නව කතාව
😍නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍
චන්ඩිරැජින🌹🌹
දා හතර වන චන්ඩිකම 🙅🙅
” ආ මේ රශී මං මේ ගත්තෙ ඔයා හෙට වැඩට එනවද? අහන්න”
” ආ ඔව් සර් මං එනව “
කොල්ල ඊලගට අහපු දේට කෙල්ලට කට උත්තරත් නැතුව ගියේ.
” රශී ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?.”
ඒත් එක්කම එතන නෙතුලි දුවන් ආවේ.
” අයිය අන්න ඔයාට කෝල් එකක් අප්පච්චිගෙන්.ඉක්මනට යන්න”
” ආ හරි දෝණි මං එන්නම් “
” මේ මං තියනව රශී.හෙට එන්නකො එහෙනම්.බුදු සරණයි”
විනෝද් එහෙම කියල ෆෝන් එකත් සාක්කුවට දා ගෙන ගෙට දිව්වේ.
💓💓💓
” මොකද? බං ඔය මහසෝණ දැකල වගේ. 😯 රශී රශී…”
නිශා එහෙම කියල රශීගෙ උරිස්සෙන් අල්ලල හෙලෙව්වේ.කෙල්ල බය වෙලා වගේ ෆෝන් එක දිහා බලන් ඉන්න නිසා.
” ආ මේ ඔව් නිදා ගමු ” 😊
” මොකක්, 🤨 මොනව නැතත් විනෝද් උඹට හොද වශියක් නම් දීල තියෙනව “
” අනේ මේ පලයං.උඹට විකාර”
” හරි හරි කාටද? විකාර කියල ඉස්සරහට බලා ගම්මුකො.වරෙන් දැන් නිදා ගන්න.හෙට බැරි ඇයි උබේ සිහින කුමාරයව දැක ගන්ඩ “😉
💓💓💓
” හෙලෝ රූබ “
” ඔව් මාකස් කියපං “
” මාර වැඩේනෙ බං.ඉද්දමල්ගොඩයගෙ අතුරුදහන් වීමට අපේ බ්‍රයන් බොස්ව සැකයි කියල.කව්ද මිනිහෙක් පොලිසියෙ ඇන්ට්‍රි එකක් දාල “
” මොකක්,😯 ඒ මොකාද? බං 🤔ඌ බ්‍රයන් බොස් ගැන දන්නෙ නැති එකෙක්ද ? නැත්නම් බොස් ගැන දන්න එකෙක් නම් මෙහෙම වැඩක් කරන්න හිතන්නෙවත් නෑනෙ “
” ඒක තමයි බං මටත් හිතා ගන්න බැරි.බොස් මේක දැන ගත්තොත් අපිවත් ඉවරය්ක් කරල දායි බං දන්නවනෙ බොස්ගෙ හැටි.”
” ඒක ඇත්ත බං.බොස් මේ ගැන දැන ගන්න කලින් මේ වැඩේ කරපු මිනිහ අල්ල ගන්නම වෙනව.”
” ඔව් බං.අපි සෙට් එකක් වැඩේට එන්ටර් වෙලා තියෙන්නෙ.මමයි ලූකයිත් මේ යන ගමන්.මොනව උනත් හෙට උදේ වෙන කොට බොස් දැන ගනියි බං.ඉන්ස්පෙක්ටර්කාරය උදේම පොට් එකට එයිනෙ.”
” ඒක ඇත්ත බං.අපිට හෙට උදේ වෙන්ඩ කලින් මිනිහව හොයා ගන්ඩ වෙනව.මිනිහම ඇන්ට්‍රි එක ඉල්ලා අස් කර ගත්තොත් කේස් එකක් නෑනෙ.මේ දවස් ටිකේ බ්‍රයන් බොස් රොකී බොස් එක්ක මෙහෙන් පිට ගිහින්නෙ ඉන්නෙ.ඒ අස්සෙ ඉන්ස්පෙක්ටර්කාරයත් මෙහෙ ආවොත් වැඩේ අල වෙනව බං.”
” ඒක තමයි රූබ.ආරංචියෙ හැටියට මිනිහ ඇන්ට්‍රි එක දාපු වෙලාවෙම පැනල ගිහින්.අපි සෙට් එක කොහොම හරි කරල මිනිහව හොයා ගන්නව.ඔහෙ කොහොමද? අවුලක් නෑනෙ.”
