💔බැඳීමක් නැති මුදුවක් 💔
18 වන කොටස
“මොකක්ද සුදු වෙලා තියෙන්නේ…ඇයි මම ළඟට ආවා කියලා මොකක්ද වෙන්නේ …ඇයි මම ළඟට එනකොට මගෙන් ඈත් වෙන්නේ…”
හිතට දැනුන දුක ඉවසගන්න බැරුව මම එහෙම ඇහුවා…
“මට ත/මු/සෙ/ව පිලිකුල්….ත/මු/සේ මාව අල්ලන්නවත් එපා….”
උ/ඹ එහෙම කිව්වම මගේ ඇස් ලොකු වුණා…
“ඒ මොකද ඒ…?”
“බොහොම අමාරුවෙන් අසනීපේ හොඳ කර ගත්තා විතරයි…මට ආයෙමත් බෑ ලෙඩ හදාගෙන දුක් විඳින්න….”
“දැන් මට ඇති ලෙඩක් නෑ…අපි දෙන්නා එකට නේ බෙහෙත් කරේ…ඔයාට වගේම මටත් සනීපයි…”
“දිලංක ත/මු/සේ මට පාඩුවේ ඉන්න දෙනවද නැද්ද?..ත/මු/සේ මට වද දෙනවා නම් මම ගිහින් බිම නිදා ගන්නවා”
උ/ඹ අමාරුවෙන් අමාරුවෙන් ඇඳෙන් නැගිටින්න උත්සහා කරා..
“හරි මම අනික් පැත්තට හැරිලා නිදාගන්නම්.ත/මු/සේ ත/මු/සේ/ගේ පාඩුවේ නිදා ගන්නවා…”
මම එහෙම කිව්වාම උ/ඹ මදක් සන්සුන් වුණා ..උ/ඹ මට පිටුපා අනෙක් පසට හැරිලා නිදා ගත්තා..
උ/ඹ නිදාගත්තත් මගේ ඇස්වලට නම් පොඩි නිදමතක්වත් දැනුණේ නැහැ…
මගේ දෑස් වහලේ සිවිලම උඩට යොමු වුණා..
සිවිලිමේ හිටපු හූනා දිහා මම මොහොතක් බලාගෙන හිටියාේ …
ඌ/ත් මට චික් චික් කිව්වේ අරියාදුවට වගේ කියලයි මට හිතුනේ….
උ/ඹ දවසින් දවස මගේ ජීවිතයෙන් ඈත්වෙන්නට හදනවා කියලා මට දැනුනා …
විවාහ වුන මුල් කාලයේ වගේ උ/ඹ මාව ආයේමත් ප්‍රතික්ෂේප කරන්න අරගෙන…
මට දරාගන්න බැරිතරමට ලොකු දුකක් දැනුණා…
මේ සේරටම මුල අර කෑම්ප් එකේ වැඩකරපු අර දුෂ්ට සේනාව….
මම අද මේ තත්වයට පත්වුණේ උන් නිසා…
කියලා මට හිතුණා …
සංසාරේ කරපු නොපියවපු සංසාරික කර්මයක් මට මේ විදිහයට ගෙවන්න වෙලා තියෙන්නේ කියලා මම කල්පනා කළා…
කවදා මේ ප්‍රශ්නවලින් ගැලවිලා මගේ ඔළුව ඔසවාගන්න ලැබේවිද කියලා මට නම් හිතා ගන්නවත් අමාරුයි …
කොහොම හරි ඩුබායි යන්න ලැබුණොත් මේ සේරම ප්‍රශ්න වලට විසඳුමක් ලැබේවි කියලා මට හිතුනා …ආයේමත් වතාවක් විරාජ්ට මේ ගැන සිහිපත් කරන්න ඕනේ කියලා මම හිතාගත්තා …
මම උදේ ඇහැරිලා බලද්දිත් උ/ඹ සුවට නිදාගෙන උන්නා.මම උ/ඹ/ව නැහැරෙන විදිහට ඇදෙන් නැගිටලා හෙමිහිට කුස්සිය පැත්තට ඇවිදගෙන ගියා ….
මම කුස්සියට යද්දිත් අම්මා ලිපට පිඹිමින් උන්නා.දුම් නාගෙන ඉන්න අම්මා ගැන මට දුක හිතුණේ අපි පුංචි සන්ධියේ ඉදන්ම තාමත් අම්මා අපේ කුසගින්න වෙනුවෙන් දුම් ගැහි ගැහි දුක් විදිනවා නේද කියලා ..
