බැඳීමක් නැති මුදුවක්

17 වන කොටස

පෙර කොටසට

“මට තවත් ත/මු/සෙ/ව/ත්,ත/මු/සෙ/ගේ බෙහෙත් වත් ඕනේ නෑ..මම ගෙදර ගිහින් මේ සේරම අම්මට කියනවා….කරන්න ඕන දේවල් අම්මා බලා ගනී….”

උ/ඹ හිත්පිත් නැති අයුරින් මට එහෙම තර්ජනය කරන්න වුණා ….

“දැන් අපි මේ වෙනම පවුලක්..අපි දෙන්නගේ ප්‍රශ්න අපි දෙන්නා විසදගමු..මොන්ටිසෝරි යන ළමයි වගේ හැමදේම අම්මා තාත්තලාගේ කනේ තියන්න ඕනේ නෑනේ…”

“ඒ උනාට ඉතින් මේවා අම්මලා කතා කරලා දුන්න ඒවා..මේවා ගැන ඒ මිනිස්සු දැනුවත් කරන්න ඕනේ…”..

උ/ඹ මගේ දිහා බලමින් ගස්සමින් එහෙම කිව්වා..

උ/ඹ/ව හදාගන්නනම් බුරුලක් පෙන්වන්නේ නැතිව ටිකක් තදින් ඉන්න ඕනේ කියලා මට හිතුණා …

මම උ/ඹ දිහා රවාගෙන බැලුවා ….

“මේ නෙහාරා ත/මු/සේ දැන් බැඳලා ඉන්නේ..බඳින්න කලින් අම්මලා කියන දේ අහන් හිටියාට බැන්දාට පස්සේ ත/මු/සේ අහන්න ඕනේ හස්බන්ඩ් කියන දේවල් .. “

මම එහෙම කියාපු ගමන් උ/ඹ මගේ දිහා ඇස් ලොකු කරන් බලන් උන්නේ මගෙන් ඇහුණ ඒ අනපේක්ෂිත වදන් නිසා වෙන්නැති කියලා මට හිතුනා …

“අනේ මේ ත/මු/සේ කියන දේ අහන්න තමුසේ මහා වීරයෝනේ…හි//ඟන රස්සාවක් කරන් ලොකු කතා කියන්නේ ..අතේ සල්ලි තියෙනවා නම් තව කමක් නැහැ…”

උ/ඹේ ඒ වදන් වලට මගේ ඇඟේ * රත් වෙන්න ගත්තා

උ/ඹ මාව සතපහකට ගණන් ගන්නේ නැත්තේ,මම කියන දෙයක් පොඩ්ඩක්වත් අහන්නේ නැත්තේ මම සල්ලිකාරයෙක් නොවුන නිසා කියලා මට ඒ වදන් වලින් තහවුරු වුණා …

“මෙච්චර දවස් මම ත/මු/සේ කියන දේ අහන් හිටියා..ත/මු/සේ අද හැදෙයි කියලා .ඒත් ත/මු/සේ මේ කපේට හැදෙන්නේ නැහැ…මම ත/මු/සෙ/ගේ මිනිහා ත/මු?සේ අහන්න ඕනේ මම කියන දේ..”

මම උ/ඹ/ට දබරගිල්ල දිගු කරමින් සැරෙන් එහෙම කිව්වාම උ/ඹ මගේ දිහා දැස් හකුලුවාගෙන බලාගෙන හිටියා..

දබරගිල්ල තව කෙනෙක්ට දිගු කරන් ඉන්නකොට අපේ දිහාට ඉබේම ඉතිරි ඇඟිලි හතර යොමු වෙනවා තමයි……….

උ/ඹ/ටත් මේ දේවල් නිසා විඳවන්න වෙලා තියෙනවා තමයි…

ඒත් මේ එකක්වත් මම ව්හින් හිතා මතා කරපු දේවල් නෙමෙයි …

ඇත්තටම මගේ පුංචි කාලේ ඉදන්ම හීනයක් වෙලා තිබුණේ ගුවන්‍ යානා සම්බන්ධව ගුවන් හමුදාවේ රැකියාවක් කරන්න..මම ගුවන් හමුදාවේ රැකියාවට ගියේත් ඒ නිසා.මම හිතුවේ නිල ඇඳුම ඇඳගත්තු හැම රණවිරුවෙක්ම වීරයෙක් කියලා ….

ඒත් ඒක එහෙම නෑ කියලා මට තේරුණේ මම ගුවන් හමුදාවේ රැකියාවට ගියාට පස්සෙයි…නිකන්ද කියන්නේ ළිඳේ ගැඹුරු දැන ගන්න ළිං පතුලටම බහින්න ඕනේ කියලා ….

