🌟තරු ඇස්🌟

  1. කොටස

හෝරා දෙක්කට ආසන්න කාලයක් තෙනූ උන්නේ නොසන්සුන්ව……………

ඊට පස්සේ තෙනූ දැක්කේ මිහේෂ්ගේ කාමරෙන් එළියට එන ඩොක්ටර්ව……….

“ඩොක්ටර් මගේ හස්බන්ඩ් ………….”

“මිස් තෙනුලි………… මේකයි……………

“ඩොක්ටර්……………”

තෙනුලි ඩොක්ටර් ගාවට ළං උනේ ගැහෙන හදවතින්………….

” ඇත්තටම මේක කොහොම කියන්නද කියලා තේරෙන්නේ නෑ…………. මේක නම් ආශ්චර්යයක්…………”

“ඒ………….. ඒ කිව්වේ ඩොක්ටර් ??………..”

“මෙහෙමයි තෙනුලි………….. මිහේෂ් වැටුනු පාරින්……… එයාගේ හිස තද බල ලෙස පඩිපෙලේ වැදිලා තියෙනවා…………. ඒකෙන් බ්ලීඩ් උනාට……….. එයාගේ මතකේ ආයෙත් ටික ටික එනවා………. තව සති දෙකක් වගේ ප්‍රතිකාර ලැබුවොත්…….. එයාට සම්පූර්ණ මතකයම ආයේ එයි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා…..”

“ඒ ………. කියන්නෙ මගේ පුතා ආයේ සනීප වෙනවා………..”

” ඔව් අම්මේ……….”

“එතකොට ඇවිදින්න??……..”

“ඒක නම් කරන්න පුලුවන් තෙනුලිටම තමා……….. හැමදාම එයාව ටික ටික ඇවිද්දවන්න උත්සහ කරන්න……….”

“කරන්නම්…………. මීහු සනීප වෙනවා නම් ඕනි දෙයක් කරන්නම්……………”

” හරි තෙනුලි මං ඔයාට ඕනි කරන උපදෙස් ටික දෙන්නම්……….. “

එදා තෙනුලියි අනිත් කට්ටියයි ගෙදර ගියේ හිතේ සන්තෝසෙන්…………

තෙනූ හිතුවා මිහේෂ් එන්න කලින් ඒ කාමරේ අස් කරන්න…….. ඒ නිසා තෙනූ ලෑස්ති උනේ ඒ කාමරේ අස් කරන්න……. හිමීට සින්දුවකුත් මුමුණ මුමුණ තමයි……. තෙනූ මේ වැඩේ කරන්නේ……. ඒ තරම් හිත සතුටින් පිරිලා………………

සිහිනේ………….. මා සඟවාලන්න……….

අඳුරේ………… මා සඟවාලන්න…………

ඔබගේ නුවන් මා සනසනදා…….. සිනාවී…..

සීමා කඩා බිඳ දා ………….

ඔබේ ආලේ සොයා එනවා……….

තනිවී දෙනෙත් මා බොඳ වෙනවා………

ඔයා නැති යාමේ………….

ආලේ කියා දෙනවා………..

තුරුලේ නිදන් සැමඳා……….

දිවියේ පුරා මා නම රැඳුනා………

කියූ ගී……….. ප්‍රියාවී………….

දැවෙනා හදේ නිවෙනා සුසුම් වැයුනා…….

සැඟවී තිබූ සිනහා ඔබේ…. දැකලා………

පිසදා කඳුලැල් සෙනෙහෙන්………

සිප ගන්නම් ආදරයෙන්………..

සසරේ හුරුවට හැඟුමන් මුසු වූ නිසා…….

සීමා කඩා බිඳ දා ………….

ඔබේ ආලේ සොයා එනවා……….

තනිවී දෙනෙත් මා බොඳ වෙනවා………

ඔයා නැති යාමේ………….

ආලේ කියා දෙනවා………..

තුරුලේ නිදන් සැමඳා……….

දිවියේ පුරා මා නම රැඳුනා………

කියූ ගී………… ප්‍රියාවී………

නොසිතූ දිනේ…. නොසිතූ ලෙසින් බැඳුනා..

පැතු ආදරේ අප හිත් පුරා…. පිරුණා……..

පිසදා කඳුලැල් සෙනෙහෙන්………

සිප ගන්නම් ආදරයෙන්………..

සසරේ හුරුවට හැඟුමන් මුසු වූ නිසා…….

සීමා කඩා බිඳ දා ………….

ඔබේ ආලේ සොයා එනවා……….

තනිවී දෙනෙත් මා බොඳ වෙනවා………

ඔයා නැති යාමේ………….

ආලේ කියා දෙනවා………..

තුරුලේ නිදන් සැමඳා……….

දිවියේ පුරා මා නම රැඳුනා………

කියූ ගී……….. ප්‍රියාවී………….