“අම්මේ මෙදාපාරත් නෙහාරාගේ බර අඩුයි කියලා ගමේ ක්ලිනික් එකෙන් කිව්වාලූ නේද අම්මේ?..”
“ඔව් පුතේ ..මම මේ කතා කරන්නමයි හිටියේ….හොඳටම බර අඩුයි කියලා මිඩ් වයිෆ් මිසී බැන්නා…ඊලඟ පාර එනකොට බර වැඩි කරන් එන්න කියලා කිව්වා…ඒ ලමයා හරියට කෑමක් බීමක් ගන්නේත් නැහැ…අනේ මන්දා පුතේ මොනවා කියන්නද කියලා …”
අම්මා කිව්වේ ලිපේ තිබ්බ කිරි හොද්ද හැඳි ගානගමන් එහෙම කිව්වා…ඒත් එක්කම කුස්සියේ දොරකඬින් උ/ඹේ රුව මතුවුණා…
උ/ඹ මායි අම්මායි දිහා රවන් බැලුවා ..
“ඒකත් යවන්නේ මගේ පිටින්..මේ ගෙදර කන්න හරිහමන් දෙයක් තියෙනවාද ?.මේවා කාලා බර වැඩිවෙයිද?.මට අම්මලාගේ ගෙදර යන්න දුන්නා නම් මේ කිසිම දෙයක් නැහැනේ…එහෙනම් අපේ අම්මලා මම ගැන බලාගන්නවා …”
“ඔය ළමයාත් ඇඟට ගුණ දෙන කිසිම කෑමක් බීමක් ගන්නේ නෑනේ …කොළකැඳ ටිකක් හැදුවත් ඒක බොන්නේ නෑ..ඒකයි වැඩිපුරම මේ ඇඟපත දුර්වල වෙන්නේ…”
අම්මා මුට්ටියක තිබුණු කොළ කැඳ වගයක් පොල්කටු හැන්දෙන් කෝප්ප දෙකකට වත් කරා..
“ආ මේක ඔය දරුවෝ දෙන්න බීලා ඉන්න ..”
අම්මා එහෙම කැඳ කෝප්ප දෙක අපි දෙදෙනාට දිගු කරා..ඒ කැඳ කෝප්ප දෙක දැකලා උ/ඹේ මූණ එක්වරම් වෙනස් වෙලා ගියා …
මම උ/ඹේ කෝප්පය උ/බේ අතේ තියලා මගේ කැඳ කෝප්පය අතට අරගෙන බොන්න ගත්තා…
“පුතේ පුලුවන්නං ගොටුකොළ ටිකක් හොයාගෙන එන්න..මේ දරුවාට ගොටුකොළ ටිකක් වැඩිපුර දෙන්න කියලා ගමේ මිඩ් වයිෆ් මිසී කිව්වා..අර ඔවිට පැත්තේ නම් ඕසෙට ගොටුකොළ වැවිලා තිබ්බා…”
මම බීලා ඉවර වුනු කැඳ කෝප්පය තියලා ලිඳ ගාවට ගිහින් ඇඟ පත හෝදගෙන කාමරයට ගිහින් ගෙදරට අඳින ඇඳුමක් ඇඳ ගත්තා….
“කොහේ යන්නද?.”
උ/ඹ මගෙන් එහෙම ඇහුවේ හරියට ගහගන්න වගේ….
“මම පහළ වෙලට ගිහින් ගොටුකොළ ටිකක් හොයාගෙන එන්නම්..”
“උදේටත් කොළ කැඳ…දවල්ටත් ගොටුකොළ..මේ ගෙදර කෑම කන්න පුළුවන් එළුවන්ට විතරයි..”
“එහෙම කියන්න එපා..අපි මසක් මාලුවක් නොකෑවත් ඔයාට විතරක් හරි මස් මාළු ගෙනල්ල උයලා දෙනවා නේ…
මම එහෙම කිව්වම උ/ඹේ මුහුණට අපහාසාත්මක හිනාවක් ආවා…
“කනවා නෙමෙයි ….ලෙවකනවා…කනවා කියන්නේ මේවට ද?බඳින්න කලින් අපි කොයිතරම් කෑවා බිව්වද?..”
උ/ඹේ හිත් රිදවන වචන නෑසුනා වගේ මම කාමරෙන් පිට වෙලා මිදුලට ආවා..
ඕවිට පැත්තට ඇවිදන් යනකම්ම මම කල්පනා කලේ උ/ඹේ සිත් රිදවන වචන ගැන….
