·
😍නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍

චන්ඩිරැජින🌹🌹

දොළොස් වන චන්ඩිකම 🙅🙅

යාන්තමට ඇස් දෙක පිය වෙනවත් එක්කම දොරට තට්ටු කරනව.නංගි වෙන්න ඇති.

” එන්න දෝනි “

” අයිය අම්ම කිව්ව් ඔයාගෙ හිස කකියනව කියල.මේ පැනඩෝල් දෙක බීල ඉන්නකො “

දෝනි වතුර වීදුරුවක් එක්ක පැනඩෝල් දෙකක් අතට දීල සපත්තු දෙක ගලවනව.කියන්න තරම් ඔලුවෙ කැක්කුමක් නැතත් ඔළුවෙ බර ගතියටමත් එක්ක පැනඩෝල් දෙක බීල වතුර එක ආයෙ දෝනි අතට දීල කොට්ටෙත් ඔළුව තියා ගත්තෙ ටිකක් නිදා ගන්න කියල.

” අයිය චේන්ජ් එකක් දාලම නිදා ගන්නකො “

දෝනි ආයෙමත් එහෙම කියල වීදුරුවත් අරන් එළියට ගියේ දොරත් වහ ගෙනම.නිදා ගන්න හිතුවට නින්ද අහලකවත් නෑ.මොකක්දෝ වරදකාරී

හැඟීමක් මුළු හිත පුරාම දුවනව.කවදාවත් නැති තරමට මුළු හිතම නොසන්සුන් වෙලා.එක එක ජාති හිතට එනවා.දන්නෙම නැතුව නින්ද

ගිහින්.ෆෝන් එක රින්ග් වෙන හඩට ඇහැරුණේ.

මේසෙ උඩ තියෙන ෆෝන් එක අතට අරන් ස්පීකර් ඔන් කලේ කෝල් එක කාගෙන්ද කියල බලන ගමන්ම.චරිත්ගෙන් කෝල් එක.

” කොහෙද? බල්ලො ඉන්නෙ.😡 මං factory එකටත් ආව.”

” ගෙදර ඉන්නෙ බං “

” විනෝද් උඹ මොකක් හරි අවුලකින්ද ? “

හංගන්න දෙයක් නෑ.පොඩි වෙනසක් වුනත් චරිත්ට තේරෙනව.චූටි කාලෙ ඉදන්ම හැම දෙයක්ම දන්න යාලුව ඌ.

” අඩෝ මොකද ? බං උඹ ලයින් එකේ ඉන්නවද? “

“ආ..ඔව් ඔව් බං.”

” හරි හරි හිටපං තව විනාඩි දහයෙන් මං උබලගෙ ගෙදර “

” හරි මචං බුදු සරණයි.”

ෆෝන් එක මේසෙ උඩින් තියල තුවායත් අතට අරන් බාත් රූම් එකට ගියේ ඇගේ තෙහෙට්ටුවටත් එක්ක ටිකක් නා ගන්න කියල.කොච්චර වෙලා ශවර් එක යට හිටියද කියල මතක නෑ.චරිත් ඇවිල්ල දොරට තට්ටු කරනකොටයි කල්පනාවෙන් මිදුණෙ.හනිකට ඇග පිහ දා ගෙන තුවාය ඉණට කරල ඇද ගෙන එළියට යන කොටත් චරිත් ඇද උඩ ඉද ගෙන කේන්තියෙන් බලන් ඉන්නව.

” කීයටද? බල්ලො උඹ නාන්න ගියේ.මෙච්චර වෙලා දිය වුණාද ? ” 😡

” වෙලාව යනව දැනුණෙ නෑ බං”

” තෝ මොණ ලෝකෙද ? යකෝ හිටියෙ මෙච්චර වෙලා.ඇන්ටිත් ඇවිත් බලල ගියේ.” 😡

” හරි හරි උඹ මොකටද? ආවෙ දැන් “

” යකෝ,උඹට දැන් මං එන එකත් වදයක් වගේද ? හිටපං.එහෙනම් මං යන්ඩ “

චරිත් එහෙම කියන ගමන් දොර දිහාවට ගියේ.

” ඒ නිකං කිව්වෙ බං.පිස්සු නැතුව ඉදහන් “

” හරි හරි ඔහොම්මම shart එකක් දා ගනින්.ගමනක් යන්න තියෙයි.”

” කොහෙද ? බං ” 🤨

” පණ්ඩිත කතා නොකිය කිව්වම shart එකක් දා ගනින්කො. යන ගමන් කියන්නම්.”

එහෙම්මම යෙලෝ කලර් shart එකකට බ්ලූ කලර් ඩෙනිම් එක ඇදල කොණ්ඩෙත් ජෙල් කරල ෆෝන් එකයි කාර් එකේ කී එකයි අරන් පහළට ගියේ.චරිය අම්ම හදල දීපු ඔරේන් ජූසෙක තොල ගාන ගමන් අම්මත් එක්ක බර කයියක.

” ආ පුතා ඕකද?ඇද ගෙන යන්නෙ 😯 birth day party එකක් කිව්ව නේද? “

” ආ ඕක ගානක් නෑ ආන්ටි.මාත් මෙර් එච්චර හොදට ඇදල නෑනෙ ” 😁

මං උත්තරයක් දෙන්න කලින්ම චරිය එහෙම් කියල අම්මටත් යන්නම් කියල මගෙ අතිනුත් ඇද ගෙන එළියට ආවෙ.පරිස්සමින් ගිහින් එන්නළු අම්ම කෑ ගහල කියනව ඇහෙනව.

