බැඳීමක් නැති මුදුවක් 💔

15 වන කොටස

“අනාරක්ෂිත හැසිරීමකින් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්…ඔය දෙන්නගෙන් කෙනෙක් අනාරක්ෂිත හැසිරීමක යෙදිලා තියෙනවා..ඒ කියන්නේ රෝග වාහකයෙක් එක්ක ඇතිවෙන අනාරක්ෂිත හැසිරීමක්.වයිෆ් ඔය රෝගයෙන් පෙළෙනවා නම් අනිවාර්යෙන්ම ඔයත් ඔය රෝගයට ගොදුරු වෙලා ඉන්න පුළුවන්..මිස්ටර් දිලංකගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා ද?..”

මගේ මුළු ලෝකයම දෙදරලා ගියා වගේ මට දැණුනා…..

මේ මොකක්ද මේ වෙන්න යන්නේ..

ඇයි මේ වගේ කරදර එකපිට අපිවම හොයාගෙන එන්නේ….

ඒ වගේ දෙයක් කොහොමද වෙන්නේ..

මේ රෝගය නිසා මගේ කිරිකැටියාට කරදරයක් සිද්ධ වෙයිද…

මේ දේවල් කල්පනා කරලාම මගේ හිස කකියන්න ගත්තා…

“එහෙම වෙන්නේ කොහොමද ඩොක්ටර් …මෙතන මොකක් හරි ලොකු වැරදීමක් තියෙනවා…මට හිතෙන්නේ ඔය රිපෝට් එක වැරදි ඇති කියලා..”

උ/ඹ මහත් ආවේගයකින් වෛද්‍යවරයාට එහෙම කිව්වා …

“අපේ ලැබ් එකේ රිපෝට් කවදාවත් වරදින්න විදිහක් නෑ…ඔයාලට ඕනේනම් ආයෙමත් ටෙස් කරලා බලන්න..ඒත් මට කියන්න තියෙන්නේ මෙතැනදී කලබල වෙන්න එපා කියන එක විතරයි…ඔය අම්මා ඉන්න තත්වේ හැටියට එහෙම කලබල වෙන්න හොඳ නැහැ…”

“මේකයි ඩොක්ටර් මමයි මගේ වයිෆුයි එහෙම පිටස්තර අය එක්ක සම්බන්ධකම් පවත්වලා නෑ..”

“ඔයාලා බැඳලා දැන් කොච්චර කල්ද?..”

“ඩොක්ටර් දැන් මාස හයක් විතර වෙනවා..”

“ඔය රෝග ලක්ෂණ මතුවෙලා දැන් කොච්චර කල්ද ?.”

වෛද්‍යවරයා එහෙම ඇහුවම උඹ මොහොතක් කල්පනා කරන්න ගත්තා..

“දැන් මාස දෙකක් වගේ වෙනවා…හැබැයි ඉස්සර මේ තරම් අමාරුවක් තිබ්බෙ නෑ…අපේ අම්මට කිව්වම අම්මා කිව්වේ ඇඟේ ඌෂ්ණය වැඩි ඇති ඒකයි කියලා..අම්මා කිව්වා ඇග නිවන කෑම ජාති කන්න කියලා…”

“ඔන්න ඕක තමයි ගොඩක් අයට වෙන්නේ…ගොඩ වෙදකම් කරගන්න ගිහින් ලෙඩ වැඩි කරගන්නවා…සමහරවිට මෙහෙම වෙන්න පුළුවන් ..කසාද බදින්න කලින් ඇතිවෙච්ච සම්බන්ධයක් නිසා ඔය දෙන්නගෙන් කෙනෙක්ගෙ ඇඟේ ඔය රෝග ලක්ෂණ යටපත් වෙලා තියලා පහුකාලීනව මතුවෙන්න පුළුවන්..මට හිතෙන්නෙ මේකත් ඒ වගේ සිදුවීමක් වෙන්නැති…කලබල වෙලා ප්‍රශ්න ඇතිකරගන්න එපා…ඒක ඔය දෙන්නට වඩා මේ ඉපදෙන්න ඉන්න දරුවාට බලපානවා.මම මේ කියන ඩොක්ටර් ගාවට වයිෆ්‍ව එක්කගෙන යන්න..මතක තියාගන්න දෙන්නම ප්‍රතිකාර කිරීම අවශ්‍යයි
කියලා එක්කෙනෙක් විතරක් ප්‍රතිකාර කරලා වැඩක් නෑ.”