ඒ විසකටු වගේ වචන ඕනෙම හිතක් තුවාල කරන්න පුළුවන් කියලා මට හිතුනා …
මම බඩවැටි අස්සේ රිංග රිංගා උ/ඹ/ට කන්න ගොටුකොළ කැඩුවා..ගොටුකොළ කඩාගෙන මම ගෙදර එනකොට අපේ ගේ පැත්තෙන් ලොකු සද්දයක් මට ඇහෙන්න ගත්තා…
ගේ කිට්ටුවට එනකොටම මට උ/ඹේ අම්මගේ කට හඩ ඇහෙන්න ගත්තා..
ඒ කටහඬ ඇහිච්ච ගමන් හිතේ මෙතක් වෙලා තිබුණු සැනසීම සහනය පවා නැති වෙලා ගියේ උ/ඹේ අම්මා ගෙදරට එන්නේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් අරගෙන කියලා මම දන්න නිසාමයි…
මම ගෙට ගොඩ වෙනකොටම උ/ඹේ අම්මා මගේ දිහා රවාගෙන බැලුවා ….
“ඔය එන්නේ මතක් කරනකොටම …”
අම්මා මගේ දිහා බය වෙලා වගේ බැලුවා..
මම දෑස් විදහා සාලය වටේටම මගේ ඇස් යොමුකරත් පේන තෙක් මානෙක උ/ඹේ මුහුණ මට පෙනෙන්න තිබුණේ නැහැ…
“මම දිලංක එනකන් මේ බලාගෙන හිටියේ…”
උ/ඹේ අම්මා එහෙම මාත් එක්ක කතාවට මුල පිරුවා.
උ/ඹේ අම්මාගේ ඇස් දෙක තිබුණේ මගේ අතේ තිබුණු ගොටු කොළ මිටි දිහාවට…
“අපේ ලමයාගේ බඩ පුරවන්න යන්නේ පලා කොළවලින් ද?”
උ/ඹේ අම්මාගේ කටහඩේ තිබුනේ අවඥාසහගත බවක් කියලා මට තේරුණා .
“පළා විතරක් නෙමෙයි…අපි නොකෑවත් ඒ ළමයට කන්න දෙන්න මගේ පොඩි පුතා මස් මාළු බිත්තර ගෙනත් දෙනවා….පුතා මේ පාන්දරම නැගිටලා ගොටුකොළ හොයන්න ගියේ මිඩ්වයිෆ් මිස් වැඩිපුර පලා ජාති කන්න දෙන්න කියපු නිසා..”
“අනේ මේ පලා ජාති කාලා ඒ දරුවාගේ බර වැඩි කරගන්න පුළුවන්ද..ගෙවල්වල කොයි තරම් නම් සැප හිඳපු ළමයිද?..මේවා අපේ වැරදි…දුරදිග කල්පනා කරන්නැතුව නිකම්ම නික්මෙක්ට මගේ දරුවා කසාද බන්දලා දුන්නා…දැන් ඒ දරුවා නිරපරාදේ දුක් විඳිනවා…”
උ/ඹේ අම්මා එක දිගට ගතු කියවගෙන යනකොට උ/ඹ/ත් නිහඬව සද්ද නැතුව ඉන්නේ ඒ දේවල් එහෙමයි කියලා පිළි අරගෙන වගේ…
නෙහාරා…මගේ මැණික උ/ඹ/ට වටින්නේ සල්ලි සැප සම්පත් විතරද?….
මගේ පපුවේ තියෙන මේ අවංක ආදරය උ/ඹ/ට පොඩ්ඩක්වත් වටින්නේ නැද්ද ?…
උ/ඹේ ඔය ගල් හිතට මම ගැන පොඩි අනුකම්පාවක් වත් දැනෙන්නේ නැද්ද?..
මම එහෙම උ/ඹේ දිහා බලාගෙන හිතුවා..