රණවිරුවන් අතරත් ති*සන්නු ඉන්නවා..ඒ ති&සන්නු නිසායි මම මානසික රෝගියෙක් වෙලා මාස හයකට වැඩි කාලයක් මානසික රෝහලේ දුක් වින්දේ…

රෝගය සුවපත් වෙලා අවසානේ මට මානසික රෝගියෙක් කියලා ලේබල් එකක් වැදුණේ ඒ ති@සන්නු නිසා…

අද ඒ ති*සන්නු නිසාම මගේ පවුල් ජීවිතේ විනාශ වෙන්න හදනවා..අඩුම තරමේ මාව තේරුම් ගත්ත කරුණාවන්ත බිරිඳක් වත් මට හිමිවුණේ නැහැ .මම මොනතරම් අවාසනාවන්තයෙක්ද කියලා මට පසෙක් වුණා ..

ඇයි මගේ දෛවය මට මේ විදිහට පන්න පන්නා පහර දෙන්නේ කියලා මම කල්පනා කරන්න ගත්තා …

ඒ දේවල් කල්පනා කරලාම මගේ හිස කකියන්න ගත්තා ..කොහොම නමුත් උ/ඹ/ට තවත් හිතුවක්කාර වෙන්න දෙන්න බෑ.
උ/ඹ/ට කොයිතරම් ආදරේ කලත් ටිකක් තදින් ඉන්න ඕනේ කියලා මම හිතාගත්තා ….

“මම මෙහේ ඉන්නේ නැහැ.මම අම්මා ගාවට යනවා…තමුසේ මගේ ජීවිතේ අ/පා/ය/ක් කලා.ත/මු/සේ වගේ කා*කන්නියෙක් බැඳලා මගේ ජීවිතේත් කා&කන්නි වුණා ..”

“උ/ඹ/ලා/ත් ගෑ//නුද ..ගෑයෙක් කියන්නේ මිනි//හා හම්බ කරලා දෙන දේ උයාගෙන කන එ/කි/ය/ක් විතරක් නෙමෙයි …මිනි//හා වැටුණ වෙලාවට නැගිටින්න අත දෙන කෙනාට.කොටින්ම කිවුවොත් ගෑ/නි/යෙ/ක් කියන්නේ මිනිහෙක්ගේ දෙවනි අම්මා ..ඒ වගේ ගෑ/නු මේ සමාජේ තවම ඉන්නවා …ඒ වගේ ගෑ/නි/යෙ/ක් ලබන්න පිරිමියෙක් වාසනාවන්ත වෙන්න ඕනේ…මම ඒ අතින් කාකන්නි තමයි …”

මම එහෙම කිව්වාම උ//ඹ තරහෙන් මගේ දිහා රවාගෙන බැලුවා…

“ඉතින් මාව ඩිවෝස් කරලා හොයාගන්නවා ඔය කියනවා වගේ ගෑ//නියෙක්ව.අපේ අම්මලා ත/මු/සෙ/ට මාව දෙන්න කැමති වුණාට ත/මු/සේ වගේ මානසික රෝගියෙක්ට සමාජ රෝගියෙක්ට කවුද කැමති වෙන්නේ…”

ගිනි ගන්නා මගේ හිතට උ//ඹ පිදුරු දැම්මා….මගේ හදවතේ වේදනාව තවත් වැඩි වුණා..

“මේ සුදු උ//ඹ මම කියන්දේ අහනවාද නැද්ද?..උ//ඹ මීට පස්සේ මගේ වචනයට පිටින් යන්නේ නැහැ..මම මනුස්සයෙක් වගේ ජීවත් උනා ඇති .උ/ඹ මාව ති*සනෙක් කරන්න හදන්නේ…”

මම කවදාවත් නැති විදිහට උ?ඹේ ඇඟට කඩාගෙන පැන්නා..උ/ඹ ඉන්න තත්වේ හැටියට උ/ඹ/ට එහෙම කතා කරන එක හරි නැති උනත් මට උ/ඹ/ව හදාගන්න වෙන විකල්පයක් නෑ..උ/ඹ වෙනස් වෙන්නේ නැත්තම් මට වෙනස් වෙන්න වෙනවා මම එහෙම හිතාගත්තා.

බස් එකට නැගලා ගෙදර යනගමන් මම කල්පනා කලේ දිනෙන් දින ජීවන වියදම් වැඩි වෙද්දි මේ ලැබෙන සුළු වැටුපෙන් කොහොම ජීවත් වෙන්නද කියලා….

