කාවින්දි ලියනගේ

🌻 18 දිගහැරුම 🌻

” ඔබ ඇමතු ග්‍රහකයා මේ මොහොතේ නිදි සුව විදින බැවින් කරුණාකර පසුව අමතන්න..

නීන්ගල්..අ

” මගුලක් කියවන්න එපා..බන් මට උබත් එක්ක කතා කරන්න ඔනි..මේ මගුල් දොර ඇරහන්………”

” හුටා….මේ උබද..පොඩ්ඩක් ඉදහන්..”
ඔලුවත් කසමින් තිසංක සිය බොඩීමේ දොර විවර කරන්න වුයේ.කේශ්වරට සිතින් දෙහිකපමින් ය…….

” මොන මගුක්ද බන් උබ මේ මහ රෑ කරන්නේ..දකින මිනිස්සු අපිදෙන්නා ගැන වැරදියට හිතයි ..මේ මහ රෑ කොල්ලේක් මාව හොයන් එද්දි…….”

” විහිලු කරන්න පුලුවන් මුඩ් එහෙක නෙවෙයි බන් මන් ඉන්නේ ..මට මේක කියන්න කවුරුත් නෑ..එකයි මේ දෝණී නින්දාගත්තහම එකිටත් හොරෙන් ආවේ….”

” අඩෝ සොරි බන්……..කියහන් මොක්කද අවුල.උදේවෙනකන්වත් ඉන්නේ නැතුව මේ මහ රෑ මාව හොයන් ආවේ..”

” තිසා තරහ නැතුව මට බොන්න දෙයක් දියන්……..”

” අඩෝ කේශ් පිස්සු කෙලින්නේ නැතුව ඉදහන්…….”

” අඩෝ ප්ලීස් බන් .උබ හොදටම දන්නවනේ.මන් පුරුද්දකට බොන්නේ නෑ කියලා ඔපරේශන් එකෙන් පස්සේ ..ප්ලීස් බන් මට මේ වෙලාවේ දියන් .මට පිස්සු වගේ බන්…..”

” හරි පොඩ්ඩක් ඉදහන්……”
.
” අඩෝ ඔය ඇති ටිකයි ටිකයි කියලා දැන් තෝ බෝතලයක්ටත් වඩා ඉවර කරලා….
.
දැන්වත් උබ මට කියනවද මොක්කද ප්‍රශ්නේ ..උබ මේ තරම් බොන්න මොක්කද උනේ…”

” ආයිමත් ලංකාධීර මට ප්‍රශ්න දාන්න පටන් අරන් වගේ බන්….”

” මොකක්……එක පාරකුත් ඌ හින්දා උබ මැරෙන්න ගිහින් පෙර පිනකට බේරුනත් උබට ජිවිතේ කාලේම විදවන දෙයක් ඌ කරා..මේ පාර මොක්කද ඌ නටන්න හදන්න නාඩගම..මේ පාර නම් සද්ද නැතුව ඉන්නනම් එපා..”

” ආදිත්‍ය දෝණීගේ පස්සෙන් කැමැත්ත අහන් එනවලු……”

” අම්මා ගහයි බැට් එකෙන් කිව්වාලු….. ඒ පාර ඌ නංගීවද අල්ලන් තියෙන්නේ ..”

” ඔව් බන්…මන් මේ පාරනම් ලේසියෙන් මේ දේවල් අතාරින්නේ නෑ ..මොකද ලංකාධීර මේ පාර අත තිබ්බේ මේ කේශ්වර අභිමන් ඉරුගල්බණඩාර පණට….මන් මෙච්චර කල් මේ දේවල් අඩුම අප්පච්චී එක්කවත් කිව්වේ නෑ..හැබැයි මේ පාර මන් ඌ එක්ක හැප්පේනවා…

බලමු උබද මමද කියලා……”

” එත් බන් උබ හිතනවද එක ලේසි වෙයි කියලා..ඌ දැන් නිකන්ම නිකන් කෙනෙක් නෙවෙයි ..ප්‍රයිමිනිස්ටර්…ඉතිං ඌට අපි ගේමක් දෙනවන් දෙන්න ඕනි මොලෙන් මිසක් අතින් පයින් නෙවෙයි ……”

” ඔව් උබ හරි දැනටමත් මගේ ඔලුවේ පැලැනක් තියනවා බලමු . මන් එක පාරක් ඌව හම්බෙලා කතා කරනවා…ඌ ගේම ඉල්ලුවොත් මාත් ගේම තමයි…….”

” එක නෙවෙයි බන් .දැන් ඔය ප්‍රශ්නේ වෙලා කොච්චර කල්ද…අනික ඌට දැන් විසිකරන්න තරන් සල්ලි තියෙද්දිත් ඇයි උබේ පස්සෙන්ම පන්නන්නේ…..”