“අපේ වත්තෙම කොස් පොළොස් තියෙනවා….මේ දරුවව එක වේලක්වත් මම බඩගින්නේ තියලා නෑ..මගේ පුතා දුක් මහන්සියෙන් හම්බ කරලා ගෙනත් දෙනවා..මම මහ පාන්දර ඉඳන් නැගිටලා ඒව තම්බා තම්බා උයලා දෙනවා…ඔයාලා සතුටු වෙන්න ඕනේ අපි ඔයාලගේ දරුවාට මේ විදියට සලකන එකට “
මෙතෙක් වෙලා වෙලා නිහඬව හිටපු අම්මා
එහෙම කතා කළා…
“සතුටු වෙන්න ම වටිනවා…මේ දරුවාගේ බර කසාද බඳින්න කලින් තිබ්බට වඩා කිලෝ හයකට වඩා අඩු වෙලා…මේ දරුවා මෙහේ තියලා ගියොත් මේ දරුවාටයි ලැබෙන්න ඉන්න දරුවාටයි මන්දපෝෂණය හැදෙනවා….ගිය ගිය වතාවේ මම එක්කගෙන යන්න ආවම මට මේ දරුවා දුන්නා නම් මේ කිසිම කරදරයක් නෑ.. .මම අද නම් මගෙ දරුවාව ගෙනියන එක ගෙනියනවා..මම ජීවතුන් අතර ඉන්නකන් මගේ දරුවාට දුක් විඳින්න දෙන්නෙ නෑ…දුවේ මාත් එක්ක ගෙදර යන්න ලෑස්ති වෙයන් .මේ වගේ මිනිස්සු පොල් පිත්තකින් වුණත් කපන්න පුළුවන්..උ/ඹ/ට මේ කසාදේ ඕනේ නෑ..අපිට උ/ඹ/ව/යි උ/ඹේ දරුවායි බරක් නෙමෙයි..”
නැන්දම්මා එක හුස්මට තොරතෝංචියක් නැතුව කියවගෙන යනවා….
මට උ/ඹේ අම්මා ගැන පුදුම හිතුනේ වෙන අම්මලා දරුවන්ගේ කසාදේ පවුල් ජීවිතය ආරක්ෂා කරගන්න කැප කිරීම් කරද්දි උ/ඹේ අම්මා මහා පවුරක් වෙලා අපි දෙන්නව වෙන් කරන්න උත්සහ කරන එක ගැන…
උ/ඹ උ/ඹේ අම්මට විරුද්ධව එක වචනයක් වත් කිව්වේ නැහැ..
උ/ඹ මගේ දිහා බලන්නෙවත් නැතුව අහක බලාගෙන අපි දෙන්නගෙ කාමරේ පැත්තට ගියා….
ම/ට උ/ඹේ අම්ම ගැන ඉවසගන්න බැරි තරහවක් ඇති වුණා…මෙච්චර දවසක් මම ඉවසන් හිටියා හොඳටම ඇති…ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කිව්වට ඕනෑවට වඩා ඉවන්න ගියාම මිනිස්සු අපේ ඔලුවට අත හෝදන්න ලෑස්ති වෙනවා..
මම දඬු පහර කෑ සර්පයෙක් වගේ කිපෙන්න ගත්තා..
“මේ අම්මේ…මෙච්චර දවස් මම ඉවසුවේ මගේ තියෙන නොන්ජල් කමට නෙමෙයි ..මගේ තියෙන වැදගත්කමට ..අපේ අම්මලා අපිව හදලා තියෙන්නේ ඒ විදිහට…ඒත් ඔය අම්මා එහෙම නෙමෙයි….දරුවන්ගේ ඔලුවට විස පුරවනවා..කසාදයක් බඳින එක ලේසියි…ඒක දිගටම පවත්වාගෙන යන එකයි අමාරු…ඔය අම්මා හිතන්නේ කසාදෙ කඩා ගන්න එක මහා ලොකු වීර ක්‍රියාවක් කියලද?..අම්මා යනවනං යන්න ආයේ මේ පැත්තේ එන්න ඕනේ නෑ..ඒත් මම සුදුව ගෙනියන්න දෙන්නෙ නෑ..සුදු ඔයාගේ දුව උනාට මගේ කසාද ගෑනි…මගේ දරුවාගේ අම්මා…එයාගෙ කුසේ පණ ගැහෙන්නේ මගේ දරුවා …මගේ දරුවයි ගෑ/නි/ව/යි ඔයා කොහොමද නැන්දම්මේ ගෙදර ගෙනියන්න හදන්නේ….”
මම එහෙම කිව්වම නැන්දම්මා ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා මොහොතක් බලාගෙන හිටියා…
“මේ මි/නි/හෝ ත/මු/සෙ/ට ගෑ/නි/යෙ/ක්?ව බලාගන්න හරිහමන් ආදායමක් තියෙනවාද ?..පිරිමියෙක් වුනාම ගෑ//නිට කන්න අඳින්න දෙන්න අතේ මිටේ සල්ලි තියෙන්න ඕනේ…මට මගේ දරුවාව ත/මු/සේ වගේ හිඟන්නෙක් ලඟ දාලා යන්න බෑ….මම මගේ මගෙ දරුවව ගෙදර ගෙනියන එක ගෙනියනවා…”
උ/ඹේ අම්මා ඉනට අතක් තියාගෙන තරහින් ගස්සමින් මට බැන වදින්න වුණා….
