෙයාලා දෙන්නට නීති දාලා ලිමිට් කරලා නෑනේ… අනික දැන් දෙන්නම ජොබ්ස් කරන නිසා ලීගලි වැඩ ටික හරි කරලා තියමු… මං කාන්ති නංගිටත් කියන්නම්…”
සසඳිට ඇසුණේ තම මවගේ හඬ ය. කාන්ති යනු යශෝද්ගේ මව යි. සසඳි සුසුමක් හෙලා තම කාමරයට යන්නට වූවා ය.
යශෝද් තම ආයතනයෙන් අවිවාහක නිලධාරීන් හට ලබාදෙන නිවාස සංකීර්ණයේ තම නිවෙස්කඩ වෙත පැමිණි වහා තම ආගමනය සනිටුවහන් කොට කෙටි පණිවිඩයක් සසඳි හට තැබුවේ ය. අනතුරුව නාන කාමරයට වැදුනේ ගත දොවා ගැනීමේ අටියෙනි. යන්තමින් උණුසුම් ජලයට ටැටූවෙන් හැඩ වූ පිට පුරා සුළු දැවිල්ලක් දැනුණේ සසඳිගේ නිය රටා හේතුවෙනි. ඒ මතකය ඔහුට සිනහවක් ගෙන ඒමට හේතුවිය. කලාතුරකින් සිනහවන්නෙකු වූ යශෝද් හට සසඳි වනාහි අහේතුකව පවා සිනහවක් කැන්දන තරම් කරුණක් විය.
සරමක් ගත ලා ගත් යශෝද් විදුලි පහන් නිවාදමා, යහන මත වැතිරී සිය ජංගම දුරකතනය පරීක්ෂා කරන්නට විය. මිනිත්තු කිහිපයකට පෙර සසඳි විසින් එවන ලද WhatsApp පණිවිඩ කිහිපයක් වන බවට සටහනක් වූයෙන් ඔහු එය විවෘත කර බැලුවේ ය. එහි වූයේ ඔවුන් දෙදෙනා එදින ගත කළ සොඳුරු සුයාමය අවසානයේ දී ගනු ලැබූ ඡායාරූප කිහිපයකි. එම ඡායාරූප ගැලරියේ ආරක්‍ෂිත ගොනුවක සැඟවූ යශෝද් පණිවිඩය මකා දැමීය.
“I love you Yash… (මං ඔයාට ආදරෙයි යශ්…)”
එකෙනෙහිම සසඳි නමින් කෙටි පණිවිඩයක් තිරයෙහි මතුවිය. ඔහු මුවග දැල්වුණු සිනහවක් සමඟින් ඇයට පිළිතුරු සටහන් කළේ ය.
“I love you Sudu… (මම ඔයාට ආදරෙයි සුදූ…)”
Facebook වෙත පිවිසි යශෝද් එහි මොහොතක් ඉහළ-පහළ ගමන් කළේ ය. අනතුරුව තම ගිණුමෙහි කුඩා සටහනක් ලෙස නිසඳැසක් සටහන් කළේ ය.
අන්තර්ජාලයෙන් සොයාගත් ඡායාරූපයක් සමඟින් එම වදන් පේළිය පළකළ යශෝද් ජංගම දුරකතනය පසෙක තබා දෑස් තරයේ පියාගත්තේ ය.
✍🏼 සකුනි හතරසිංහ