රූ ගෙත්තම් by Ruwini
💔බැඳීමක් නැති මුදුවක් 💔
16 වන කොටස
“සුදු ….මට කියන්න දෙයක් තියෙනවා…මම ඔයාට ඒ දේවල් කියන්නම්…හැබැයි ඔයා කලබල වෙන්නේ නෑ කියලා මට පොරොන්දු වෙන්න..”
.
මම එහෙම ඇහුවත් උ/ඹෙ/න් මට කිසිම පිළිතුරක් ලැබුනේ නෑ..මම මේ වගේ දෙයක් කියලාත් උ/ඹෙ/න් පිළිතුරක් ලැබුනේ නැත්තේ ඇයි කියලා මට පුදුම හිතුණා ..
එහා පසට හැරිලා ඉන්න උ/ඹ/ට නින්ද ගිහින් වත්ද කියලා මට හිතුනා .මම උ/ඹේ මුහුණට එබිලා බැලුවා.මෙතක් වෙලා මට බැන වදිමින් හුන් උ/ඹ/ට ඒ ටිකට නින්ද ගිහිල්ලා …
උ/ඹ සුවෙන් නිදි…
ගර්භනී අවධියේ ඉන්නා උ//ඹ/ට දැන් වැඩිපුර තෙහෙට්ටුව දැනෙනවා ඇති කියලා මට හිතුනා.හෙට උ/ඹ/ව ප්‍රතිකාර වලට අරගෙන යන්න මම කල්පනා කරා….
දෑස් පියාගෙන ඇදේ ඇලවිලා උන්නත් මට පොඩි නිදිමතක්වත් දැනුණේ නැහැ.. මගේ ජීවිතය මොන දිශාන්තියකට හැරේවිදැයි කියලා මම කල්පනා කරා..
💔💔💔💔💔💔
අලුත් දවසකට අලුත් ඉරක් පායලා..
ඉරවල් කීයක් පෑයුවත් බැස්සත් මගේ ජීවිතයේ කළුවර මකන්න ඒ එක
ඉරකටවත් හැකිවේදැයි කියලා මට හිතුණා ….
මම උදේ අවදි වෙද්දි,උ/ඹ මගේ ලඟ හිටියේ නැහැ..උ/ඹ මාව දාලා ගියාවත්ද කියලා මගේ හිතේ පුංචි සැකයක් ඇතිවුනා.මගේ පපුව වේගයෙන් ගැහෙන්න ගත්තා…
කාමරේ දොර රෙද්ද ඇරගෙන තේ ඒකත් අරගෙන උ/ඹ කාමරේට එන හැටි දැකලා මගේ හිතේ තිබ්බ බය සැක නිකන්ම තුනීවෙලා ගියා…
උ/ඹ ඕනෑවට එපාවට වගේ මගේ අතේ තේ එක තිබ්බා.
“ඔයා බිව්වද සුදු..”
“බිව්වා….”
මම කාමරේ මේසේ උඩ තිබ්බ වතුර බෝතලය අරගෙන කට හෝදගෙන උ/ඹ දුන්නු තේ එක හෙමිහිට බොන්න ගත්තා..
තේ එක බොමින් මම කල්පනා කලේ උ/ඹ/ට මේ දේවල් කියන්නේ කොහොමද කියලා.මේ දේවල් කියලා උ/ඹ/ට මාව තවත් රුස්සන්නේ නැති වෙයි කියලා මට හිතුනා…
“දිලංක..මට ඇත්ත කියන්න…මම අද විඳවන්නේ ඔයා නිසා..ඔය මූණ දැක්කම මට කියන්න පුළුවන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා…මට මේ දැන්ම ඒ සේරම දැනගන්න ඕනේ …”
උ/ඹ එහෙම කියපු ගමන් මම උ//ඹ දිහා ගැස්සිලා වගේ බලන් හිටියා.
මට ඕනේ නම් පුළුවන් මේ සේරම උ/ඹේ කරපිට දාලා මගේ අත පිහිදගෙන ඉන්න …
ඒත් නිර්දෝෂී කාන්තාවක්ගේ පිටින් වැරැද්ද පටවන එක මගේ පිරිමි කමට මදිකමක් කියලා මට හිතුනා…මේ සේරම දේවල් කියලා මගේ හිත නිදහස් කරගන්න මම තීරණය කළා…
“සුදු..ඇවිත් මගේ ලඟින් වාඩි වෙන්න..”