“අනේ නංගීයේ..කතා කරගන්න දෙයක් අපි හිමිට කතා කරලා විසඳගමු..නංගි හයියෙන් කෑ ගහන හින්දා වටේ පිටේ මිනිස්සුන්ටත් මේවා ඇහෙනවා ඇති…”
අපේ ගෙදර කවුරුවත් මෙහෙම හයියෙන් කෑ ගහන්නේ නැති නිසා අම්මා වටපිට බලමින් එහෙම කිව්වා..
“වටේ පිටේ ඉන්න මිනිස්සුත් මේවා දැනගන්න ඕනේ..මට කවුරුවත් හිතන දේවල් වැඩක් නෑ..මම අද මගේ දරුවා ගෙනියන එක ගෙනියනවා…”
“මේ අම්මේ …මම නෙහාරව මේ ගෙදර හතර මායිමේන් එහාට ගෙනියන්න දෙන්නෙ නෑ..නෙහාරා මගේ…නෙහාරගෙ බඩේ ඉන්නේ මගේ දරුවා…කරුණාකරලා මේ දැන්ම මේ ගෙදරින් එළියට බැහැලා යන්න…”
මම කවදාවත් නැති තරම් තරහින් ආවේගයෙන් උ/ඹේ අම්මට බැනගෙන ගියා…..
මගේ දිහා තරහින් බලපු උ/ඹේ අම්මා බෑගය විවර කරලා ඒකෙ තිබුණු බෑග් එකක් අතට ගත්තා…
ඒ සිලි සිලි බෑග් එක ඇතුලේ පත්තර කඩදාසියක ඔතපු යමක් තිබුණා…මමත් අම්මත් ඒ මොනවද කියලා සෝදිසියෙන් බලාගෙන හිටියා ..
ඒ කඩදාසියේ තිබුණේ සුදු පාට වැලි වගයක් ..නැන්දම්මා තරහින් මොන මොනවාද මුමුනමින් ඒ වැලි අපේ කාමරයේ දොර ළඟ ඉඳලා මිදුලට යනකම් ඉහගෙන ගියා..
“මේ මොකක්ද නංගි මේ කරන්නේ…ඇයි ඔයා මේ වගේ දේවල් කරන්නේ…?”
අම්මාගේ කටහඬ හොඳටම බියපත් වෙලා තිබ්බා..
“මම මේ ඉස්සේ මතුරපු වැලි…තව මාස තුනක් යන්න කලින් මේ මතුරපු වැලිපාර දිගේ මගේ දුව මගේ ගෙදරට මම ගෙන්න ගන්නවා….මම ඒක මේ කිව්වා කියල මතක තියා තියාගනිල්ලා….”
අම්මා කම්මුලට අතක් තියාගත්තා..
“මම ඔය වගේ අම්මා කෙනෙක් දැක්කමයි…තමන්ගේ දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න අම්මා කෙනෙක්ට මේ වගේ අයිතියක් නෑ…”
අම්මා කම්පාවෙන් එහෙම කිව්වා…
මෙතෙක් වෙලා කාමරේට වෙලා හිටපු උඹ ඒ වෙලාවෙම සාලයට ආවා..
“අම්මේ පොඩ්ඩක් එන්න..මට අම්මට කියන්න දෙයක් තියෙනවා..”
උ/ඹ උ/ඹේ අම්මව එහෙම කියමින් කාමරේට එක්කගෙන ගියේ මගේ හිතට ලොකු සැකයක් ඇති කරලා…
මේ මොකක්ද මේ වෙන්න යන්නේ…
උ/ඹ මේ සූදානම් වෙන්නේ මම කාටවත් කියන්න එපා කියලා කියපු ඒ රහස උ/ඹේ අම්මගේ කනේ තියන්න වත්ද කියලා මට හිතුණා …
හමුවෙමු මීලඟ කොටසින්💔💔💔💔💔
අද කතාව නොදී ඉන්න තමයි හිටියේ…
ඒත් වැඩි දෙනෙක් කතාවේ ඉල්ලපු නිසා කතාව ඔයාලට දෙන්න තීරණය කලා…
කතාව බලලා අහක බලන් යන්නේ නැතුව ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා..