-31 කොටස-

“ආව්..හිමංස මට රිදෙනවා… ඔයා මොනවද මේ කියන්නෙ…අනේ….”

“ඇත්ත කියනවා නිශාදි …. උඹ තරුන්ව මෙහෙට ගෙන්න ගත්තෙ කොහොමද…..උඹලා දෙන්නම එකතු වෙලා මාව ගොනාට ඇන්දුවා නේද..”

“හිමංස ..පිස්සුද ඔයාට…. මොනවද මේ කියවන්නෙ…”

හිමංස කොන්ඩෙ අත ඇරියා..

“නිශාදි …. මං අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා..ඔව්ද නෑද…එච්චරයි මට දැන ගන්න ඕනෙ

…අද තරුන් මෙහෙ ආවද..ආවද කියනවා “

නිශාදි වෙව්ලනවා…මොකද්ද මේ සිද්ද වෙන්නෙ.. තරුන් එහෙනම් පලිගැනීම පටං අරං අදම….ඒකයි හිමංස මෙහෙම හැසිරෙන්නෙ..

“කියනවා…ඒ හිවලා ආවද නැද්ද.”

“ඔව්..

ආවා”

“උඹ දන්නවද උඹව කිඩ්නැප් කලේ තරුන් කියල”

“ඔව්”

“උඹල දෙන්නම එකතු වෙලා මාව ඇන්දුවා නේද..”

“නෑ…නෑ.. හිමංස ….ඕක කීවෙ තරුන් නේද… තරුන් ඔයාව විතරක් නෙවෙයි හිමංස …මාවත් රැවැට්ටුවා…තරුන් කොහොම මනුස්සයෙක්ද කියලා මං හරියටම තේරුම් ගත්තෙ අද…හිමංස ..ඔයාගෙ ඇක්සිඩන්ට් එක කරවලා තියෙන්නෙත් තරුන්..අනේ හිමංස…තරුන් මට තර්ජනේ කරල ගියේ”

“බොරු නිශාදි උඹ හිතන්නෙ මං ඕවට අහුවෙයි කියලද. අද මගෙ අතින් උඹට මොනවා වේවිද දන් නෑ…..මං මෝඩයෙක් ඕයි මෝඩයෙක් ….ආදරේ අන්ධලු….ශිට්…”

හිමංස පිස්සෙක් වගේ සාලෙ පුරා එහෙට මෙහෙම යනවා… ටීපෝ එකට පයින් ගහපු පාර ඒක බිදුනෙ වීදුරු සී සී කඩ විසිවෙලා….

කොහොමද හිමංසට තේරුම් කරන්නෙ.නිශාදිට හිතා ගන්න බෑ…

“නිශාදි …මට තවත් මේ වේදනාව විදින්න බෑ… උඹට ඉන්න බැරි නම් මං එක්ක ඌ එක්කම යනවා….”

“හිමංස .මං වරදක් කලේ නෑ… ඔයා පිලි ගත්තත් නැතත්…..මට මේක ඔයාට තේරුම් කරන්න බෑ තවත්… මං යනවා… යන්නම යනවා…… ආයෙ කවදාවත් එන්නෙම නෑ ඔයා ලගට…. තරුන් තමා මගෙ ජීවිතේම විනාස කලේ….මං යනවා ඔයාලා හැමෝගෙන්ම ඈතට..

විශ්වාසයක් නැත්නම් එතන බැදීමක් නෑ හිමංස…..මං යනවා…ඒත් මං යන්නෙ ඔයාගෙ වටිනම වස්තුව අරං…. ඒක මිල කරන්න බෑ… මට ඒ ඇති..ජීවිත කාලෙම මං ඒ වස්තුව පරෙස්සම් කරනවා… මට ජීවත් වෙන්න අපි දෙන්නගෙ ලස්සන මතකයයි… ඒ වස්තුවයි හොදටම ඇති..”

හිමංසගෙ ඇස්දෙක දිහා බලාගෙන එහෙම කියපු නිශාදි ගෙදරින් එලියට බැස්සේ හිතේ තිබුනු ආවේගෙටමයි ..ඒත් මිදුලෙදි හිමංස නිශාදිව නතර කලා..

“කියනව නිශාදි ..මොකද්ද ඒ වස්තුව…කියනවා”

“බෑ.. මං කියන් නෑ…”

“කියන්නම ඕනෙ….කිව්වම තමා යන්න දෙන්නෙ..”

“කිව්වොත් යන්න දෙන් නෑ ඔයා.”
“ඇයි…”
“මං කියන් නෑ…. සමහර විට ඔයා ඒක පිලිගන්නෙත් නැතිවෙයි….ඒකටත් කියයි මේ මගෙ දරුවෙක් නෙවෙයි කියලා මං මොකටද ඔය කුණු කතා අහගන්නෙ……

මහලොකු හිමංස දෑලබන්ඩාර ..මං ආදරේ කරන්නෙම නෑ ආයෙ නම් ඔයාට..මට ඕනෙම නෑ ඔයාව… මං කියන්නෙම නෑ ඔයාට..නපුරු රජා…මට පේන්න බෑ ඔයාව….”

