කාවින්දි ලියනගේ

🌻 16 දිගහැරුම 🌻

” අ…අයියේ මේ…”
ලිපිකවරයේ වු ලිපිය දැක අහිංසා කෑගසමින් ඔහුට තුරුල් වුයේ වටපිටාවද මොහොතකට අමතක කරමින් ය..

” ඔව් මට අද උදේ ඕක හම්බුනේ..ඔයාලගේ ගෙදරින් එවලා තිබ්බේ .”

සිය ලයට තුරුල් වි හිදන ඇගේ හිස සෙමෙන් පිරිමදිමින් පවසන්නට විය..

” අ..අයියේ මේ..මේ “

” මොකක්ද දෝණි .ඔයා ඕනිම දෙයක් අහන්න..එවගේම ඔයා කැමති ඕනිම දෙයක් අද මගෙන් ඉල්ලන්න. ඔයා ඉල්ලන ඕනිම දෙයක් අදමන් ඔයාට දෙනවා..මොකක්ද මට අද මගේ දෝණි ගැන හරිම සතුටුයි ……”

ඈ සෞන්දර්ය කලා පිඨයට තේරි පත්ව ඇති බව සදහන් කරමින් ලැබුණු ලිපිය උදෑසන ඔහුගේ අත්ට පත් වු මොහොතේ සිට මේතාක් ඔහු සිටියේ ප්‍රීතියෙනි..

” මේ..මේ මට ඔ..ඔයා යන්න දෙනවද ……..”

” මොනවද දෝණි මේ අහන්නේ ..මන් ඔයාව නොයාව ඉන්නේ මොකටද දෝණි මන් දැනටමත් කැම්පස් එකට කතා කරලා ඔයාගේ ඉස්සරහට වැඩ ලෑස්ති කරලත් ඉවරයි..ලබන සතියේ ඉදන් ඔයාලට ලෙක්චර්ස් පටන් ගනි.”

” අනේ අයියේ ඔයා ඇත්තමයි නේද..මගේ හිත හදන්න හිතන් ඔයා මට බොරු කියනවා නෙවෙයි නේදා……”

” අනේ දෝණි මන් මොන එහෙකටද ඔයා බොරු කියන්නේ .ම්…

අනික මන් මේ වෙනකන් ඔයාට බොරුවක් කියලා තියනවද ..”

ඈ හිස දෙපසට සොලවන්නට වුයේ..ඔහු කිසි දිනක විහිලුවකටවත් මුසාවක් නොපාවසා ඇති බැවින් .

” එහෙන්ම් ඇයි ඔහොම අහන්නේ..ඔයා බාගයක් හිතේ තියන් ඉන්නේ නැතුව .අහන්න තියන දේ අහන්න දරුවෝ …..”

” මේ..මේකයි..”

ඔහුගේ තුරුලේ හිදිමින් ඔහුගේ කමිසය මතින් ලය පුරා දැගිලි රටා මවමින් ඈ..

” ඔව්..කියන්නකෝ. ඉතිං “

සිය ලය පුරා දැගිලි ගෙන යන ඇගේ සුරත සිය දෑතකින් අල්වාගෙන ඔහු විමසන්නට විය…..

” මේ..ලොකු මැණිකේ බනිද මට ඉගෙන ගන්නවා කියලා..එදා එහෙ ගිය වෙලාවෙත් මට කිව්වානේ ඉගෙන ගන්න ඕනි නෑ කියලා.”

ඔහුට සැබැවින්ම ඈ පිලිබදව දැනුනේ පශ්චාත්තාපයෙකි…සිය මවගේ පුහු අදහස් මතවාද නිසාවෙන් ඈ කෙතරම් බැට කනවද ඇගේ එ බිය පිරුණු මුහුණ දැක සිය මව පිලිබද කෝපයක් ගත වෙලාගත්‍තද සිය හැගීම් ආයාසයෙන් සගාවාගනිමින්..කෙශ්වර ඇගේ හිස පිරිමදිමින වුයේ ..ව්‍යාජ සිනාවකින් මුව සරසගනිමින් ය…

” මට කියන්නකෝ දෝණිගේ කැමැත්ත .ම් දෝණි කැමති නේද යන්න…”

” අනේ ඔව් අයියේ මන් පොඩි කාලේ ඉදන්ම ආස නැටුම් ටිච කෙනෙක් වෙන්න .අනේ ඔයා මාව යවනවා නේද..අපි ලොකු මැනිකේ ඇහුවොත් බොරුවක් කියමු මන් කොහෙවත් යන්නේ නෑ කියලා…” ඈ ගෙල මදක් ඇලකරගෙන අහිංසක සිනාවකින් මුව සරසාගෙන පවසන්න වුයේ …

කේශ්වරට ඇගේ මේ සුරතල් වැඩවලට ඇයට ඇති ආදරය තව තවත් වැඩිවෙද්දී ය…..