දරුවා ආරක්ෂා කරගන්න ඕන නිසා මගෙයි නෙහාරාගෙයි රෝගය සුවපත් කරගන්න පහුගිය මාස දෙකේ ම හම්බ කරපු සබ්බ සකලමනාවම වියදම් වුණා..

එයාර්ෆෝස් එකේ ජොබ් එක නැති වුණාට පස්සේ ගෙයි ලෝන් එක ගෙවා ගන්නම බැරි වුණා…ඒ ජොබ් එක නැති වෙනවා කියලා දැනගෙන හිටිය නම් කවදාවත් ගේ හදන්න ලෝන් එකක් අරගනනේ නෑ ….

බැංකුවෙන් මාසෙකට වතාවක් ලියුම් එවන එවන පාරට අම්මා කලබල වෙලා කතා කරනවා ..

මේ වගේ රස්සාවක් කරලා නම් කවදාවත් ගොඩ යන්න ලැබෙන්නේ නෑ කියලා මට තේරුණා….

නෙහාරගේ ගෙදර උදවියයි නෙහාරයි

මාව අවතක්සේරු කරන්නේ,මාව නොසලකා හරින්නේ මගේ දුප්පත්කම නිසා..

කොහොමත් අද කාලේ මිනිස්සු හැමෝම ගණන් ගන්නේ සල්ලි තියෙන අයව විතරයි…

මගේ පර්ස් එකේ මොනරුන් පිරෙන්නෙ හිටියනම් හොඳ සුඛෝපභෝගී කාර් එකක් මටත් තිබුණා නම් බලාගන්න තිබ්බා කොයි කාගේත් ආදරේ…

කොහොම හරි ඔලුව ටිකක් උස්සගන්න ඕනේ…හැමදාම මෙහෙම ඉන්න බෑ…

දැන් ඉතිං මොනවද කරන්නේ..මම දහ අතේ කල්පනා කරන්න වුණා..ඒ එක්කම මට මතක් වුනේ ඩුබායි වල රැකියාවක් කරන මගේ පාසල් කාලයේ හිටපු හොඳම මිතුරා විරාජ් ව..

විරාජ් මගේ මුහුණු පොත් ගිණුමේ ඉන්න නිසා විරාජ්ට කෙටි පණිවිඩයක් යවලා බලන්න මම කල්පනා කලා..

රැකියාවක් හොයාගෙන ඩුබායි ගිහින් වසර දෙකක් වැඩ කරානම් මේ ණය ප්‍රශ්නෙන් නිදහස් වෙන්න තිබුණා කියලා මට හිතුණා ….

ඒත් එක්කම මට නෙහාරාවයි ලැබෙන්න ඉන්න දරුවායි සිහිපත් වුණා .. ඒ දෙන්නා මෙහේ තනිකරලා මම කොහොමද යන්නේ කියලා මම කල්පනා කරන්න ගත්තා ..

මේ නෙහාරාට මාව ඕනම කරන කාලේ..මේ වගේ කාලයක මට උ/ඹ/ව දාලා යන්න පුලුවන්ද කියලා මම බස් එක ගේ ළඟට ළං වෙනකම්ම කල්පනා කරා…

මම කල්පනාවෙන්ම බස් එකෙන් බැහැලා ගෙදරට ඇවිදගෙන ආවා..ගේ දොරකඩට ගොඩ වෙච්ච ගමන්ම මම දැක්කේ හලාවත ඉන්න ලොකු අම්මාව..

ලොකු අම්මා මාව දැකපු ගමන් කට පුරවලා හිනාවුණා…

“ලොකු අම්මෙ කොයි වෙලාවෙද ආවේ?ලොකු අම්මා විතරද ආවේ…?..”

“නෑ පුතේ..ලොකු තාත්තත් ආවා….දන්නෙ නැද්ද තාත්තා එක්ක හන්දියට ගියා…තව ටිකකින් දෙන්නත් එක්ක හොඳටම සූර් වෙලා එයි…”

“කෝ ලොකු අම්මේ නංගි…”

“අන්න කුස්සියේ අම්මා එක්ක කෑම උයනවා..මමත් කුස්සියට වෙලා හිටියේ එකපාරටම තුනටිය ඇවිලෙන්න ගත්තා..”

“මම වොෂ් එකක් දාගෙන ඇඳුම් මාරු කරගෙන එන්නම් ලොකු අම්මේ …”

“හා හොඳයි පුතේ…අපි ඇවිල්ල පැය ගානක් වුණා …කෝ පුතාගේ නෝනාව තාම දැක්කේ නෑනේ..”

