සර් මට එන්න කිව්වද???………”
“ඔව් ඔතනින් ඉඳගන්නවා……….”
“මෙහෙමයි තෙනුලි මට කාවවත් නලවලා පුරුදු නෑ………. ඒ නිසා මං කෙලින් කියන්නම්………”
“සර්………..”
“තමුන්ගේ සේවය දැන් මට අවශ්‍ය නෑ………..”
තෙනුලි ලොකු හුස්මක් පහළ දැම්මා……. මොකද මේ දේ තෙනුලි බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්නේ…….
“හම්ම්……….. හරි සර්……..”
“මං කියලා ඉවර නෑ තෙනුලි…………”
“සර්??…….”
“තෙනුලිට පුලුවන් ලබන සතියේ ඉඳලා ෆැක්ටරියේ වැඩට එන්න………..”
“සර්???……..”
තෙනුලිට තාම අදහන්න බෑ මිහේෂ්ගේ ඒ වචන ටික………….
“මං තමුන්ගේ කොලිෆිකේෂ්න්ස් චෙක් කරා…….. හොඳට ඉගෙන ගත්ත ළමයෙක්නේ……….. නිකම් නාස්ති වෙන්නේ ඇයි…….. අනුන්ට සාත්තු කර කර??…….”
නැත තෙනුලි මේ දේ කරන්නේ ආසාවෙන්…… තෙනුලි ආසයි අනිත් අයට උදව් කරන්න……… අනික තෙනුලිට මිහේෂ්ව හම්බුණේ මේ රස්සාව හින්දා……..
“මං ඒකට කැමති නිසා සර්……”
“හම් හම්………. මං ලබන සතියේ ඉඳලා ෆැක්ටරියේ වැඩට යනවා……… තමුන්ගේ කොලිෆිකේෂ්න්ස් අනුව මං තමුන්ව මගේ සෙකට්‍රි හැටියට වැඩට ගන්නවා………. ඒ නිසා හොඳ ඇදුමක් එක්ක ලෑස්ති වෙනවා…..”
තෙනු හිටියේ කියාගන්න බැරි සතුටකින්……
“ඒ කියන්නේ මට යන්න වෙන්නේ නෑ……”
තෙනූ ඉක්මනට ගිහින් තමන් ළඟ තිබ්බ හොඳම ඇඳුම ලෑස්ති කර ගත්තා…….. ඇත්තටම තෙනූ ගාව තිබ්බ ඔක්කොම ඇඳුම් කකුල් දෙක ගාවට වෙනකම් දිගයි…… මොකද තෙනූ හැදුනේ කන්යාරාමයකනේ…………
ඊළඟ දවසේ තෙනූ ලැහැස්ති වුනේ මිහේෂ් එක්ක ෆැක්ටරියේ වැඩට යන්නයි
දිගම දිග තද නිල් පාට සායට…….. අහස් නිල් පාට බ්ලවුස් එකට තෙනූ තවත් ලස්සනයි………………….
“මොකක්ද ඕයි ඔය ඇඳන් ඉන්නේ…….”
“සර්???………”
තෙනූගේ හිත බිඳලා ගියේ ඒ වචන හින්දා…….
“තව දිගට තිබ්බෙම නැද්ද………. ඔෆිස් එකකට යන්නේ පොළට නෙමේ…….”
“සොරි සර්…….. මෙ…….මෙච්චරයි තියෙන්නේ 😪”
තෙනූ කිව්වේ අඬන්න වගේ……..
“හම් හම්…… නගිනවා ඉතිම් වෙන මොනා කරන්නද………සික්…….”
ෆැක්ටරියේ සියලුදෙනාම තෙනූ දෙස බැලුවේ……… අමුතු සතෙක් දිහා බලන විදිහට……………..
එදා දවසමත් තෙනූට හිත් රිදවීම් පිරිච්ච දවසක්……………
කොහොම හරි දැන් තෙනූ ෆැක්ටරියේ වැඩට ගිහින් සතියක් විතර වෙනවා……… මොනා නැතත් මිහේෂ් තෙනූට සාරි වගයක් අරන් දුන්නා අඳින්න…………
ඒත් එදා හවස නොහිතපු විදිහට වහින්න පටන් ගත්තා……..
“ශික් මේ ගෑණි තාමත් නෑ…….. වහිනවත් එක්ක අද ගෙදර යන්නේ නැද්ද කොහෙද……. “
බැන බැනම මිහේෂ් ආපහු office එකට ගියේ තෙනූව හොයන්න…………
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
Sorry ඒයි…… අපේ අම්මට පැපොලනේ ඔලුව මගේ යකාගේ කම්මල වගේ……. මොකද එයා කරපු ඔක්කොම මට කරන්න වෙලානේ…..😪😭
කතාව ඉවර වෙන්න ළඟයි හොඳේ