” අනේ..අනේ මරු ලේලිපොඩ්ඩ දැන් ඉදන්ම නැන්දාම්මට බොරු කියන්න පුරුදු වෙනවා මදිවට ඒවාට මේ මාවත් හවුල් කරගන්න ලස්සන..කපටිමත් නෑනේද බලන් ගිහාම…”

” ඔව් ඉතිං එතකොට අපි දෙන්නාටම බැනුම් අහනවනම් අහන්න වෙන්නේ ……”

” අනේ අනේ දෝණී ඔයත්…අපි කැම්පස් පටන් ගන්න කලින් අම්මලාබලලා එමු නේද.එයාලත් ආසවෙන් ඉන්න ඇතිනේ ඔයා කැම්පස් යනවට…”

” අනේ ඔය ඇත්තමද..එත් අයියේ ඔයාට නිවාඩු ගන්න බෑනේද…..”ඔහු කොලඹ කාසල්රියේ විඕජී වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන බැවින් ඔහුට විවේකකාලය සීමා සහිත බැවින් ඈ විමසන්න විය..

” එකට කමක් නෑ දෝණී අපි එකදවසින් ගිහින් එමු..ඕනිනම් අම්මාව එක්කන් එමු දවසක් දෙකක් අපේ ගෙදර නවතින්න..”

” එහෙම ඕනි නෑ අයියේ අපි ගිහින් එමු..අනික අම්මා තාත්තා විතරක් දාල කොහෙවත් ගිහින් ඉන්නේ නෑ…”

” හරි එහෙනම් මන් මට පුලුවන් දවසක් බලල කියන්නම් කෝ..හරි කෝ මන් දෝණීට කිව්වානේ කැමති දෙයක් තියනවනම් ඉල්ලන කියලා..කෝ ඉතිං ඉල්ලුවේ නෑනේ..”

ඇගේ හිසින් සිපුමක් තබමින් ඔහු ඇගෙන් විමසන්නට වුයේ යට කුමක් හෝ විශේෂයමක් අරන් දෙන ලෙස සිත බලකරන්න නිසාවෙනි ……

” මට එහෙම විශේෂ දෙයක් ඕනි නෑ අයියේ .ඔයා මේ කරන දේවල් හොදම ඇති..ඔයා මාව බැන්දේ නැත්නම් මට කවදාවත් මෙහෙම ජිවිතයක් ලැබෙන්නේ නෑනේ..ඔයා හින්දා මන් ලස්සන ලස්සන ඇදුම් අදිනවා..එක එක රස කෑම කනවා..මේ වගේ තැන් වලට එනවා..ඔයා මට හිටියේ නැත්නම් ඒ දේවල් මට හීනයක්ම විතරයි..එ හැමදේමටමත් වඩා ඔයා…ඔයා මාව මේ බලගන්න විදිහ සමහර වේලාවට ඔයාගේ ආදරේ මට දරාගන්න බෑ..ඔයා මට කවදාවත් වචනෙන් කියලා නැති උනාට මට ඔයා එක්ක ඉන්න හැම තත්ත්පරයක් ගානේ එක දැනේනවා…”

ඔහුගේ තුරුල් මිදි ඈ ඔවුන් රැදි උන් අවන්හල වටා වු අත් වැටට බර වී ඈත කොලඹ නගරය දෙස නෙත් යොමා ගනිමින් පවසන්නට විය…

” දෝණී …….”

ඔහු ඈගේ මුව සිය දෝතට මැදි කරවගෙන ඇගේ මුව පුරා සිපුම් තවරන්න වුයේ .

ඇගේ වදන් අබියස ඔහුට සිය මුව ගොළු වු බවක් දැනුනු නිසාවෙනි .ඔහු සිහිනෙන්වත් ඈ එලෙස පවසාවි යැයි නොසිතූවේය.

මතුසම්බන්ධයි ………..

අද පොඩි කොටසක් විතරයි ටයිප් කරගන්න පුලුවන් උනේ.හෙට දිග කොටස් දෙන්නම්