ලොකු අම්මා එහෙම කියද්දීම අම්මා කුස්සියේ ඉඳන් සාලෙට ආවා..

“ගණන් ගන්න එපා අක්කේ…ඒ ළමයා කොයි තිස්සේත් කාමරේට වෙලා ඉන්න එකම තමයි කරන්නේ..අපිත් ඔය කාලේ පහු කරානේ අක්කේ ..මුල් මාස තුනේ ඇඟ පතට හරි තෙහෙට්ටුයිනේ..ඒ දරුවා කන්නෙත් නෑ..ඇගත් හරියට දුර්වල වෙලා..කිලෝ 50 ට තිබ්බ බර හතලිස් ගානක් වෙලා..”.

මම හෙමින් සැරේ කාමරය ළඟට ගියා ..මම යනකොට කාමරේ දොර යතුරු දමා වසා තිබුණා …මම කාමරයේ දොරට තට්ටු කරන්න ගත්තා …උ/ඹ කාමරයේ දොර නෑර නිහඬව හිටියා….

“මම ආවා දොර අරින්න…”

මම එහෙම පවසමින් කිහිප වරක් කාමරේ දොරට තට්ටු කරන්න ගත්තට පස්සේ උ/ඹ කාමරයේ දොර විවර කළා ….

මම කාමරයේ දොර අගුළු දමා වසා කාමරයට ඇතුළු වුණා …

“මොනාද සුදු කාමරේ දොර ලොක් කරගෙන කරන්නේ ….අර ලොකු අම්මලා ඇවිත්…ඒ මිනිස්සු ඔයා එක්ක කතා කරන්න බලාගෙන ඉන්නවා…”

“මේ ගෙදරට එ/ක එ/කා ආපු පලියට මට ගිහින් කතා කර කර ඉන්න බෑ…”

උ/ඹ එහෙම කියද්දී මගේ හිතට ලොකු තරහවක් දැනුනා ..උ/ඹ හැමදාම මගේ නෑදෑයන් වර්ජනය කළේ මෙහෙමයි කියලා මට මතක් උනා..

“ඔච්චර නපුරු වෙන්න එපා..බඩේ ඉන්න දරුවා පොඩි කාලේ ඉඳන්ම අම්මාගේ නපුරුකම් ඉගෙන ගනි..

“අනේ මගේ නපුරුකම් ඉගෙන ගත්තත් කමක් නෑ ත/මු/සෙ/ගෙ ස*ලාලකම් ඉගෙනගන්නේ නැතුව…”

උ/ඹ එහෙම කිව්වම මගේ හිතේ උ/ඹ ගැන තිබ්බ අමනාප ගතිය තවත් වැඩි වුණා….

“නෙහාරා….ත/මු/සේ ඔය ඉන්න තත්ත්වය බලලයි මම මේ ඉවසගෙන ඉන්නේ …ත/මු/සෙ/ගෙ ඔය නපුරු කම නිසයි ත/මු?සේ ඔය ඇට ගැහෙන්නේ….ත/මු/සෙ/ට ඇවිත් තියෙන්නේ ත/මු/සෙ/ගෙ මහා අම්මණ්ඩිගේ ගතිගුණ….මනුස්සයෙක් පෙන්නන්න බෑ..එදා කාලයේ ඉඳන්ම ගෙදරට කවුරු හරි නෑදෑයන් ආවම තමුසේ කරන්නේ කාමර අස්සට වැදිලා අගුලු දාන් ඉන්න එකනේ..හිතාගෙන ඉන්නේ ත/මු/සෙ/ලා එංගලන්තේ මහ රැජනගේ පවුලේ අය කියලාද?..”

මම එහෙම කිව්වම උ/ඹ මගේ දිහා රවලා බැලුවා..උ/ඹේ ඇස් දෙක තරහෙන් ගිනි ගන්නවා…අනේ ඇත්තමයි මට මගෙ දරුවා ගැන දුකත් හිතුණා…ඒ දරුවා කුසේ ඉන්න කාලේ ඉඳලා දකින්නේ ඉගෙන ගන්නේ උ/ඹේ නපුරුකම් …..

“නෙහාරා එනවා යන්න ඒ අයත් එක්ක කතා කරලා එන්න…”

මම උ/ඹ/ට කොච්චර කතා කරත් උ/ඹ මුරණ්ඩු වෙලා මා එක්ක රණ්ඩු කරන්න ගත්තා..

