19 දිගහැරුම 🌻

” අයියේ ……ඔයා කොයිවෙලාවෙද ආවේ…..”

” ඇයි දෝණී ඔහොම අහන්නේ .මන් කොහෙ කියලා යන්නද..මන් ඔයත් එක්කමනේ ඊයේ රෑ නිදාගත්තේ..මොකෝ අද නිදාගන්තා මදි වෙලා නිදිමත විකාරෙද……..”ඇගේ අවුල් වි ඇති හිස කෙස් තවත් අවුල් කරමින් ඔහු විමසන්න වුයේ .සිනහා වෙමිනි ……

” අනේ යන්න මහත්තයා බොරු නොකියා..ඔයා ඊයේ මට නින්ද ගියාට පස්සේ කොහෙ හරි ගියා..ඔයා හොදටම දන්නවනේ ඔයා නැතුව මට නින්ද යන්නේ නෑ කියාලා. එ හිනදා ඔයා ගියාට පස්සේ මට ඇහැරුනා..ඔයා එයි කියලා මන් පැයක් විතර ඔහේ බලන් හිටියා .මට පහලට තනියම යන්නත් බය නිසා ඔයා කොහෙද කියලා බලන්න විදිහකුත් නෑ…..ෆෝන් වැඩත් නැ..පස්සේ මන් කතා පොතක් අරන් කියවද්දී එ අස්සේ මට නින්ද ගිහින් ……”

” මන් කොහෙවත් ගියේ නැ..දෝණී මන් ඔයාට නින්ද ගියාට පස්සේ පොඩ්ඩක් පහලට ගියා අප්පච්චී ඊයේ වැඩක් කියලා මට එක අමතක වෙලා තිබිලා කරන්න ගියේ ..එක ඉවර වෙද්දි පාන්දර තුනටත් ලගයි…”

” අනේ අයියේ එහෙනම් ඔයාට දොයි මත ඇතිනේ..ඔයා එහෙනම් තව ටිකක් නිදා ගන්න මන් බස් එකේ යන්නම්..ඔයාට අද දවල්නේ වැඩ කිව්වේ …..”

” ඔව් දෝණී එත් මට අද මගේ යාලුවෙක් හම්බවෙන්න තියනවා..ඔයාව කැම්පස් එකෙන් දාලා මන් යනවා..ඉක්මන්ට ඔයා ලෑස්ති වෙන්නකෝ……..”

” හරි අයියේ ………”

” මට සමාවෙන්න දෝණී ඔයාට බොරු කියන්න උනාට ..මේ දේවල් ඔයාට බර වැඩි..මන් මේ හැමදේම ඉක්මනින් විසදන්නකම් මට පොඩි කාලයක් දෙන්න මැණික ..” ඈ යන දෙස බලා හිදිමින් ඔහු සිය සිත සමග කතා බහකරන්න වුයේ ඇයට මුසාවක් පැවසීමට සිදුවීම පිලිබද පශ්චාත්තාපයෙනි ……..

” දෝණී එහෙනම් පරිස්සමෙන් හවසට යන්න හොදද..අදත් පුලුවන් උනොත් මන් කලින් එන්න බලන්නම්..” අහිංසාගේ විශ්වවිද්‍යාලය අසලින් කාරය නවතා දමා ඔහුද කාරයෙන් බැස ඇය කාරයෙන් බස්සවාගෙන ඇගේ හිස පිරිමදිමින් ඔහු පවසන්න වුයේ ..සුක්ෂමව වටපිටාව පුරා දෑස් ගෙනයමින් ය……

” හරි මහත්තයා , ඔයාත් පරිස්සමෙන් .බුදු සරණයි …..” අවට බලා සිටින කිසිවෙකු පිලිබද නොසිතා ඈ ඔහුගේ දෙපා සුපුරුදු ලෙස නමදිමින් පවසන්න වුයේ ..ඔහු ඈ සිය තුරුලට ගෙන ඇගේ නලලත දෙතොල් පෙති තවරද්දීය ..