මම එහෙම කතා කරාම උ/ඹ මට පුප්පමින් ඇඳේ එහාපසින් වාඩිවුණා.
මම කාටවත් මෙතක් දවස් නොකීව ඒ කතාව උ/ඹ/ට කියන්න මුලපුරන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ගත්තා …
“සුදූ ….මට කියන්න දෙයක් තියෙනවා…මම ඔයාට ඒ දේවල් කියන්නම්…හැබැයි ඔයා කලබල වෙන්නේ නෑ කියලා මට පොරොන්දු වෙන්න..”
මම එහෙම කියාපු ගමන් උ/ඹ මට පුප්පන්න ගත්තා ..
“අනේ මේ කියන දෙයක් කියනවා තෙපරබාන්නේ නැතුව…නටන්න තියන හැම නාඩගමක්ම නටලා එනවා මෙතන මාත් එක්ක නැලවෙන්න..”
අනේ ඇත්තමයි උ/ඹ එහෙම මට කිව්වම මගේ ඉවසීමේ රතු කට්ට පැන්නා…
ඒත් මෙතන වැරැද්ද තියෙන්නේ මගේ නිසා මම ඉවසන්න හිතුවා..
“සුදු ඔයා ඔහොම කෑගහනවා නම් මං කිසි දෙයක් කියන්නේ නෑ..ගෑයෙක් උනාම ඉවසීම තියෙන්න ඕනේ…පිරිමියෙක් වෙච්ච මම ඉවසනවා නම් ගෑයෙක් වෙච්ච ඔයාට ඉවසන්න බැරිද?.”
මම එහෙම කිව්වම නම් උ/ඹ මුවින් වදනක් වත් නොදඩා නිහඬව මගේ දිහා බැලුවා..
“ගෑනු ළමයි කීප දෙනෙක් එක්ක මගේ සම්බන්ධකම් තිබ්බා තමයි…ඒත් දුර දිග ගිය සම්බන්ධතා නම් කිසිම දෙයක් තිබ්බේ නෑ..මගේ ඒ වගේ කා යි ක සම්බන්ධතාවක්
තිබ්බේ ඔයා එක්ක විතරයි…”
මම එහෙම කිව්වා විතරයි උ/ඹේ මූණට අපහාසාත්මක හිනාවක් ආවා…
“එහෙනම් කොහොමද දන්නෑ මේවා බෝ වුණේ …”
“ඒක තමයි මම කියන්න යන්නේ…ඔයාට ඒකවත් ඉවසීමෙන් ඉන්න බැරිද?..මේ සේ..ර.ට..ම ව…ග.කි..යන්…න ඕ..නේ අ..රුන් සෙට් එක…”
ඒ අතීත සිදුවීම මතක් වෙලා මගේ හඬ බිදෙන්න ගත්තා..ඇත්තටම මට සිද්ද වෙච්ච දෙය කටක් ඇරලා මගේ බිරිඳට මම කොහොම කියන්නද?…
“කවුද අ/රූ/න්…”
“අර කෑම්ප් එකේ සෙට් එක…”
“කෑ..ම්…ප් එ…කේ සෙ..ට් එ..ක..”
“ඔව් සුදූ..උන් මට කරදර කළා..”
මම එහෙම කිව්වම උ/ඹ ඇස් නළලට අරගෙන මගේ දිහා පුදුමයෙන් වගේ බලාගෙන හිටියා …
“මම හිතුවා අතේ පත්තුවෙන බොරුවක් කියයි කියලා..ඔයා හිතුවද මං ඔයා කියන හැමදෙයක්ම විශ්වාස කරයි කියලා…”.
“බොරු නෙමෙයි සුදු ඇත්ත..මම මහ කා&කන්නියෙක්….පිරිමියෙක් වෙලා තවත් පිරිමි රෑනක් එකතුවෙලා මට කරදර කලා කියලා මම කොහොම කාටවත් කටක් ඇරලා කියන්නද?..”