(සීමා- නිසල කාවින්ද)

තෙනූ උරුවම් බබා තාලෙට කිය කිය උන්නු සින්දුව එකපාර නැවැත්තුවේ පිටිපස්සේන් ඇහුණ සද්දයක් නිසා…………. තෙනු ගැස්සිලා පිටිපස්ස බලද්දි දැක්කේ……. තමන් දිහා සමච්ච්ලේට වගේ හිනා වෙවී බලන් ඉන්න තේජ්ව……………

“ඔ………..ඔයා…………… “

“තමුසේ මාර සතුටකින් නේද ඉන්නේ???”

“මං කියලා තියෙනවා තේජ්………. මිහේෂ් නැති වෙලාවට මේ කාමරේට එන්න එපා කියලා……………”

“තමුසේ කොහොමද මට එහෙම කියන්නේ??………..”

“කියන්නෙද…..??? මොකද මං තේජ්ගේ වයිෆ්…….. මට ඒකට අයිතියක් තියෙනවා…….”

“පුහ්……….. නල්ලමලෙ වයිෆ්………. “

තේජ් හයියෙන් හිනාවෙන්න ගත්තා…………

තෙනූ ඇසුත් ලොකු කරන් බලන් උන්නේ මේකට හේතුව…………….

“අයිතිය??……….හහ්…………. බලාගෙන ඉන්නවකෝ අයිතිය දෙයි…………. පයින් දෙකක් දීලා………….. එළියට විසක් කරලා……….”

“තේජ්??…………”

“තමුසේ ඔච්චර සතුටෙන් උඩ පැන්නට හොඳට හිතනවා………. මිහේෂ් ආවම තමුසෙට මොනාද වෙන්නේ කියලා……..”

“මො……මොනාද???…………”

“හිතනවා තෙනු…………… මිහේෂ්ට මතකෙ ඇවිල්ලා…………….. ඒ කියන්නෙ මිහේෂ් ඉන්නේ……… ලියවිගේ මතකෙන්……….. මිහේෂ් ආදරේ කලේ ලියෙවිට…………. තමුසෙව මතක් නැතිවෙයි…………. එතකොට තමුසෙට සිද්ද වෙනවා…….. ආයේ මේ හැම දෙයක්ම අකුලන් මඩමට යන්න……………………..”

දෙවියනේ තේ…..ජ්………..තේජ් කියන එකෙත් ඇත්තක් තියෙනවා නේද??……. මිහේෂ් ලියෙවිට ගොඩක් ආදරේ කලා…….. එයාට ඔහොම උනෙත් ලියෙවි ගැන හිතලා……… ඉතිම් එයාට මගෙන් වැඩක් තියෙයිද??…………….. අනේහ්………… මට ආපහු යන්න වෙයිද??…………. බෑ……… බෑ………… මට යන්න බෑ………….. මං වැඩකාරියෙක් වෙලා හරි මීහු ගාව ඉන්නවා…………… මට මීහු නැතුව බෑ……..

“මොනාද තමුසෙ හිතන්නේ…………. දැන්වත් ඔය මැටි මොලේට තේරුනා නේද් මොනාද වෙන්න යන්නේ කියලා………. ආන් එදාට තමුසෙට මාව හොයන් එන්න වෙයි………”.

එහෙම කියලා තේජ් අල්ල ගත්තේ……… තෙනුලිගේ අත………..

“අත අරිනවා මිනිහෝ…….. මං ඔහේ ඔහොම කෙනෙක් බව දන්නවා නම්……. සෙනුලිට නෙමේ කිසිම ගෑණියෙක්ට තමුසෙගේ හුළඟක්වත් වදින්න දෙන්නේ නෑ……………..”

“මොකක්ද ඒ කිව්වේ???……….. සෙනුලි??”

“ඕ……….ව්……..”

“තමුසෙ ඔය කියන්නෙ සෙනුලි මට??”

“ඔව් සෙනුලි ඔයාට ආදරේ කරනවා……..”

“අහ් ඒකද තමුන් මට අකමැති උනේ…….??…… ආ…….. මං හිතුවේ දේපල වලට කියලා 😒😒 සෙනුලි මං………….”

එහෙම කියපු තේජ් එතනින් යන්න ගියා…….

දින සති ගෙවිලා ගියේ මිහේෂ් ගෙදරට එන දවස ළං කරලා………… ඒ හා සමානව තෙනුලිගේ හිත ගැහෙනවා……….. මිහේෂ් තමන්ව කොහොම පිළිගනියිද කියලා………..

එක දවසක්……………

“අක්කේ…………….. පොඩි බේබි ඇවිත්…….”

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
කෝ කෝ මට තර්ජනය කරපු අය පෝලිමට එන්න වෙඩි තියන් යන්න…………

මිහූ……… තෙනූව කොහොම පිළි ගනියිද ළමයි??…… සෙනුලිට මොනා වෙයිද?? තේජ් කැමති වෙයිද ??