“මට බෑ….බෑ කිව්වොත් බැහැ…ත/මු/සේ ත/මු/සෙ/ගේ ඔය නෑදෑයෝ ගණන් ගත්තට මම නම් ඔය එ/කෙ/ක්/වත් ගණන් ගන්නේ නැහැ..ත/මු/සෙ/ගේ අම්මත් හතරමහ නිධානේ පහළ වෙලා වගේ උ/න්/ට කන්න බොන්න දෙනවා..”

තවත් කාමරයේ උ/ඹ එක්ක හිටියොත් මගේ ඉවසීම නැත්තටම නැති වෙලා යාවී කියලා මට හිතුනා..

මම ඇඳුම් මාරු කරගෙන ටවල් එකයි ඇඟ හෝදලා අඳින ඇඳුමයි අරගෙන ලිඳ ගාවට ගියා….

මම නාලා ඇඳුම් මාරු කරගෙන සාලෙට එනකොට ලොකු අම්මත් නංගිත් කෑම කමින් හිටියා…

“අක්කා ව දැක්කෙත් නෑ අයියේ..”

චූටි නංගි එහෙම කිව්වම මට දුකත් හිතුනා..ඒ අය උ/ඹ/ට මෙච්චර ආදරේ කරද්දි උ/ඹ ඒ අයට මේ සලකන විදිය මහ නපුරුයි කියලා මට හිතුනා …

“එයාට හරි අමාරුයි නංගී…”

“නිවාඩු වෙලාවක ඒ දරුවා එක්ක ඒ පැත්තෙ ඇවිත් යන්න එන්න…මගේ අතින් වේලක් දෙකක් උයලා කන්න දෙන්න ආසයි.පුතේ මම අර කුස්සියේ ගෙනත් තියන අඹ අච්චාරුව ඒ දරුවාට කන්න දෙන්න…තව පොඩි පොඩි කෑම ජාති ටිකක් උයාගෙන ආවා..ඒවත් කන්න දෙන්න..කන්න බෑ කියලා කීවට නොකා ඉන්න නම් දෙන්න එපා….නැත්තම් මේ දරුවයි බඩේ ඉන්න දරුවයි දෙන්නම දුර්වල වෙයි..”

ලොකු අම්මා ගෙදරින් පිට වෙලා ගියේ ඔන්න ඔය විදිහට උ/ඹ/ව බලාගන්න විදිය ගැන මට බොහොමයක් කරුණු කාරණා උගන්නලා…ඒ උනත් උ/ඹ ඒ මිනිස්සු යන මොහොතේ වත් කාමරයෙන් එළියට බැස්සේ නෑ…

මම ලොකු අම්මා උයාගෙන ආපු බත් පාර්සලය පිඟානකට දාගෙන උ/ඹ/ට කන්න දෙන්න කාමරේට ගෙනිච්චා…

මම යද්දි උ/ඹ ඇදේ වැතිරිලා පොතක් බලමින් උන්නා..

“සුදු බත් බෙදාගෙන ආවා කමු…”

“මට කන්න බෑ වගේ..”

“මේ ලොකු අම්මා ඔයාට ම උයාගෙන ආපු බත් එකක්…”

මම උ/ඹ/ට බත් කටකට කවන්න ගත්තා …
උ/ඹ බත් එකෙන් බාගයක් කෑවා…උ/ඹ/ට කවලා ඉවර උනාට පස්සේ ඉතිරි බත් ටික මම කෑවා..

රෑ නිදන්න ඇඳට ගියාම උ/ඹ ඉන්නේ මට ගවු ගානක් ඈතට වෙලා …

මම උ/ඹේ ඇඟේ ගෑවෙනවට වත් උ/ඹ පොඩ්ඩක්වත් කැමති නෑ…

උ/ඹ මගෙන් ඈතට ගියත් මම උ/ඹ/ට ළං වෙලා උ/ඹ/ව මගේ තුරුලට ගත්තා..
උඹ රවාගෙන ගස්සාගෙන මගෙන් මිදිලා ඇඳේ වාඩිවුනා..

“මොකක්ද සුදු වෙලා තියෙන්නේ…ඇයි මම ළඟට ආවා කියලා මොකක්ද වෙන්නේ …ඇයි මම ළඟට එනකොට මගෙන් ඈත් වෙන්නේ…”

හිතට දැනුන දුක ඉවසගන්න බැරුව මම එහෙම ඇහුවා…

“මට තමුසෙව පිලිකුල්….තමුසේ මාව අල්ලන්නවත් එපා….”

උ/ඹ එහෙම කිව්වම මගේ ඇස් ලොකු වුණා…

හමුවෙමු මීළඟ කොටසින්