තරු ඇස්🌟

  1. කොටස

පෙර කොටස

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐”
එදා උදේටත් කෑම කෑවේ නැති නිසා තෙනූ සුප් එකක් අරන් ගියේ මිහේෂ් ගාවට…….. ඒ යද්දි මිහේෂ් කාමරේ නෑ……….. තෙනූ බය වෙලා මිහේෂ්ව හොයද්දියි දැක්කේ අනිත් පඩිපෙළ ගාව රෝද පුටුව තියෙනවා…………

“දෙවියනේ මීහූ……………”

මිහේෂ් පඩිපෙළ අල්ලන් බහින්න යනවා……

ඒත් එතකොටම………..

සිද්ද උනේ තෙනුලි නොහිතපු දෙයක්……… මිහේෂ්ගේ කකුල ඉස්සෙල්ලා වගේම පෙරලුනා…………. තෙනුලි බලන් ඉද්දිම මිහේෂ් පඩිපෙළ දිගේ රෝල් වෙලා ගිහින්……. බිමට වැටුනා…………

“මිහේෂ්……………………”

පහළ ලේ ගොඩක් මැද්දේ වැටිලා ඉන්න මිහේෂ්ව දැක්කම තෙනුලිගේ ඇස් පිය වෙලා……… ගියා………….

තෙනුලි ආයෙත් උන්නේ අර මල් වත්තෙමයි…………… ඉස්සෙල්ලා වගේම තෙනුලි දිහාවට මිහේෂ් දුවන් එද්දි මිහේෂ්ට කවුද වෙඩි තියෙනවා…………..

“මිහේෂ්………………..”

තෙනුලි කෑ ගහගෙනම නැගිට්ටා…………..

“අක්කේ…………. ඔයාට මුකුත් නෑ නේද ආ……. මේ වතුර එක බොන්න………….”

තෙනුලි එක හුස්මට වතුර එක බීගෙන බීගෙන ගියා……………….

“සෙනූ…………… කෝ………….මීහූ………….”

සෙනුලි කලේ තෙනුලිගේ ඇස් මඟ ඇරලා බිම බලාගත්ත එක………….

“සෙ………නූ………….. ඇයි කතා නැත්තේ???……. කෝ මීහූ………… එයාව හොස්පිටල් ගෙනිච්චා නේද??”

“අක්කේ…….. මිහේෂ් සර් තාම හොස්පිටල්……”

“තාම කිව්වේ???……..”

“අක්කා……………”

“කියන්න සෙනූ ………….. මාව භය නොකර………”

“අක්කා දවස් දෙකක් සිහිය නැතුව හිටියා අක්කේ………………”

“මොකක්???………… දවස් දෙකක්??……….”

“ඔ………….ව්………….”

“එ…………එතකොට එදා මොකක්ද උනේ??…….. කියන්නකෝ සෙනූ මට……….”

“එදා ……………………”

සෙනුලි තාමත් වෙව්ලනවා……………

“අනේ…………… කියන්නකෝ සෙනූ……..”

“එදා මායි මැගියි උන්නේ……… කුස්සියේ……… දවල්ට උය උය……………… එකපාරටම අපිට ඇහුනා………. අක්කා මිහේෂ්ගේ නම කියලා කෑ ගහනවා…………. ඒ සද්දෙට බය වෙලා මායි මැගියි……… සාලෙට එනකොට…….. පොඩි………. ම……….හ………ත්……..ත……..යා………”

සෙනුලිගේ දෑස් කඳුලින් තෙත් විය………

“මිහූ………. පඩිපෙලින් වැටුණා සෙනූ……… “

“ඕ………….. ඔ…….ව් අපි එනකොට පොඩි මහත්තයා ලේ ගොඩක් මැද්දේ වැටිලා හිටියා…………. අක්කා……… පඩිපෙළ උඩ වැටිලා හිටියා…………. අක්කගෙත් ඔලුව පැලිලා තිබ්බේ………… ඒකට මැහුම් දැම්මා…………. “

සෙනූ එහෙම කියනකොටයි තෙනූ තමන්ගේ අත නලලට ගෙනිච්චේ……… නලල තාමත් වෙළුම් පටි වගින් ඔතලා………. නලල රිදුනත් තෙනූට කලින් ඒක නොදැනුනේ…………. මිහේෂ් ගැන තිබ්බ වේදනාවට …………..

