කාවින්දි ලියනගේ
·
🌻 17 දිගහැරුම 🌻
දින සති ගෙවි ගොස් අහිංසා විශ්වවිද්‍යාලයට ඇතුලත් වී තුන්මාසයක් ගත වුයේ ඈ එහි අධ්‍යාපන කටයුතුවල නිරතකරමින් ය..
සුපුරුදු ලෙස දේශන කටයුතු අවසානයේ ඈ බස්නැවතුම් පල වෙත සිය මිතුරියන් සමග පැමිණෙන්න වුයේ බස් රථයක් අපේක්ෂාවෙනි .
දිනකිහිපයක පටන් ඈ පසුපසින් එන තරුණයා අදත් සුපුරුදු ලෙස ඇය රැදි උන් බස් නැවතුමට මදක් ඇතින් ඔහුගේ මිතුරන් සමග රැදි සිටින්න වුයේ .වරින් වර ඇයට යම් යම් දේ පවසමිනි ..
” හසි මේකනම් හරියන වැඩක් නෙවෙයි ..උබ එක්ක මුට බැනහන් නැත්නම් අපිටත් මුට බනින්න දියන්..උබ ඔහොම අහිංසකි වගේ සද්ද නැතුව හිටියොත් උබට ඉස්සරහට ප්‍රශ්නයක් වෙයි…” ඇගේ හොදම මිතුරිය වු තුරි ඇයට පවසන්න වුයේ සැබැවින්ම ඈ පිලිබද බියෙනි..
” එයා කවුද කියලා නොදැනද තුරි ඔයා ඔහොම කියන්නේ . එයාත් අපි වගෙ සාමාන්‍යය ලමයෙක් නම් මන් දෙපාරක් හිතන්නේ නෑ..කනට එකක් ගහලා කියලා දීලා.එත් එයා අපිට හැප්පෙන්න පුලුවන් කෙනෙක් නෙවෙයි …..” ඇගේ පසුපසින් මේ ලෙස පැමින්නෙන්න වුයේ විශ්වවිද්‍යාලය ශිෂ්‍යය සංගමයේ සභාපතිවරයා මේන්ම වත් අග්‍රාමාත්‍ය ලංකාධීරගේ පුත්‍රයායි…
” එහෙම කියලා උබ සද්ද නැතුව හිටියොත් මේක දුර දිග යයි .උබ කරන දෙයක් ඉක්මන්ට කරහන් මැණික .උබේ හොදටමනේ අපි කියන්නේ .ම්ම්..”
” බලමු තුරි මන් තාම අයියා එක්කවත් මේක කිව්වේ නෑ.එයා මේ ටිකේම ගෙදර එද්දි රෑ දහය දොළහ වෙනවා.එයා මහන්සි වෙලා එද්දි මේ දේවල් කියලා එයාව තවත් වද දෙන්න බෑනේ..එකයි මන් නොකියා හිටියේ ..බලමු පුලුවන් උනොත් අදවත් මන් කියන්නම්…”
” දැන් ඉතිං සෝශල් එක තියලානේ තියෙන්නේ එ නිසා උඹ බැදලා කියලා කියමු.එතකොට මේ ප්‍රශ්න ඔකෝම ඉවරයිනේ හාසි “
” බල්මුකෝ තුරි අපි තව ටික දවසක්…”ඈ වැඩි දුර කිසිවක් නොපවසා නිහඬ වුයේ .බස් රථය පැමිණි නිසාවෙනි ……
” අම්මෝ දෝණී අද නම් පුදුම මහන්සි…හුග දවසකින් නේද මන් මේ කලින් ආවේ…”බොහො දිනකට පසු සවස හයේ හොරාව පසු වද්දී ඔහුගේ මෝටර් රිය නිවසේ පෝටිකෝව යටින් නවතවාත් සමගම ඈ සුපුරුදු ලෙස දිව විත් ඔහුගේ බෑගය ඔහුගේ දෑතින් ගනිද්දි ඔහු පවසන්න වුයේ .එක් අතකින් ඈ තුරුලට ගෙන නිදහස් අතින් කමිසයේ බොත්තම් බුරුල්කරන අතරවාරයේ ය…
” වොශ් එකක් දන් එනකෝ අයියේ මන් තේකක් අරන්ම උඩට එන්නම්” ඔහුට තුරුල් වී ඔහුගේ බෑගත් තුරුල් කරගනිමින් ඈ ඔහුත් සමගම නිවසට ඇතුල් වු පසු ඈ එලෙස පවසමින් ඔහුගේන් මෑත් විය…
” මේ..ම..මහත්තයා ……..”
සිය උකුල මත හිස තබාගෙන උන් ඔහුගේ කෙහෙරැලි අතරින් දැගිලි යවමින් පිරිමදිමින අතර තුර ඈ ඔහුට කතා කරන්නට වුයේ ..මේ එය පැවසීමට හොදම වේලවයැයි සිතමිනි..
” ම්…කියන්න දෝණී ……….”
” මේ..මේ……ම..ම..මට ඔයාට කියන්න දෙයක් තියනවා…..”
” කියන්න දෝණී .මට මේ වැඩ අස්සේ ඔයාගේ වැඩ ගැන වැඩිය හොයන්නත් බැරි උනා..අයිම් රියලි සොරි දෝණී ..” ඔහුට තමා පිලිබද දැනුනේ විසල් පශ්චාත්තයකි.සිය අධික කාර්යබහුලත්වය නිසා ඈ තමාට මග හැරිගොස් නොවේද……
” අනේ එහෙම කියන්න එපා අයියේ ..ඔයා මන් වෙනුවෙන් කොච්චර දේවල් කරනවද..මේ දවස් ටිකේ බැරි උනාට ඔයා අනිත් හැමදවසකම මන් ගැන හොයනවානේ.. අනික ඔහොම කියන්න එපා මට දුක හිතෙනවානේ…..”