“ඩොක්ටර් මේක නිසා අපේ දරුවාට හානියක් වෙයි ද?.”

“දැන් වෛද්‍ය විද්‍යාව ගොඩක් දියුණුයි…මේකට ප්‍රතිකාර තියෙනවා..ඉක්මන් ප්‍රතිකාර ගත්තොත් දරුවට කිසි කරදරයක් වෙන එකක් නෑ…හැබැයි ඉක්මනින් ප්‍රතිකාර කටයුතු වලට යොමු වෙන එක හොඳයි…”

හොස්පිට්ල් එකේ ඉදලා ගෙදර යනකම්ම අපි දෙදෙනා අතර කිසිම කථා බහක් සිද්ධ වුණේ නැති තරම්…

අපි දෙන්නා ගෙට ගොඩවෙලා ලිඳෙන් ඇඟපත සෝදාගෙන කාමරයට ආවා…

කාමරේට ගිය ගමන්ම උ/ඹ කාමරේ දොර අගුලු දාලා වැහුවා..මට ඒක දැනුනේ හරියට වහින්න කලින් විදුලි කොටනවා වගේ ගැටුමක පෙර සංඥාවක් කියලා..

උ/ඹ මගේ ළඟට ඇවිත් මගේ පපුවට හයියෙන් ගහගෙන ගහගෙන අඬන්න ගත්තා…

උ/ඹේ ඒ අඩුම ඉකිබිඳුම මොහොතින් මොහොත වැඩිවුණා විතරයි අඩුවුණේ නැහැ..

“තමුසේ මගේ ජීවිතය විනාශ කරා..ඇයි මට මෙහෙම කලේ..මම තමුසෙට මොකක්ද කරපු වැරැද්ද?”

උ/ඹ වැලපෙමින් එහෙම කෑ ගහන්න ගත්තා..

“කෑ ගහන්න එපා සුදූ…අම්මයි තාත්තත් ඇහෙයි…”

“ඉතිං ඇහිච්චදෙන්…මහා ලොකු පුත්‍රයාගේ වීරකම් උනුත් දැනගන්න ඕනේ…මේ සේරටම වගකියන්න ඕනි අපේ අම්මලා…මට ආදරේ කරන රත්තරන් වගේ කො/ල්/ලෙ/ක් ඉන්නකොට මේ කොහෙවත් යන හින්නෙක්ට මාව බලෙන් බන්දලා දුන්නා…මම හිතන් හිටියේ හින්නෙක් උනාට හොඳ ගුණ යහපත් මනුස්සෙක් කියලා ..බලන් යද්දි ඒකත් නෑ..දහයට ගනින්න බෑ වගේ හිටියට ස/ල්/ලා/ල/යෙක්…”

උ/ඹ මට අහේතුකව චෝදනා කරන්න වුණා..

“මම ඔයා හැරෙන්න වෙන ගෑ//නු කෙනෙක් එක්ක ඉඳලා නෑ සුදු…මගේ අම්මපල්ලා..”

මම උ/ඹ/ට එහෙම දස අතේ දිවුරුවත් උ/ඹ මාව අබමල් රේණුවක තරම් වත් විශ්වාස කළේ නෑ..

මට උ/ඹ ගැන පොඩි අවිශ්වාසයක් වත් තිබුණේ නෑ..විවාහයට කලින් උ/ඹ වැරදි කරලා තිබුණෙ නෑ…විවාහයෙන් පස්සේ උනත් උ/ඹ ගියේ අම්මාගේ ගෙදර විතරයි..
ඒ ගියෙත් තනියම නෙමෙයි ..උ/ඹේ අම්ම හරි මල්ලි හරි දෙන්නගෙන් කෙනෙක් උ/ඹ/ව අපේ ගෙදරින් එක්කගෙන ගියා..ආයේ අපේ ගෙදරට බැස්සුවා..

උ/ඹ වැරදිත් නැත්නම් මම වැරදිත් නැත්නම් මේ දේ උනේ කොහොමද කියලා මම අහස පොළොව ගැට ගහන්න වගේ කල්පනා කරන්න ගත්තා…

“මම වැරදි නෑ කියලා මගේ පපුව දන්නවා..මගේ එහෙම සම්බන්ධයක් ඇති උනානම් ඇති වුනේ ඔයා එක්ක විතරයි…ඔයා දන්නවා ඔයා වුණත් මාව කැමති කරගන්න මොන තරම් දුක් වින්දද කියලා …මගේ වැරදි ඇති…ඒත් මම ඒ වගේ ජ/රා ගෑ/නි/යෙ/ක් නෙමෙයි…මම වැරදිත් නැත්නම් ඔයා වැරදිත් නැත්නම් කොහොමද මේක උනේ දිලංක…?”

උ/ඹ එහෙම අහනකොට නම් මට කට උත්තරත් නැති වුණා..මේ දේ කොහොමද සිද්ධ වෙන්න ඇත්තේ කියලා මම කල්පනා කරා…

“මම දන්නවා සුදු..මට ඔයාව පොඩ්ඩක්වත් අවිශ්වාස නැහැ…”

“ඒ උනාට මට ඔයාව පොඩ්ඩක්වත් විශ්වාස නැහැ .මම දන්නවා මගෙන් ඔයාට සෑහෙන අඩු පාඩු වුණා..මම ඒක පිළිගන්නවා…ඔයා ඒ නිසා වෙන ගෑ/නි/යෙ/ක් ළඟට යන්න ඇති…”

උ/ඹේ කටහඬ ගොඩක් හැඬුම්බර වෙලා…කතා කරද්දී ඒ කටහඬ වෙව්ලනවා වගේ මට දැනුනා…

“ඔයාට පිස්සුද සුදු?..මම ඔයාට ඇත්තටම ආදරෙයි…මට ඉන්නේ ඔයා විතරයි..ඔයා ඒක දන්නවා සුදු…ඔයා දන්නවා මම අම්මට ගොඩක් ආදරෙයි කියලා..අම්මගේ නමින් මම කවදාවත් බොරුවට දිවුරන්නේ නෑ…”

මම එහෙම කිව්වම උ//ඹ මගේ දිහා බලාගෙන මොහොතක් කල්පනා කරන්න ගත්තා …

“බදින්න කලින් ඔයාගේ කා එක්ක හරි එහෙම සම්බන්ධයෙන් තිබ්බද ?..”

“එහෙම දෙයක් තිබ්බෙ නෑ සුදු….”

මමයි උ/ඹ/යි එකම කාමරේ දෙපසකට වෙලා සුසුම් හෙලන්න ගත්තා…

උ/ඹ මේ මේ ඉන්න තත්ත්වය එක්ක උ/බේ හිතට දුකක් වේදනාවක් ගේන එක උපදින්න ඉන්න දරුවාගේ සෞඛ්‍යට ,මානසිකත්වයට අයහපතක් කියලා මතක් වෙද්දී මගේ හිසත් කකියනවා…

රෑ කෑම කාලා එකම ඇඳේ දෙපැත්තකට වෙලා අපි දෙන්නා වැතිරුනා …උ/බ ඇඳේ වැතිරිලා අනික් පසට හැරිලා ඉකී ගහමින් අඬන හැටි අහන් ඉන්නකොට මගේ පපුව පත්තු වෙලා ගියා වගේ වුනා ..

“අඬන්න එපා සුදූ…”

මම උ/ඹේ සමීපයට ගිහින් උ/ඹේ හිස පිරිමදින්න ගත්තේ උ/ඹේ ඉකිබිදුම තවත් නම් අහන් ඉන්න බැරි නිසා…

උ/ඹ උ/ඹේ හිස මත තිබුණු මගේ අත පසෙකට තල්ලු කළා…

“එහාට යනවා මගෙන්…මාව අල්ලන්න එපා….මට වද දෙන්න ආවොත් තමුසෙට තනියම ඇදේ නිදාගන්න කියලා මම බිමට ගිහින් නිදා ගන්නවා…”

උ/බ එහෙම තර්ජනය කළා..මම ඇඳේ අනෙක් පසට වෙලා උ/ඹෙ/න් ඈත් වෙලා වැතිරිලා මගේ දෙසවන් වහ ගත්තේ තවත් නම් මේ මේ ඇඩුම මට අහගෙන ඉන්න බැරි නිසා…