” දෝණීටත් බුදු සරණයි ……”

” දෝණී පොඩ්ඩක් ඉන්න….”

” ඇයි මහත්තයා …….”

“අර අතන ගහ ලග ඉන්න කොල්ලද ඔයාගේ පස්සන් එන්නේ……..” විශ්වවිද්‍යාලයට යාබද සුවිශාල මාර ගසට හේත්තු වී සිටින ආදිත්‍ය පෙන්වමින් කේශ්වර විමසන්නට විය…..

” ඔ..ඔව් අයියේ එයා තමයි .අනේ අයියේ ප්‍රශ්නයක් දාගන්න එපා..හොදද…..”

” පිස්සුද ලමයෝ….මට මුන් වගේ එව්වෝ එක රණ්ඩු වෙන්න් තරම් පිස්සුවක් නෑ…ඔයා බය නොවී යන්නකෝ ඇතුලට…..”

” අනේ ඇත්‍තමයි නේද….”

” ඔව් ඔව් දරුවෝ ඔයා යන්නකෝ බය නොවි..”

” එහෙනම් අපි ආයි හම්බුනා නේද……මල්ලි කියන්නද..එහෙම නැත්නම් අගමැති පුතා කියනද.”

” මගුලක් කතා නොකර ඉදහන් අයියේ …උබ කොහෙද මෙහෙ …..අනික අහිංසා ….උබ කොහොමද එයාව දන්නේ ……..”

” අනේ පලයන් ආදි යන්න ….උබ දන්නේ නෑ එකි කාගේ කවුද කියන්න….”

” සත්තයි බන්..මන් දන්නේ නෑ .”

” එ මගේ වයිෆ්………”

” මොකක්……….”

” ඔව් බන් එ මගේ කෙල්ල ..උබලා ඉතිං වෙඩින් එකට ආවේ නෑනේ මන් කියලත්…..”

” ඔයා දන්නවනේ අයියේ තාත්තා ගැන.එයා තාම පරණ දේවල් හිතේ තියන් ඉන්නවා..අඩේ රියලි සොරි අයියේ මන් දන්නේ නෑ අහිංසා මැරිකරපු කෙනෙක් කියලා…මන් උබට පොරොන්දු වෙනවා අයි මගෙන් තියා මැස්සෙක්ගෙන්වත් එ කෙල්ලට කරදරයක් වෙන්න දෙන්න නෑ .”

” තැන්කස් බන්..කොච්චර උනත් මන් බයෙන් කෙල්ලව කැම්පස් එව්වේ…උබ දන්නවනේ මට තියන ප්‍රශ්න ….”

” තාම එ දේවල් වල ඉවරයක් නෑ..මන් උබ පස්සන් එනවා කියලා කෙල්ල කිව්වහම හිතුවෙත් මේක බාප්පගේ වැඩක් කියලා…..”

” අඩෝ අයියේ මන් මේ සිරා කියන්නේ ..මන් එහෙම දෙයක් දැනන් ඉදියේ නෑ….”

” හරි බන් .එහෙනම් මන් යනවා බන් හොස්පිටල් යන්නත් පරක්කු වෙනවා..උබත් පලයන් ඇතුලට මෙතන්නට වෙලා කෙල්ලන්නට කෙල පෙර පෙර ඉන්නෙ නැතුව …..”

” අනේ මේ අයියේ පලයන් යන්න ……..”

හරි අපි බලමුකෝ උබ මේ මට කිව්වේ ඇත්තමද කියලා..එහෙම උනොත් මේක දුර දිග නොයා විසදෙයි .හැබැයි උබ මාව අන්දන්නනම් හිතන්නේ .උබ හිතා ගනින් නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා කියලා…

කේශ්වර සිය මෝටර් රථය වෙත පා තබන අතරේ ඔහුට සිතින් අනතුරු හගවන්නට විය.

මතුසම්බන්ධයි