” ඔය ඉතිං ඩිංග බැරි වෙන්න බෑ..කදුලු පෙරනවා..ඔහොම බෑ..දැන් ඔයා ලොකුයි එ නිසා ඔයා ඔයිට වඩා ශක්තිමත් වෙන්න ඕනි ඕනිම දෙයක් දරාගන්න පුලුවන් වෙන්න ඕනි.ම්ම්…….තේරුනාද…”
ඇගේ උකුලෙන් හිස මෑත් කර ඈ සිය තුරුලට ගනිමින් ඔහු පවසන්න වුයේ ..ඈ නිහඬව එයට සවන් යොමද්දී ය…..
” ම්..දැන් කියන්නකෝ ..මොක්කද දැන් කියන්න හැදුවේ කියලා..”
” මේකයි ..මේ..හැබැයි මේක අහලා කේන්තිගන්න කලබල වෙන්න එපා හොදද.මන් ඔයාට කලින් කියන්න හිටියේ .එත් ඔයා එන්න රෑ වෙන නිසා මන් කරදර කරෙ නෑ ….”
” දෝණී ……..”
” ඔය ඉතිං ඔයා කියන්න කලින්ම කලබල වෙනවනේ අයියේ …..”
” මාව බය නොකර කියන්න දරුවෝ .ඔයා ගැන කලබල නොවී මන් කාගැනද හිතන්නද..”
” මේ..මේකයි .මේ කැම්පස් එකේ අයියා කෙනෙක් මගේ පස්සෙන් එනවා..”
” මොකක් කවුද ඌ ..ආ..මන් හෙට ඔයා එක්ක එනවා එතකොට එ හාල්පාරුවා මොකද කියලා පෙන්නන්න මන් ඌට කියලා දෙන්නම්කෝ…..”
” ඔය ඉතිං අයියේ ඔයා මන් කියන්නත් කලින් කලබල වෙනවනේ……”
” හරි හරි කියන්නකෝ….මන් ඌ ගැන බලාගන්නම්කෝ……”
” ම..මන් එයාට කිව්වා .මට වදයක් වෙන්න එපා මන් කැමති නෑ කියලා..එ..එත් එයා මන්කියන එක අහන්නේ නෑ .මන් යන යන තැන පස්සේන් එනවා පුදුම කරදරයක් තියෙන්නේ . මේ ඔයා එයා එක්ක රණ්ඩුවට යන්න එපා අයියේ එයා එහෙම ලේසි පහසු කෙනෙක් නෙවෙයි ..ඔයාට පුලුවන් නම් හෙට මන් එක්ක කැම්පස් එක ගාවට එන්න එතකොට එයා තේරුම් ගනිනේ.මට කෙනෙක් ඉන්නවා කියලා එහෙම නැත්නම් අපි.මට ෆස්ට් ඉයර් එක ඉවර වෙන්න කලින් මන් මැරිකරලා කියලා කියලා දාමු……”
” ඇයි ඌ ජනාධිපතිගේ පුතාද..මන් ඌට බය වෙන්න..මේක හරි වැඩක්නේ..ඌ මගේ ගෑනිට අනන්මන් කියද්දි මන් සද්ද නැතුව ඉන්න “
” ජනාධිපතිගේ නම් නෙවෙයි ..හැබැයි ප්රයිමිනිස්ටර්ගේ පුතා…..”
” මොකක් …….”ඔහුට දැනුනේ සිය හිසට පොල්ලකින් දමා ගැසු හැගීමකි. මේය නම් ලේසි පහසු දෙයක් නොවන බව හැගිගියද..ඔහු සිය හැගිම් සගාවාගෙන ඇයට සවන් යොමු කරන්නට විය..
” ඔව් අයියේ එකයි මෙතන තියන පස්නේ..වෙන හාල්පාරුවෙක් උනානම් මන් උට දෙන්නේ උඩින් යන්න……”
” හී….හී…..හී..”
” අනේ ඔයා මොකො ඔය හිනා වෙන්නේ.මන් ඇත්තනේ කිව්වේ …”
” අනේ මේ දෝණී කරන්න පුලුවන් දෙයක් කියහන්..දොඩං ගෙඩි දෙකක් තරන් උස නැ..එ උනාට කතාව ගමකට ගහන්න…හරි එවායින් වැඩක් නෑ..දැන් ඔයා ඔය කිව්වේ ඇත්තමද..ම් .ඌ ප්රයිමිනිස්ටර්ගේ පුතාද..”
” ම්. ඔව් අයියේ එයා තාමා සංගමේ සභාපතිත් එයා ……”
” හරි ඔයා එ ගැන හිතන්න එපා. මන් ඌ එක්ක පොඩ්ඩක් හොදින් කතා කරලා බලමුකෝ ඉසේල්ලා.”
” හරි එන්න රෑ වෙලා දැන් හොදම නිදා ගමු..”
ඈ ඔහුගේ ලයට ගුලි වී සුව නින්දකට වැටුනද.ඔහුගෙන් නින්ද බොහො දුර ගොසින් ය . ඈ අවදි නොවන ලෙස ප්‍රවේශමට ඈ යහනෙහි තබා ඔහු කාමරයේන් ඉවතට පා තබන්නට විය..
මතුසම්බන්ධයි