නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍
චන්ඩිරැජින🌹🌹
එකොලොස් වන චන්ඩිකම 🙅🙅
” ආ පුතා ඔයා ලෑස්තිත් වුණාද?”
” ඔව් අම්ම.ටිකක් උදෙන්ම යන්න ඕන meeting එකකුත් තියෙනව අද “
” හ්ම්ම්ම් ඒක හොදයි පුතා.අප්පච්චිත් නැති අතරෙ ඔයා මෙහෙ වැඩ ටික හොදට බලා ගන්න ඕනෙ. ඔය කාල ඉවර්ද? දරුවො “
” ඔව් අම්ම ඇති.මං ගිහින් අම්මට කෝල් එකක් දෙන්නම්කො.කෝ අම්ම දෝනි “
” අන්න තවම නිදි.”
” දෝනිට කියන්න අම්ම මං ගියා කියල මං එහෙනම් යන්නම්”
” හරි පුතා එහෙනම් පරිස්සමින් ගිහින් එන්න “
විනෝද් අම්මට වැදල කාර් එකට ගොඩ වුණේ ඉක්මනට යන්න ඕනෙ නිසාමයි.කොල්ල මේ අද කලින්ම වැඩට යන්නෙ වෙන මොනවත් නිසා නෙවෙයි.කෙල්ලව බලා ගන්න තියෙන හදිස්සියට.ඊයෙ වෙච්ච දේ කොල්ලගෙ හිතට ගොඩක් වද දෙනව.රශීගෙන් සමාව ගන්න ඕනෙ නිසාමයි මේ කලින්ම යන්නෙ.
” සෝමදාස රශී මැඩම් ආවෙ නැද්ද? “
ඔෆිස් රූම් එකේ දොර ඇර ගෙන ඇතුලට එන ගමන් රශීගෙ ටේබල් එක දිහා බලා ගෙන රූම් එක අතු ගාමින් උන්නු සෝමදාසගෙන් විනෝද් එහෙම ඇහුවෙ.
” Good morning විනෝද් බොස්. මැඩම් තවම ආවෙ නෑ ” 😁
මේ කෙල්ල තාමත් නෑනෙ.අද එන්නෙ නැතුවවත්ද? විනෝද් කල්පනා කරේ ඔරලෝසුවත් දොරත් දිහා සැරෙන් සැරේ බලන ගමන්.කොල්ල මේ වෙන කොට දහ දොළොස් පාරකටත් වැඩිය දොර දිහා බලන්න ඇති. ඔෆිස් එකේ හිටියට කල්පනාව තියෙන්නෙම රශී ගැන.meeting එකක් කියල අම්මට බොරු කියල ආවට කොල්ලට දැන් හරි කම්මැලියි.
මං මොකටද මේ කොහෙවත් ඉන්න කෙල්කෙක් ගැන වද වෙන්නෙ.😡 එනවනම් ආපුදෙන්.එහෙම හිතල වැඩක් කරන්න ගත්තත් හිත අස්සෙ හොල්මන් කරන්නෙම ඒ රූපෙ.එක දවසක් විතරක් දැකපු රූපෙ මුලු හිතම හොල්ලල.උබ නම් කෙල්ලෙ මාව පිස්සු වට්ටල.😍මට මාවම අමතක වෙන තරමට මේ මුලු හිතම හොර ගෙන.ඔය හීනි ඇස් දෙක ඉවරයක් නැතුව කියවන කට කවදාවත් අමතක නොවෙන විදිහට හිතේ පතුලටම කිදා බැහැල.කිසිම දවසක කිසිම කෙල්ලෙක්ට හොල්ලන්න බැරි වෙච්ච මේ හිත උඹ අද හරි අපූරුවට අයිති කර ගෙන.මං පණ වගේ ආදරේ කරපු දිනුලි ගැනවත් ඇති නොවිච්ච හැඟීමක් එකම දවසක් විතරක් දැකපු උඹ ගැන ඇති වුණේ කොහොමද? කියල මට හිතා ගන්න බෑ.
දිනුලි කියන්නෙ විනෝද්ගෙ කලින් ආදරේ.කොල්ල පණ ඇර ගෙන දිනුලිට ආදරේ කරාට එ ආදරෙන් අල්පයක්වත් දිනුලිගෙන් ලැබුනෙ නෑ.දිනුලි තමන්ට කරල තියෙන්නෙ බොරුවක් කියල දැන ගන්න කොටත් කොල්ල දිනුලිව අමතක කරන්න බැරි තරමටම දිනුලිට ආදරේ කරල.කිසිම දවසක ඈතට යන්නෙ නෑ කියපු දිනුලිම ඈත් වෙලා යන කොට කොල්ලගෙ හිත හදන්නවත් හිටියෙ අම්ම තාත්තයි යාලුවො ටිකයි විතරයි.හැමදේකින්ම ඈත් වෙලා හිටපු විනෝද් factory එකේ වැඩට එන්නවත් කැමැත්තක් තිබුණෙ නෑ. අම්මල යාලුවො නොහිටින්න අද වෙන කොට විනෝද් කොහෙ ඉදීද කියල විනෝද්ටම හිතා ගන්න බෑ.
