කාවින්දි ලියනගේ

🌻 15 දිගහැරුම 🌻

” මොකද මේ නෝනා මට ගස්සන්නේ පදන්නේ ම්…..”

ඇගපත සොදාගෙන නානකාමරයේ සිට ඉවතට පා තබන්න කේශ්වර දැක අහිංසා ඔහු නොදැක්ක සේ ඔහුට ගස්සාගෙන කොට්ටයද යහනෙන් ගෙන සෝෆාව වෙත යන දෙස බලා හිදිමින් ඔහු විමසන්නට වුයේ ඇගේ අතකින් ඇය සිය තුරුලට ඇද ගනිමින්ය..

” මට ඉන්න දෙන්න…අල්ලන්න එන්න එපා..මාව අතාරින්නකෝ අයියේ “

ඔහුගේ තුරුලේ මිදිමට දගලමින් ඈ පවසන්න වුයේ .ඔහු එය නොඇසුන සේ තවත් ඈ සිය ලයට තුරුල් කරගනිමින් ය

” අතාරින්නම හැබැයි මට දැන ගන්න ඕනි ..මොක්කද මේ නෝනා මට ගස්සන්නේ පදන්නේ කියලා…”

” මට බොන අය එක්ක කතාවක් නැ..තිසා අයියා හිටිය හින්දා මන් මුකුත් කිව්වෙ නැත්තේ .එයා හිටියේ නැත්නම් ඔයා අද රෑ කෑමත් නෑ……….”

” අනේ දෝණී ඕකටද ඔය ඩෝං ගිහින් ඉන්නේ.හරි මේ අහන්නකෝ..”

ඇගේ නොක්කාඩු වදන් වලට සිනහවක් පැමියත් එය සගාවාගෙන..ඔහු ඈ සිය උකුල මතින් හිදවාගමින් යහනෙහි අසුන් ගන්නට විය…

” මේ අහන්න දෝණී ..ඔයා හොදට දන්නවානේ මගේ රස්සාව ගැන . ඉතිං ඔයා හිතනද දෝණී මන් එහෙම රස්සාවක් කරද්දි.මේ බේබද්දෙක් වගේ බොයි කියලා.ම්.මන් එහෙම දේවල් පාවිච්චි කරන්නේ නෑ ..හැබැයි ඉතිං ඔයා මොකක් හරි ප්‍රශ්නයක් තියන වෙලාවක ඉදලා හිටලා තිසංකායා එක්ක බියර් එකත් බොනවා..එ ඇරෙන්න මන් පුරුද්දක් විදිහට බොන්නේ නෑ.ම්..දැන්වත් මා එක්ක යාලුයිද..

” ඔය ඇත්තමයි නේද ..ඔයා බිව්ව එකටනම් මට තරහා නෑ .මට දුක හිතුනේ ඔයා මට නොකියාම බිව්ව එක..”

අහස්‍යායා ඔහුගේ අත් බාහුවක දැගිලිවලින් රටා අදිමින් වැරැද්දක් කර පියාට ගතු කියන සේ සෙමෙන් සෙමෙන් වදන් එකිනෙක අමුණමින් පවසන්න වුයේ ..මෙතක් සිර කරගෙන සිටි සිනාහව මුවින් පිටවෙද්දිය …..

” අනේ බන් දෝණී ..උබත් මටම හරියනවා..

පිස්සු කෙල්ල….”ඇගේ කෙහෙරැලි අවුල් කරමින් ඈ සිය ලයට තුරුල් කරගන්න වුයේ .ඈ පිලිබදව තවත් සිය ලයෙහි ආදරය දළු ලා වැඩෙද්දීය ………..

දින සති ගෙවි යන්න වුයේ …අහිංසා සිය බාහිර අධ්‍යාපනය කටයුතුවල නිරත වන අතර කේශ්වර සිය රාජකාරි කටයුතු වල කාර්යාල බහුල වෙද්දිය..කෙතරම් රාජකාරි තිබුනද ඉඩලැබෙන සෑම මොහොතක්ම ඈ හා ගත කිරිමට අමතක නොකලෙයේය..

එක් සැන්දෑවක ඔහුගේන් ලැබුනු දුරකථනය ඇමතුමකට අනුව ඇය සැහැල්ලු ඇදුමකින් සැරසී පෙර මග බලා ඉන්න වුයේ ..ඔහු පැමිණෙන තුරුය….

” ම්..දෝණී ලැස්තිත් උනාද..ඉන්න මන් ටක් ගාල වොශ් එකක් දාන් එන්නම්..එතකන් ඔහොම්ම ඉන්න..”

ඈ හිස දෙපසට සොලවන්න අසුනක ඔහු එනතෙක් හිද ගැනිමට සැරසුනත් ඔහුගේ විඩාබර වත දැක ඈ…..

” ඔයාට තේකක් ගේන්නද අයියේ ..”

ඔහු දෙස නෙත් කැල්මක් පාමින් ඈ විමසන්න වුයේ සෙනෙහසිනි…

” දෝණීට කරදරයක් නැත්නම් .ඇත්තමයි මේ වේලාවේ තේකක් ගෙනවනම් හුගාක් වටිනවා…” ඇයට දයාබර ඔහු පවසන්න වුයේ ඈ..ප්‍රීතියෙන් කුස්සිය වෙත දිව යද්ද්දිය..

” අනේ අයියේ මෙතන ශොයි නේ..වටේම ලස්සනට පෙනවා..ඔයත් ඇවිත් බලන්නකෝ අනේ ඔතන්නට වෙලා කෙක් ගෙඩිය වගේ ඉන්නේ නැතුව..”

ඇනවුම් කල ආහාර ලැබෙන තුරු අසුන්ගෙන සිටි තැනින් ඈ ඉවත් වී ඉහල මහලක පිහිටි අවන්හල වටා ඉදිකර තිබු අත් වැටට බර වි විදුලි ආලෝකයෙන් අලංකාර පෙනෙන කොලඹ නගර පුරා දෙනෙත් ගෙන යන්න වුයේ ..ඔහුට ඇනුම්පද කියමින් ය….

” එන්නකෝ දෝණී කාල ඉමු ඊටපස්සේ බැරියා ලස්සන බලන්න ..එන්න උණුවෙන් කන්න…කෝ එන්න වාඩිවෙන්න මන් කවන්නම් නැත්නම් ඉතිං පොඩි එකා වගේ ඇගේම හලා ගන්නවා ….”

ඈ දත් සියල්ල විරිත්තාමින් මොංගල් සිනහවකින් මුව සරසා ගෙන ඔහුට යාබද අසුනෙන් හිද ගන්න වුයේ .තරු පහේ අවන්හලක වුවද හැදිගෑරප්පු ඉවත් කර ඔහු සිය දෑතින්ම ඇය වෙත ආහාර පිඩක් දිගුකරද්දීය ……..

” අයියේ ඇයි ඔයා මේ එකපාරටම එලියට එන්න හිතන්නේ ..ඔයා සමාන්‍යයෙන් රෑට මෙහෙම එන්නේ නෑනේ..”

ඔහු නිහඬව මෙතෙක් සිය සාක්කුවේ තිබු ලියමක් ගෙන ඇයගේ දෝතින් තබන්න වුයේ .ඈ දැසින් කුමක්දැයි විමසමින් කුහුලෙන් එය විවරද්දිය …………

මතුසම්බන්ධයි .