No photo description availableනව කතාව

😍නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍

චන්ඩිරැජින 🌹🌹

දහ තුන් වන චන්ඩිකම 🙅🙅

පුටුවෙන් ඉද ගන්නවත් එක්කම messege එකක් ෆෝන් එක අරන් බැලුවෙ කව්ද? කියල.ඒ messege එක දැක්ක විතරයි කෙල්ල ගැස්සිලා ගියේ මොකුත් හිතා ගන්න බැරුව.

  • උඹ අද හරි ලස්සනයි මැණික.හැමදාම මේ ඇස් මානෙම හිටපං.මොහොතකටවත් දුරකට නොයා *😘

මොකුත් හිතා ගන්න බැරුව messege එක තුන් හතර පාරක්ම කියවල ෆෝන් එක ඕෆ් කරල බෑග් එකට දැම්මෙ.විනෝද් තාමත් බලන් ඉන්නව ඇහි පිල්ලම් නොගහ.හිතට ආපු ලැජ්ජාවත් එක්කම ලාවට හිනාවක් දාල වැඩ කරන්න ගත්තේ.

💓💓💓

සතියක්ම ගත වෙලා ගියේ කිසිම වෙනසක් නැතුව.විනෝද් රශීට දැන් ගොඩාක් හොදට සලකනව.ඒ නිසාම රශීත් වැඩට යන්නෙ හරිම ආසාවෙන්.නිශාටත් කිසිම ප්‍රශ්නයක් නෑ.ඒ නිසා දෙන්නම හිටියෙ ගොඩාක් සතුටින්.

” රශී මොකෝ බං ඔය තනියම හිනා වෙන්නෙ “

දැන් පැය භාගෙක විතර ඉදන් රශී හෝදන්න ගත්තු පරිප්පු ටිකත් අතේ තියා ගෙන තනියම හිනා වෙනව නිශා බලා ගෙන.

” නෑ බං.මට විනෝද් බොස්ව මතක් වුණා.”

” ආව් ආව් 😍 දැන් කෙල්ලට හරි හරියට විනෝද් බොස්ව මතක් වෙනව නේද? මටත් දැන් ටික දවසක ඉදන් තේරිලා තිබුණෙ.”

” අනේ පලයං බං එහෙම දෙයක් නෑ.”

” එහෙනම් කොහොම දෙයක්ද? ” 😀

” උඹට විකාර බං.ඒ මගෙ බොස්නෙ.”

” හරි හරි බලමුකෝ.අපිත් ඉන්නවනෙ.මේ ඒක නෙවෙයි බං.ඔන්න සදුද ඉදන් අපි දෙන්නටම ස්කූටියෙ වැඩට යන්න පුලුවන්.”😉

” වාව් 😍 ඔය ඇත්තමද? බං.අම්ම කතා කරාද?”

” හ්ම්ම් මං සල්ලි ටිකක් දුන්න.අම්ම ඉතුරු ටික ගෙවල “

” එහෙමද? ඒක හොදයි බං.නැත්තං හැමදාම බස් එකේ කට්ට කන්න එපැයි.”

” ඒක ඇත්ත බං.මේ ඒක නෙවෙයි.උඹ අර නම්බර් එක තාම හොයා ගත්තෙ නැද්ද? අර කෝල් messege ආව නම්බර් එක ” 🤔

” නෑ බං.හැබැයි මේ දවස් ටිකේ නම් ඒකෙන් messege තිබුණෙ නෑ.”

” මේ ඔය නම්බර් එක ඉමෝ ගහල බලපං “

“ඒ ඇත්තමනෙ.😲 අපිට ඒක මතක් වුණේ නෑනෙ”

” කෝ දීපං නම්බර් එක මං බලන්න”

නිශා අතට ෆෝන් එක දීපු රශී හනිකට පරිප්පු ටික හෝදන්න ගත්තෙ නිශා ෆෝන් එක ඔබන අතරෙ.

” ඒ රශියො මේ පොඩ්ඩක් බලපංකො.මට පේන දේමද? උඹට පේන්නෙ කියල 😯 “

” මොකක්ද? බං ” 🤔

” මේ බලපංකො “😯

හෝද හෝද හිටපු පරිප්පු ටිකත් එහෙම්මම දාල රශී ඇවිත් ෆෝන් එක අතට ගත්තේ.ඒ ෆොටෝ එක දැක්ක විතරයි කෙල්ලගෙ බඩ පපුව දා ගෙන යනව දැනුනෙ.එහෙම්මම පපුවට අතක් තියා ගෙන පුටුවට බර වුණේ මොකුත් හිතා ගන්න බැරුව.

” එතකොට නිශා මෙච්චර දවසක් messege දාල් තියෙන්නෙ මේ……” 😲

” හ්ම්ම්ම් ඔව් බං විනෝද් බොස් “

” මට හිතා ගන්න බෑ නිශා.ඒ කියන්නෙ විනෝද් බොස් මාව මුල ඉදන්ම දැන ගෙන තියෙනවනෙ බං. 😲 මං එතන වැඩට යන්නත් කලින් ඉදන්ම.ඒත් කොහොමද ? බං එහෙම “

” ඒක දැන ගන්න වෙන්නෙත් එයාගෙන්ම තමයි බං.ඒ මොන දෙයක් උනත් විනෝද් බොස් උඹට ආදරෙයි බං.එදා ටව්න් එකට ගියපු වෙලාවෙ වෙච්ච සිද්දියම මදිද ඒක හිතන්න”

නිශා එහෙම කියනවත් එක්කම රශීට මතක් වුණේ මීට සතියකට උඩින් අන්තිමට ආපු messege එක.