ඒ මූ/ස/ල දවසේ අඳුරු රාත්‍රිය මගේ ඇස් ඉස්සරහා මට මැවිලා පෙනුනා..
මේ සමාජය හිතන්නේ අතවර සිදුවෙන්නේ කාන්තාවන්ට විතරයි කියලා..
අපහරණ සිදුවෙන්නේ කාන්තාවන්ට විතරයි කියලා….
ඒත් එහෙම නෑ…
මේ සමාජයේ අනන්තවත් හයක් හතරක් නොතේරෙන පිරිමි ලමයින් ,තරුණයින් විවිධ අතවර වලට අපහරණ වලට මුහුණ දෙනවා.
ඒත් ඒ දේවල් හිත් වලම හිරකරගෙන තද කරගෙන ඉන්නේ ඒ දේවල් සමාජයට කිව්වොත් තමන්ගේ පිරිමි පෞර්ෂය නැති වෙන නිසා…
“මටනම් ඔය කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ..ත/මු/සේ පිරිමියෙක් නේ.කවුරු හරි කරදර කරන්න ආවා නම් ත/මු/සෙ/ට බේරෙන්න තිබ්බනේ…”
උ/ඹ මගේ දිහා බැලුවේ අවිශ්වාසයෙන් කියලා මට හිතුනා ..
“එදා මගේ කාමරේට පැනලා අරුන් ටික මට හොඳටම ගැහුවා…එතන හත් අට දෙනෙක් හිටියා…උන් සේරම එකතු වෙලා මට ගහද්දි තනි මම කොහොමද බේරෙන්නද?..ෆිල්ම් වල ඉන්න වීරයන්ට හත් අට අට දෙනෙක් එක්ක තනියම ගහගන්න පුළුවන් වුණාට සාමාන්‍ය මනුස්සයෙක්ට ඒක කරන්න පුළුවන්ද …උන් මට ගහලා මගේ පණ බාගෙට ගියාට පස්සේ උන් එකින් එකා ඇවිත් මට කරදර කළා….මට උන්ව සැකයි..උන් හැම ජාතියකම ගෑ/නු ආශ්‍රය කරනවා…”
මම මගේ දෑස් පියාගෙන උන්නේ ඒ අමිහිරි සිදුවීම මගේ සිත පුරා හොල්මන් කරන්නට පටන් ගත් හින්දා…
ඒ සිදුවීම මගේ හිතේ මැවි මැවී පෙනෙද්දි මම මැරි මැරී යළි යළි ඉපදුනා වගේ දැනුනා .
මෙතුවක් දින වැළලිලා තිබුණ ඒ මල ගිය අතීතයේ භෂ්මාවශේෂ යලි මා සොයා ගෙන ඇවිදින්…
ඉතින් මා වරක් උමතු වූවේ එදා
මගේ පිරිමි කම මගේ පෞර්ෂත්වය විනාශ වු නිසාමය..ඒ මතකය යළි සිහිපත් වී මගේ හිස කකියන්නට ගත් නිසා මම මගේ හිස අත් දෙකෙන් තද කරගෙන උන්නා…
“ත/මු/සේ ඔය බොරු කියනවා කොන්ඩෙ බැදපු චීන්නුන්ට ..මම අහුවෙන්නේ නෑ ඕවාට..ත/මු/සේ කැමැත්තෙන්ම උ/න් එක්ක ඉන්න ඇත්තේ…බලන් යද්දි ත/මු/සෙ/ට කො&ලෙක්වත් පෙන්නන්න බෑනේ…”
උ/ඹ ඇත්තට එහෙම කිව්වම නම් මම වියරු වැටුනා..
තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තියෙන කෙනා විතරයි
..
වෙන කිසිම කෙනෙක්ට ඒ වේදනාව දැනෙන්නෙ නැහැ….
අපරාදේ මේ දේවල් උ/ඹ/ට කිව්වේ කියලා මට ඒ එක්කම හිතුණා.උ/ඹ මම ගැන හිතන්නේ කොයි තරම් නරක විදිහට ද කියලා හිතිලා මට උ/ඹ ගැන කලකිරීමක් ඇති වුණා..