” කොහෙද? බං යන්නෙ.මොකක්ද? ඔච්චර හදිස්සිය “

” උඹේ කඅර් එකේ යමන්.කෝ දීපං යතුර “

අහපු දේටවත් උත්තර නොදි ඌ යතුරත් අරන් ඩ්‍රයිවින් ශීට් එකට එකට නැග්ගේ.මාත් සද්දයක් නැතුව නැගල ශීට් බෙල්ට එක දා ගත්තා.

” කොහෙද? බං යන්නෙ කියපංකො දැන්වත්”

ටිකක් දුර ඇවිල්ලත් ඌ සද්දයක් නැති නිසා මං එහෙම ඇහුවේ.

” දිනුකයගෙ නංගිගෙ birth day party එකට.ඌ කෝල් කරල කිව්වෙ උඹත් එක්ක එන්න කියල අනිත් උන් දැම්මම ගිහින් ඇති.කොහෙද? උඹ පැය ගානක් බාත් රූම් එකේ දිය වුණානෙ.😡නියගෙකට අහු වෙලා ඉදල වගේ”

” හ්ම්ම් දැන් ගිෆ්ට් එකක්වත් ගන්නෙ නැතුවද? යන්නෙ”

” යන ගමන් ටව්න් එකෙන් අරන් යමු.”

ඌ එහෙම කියල ටික දුරක් ගිහින් කාර් එක නැවැත්තුවෙ ටව්න් එකේ lover එකක් ගාව.මං කා එකේ දොරත් ඇර ගෙන බැස්සෙ ෆෝන් එකත් අතට ගන්න ගමන්.ඒත් එක්අ හිටි තැනම ගල් ගැහිල ඇස් දෙකත් බලන් හිටියෙ මොකුත් හිතා ගන්න බැරිව.

ඔව් මේ එයාම තමයි.හිත ඉල්ලන රූපෙමයි.ඔව් ඒ ඇස් දෙකම තමයි.මූණට යාන්තමට හිනාවක් ආවෙ මුළු පපුවම සතුටෙන් කෑ ගහම කොට.🤩😍

” උඹ එන්නෙ නැද්ද? වරෙන් යකෝ ” 😡

චරිත් lover එකේ දොර ගාව ඉදන් කෑ ගහනව.ඒත් ඒ කිසිම දෙයක් නෑහුණු ගානට දුවල ගිහින් ඒ අතින් අල්ල ගත්තේ.ආයෙත් මග ඇරෙයි කියන බයටමයි.

” වි නෝ ද් සර් ” 😳

බය වෙලා බලන් ඉන්න ඒ හීනි ඇස් දිහා මොහොතක් බලන් හිටියෙ.මුළු ලෝකෙම අමතක වෙලා යන තරමට ඒ ඇස් අස්සෙ අමුතුම වශියක් තියෙන්නෙ.

” මොණවද? යකෝ කරන්නෙ මේ කෙල්ලන්ගෙ අත් අල්ල ගෙන.😡 sorry නංගි මේකගෙ පිස්සු වැඩ ගනන් ගන්න එපා”

චරිත් ඇවිල්ල අල්ලන් හිටපු අත ගසා දාන කොටයි ආයෙමත් පියවි සිහියට ආවෙ.

” අ මේ මේ ර ශී මොකද? අද වැඩට ආවෙ නැත්තෙ “

අමාරුවෙන් කෙල පොදක් ගිලල වචන ටික ගැට ගහ ගත්තෙ.කෙල්ල තාමත් බය වෙලා බලන් ඉන්නව.

” සර් මං මේ මට ඔලුව කැක්කුමක් හැදිල.හෙට එනව සර්.”

” හ්ම්ම් හෙට ටිකක් උදෙන්ම එන්න එහෙනම් “

” හා සර් “

” රශී අපිට පරක්කු වෙනව නේද? යමුද ? ” 😁

” ආ ඔව් නිශා යමු.අපි යන්නම් සර් “

එහෙම කියල වෙේගෙන් වේගෙන් ඈතට යන කෙල්ල දිහා බලන් හිටියෙ නොපෙනී යනකම්ම.

” උඹ දැන්වත් ඔය භාවනාව නවත්තල එනවද?
චරිත්ගෙ හඩට හනිකට loverඑකට ගිහින් ඕන කරන ගිෆ්ට් එකත් අරන් party එකට ගිහින් ගෙදර එනකොට රෑ 11ත් පහු වෙලා.එහෙම්මම වොශ් එකක් දාල නිද ගත්තෙ පහුවදා වැඩට යන්නත් තියෙන නිසා.

💓💓💓

” නිශා හරි නේද? බං.යමු පරක්කු වෙනව.”

” හරි හරි යමු”

ඉක්මනට බස් එකට නැගල ඔෆිස් එක ගාවින් බැහැ ගත්තෙ පරක්කු වෙලා ඇති කියල හිතම ගමන්.රශී යනකොටත් විනෝද් ඇවිත් වාෆි වෙලා බලන් ඉන්නව.

” Good morning sir “

” Good morning රශී “

එහෙම කියල ඇවිත් පුටුවෙන් ඉද ගන්නවත් එක්කම messege එකක්.ෆෝන් එක අරන් බැලුවෙ කව්ද? කියල.😯 ඒ ඇවිත් තිබුණු messege එක දැකපු ගමන් කෙල්ල ගැස්සිල ගියේ මොකුත් හිතා ගන්න බැරුව…..

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
නැවත හමුවෙමු.👋👋