” නෑ නෑ බං.මෙහෙ අවුලක් නෑ.මං කේන් එක්ක තව සෙට් එකක් එවන්ඩද? “
” දැන්ම එප බං මං උඹට ඕනි උනොත් messege එකක් දාන්නම්කො “
” හරි බං.messege එකක් දාපන්කො එහෙනම්”
💓💓💓
” කොහෙද? අයිසේ යන්නෙ.ඇස් දෙක පොට්ට වෙලාද?ශික් බලනව දවසම කෑව 😡 මේ ගෑනු නම් ” 😡😡
” නංගි ඔයාට අවුලක් නෑ නේද? ආ මෙන්න බයික් එක.”
” නෑ අයියෙ Thank you ” 😊
” චාමරය වරෙන් බං යන්ඩ.ඔය ගෑනු නලව නලව ඉන්ඩ වෙලාවක් නෑ.මේ අයිසේ දැන්වත් ඔය කසිකබල පැත්තකට ගන්නවද? මෙතන ලබ්බ තියල වගේ හිට ගෙන ඉන්නෙ නැතුව” 😡
නිශාදි ස්කූටියත් අරන් අයිනට වුණේ.ඒත් එක්කම ලා නිල් පාට හයිබ්‍රිඩ් එක එතනින් යන්න ගියේ නිශාත් බලන් ඉන්න අතරෙම.ඒත් එක්කම බයික් එකක් ඇවිත් නිශා ඉස්සරහ නතර කලේ.
” නිශා මොකෝ බං අවුල “
” අහ් ධනූ අයිය.බලන්නකො අනේ අර car එකක් මාව හප්පන්න ගියානෙ ” 😥
” අප්පට සිරි 😯 උඹට අවුලක් නෑ නේද? නිශා “
” නෑ ධනූ අයියෙ.මගෙත් නෙවෙයි වැරැද්ද? අර කාර්කාරය තමයි මගෙ ඇගට වාහනේ කැපුවෙ.අන්තිමට මටත් කෑ ගහලයි යන්න ගියේ.”
” ඕව ගනන් ගන්න එපා බං.ඔය කාර්කාරයො කොහොමත් ඔහොම තමයි.සල්ලිකාර මහත්තුරුනෙ.අඩි දෙක තුනක් ඉහළින් යන්නෙ.ආඩම්බරකාරකම් ඉහට ගහල.”
” හ්ම්ම් ඒක නම් ඇත්ත නේද? ධනූ අයියෙ.යමු නේද? පරක්කු වෙනවනෙ “
නිශා එහෙම කියල බයික් එකත් අරන් ඉස්සර වුණේ ධනුකත් පිටිපස්සෙන් එන අතරෙ.
💓💓💓
” අම්ම මං යනව ඔයා එනවද?”
” ආ නෑ පුතා මං ටිකක් දවල් වෙලා එන්නම්කො.පුතා යන්න “
” හා එහෙනම්.මං යනව අම්ම.”
විනෝද් අම්මට වැදල ඇවිත් car එකට ගොඩ වෙනවත් එක්කම,
” අයියා පොඩ්සක් ඔහොම ඉන්නෝ.මාත් එනෝ”
” දෝණි ඔයා කොහෙ යන්නද? මේ ” 🤨
” මම වින්ඩිලගෙ ගෙදර ගිහින් එන්නම් අම්ම.ගෙදරටම වෙලා ඉදල එපා වෙලා.”
” අනේ මන්ද දෝණි.අප්පච්චි එහෙම දැන ගත්තොත් ම්ටත් විසුමක් වෙන්නෙ නෑ “
” අනේ අම්ම මං ඉක්මනට ගිහින් එනවනෙ ඉතින්.මගෙ සුදු අම්මනෙ.උම්ම්මා 😘😘 “
නෙතුලි අම්මටත් වැදල එළියට එන කොටම විනෝද් වේගෙන් car එක ගේට් එකෙන් එළියට දැම්මේ.නෙතූ කෑ ගහ ගෙන car එක පස්සෙන් දුව ගෙන ගියත් නෙතූ ගේට් එක ලගට එනකොටත් car එක පේනතෙක් මානෙකවත් නෑ.
” මොණ බූරුවෙක්ද? මන්ද,මෙච්චර සද්දෙන් කියලත් ඇහුනෙ නැද්ද? 😡 මී හරක “
” දැන් මොණව කරන්නද? දෝණි අද ඉදල හෙට යන්න.”