කවදාවත්ම කිසිම කෙල්ලෙක් ගැන හිතන්නෙ නෑ කියල හිටපු විනෝද්ට රශීව දැක්ක මොහොතෙම මොනව වුණාද කියල කොල්ලටවත් හිතා ගන්න බෑ.
අමුතුම හැඟීමක් මුළු හිතම හිරි වට්ටනව.අමතක කරල ඉන්න හදනකොටම උඹ ආයෙත් ආයෙත් මතකෙට එන්නෙ දියට දාපු රබර් බෝලයක් උඩට මතු වෙනව වගේ.කල්පනාවෙන් මොහොතකට මිදුනු විනෝද් ලෑන්ඩ් ෆෝන් එකේ රිසීවරය කනෙන් තියා ගෙන වේගෙන් වේගෙන් නම්බර් එකක් ඩයල් කලේ.
” හෙලෝ මිනෝලි ඉක්මට මගෙ රූම් එකට එන්න”
එහෙම කියල ෆෝන් එක තියපු විනෝද් ආයෙමත් කල්පනා ලෝකෙන් මිදුණෙ දොරට තට්ටු කරන හඩට.
” එන්න මිනෝලි “
” සර් මට එන්න කිව්වෙ “
” ඔව් මිනෝලි.රශී මැඩම්ට කෝල එකක් දීල බලන්න අද වැඩට එන්නෙ නැද්ද කියල”
“Ok සර් මං අහල කියන්න.”
” ඔය කොහෙද? යන්නෙ මෙන්න මේකෙන් ගන්න”
මේසෙ උඩ තියන ෆෝන් එක පෙන්නල විනෝද් එහෙම කිව්වේ.රශී එක්ක කතා කරපු මිනෝලි ෆෝන් එක තිබ්බෙ විනෝද් දිහාට හැරෙන ගමන්.
” රශී මැඩම්ට එන්න වෙන්නෙ නෑලු සර්.ටිකක් සනීප මදි කිව්ව.”
” ඒ මොකක්ද? අසනීපෙ ” 🤨
” එහෙම වැඩි විස්තරයක් නම් කිව්වෙ නෑ සර්.හෙට එන්නම් කිව්ව.”
” හ්ම්ම් මිනෝලි යන්න”
තව ටික වෙලාවක් කල්පනා කර කර හිටපු විනෝද් එහෙම්මම පුටුවෙන් නැගිටල මේසෙ උඩ තිබුණු ෆෝන් එකත් සාක්කුවට දා ගෙන එළියට ආවෙ ගෙදර යන්න කියල හිතා ගෙන.
💓💓💓
” පුතා,මොකද? දරුවො මේ ගිය පයින්ම “
” මොකුත් නෑ අම්ම.මගෙ ඔළුව ටිකක් කැක්කුමයි වගේ.
” එතකොට දරුවො meeting එක”
” ඒක ඉවර වුණා අම්ම රශී ඉතුරු වැඩ ටික බලා ගනීවි.”
” හරි හරි පුතා ගිහින් ටිකක් රෙස්ට් කරන්නකො එහෙනම්.මං පැනඩෝල් දෙකක් එවන්නම් නංගි අතේ”
අම්මට ඔලුව වනල විනෝද් උඩට ගිහින් කාමරේ දොරත් වහල ඇදට ගියේ ෆෝන් එකත් ඇද ලගම මේසෙ උඩින් තියල. කොට්ටෙ අරන් ඇද විට්ටමට තියල හේත්තු වුණේ හිතේ තියෙන නොසන්සුන් ගතිය ටිකක් හරි අඩු වෙන්න කියල හිතා ගෙන.රශීට කෝල් එකක් අරන් බලන්නත් හිතෙනව.ඒත් කෙල්ල මොණව හිතයි ද දන්නෙ නෑ.දාහක් ජාති හිතට එනකොට ඇද විට්ටමට තියපු කොට්ටෙ අරන් ඇදෙන් තියල ඔළුව තියා ගත්තේ.යාන්ටමට ඇස් දෙක පිය වෙනවත් එක්කම……
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
නැවත හමුවෙමු. 👋👋