පෙර කොටස
දින සති ගෙවිලා ගියේ මිහේෂ් ගෙදරට එන දවස ළං කරලා………… ඒ හා සමානව තෙනුලිගේ හිත ගැහෙනවා……….. මිහේෂ් තමන්ව කොහොම පිළිගනියිද කියලා………..
එක දවසක්……………
“අක්කේ…………….. පොඩි බේබි ඇවිත්…….”
තෙනූගේ හදවත එකසිය ගානට ගැහෙනවා………..
“මං…….?? මං…….???…….”
“යමු අක්කේ පහළට ලොකු මැඩම් එන්න කිව්වා………..”
තෙනූ භයෙන් භයෙන් තමයි පහළට ගියේ….. මිහේෂ් තමන්ව අත් නොහරියි කියලා හිත කිව්වත් යටි හිතේ දෝංකාර දෙන්නේ තේජ් කිව්ව ටික…….
තෙනුලි හිමින් අඩිය තිය තිය ආවේ ලොකු මැඩම් ඉන්න තැනට……. ඔව් මිහේෂ්…. තමන්ගේ හිත පුරා ඇඳුනු ඒ රූපේ……. තාමත් රෝද පුටුවේ……….. තෙනූ ආවා විතරයි…….. මිහේෂ් බැලුවේ තෙනූ දිහා….. ඒ ඇස් වල තිබ්බේ පුදුමයක්…….
“අම්මා………..”
තෙනූ පළවෙනි වතාවට ඒ හඬ ඇහුවා……. ඒ මූණට ගැලපෙන්නම ඒ හඬ ඇවිත් තිබ්බා………….
“කවුද අම්මා මේ……….??…..”
තෙනූගේ සියොළඟ පණ නැති උනා…….
“ආ………. මේ…………… ඔයාට අසනීප කාලේ සාත්තු කරන්න ගෙනාපු ළමයා…….”
තෙනූට අදහගන්න බෑ ලොකු මැඩම්ගේ ඒ වචන………. තේනූ ඇස් දෙකෙත් කඳුලු පුරවන් ලොකු මැඩම් දිහා බැලුවේ ඒ ඇහුණ දේ ඇත්තක්ද කියලා බලන්න……… ලොකු මැඩම් අසරණ වෙච්ච ඇස් වලින් තෙනූ දිහා බලන් හිටියා……..
“ස්තූතියි…..”
මිහේෂ් හිනා වෙලා තෙනූට කිව්වා……. ඒ හිනාව අව්‍යාජයි…….. ඒ තෙනූ පිළිබඳව ඇති අනුකම්පාවක්………. ඒත් ඒ තරු ඇස්??? තෙනූට හිතුනෙම ඒ ඇස් වල වෙනම කතාවක් ලියවිලා තියෙනවා කියලා…………..
“මට තවදුරටත් සේවිකාවක් ඕනි නැති වෙයි නේද අම්මා??…….”
ඒකට නම් තෙනූ වගේම ලොකු මැඩමුත් ගැස්සුනා……….
“තාම පුතාට ඇවිදින්න බෑනේ…….”
“ඒත් අම්මා මට පුලුවන්……….”
“මිහේෂ්…… මං කිව්වනේ………….”
“ම්ම්ම්ම් හරි හරි ඇවිදින්න පුලුවන් වෙනකම් විතරයි…………”
තෙනූගේ හිත දැන් පැලෙන්න වගේ…… දෙවියනේ ඒ කියන්නෙ තමන් මිහේෂ් ළඟ ඉන්නේ එයාට ඇවිදින්න පුලුවන් වෙනකම් විතරයි………….. ඒ කියන්නෙ ඊට පස්සේ???
තෙනූ අඬාගෙනම දිව්වේ කාමරේට…….. තේජ් කිව්වා වගේ අන්තිමට මට යන එන මං නැති වෙනවා…………
තෙනූ අතට ගත්තේ අර යතුර වගේ පෙන්ඩන්ට් එක………
අනේ…….. අම්මේ………….. තාත්තේ……… ඇයි මාව දාලා ගියේ……… මේ ලෝකේ මට මගේ කියන්න කවුරුත් ඉතුරු වෙන්නේ නැද්ද අම්මේ??……….
තෙනූ අඬනවා…………..
එතකොටයි කාමරේට ලොකු මැඩම් ආවේ…
“අනේ දරුවෝ……. මට සමාවෙන්න මං නිසයි මේ ඔක්කොම…………”
“මැඩම්……….”
“ඔයා දැනට එහා කාමරෙන් ඉන්න දරුවෝ……. දොස්තර කිව්වා…… එයාට ඔක්කොම එක පාර කියන්න එපා කියලා…….. ඒ නිසා අපි චුට්ට චුට්ට කියමු හරිද………… ඔයාව යවන්නේ නෑ…….. බය නැතුව ඉන්න…………….”
ලොකු මැඩම්ගේ චන තෙනූගේ හිතට පුංචි සැනසීමක් දුන්නත් තෙනූට දැන් මිහේෂ්ගෙන් ඈත් වෙලා ඉන්න එක කරන්න අමාරු වැඩක් නෙමේ කරන්න බැරි වැඩක්……………
දින සති ගෙවිලා ගියා…….. තෙනූට තිබ්බේ මිහේෂ්ව හවසට ඇවිද්දවන්න විතරයි………. හැමදාමත් මිහේෂ් කලේ තෙනූට බැන වදින එක……….. මිහේෂ්ට තෙනූව පෙන්නන බෑ…………..
ඔයි කාලේ තේජ් ආයෙත් ඇවිත් මිහේෂ්ලගේ ගෙදර නතර උනා……….. හැම වෙලේම ඒ ඇස් තිබ්බේ තෙනූ දිහාවට…..
මිහේෂ්ට දැන් ටික ටික ඇවිදින්න පුලුවන්…….. දැන් දැන් නම් මිහේෂ්ට තෙනූගේ උදව් ඕනි නෑ වගේ………..
එක පැත්තකින් තෙනූට මේක සතුටක් උනාට තවත් පැත්තකින් තෙනූට මේක දුකක්……… මොකද තමන් මිහේෂ් ගාව රැඳෙන්න තියෙන කාලේ ටිකින් ටික අඩු වෙනවා………….
“අක්කේ……….. පොඩි බේබි office රූම් එකට එන්න කිව්වා………..”
තෙනූ දැන් හිත හදන් ඉන්නේ…….. මිහේෂ් තමන්ට යන්න කිව්වත් හිත හදාගෙන යන්න………. ගිහින් මිහේෂ් නමින් ඉතුරු කාලේ ජිවත් වෙන්න…………
“සර් මට එන්න කිව්වද???………”
“ඔව් ඔතනින් ඉඳගන්නවා……….”
“මෙහෙමයි තෙනුලි මට කාවවත් නලවලා පුරුදු නෑ………. ඒ නිසා මං කෙලින් කියන්නම්………”
“සර්………..”
“තමුන්ගේ සේවය දැන් මට අව්ශ්‍ය නෑ………..”
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
චුට්ටයි😢 කියන්න එපා හොඳේ හොස්පිටල් යන්න උන නිසා ටයිප් කරන්න වෙලා මදි උනා……. සොරි…….. හෙට දිග එකක් දෙන්නම්……….
තෙනූට යන්න කාලේ හරි ළමයි