කෑම්ප් එකේ එකට වැඩ කරපු ඒ ති/රි/ස/න්/නු වගේ ම උ/ඹ/ත් මට හමුවුනේ මගේ පියනොවුණු සංසාරික කර්මය ගෙවන්න වෙන්නැති කියලා මට හිතුනා …
ඉවසීමෙන් දවසක සැනසීම ලැබෙනවා කිව්වට…
ඒක එහෙම නෑ…
හැමදාම හැමදේම ඉවසන මනුස්සයාගේ ඔළුවට අත හෝදන්න මේ සමාජය මග බලාගෙන ඉන්නවා..
උ/ඹ මගේ බිරිඳ වෙච්ච එකේ අඩුම තරමේ උ/ඹ/ට වත් තිබ්බා මාව තේරුම් ගන්න ..
මගේ හිත හදාගන්න එකම එක වචනයක් කියන්න….
ඒත් උ/ඹ හදන්නේ සුවපත් වෙච්ච මගේ තුවාලය තව තවත් කොනිතිගහලා පාරලා තවත් මාව රිදවන්න …
“කට වහගන්නවා නෙහාරා…ත/මු/සෙ/ට/ත් ත/මු/සෙ/ල/ගෙ අම්මලට වගේම කිසිම හිතක් පපුවක් නෑ…කිසිම මනුස්සකමක් නෑ…මේකනම් මගේම ක/රු/මේ…”
මම එහෙම කිව්වම උ/ඹේ මුහුණ තරහෙන් රතු වුණා..
“කරන්න ඕන සේරම වැරදි ත/මු/සේ කරලා…එනවා මෙතන මටයි මගේ ගෙදර මිනිස්සුන්ටයි බනින්න..මම තව එක මොහොතක් මේ ගෙදර ඉන්නේ නෑ…මම යන එක යනවා…ගිහින් නිකන් ඉන්නේ නැහැ .ත/මු/සෙ/ගෙ සායම යවලා මං පස්ස බලන්නේ..”
උ/ඹ තරහෙන් පුප්පගෙන මට කෑ ගහන්න ගමන් කාමරයේ ඇඳුම් අල්මාරිය විවර කරා..ඒ ඇඳුම් අල්මාරියේ උ/ඹේ තිබ්බ ඇඳුම් සේරම තෝරාගෙන පොදි බඳින්න සූදානම් වුණා….
උ/ඹ මෙදා පාර නම් මාව දාලා යන්න හදන්නේ කියලා මට හිතුනා…
උ/ඹේ මොනතරම් දුෂ්ට නපුරුකම් තිබුනත්
උ/ඹ නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා මම කල්පනා කරා….
උ/ඹේ කුසේ ඉන්න මගේ දරුවා අරන් උ/ඹ මේ යන්න හදන්නේ මගෙන් සදහටම වෙන් වෙන්න කියලා මට බය හිතුනා…
“ඔයා කියපු කතාවට තරහ ගිහිල්ලා මම එහෙම කිව්වේ ….පිස්සු නැතුව ඉන්න නෙහාරා..දැන් ඕවා අමතක කරල දාන්න…මම ඩොක්ටර් කෙනෙක්ට ඇපොයිමන්ට් දැම්මා..හවසට යන්න ලෑස්ති වෙන්න.අපි ඉක්මනට ට්‍රීට්මන්ට් කරලා මේක හොඳ කරගමු..”
මම එහෙම කිව්වම දවා අළු කළ හැකි බැල්මක් උ/ඹ මා වෙත හෙලුවා ….
“මට තවත් ත/මු/සෙ/ව/ත්,ත/මු/සෙ?ගේ බෙහෙත් වත් ඕනේ නෑ..මම ගෙදර ගිහින් මේ සේරම අම්මට කියනවා….කරන්න ඕන දේවල් අම්මා බලා ගනී….”
උ/ඹ හිත්පිත් නැති අයුරින් මට එහෙම තර්ජනය කරන්න වුණා ….
හමුවෙමු මීළඟ කොටසින් 💔💔💔💔💔
කතාව ඔයාලට විශ්වාස කරන්න බැරුව ඇති…ඒත් මේ තවත් සමාජ යථාර්ථයක්…
කතාව කියවන ඔයාලා හැමෝටම ස්තූතියි.ආදරෙයි.