” බෑ අම්ම.මං බස් එකේ යනව “
” දෝණි මාව කේන්ති ගස්සන්නෙ නැතුව යනව ගෙට ” 😡
අම්ම කෑ ගහ ගෙන ගේට් එක ගාවට එනකොටත් නෙතූ අම්මටත් ගස්ස ගෙන පාර් දිගේ දුවන්න වුණේ.
” මේ ළමය නම්,තියෙන මුරණ්ඩුකම.😡 පුංච්රාල මෙන්න මේ ගේට් එක වහල දාන්න “
💓💓💓
රශී 12.30ට විතර බත් එකත් අර ගෙන විනෝද්ගෙ ප්‍රයිවට් රූම් එකට ගියේ ලොකු බඩගින්නක් දැනුනු නිසාම.ඒ වෙලාවෙ විනෝද් ඔෆිස් රූම් එකේ නොහිටපු නිසා කෙලපුටුවත් ඇදල ඉද ගත්තෙ.ඒත් එක්කම රූම් එකේ දොර ඩෝං ගාල වැහිල ගියේත් රශී ගැස්සිලා ඒ පැත්ත බැලුවෙත් එකටමයි.දැක්ක දෙයින් කෙල්ල එක පාරටම නැගිට්ටේ ඉද් ගෙන හිටපු පුටුවත් වේගෙන් පස්සට කරල.
වැහිල තිබුණු දොර ගාව විනෝද් හිට ගෙන හිටියෙ අත් දෙකත් බැඳ ගෙන.කවදාවත් දැකල නැති අමුතුම හැඟීමකින් ඒ මූණ පිරිල ගිහින්.
හෙමින් හෙමින් විනෝද් ඉස්සරහට ඇවිදන් ආවෙ රශී අඩියෙන් අඩිය පස්සට යන අතරෙ.
තවත් යන්න ඉඩක් නෑ එහෙම්මම බිත්තියට පිට තද කරල බලන් උන්නෙ තවතවත් ලගටම එන විනෝද් දිහා. කවදාවත් දැකල නැති අමුතුම හැඟීමකින් ඒ මූණම එළිය වෙලා.යටි තොලත් හපා ගෙන ලගට ආපු විනෝද් එහෙම්මම බඩ වටෙන් අත දාල ඉනෙන් අල්ල ගෙන ඒ පපුවට ඇදල ගත්තෙ හිතේ පතුලෙම හිර කරල තිබුණු හැඟීම් තව තවත් වාන් දාන්න ගද්දි.
එයා හයියෙන් හයියෙන් හුස්ම දානව.ඒ උණුහුම් හුස්ම ඇවිත් කම්මුල්වල වදිද්දි මුළු ආත්මයම සුවපත් වෙනව වගේ.හිතාස්සෙ ගුලි කරපු හැඟීම් තවත් හිර කර් ගෙන ඉන්න තරම් ශක්තියක් නැති වෙනකොට අත් දෙක පිටිපස්සට දාල ඒ ඉනෙන් අල්ල ගෙන තවතවත් පපුවට තුරුලු වෙලා ඒ සුවිශාල පපුවෙ ඔලුව තියා ගත්තෙ මුළු හිතම භාවනාවක් වගේ නිවිල යනකොට.
” රශී මං ආදරෙයි මැණික” 😘😘
එයා යාන්තමට වගේ කන් පෙත්තට කොදුරනව.එහෙම්මම ඇස් දෙක තද කරල තියා ගත්තෙ.
” තවත් ඈත් වෙලා ඉන්න බෑ මැණික.උඹව දැක්ක දවසෙමයි මේ හිත උඹ ගැන හිතන්න පටන් ගත්තෙ.කාටවත් හොල්ලන්න බැරි වුණ මේ හිත උඹ සින්නක්කරම අයිති කර ගෙන මගෙ මැණික.😍😍”
එයා ආයෙමත් කන් පෙත්තට ලං වෙලා කොදුරනව.මාත් හැඟීම් දැනීම් තියෙන ගෑනියෙක්.තවත් නම් බෑ මේ හැඟීම් හිර කරන්න.
” මාත් හරි ආදරෙයි මහත්තයො 😘 “
කිව්ව නෙවෙයි කිය වුණා. එයා හයියෙන් හිනා වෙනව.මේ හිතට දැනුණු ලැජ්ජාවක්.එහෙම්මම ඒ පපුවට මූණ තද කර ගත්තෙ ලැජ්ජාවටත් එක්කම හිත පුරාම ආදරේ දෝරෙ ගලද්දි.
” මෙතන මොකක්ද මේ නටන නාඩගම