  • උඹ අද හරි ලස්සනයි මැණික.හැමදාම මේ ඇස් මානෙම හිටපං.මොහොතකටවත් දුරකට නොයා.😘 *

ඔව් නිශා හරි ඒ messege එකම ඇති විනෝද් සර්ගෙ හිත තේරුම් ගන්න.

” රශී වරෙන් බං.ඉක්මනට උයල ඉවර කරන්න ඕනෙ”

රශීත් කල්පනාවෙන් මිදිල හනිකට උයන්න ගත්තෙ පරක්කු වෙලා නිසා.

💓💓💓

~~ මෙන්න දැන් ලැබුණු විශේශ පුවතක්.ගම්පහ නගරයේ ප්‍රසිද්ධ අ මන්ත්‍රීවරයකු වන මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට සහභාගී වීමට නියමිතව සිටි දෙව්නක ඉද්දමල්ගොඩ අමාත්‍යවරයා මීට සුළු මොහොතකට පෙර අතුරුදහන්ව ඇත.එතුමා නිවසින් පිටව සිටි අවස්තාවේදී අතුරුදහන් වී ඇති අතර එතුමා ගමන් ගත් මෝටර් රථය පමණක් පාළු මගක් අසල තිබියදී හමු වී ඇත.මේ වන විට අමාත්‍යවරයා සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකය. ~~

” අනේ මන්ද අද කාලෙ වෙන දේවල් නම් “

හේරත් මහත්මිය පවසන්නට වූයේ නිකටට අතද,ගසා ගනිමිනි.

” ඕකත් අර බ්‍රයන්ගෙ වැඩක් වෙන්න ඇති අම්ම.ටව්න් එකේ ඔය වගේ වැඩ කරන්නෙ ඉතින් මිනිහනෙ”

” බ්‍රයන් ඔච්චර දරුණු මිනිහෙක් නෙවෙයි දෝණි.කොටියෙක් උණත් මිනිහ ගාවත් මනුස්ස ගති තියෙනව.”

පඩි පෙල බැස ආ විනෝද් ද,ඔවුන්ගේ කතාවට එක් විය.

” හ්ම්ම්ම් අනේ මන්ද දරුවනේ.ඒක නෙවෙයි පුතා මාත් එනව හෙට ඔයත් එක්ක factory එකට යන්න.”

” ඒ මොකද? අම්ම හදිස්සියෙම ” 😯

” හදිස්සියක් නෑ දරුවො.ගොඩ කාලෙකින් එන්නත් බැරි උනානෙ.අනික චූටි කාලෙ දැක්කට පස්සෙ රශී දුවව බලන්නත් බැරි වුණානෙ.ඒ දරුවව බලන්නත් එක්ක” 😊

රශී කිව්ව විතරයි කොල්ලගෙ මූණට හිනාවක් ආවෙ.

” මොකද? අයිය ඔයා තනියම හිනා වෙන්නෙ “

” ආ මේ මොකුත් නෑ දෝණි.මට කෝල එකක් ගන්න තියෙනව.මං අරන් එන්නම්.”

විනෝද් එහෙම කියල එතනින් මාරු වුණේ.තවත් එතන හිටියොත් හිතේ තියෙන දේවල් අම්මට දැනෙයි කියන බයටම.

💓💓💓

” රශී මෙන්න උඹේ ෆෝන් එක රින්ග් වෙනව “

” අනේ පොඩ්ඩක් බලපංකො කව්ද? කියල “

” රශියො මෙන්න උඹේ විනෝද් කුමාරය කෝල් කරනව.” 😀😀

” මොකා ” 🤨

” මොකා නෙවෙයි කොකා.විනෝද්ගෙන් කෝල් එක ” 😉

තෙත කොණ්ඩෙත් පිහ දාන ගමන් රශී කාමරේට දුව් ගෙන ආවෙ.

” දෙයියනේ,😲 මොකද?බං දැන් කරන්නෙ “

” මොනව කරන්නද? ඕක ආන්සර් කරපං ” 😉

” ආන්සර් කරල “😯

” යකෝ ඒකත් මට කියා දෙන්න වෙලාද?මොකෝ බං ඔය දාඩිය දාල.මෙච්චර වෙලා හිනා වෙලා හීන මව මව හිටියෙ.දැන් ඉතින් කතා කරපං” 😀

” අනේ පලයං යන්න ” 😡

රශී නිශාටත් බැන බැන ෆෝන් එක ආන්සර් කලේ.

” හෙ හෙ ලෝ සර්.කියන්න “

ඈ කෙල්ල කොහොමද? මං කියල දැන ගෙන තියෙන්නෙ.😲ශිකේ ලැජ්ජාවෙ බෑ.දැන් කෙල්ලගෙ මූණ බලන්නත් මොකක්ද? වගේ” 😖

” හෙලෝ හෙලෝ …”

” ආ මේ රශිඋ මං මේ ගත්ට්ගෙ ඔයා හෙට වැඩට එනවද? අහන්න “

” ආ ඔව් සර් මං එනව “

කොල්ල ඊළගට අහපු දේට කෙල්ලට කට උත්තරත් නැතුව ගියේ….

නැවත හමුවෙමු.👋👋

Like coment දාන්න වස්තුලා