මොහොතින් මොහොත රැයේ අඳුර වැඩි වුණා…රෑ අඳුර වෙනදා වගේම මට නිදාගන්න අඬ ගැහුවත් මගේ ඇස් දෙකට අද නම් පොඩ්ඩක්වත් නිදිමත ගතියක් දැනුනේ නැහැ…

මේ දේ සිද්ද උනේ කොහොමද කියලා මම කල්පනා කරන්න ගත්තා…මට නම් මේ සේරම හරියටම පැටලුණු නූල් බෝලයක් වගේ දැනුනා…

උ/ඹ නපුරු ගුප්ත ගැහැනියෙක් වුනත් උ/ඹ කවදාවත් හැගීම්බර ගැහැණියක් වුනේ නෑ…හැඟීම් පස්සේ යන්නේ නැති උ/ඹ කවදාවත් මේ වගේ වැරැද්දක් කරන්නේ නෑ කියලා මගේ හිත මට කිව්වා….

එහෙම නම් වැරැද්ද පැටවෙන්නෙ අනිවාර්යයෙන්ම මට.. මම මගේ අතීතය කල්පනා කරන්න ගත්තා….

වළදාපු අඳුරු අතීතය සිහිපත් කරපු මගේ හිතට රතු සංඥාවක් ආවා.. අමතක කරන්න උත්සහ කරපු ඒ පව්කාර රාත්‍රිය මට සිහිපත් වුණා …

සිහිපත් වෙලා මගේ ගත දහඩියෙන් නැහැවුනා…

දැන් මට පැහැදිලියි.මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා…ඇයි දෙවියනේ මට මෙච්චර වෙලා මේ ගැන හාංකවිසියක් වත් මතක් උනේ වත් නැත්තේ….

තවත් මේ දේ උ/ඹ/ට කියන්න කල් මරන්න ඕනේ නැහැ කියලා මට හිතුනා..මේ දැන්ම ඒ දේවල් කියන්න මට වුවමනා වුණා..

ඒත් එක්කම උ/ඹෙ/න් මට කවදාවත් සමාවක් නම් ලැබෙන එකක් නෑ කියලා මට හිතුනා .

මගේ ජීවිතයේ හැම දෙයක්ම ගැන මම උ/ඹ/ට කියලා තිබුණත් මම කවදාවත් මේ දේ ගැන කියලා නෑ…කිව්වෙ නැත්තේ කටක් ඇරලා ඒ දේවල් මට උ/ඹ/ට කියන්න බැරි නිසා…

මම හිතුවේ ඒ දේවල් අඳුරු අතීතය නිසා ඒ දේවල් කාටවත් කියලා වැඩක් නෑ කියලා …
මම මහා අවාසනාවන්තයෙක්..මගේ අඳුරු අතීතය මට විරුද්ධව නැගී සිටින අඳුරු බලවේගයක් වෙලා ….

ඒ කොහොම නමුත් මෙච්චර දෙයක් වෙලා තියෙද්දි තවත් නම් මේ දේවල් උ/ඹෙ/න් හංගලා වැඩක් නෑ කියලා මට හිතුනා…මේ මොහොතෙම මේ දේවල් උ/ඹ/ට කියන්න මම තීරණය කළා…

“සුදු ….මට කියන්න දෙයක් තියෙනවා…මම ඔයාට ඒ දේවල් කියන්නම්…හැබැයි ඔයා කලබල වෙන්නේ නෑ කියලා මට පොරොන්දු වෙන්න….”

මම උ/ඹෙ/න් එහෙම ඇහුවත් මගේ හිත ලොකු දෙගිඩියාවක තිබ්බා..මේ දේවල් දැන ගත්තොත් උ/ඹ මාව දාලා යයි කියලා මට හිතුනා …

හමුවෙමු මීළඟ කොටසින් 💔💔💔💔💔

අහක බලාගෙන යන්නේ නැතුව ලයික් එකක් එක්ක ස්ටිකර් කමෙන්ට්ස් පහ ගානේ දාගෙන යන්න ..

කතාව කියවන ඔයාලා හැමෝටම ස්තූතියි ආදරෙයි