“රිදෙනවද??”

තෙනූ තුවාලේ අල්ලනවා දැකලා සෙනූ ඇහුවා……………

“ටිකක්………… සෙනූ මිහේෂ්ට කොහොමද දැන්??”

“ඒක…………… මේ………..”

“ඇයි සෙනූ???……….”

“මිහේෂ් මහත්තයාට ගොඩක් අමාරුයි අක්කේ…………… ජීවිතේ ගැන විශ්වාසෙකුත් නෑ කිව්වා……. මැෂින් වලින් දුවන්නේ……………..”

තෙනූ ඇඳෙන් බැස්සා නෙමේ පැන්නා………

“අක්කේ කොහෙද ඔය යන්නේ??…….. ඔයාට ඇඳෙන් බහින්න එපා කිව්වා…….”

“මං යනවා මගේ මීහු බලන්න……… එයාට එහෙම වෙන්න දෙන්න බෑ…………”

තෙනූ ඒ ආරංචිය ආපු වෙලේ ඉඳලා ඉන්නේ පිස්සෙක් වගේ……… තෙනූ ඇඳන් හිටපු ඇඳුම පිටින් සෙරෙප්පු දෙකකුත් නැතුව අඬ අඬ පාරේ දුවද්දි තෙනූගේ ඉස්සරහට ආවේ ලොකු නෝනලාගේ කාර් එක………..

“තෙනූ දරුවෝ මොකද මේ………..”

“අනේ මැඩම් මගේ මිහේෂ් “

තෙනූ අඬාගෙන ලොකු නෝනගේ ඇඟට බර උනා…………..

“නාඩා ඉන්න දරුවෝ ඔයාගේ වැරැද්දක් නෑ…….. අපි දැන් හැමදේම දෙවියන්ට බාර කරමු දුවේ වෙන කරන්න දෙයක් නෑ………… මං දැනුත් මේ බෝධි පූජාවක් තියලා එන ගමන්………..”

“මට මිහේෂ්ව බලන්න ඕනි අම්මේ………….”

“හරි දරුවෝ අපි හෙට යමු තාම ඔයාට සිහිය ආවා විතරයිනේ……….. එන්න දැන් නාඩා ගෙදර යමු…………..”

ඊළඟ දවස වෙනකම් තෙනූ හිටියේ පිස්සියෙක් වගේ……….. තෙනූ උදේම ලෑස්ති උනේ මිහේෂ්ව බලන්න යන්න………..

හොස්පිටල් එකට ගියාම තෙනූට දකින්න පුලුවන් උනේ මැෂ්න් ගොඩක් මැද්දේ ඉන්න මිහේෂ්ව…………….

“අනේ මීහූ යන්න එපා රත්තරන් මාව දාලා……. මට ඔයා ඕනි…………. මං ඔයාට ආදරෙයි මීහූ ප්ලීස් මං වෙනුවෙන් සනීප වෙන්න………………..”

තෙනූ මීහේෂ්ගේ අත අල්ලන් අඬද්දිමයි මිහේෂ් ගැස්සෙන්න ගත්තේ………….. එන්න එන්නම හාට් රේට් එක අඩු වෙනවා………

“අනේ ඩොක්ටර් “

තෙනූ පිස්සුවෙන් කෑ ගහන්න ගත්තා………

“පොඩ්ඩක් එලියට යන්න……. අපිට පේෂ්න්ව බලන්න……..”

“බෑ මට මීහු ගාව ඉන්න ඕනි……..”

“විකාර කරන්න වෙලාවක් නෑ මෙතන………”

“එන්න දුව මීහුට මුකුත් වෙන්නේ නෑ………… අපි එළියෙන් වාඩි වෙලා ඉමු……”

හෝරා දෙක්කට ආසන්න කාලයක් තෙනූ උන්නේ නොසන්සුන්ව……………

ඊට පස්සේ තෙනූ දැක්කේ මිහේෂ්ගේ කාමරෙන් එළියට එන ඩොක්ටර්ව……….

“ඩොක්ටර් මගේ හස්බන්ඩ් ………….”

“මිස් තෙනුලි………… මේකයි……………

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
කරන්න දෙයක් නෑ යාලුවනේ……… සුදු ඇඳුමක් ලෑස්ති කරලා තියාගන්න