” උබ හිතන් ඉන්නේ ඉරුගල්බණඩාර පාරම්පරාව අනිත් වලව් පරම්පරා වගේ කියලනම් එක වැරදි..බන්…..

ඉරුගල්බණඩාර කියන නමට අදත් මිනිස්සු පුදුම විදිහට ගෞරව කරනවා.

එ විතරක් නෙවෙයි අපිට අයිති නින්ද ගම් අක්කර ගානක් තියනවා..ඒ හැමදේමටමත් වඩා……

මේක ලොකු රහසක් මේක අඩුම දෝණීවත් දන්නේ නෑ..මන් මේක උබට කියන්නේ මට උබව මන් තරම් විශ්වාස නිසා…

වලව්වේ එක රහස් තැනක තියන අපේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙන වටිනා මැනිකක් එක්ක දඹරන් පිළිමයක්..එක වටිනාකම මෙච්චරයි කියලා කියන්න බෑ…මේ ලොකේට තියන වටිනම මැණික වගේ දඹරන් පිළිමේ එක ….

එක තියන තැන ලංකාවේ අය විතරක් නෙවෙයි ..මුළු ලෝකයකම හොයනවා..මොකද එක එ තරම් බලගතුයි වගේ වටිනවා…..

ඉතිං උබ හිතහන්කෝ…එතරම් වටින දේපලකට උරුමකම් කියන බාප්පට ඒ කිසිම දේයකට අයිතියක් කියනන් බැරුව වලව්වෙන් හිගන්නෙක් වගේ බැහැලා යන්න්න උනාම ..එයාට කොයිතරම් වෛරයක් ඇද්ද……”

” එතකොට උබ කියන්නේ මේ හැමදේම උරුමේ තිබ්බේ බාප්පට ..ඌව වලව්වේන් පිටමන් කරපු නිසා මේ හැමදේකම උරුමක්කාරයා උබ උනා කියලද……”

” ඔව් බන් .මටත් වඩා පොඩිට මේ දේවල් අයිතිය තිබ්බේ… ඌ ඒ හින්දයි එදා මායි පොඩි ගිය වෙහිකල් එක ඇක්සිඩන්ට් කරේ…ඌට ඕනි උනේ මාවයි පොඩිවයි දෙන්නම ඉවර කරන්න …එත් එදා උනේ අර අහිංසා කෙල්ලයි පැටියයි මැරිලා මායි පොඩි මාස ගානක් ඇදට වැටිච්ච එක….

පොඩි කවමදාවකවත් අයි ලංකාවට අයි එන්නෙ නෑ කියලා බාප්පා හොදටම දන්නවා..එ නිසා දැන් ඌ ගේම ඉලන්නේ මගෙන්…….”

” එතකොට ආදිත්‍ය කාරයා දන්නේ නැද්ද .දෝණී උබේ ගැනිකියලා….”

” නැ..ඌ දැන දැනමයි මේ සෙල්ලම කරන්නේ ..නැත්නම් දෝණීට වඩා ඇහැට කනට පෙන කෙල්ලෝ ඕනි තරම් ඉද්දි .දෝණී පසෙන්ම එන්න ඕනි නෑනේ.බාප්පා හොදටම දන්නවා පොඩි කරා වගේ මටත් රිදන්න පුලුවන් දරුණුම විදිහ දෝණීට මොකක් හරි කරන එක කියලා….

“අනේ මන්දා මටනම් විකාරයි වගේ..හැබැයි බන් කරන දෙයක් කලබල නොවී හොදට කල්පනා කරලා මොලෙන් ගේමක් ගහමු..උබත් එක්ක ඕනිම වෙලාවක මන් ඉන්නවා…….”

” මන් දන්නවා බන්…බලමු ඉසෙල්ලා වෙන දෙයක් වෙන්න මන් බාප්පා හම්බවෙනවා..ඊටපස්සේ අපි බලමු….

මන් දෝණී එක්ක මේ කිසිම දෙයක් කියලා නෑ . ආදිත්‍ය කියන්නේ මගේ බාප්පගේ පුතා කියලා උබවත් කෙල්ලට කියන්න එපා..”

” හරි මන් එකිට මුකුත් කියන්නේ නෑ..අපි නංගීටත් නොකියා නංගීගේ ගාඩ් එකට කාවහරි දාමු…..”

හුම්…..මන් දැනටමත් එකෙක් දාල තියෙන්නේ ..අපි බලමු ..මන් ප්‍රාර්ථනා කරනවා මේක දුරදිග නොයා විසගන්න පුලුවන් වෙන්න කියලා..මොකද එහෙම නොවුනොත් මේක ඉවර වෙන්නේ ලේ හෙල්ලිලා……

මතුසම්බන්ධයි