නිශාදි අඩ අඩා කියද්දි හිමංසගෙ මූණට ආවෙ අපූරු හිනාවක්..

“මොකද තමුසෙ හිනා වෙන්නෙ මිස්ටර් දෑලබන්ඩාර …. මහලොකු බිස්නස්මන්….”

හිමංස නිශාදිව හරහට වඩා ගෙන වටයක් කැරකුනේ නිශාදි කෑ ගහද්දිමයි..

“මොකද මේ. මාව බිමින් තියනවා… විමලා අක්කට කියනවා මං…..”

නිශාදිව බිම තියලා කොල්ල නිශාදිගෙ කම්මුල් දෙක රතු වෙන්නම ඉම්බා..

මොකද වෙලා තියෙන්නෙ තමුසෙට

.මං මොනවත් කීවද දැන්..”

“ඇයි දැන් කීවෙ…මට කියන්න ඔක්කොම කවද්ද දැන ගත්තෙ…. සීතා කියපුවා ඇත්ත උනා නේද..”

නිශාදි කල්පනා කරනවා කීවෙ කොයි වෙලේද කියලා… තරහින් මොනවදෝ කියෙව්ව නම් මතකයි…අය්යෝ මං කීවද ඒක….

“ඔච්චර වෙලා මාව කන්න හදලා දැන් මොකද අමුතු ආදරේ…”

“මං තමුසෙට ආදරේ නෑ ඕයි..මං ආදරේ මගෙ පැටියට..”

“ඇයි දෙන් නෑ එයාව…එයා මගේ…. තමුසෙ හොද නෑ හිමංස ..”

“ඔහොම නපුරු වෙන්න හොදද අම්මෙක් වෙන්න ඉද්දි…මූණ අබ දැම්මත් පුපුරලා කරවෙන සයිස්….”

“මං නපුරුයි තමයි..ඔයත් නපුරුයිනෙ..කොච්චරවත් බනිනවා මට….”

නිශාදි මූණ බෙරි කරගෙන අඩනවා..

“ඒයි ..දැන් අඩන්න හොද නෑ..දැන් සතුටින් ඉන්න ඕනෙ..ඔහොම පුප්පන්න ගස්සන්න හොද නෑ.. දගලන්නත් හොද නෑ.”

හිමංස නිශාදිගෙ කදුලු පිහිදනවා..

“ඔව් ඒවා ගැන නම් දන්නවා අපූරුවට…”

“දන්නවා තමා…මේ දැන් මොනවද කන්න ඕනේ….අපොයි මං නිදලා ඉවරයි අද ඉදලා…විමලා අක්කට රෑටත් නවතින්න කියන්න ඕනේ..”

“පිස්සු…මං යනවානෙ දැන්..”

“කොහෙද?”

“කොහෙහරි..”

“තමුසෙ යනවා ඕන තැනක මාස දහයකට පස්සෙ..මගේ බබාව මට දීලා..”

“ආ…හිතේ ඇති..මෙයා ඉන්නෙ මගෙ බඩේ ..ඒ නිසා අයිති මට..”

“මෙහෙ එනවා දොඩවන් නැතිව…”

.හිමංස නිශාදිව ගෙට දාලා දොර වැහැවා..

“නිශාදි…..අදින් පස්සෙ හුරතල් බෑ….”

හිමංස එහෙම කියනකොටම හිමංසගෙ ෆෝන් එක රිංවුණේ ඉතුරු ටික කියන්න නොදී..

“විනෝද්…”

“හිමංසයා…මාර සීන් එක…මාරයි…”

“ඇයි ..මොකද්ද වුණේ…”

“අපි හිතාන හිටියට අපි වැඩර්ලා කියලා තරුන් තමා සුපිරි වැඩකාරයා…උඹ දන්නවද දැන් පොලිසියෙන් තරුන්ව අරං ගියා..”

“මොකක්?”

හිමංස ස්පීකර්ස් ඔන් කලේ නිශාදිට ඇහෙන්නමයි..

“ඔව් හිමංසයා… මටත් හිතා ගන්න බැරි වුණා. සීඅයිඩී එකෙන්මයි පැන්නෙ මෙතෙන්න…තරුන් හොර බිස්නස් කරනවලු…. නිශාදි කිඩ්නැප් කරපු එකේ සාක්ෂිත් තියෙනවලු..ඒත් උඹේ අප්පච්චි කීවේ ෆැමිලි එක ගාව ගන් නැතුව නීතියෙන් දඩුවම් දෙන්න කියලා..”

“අප්පච්චි..???”

“ඔව් බං ..ඒක කියන්න බැරිවුණානෙ..අන්කල් තමා සීඅයිඩී එකට විස්තර දීලා තියෙන්නෙ..අන්කල් සුපිරියි..අපි දන්න දේවල් වලට වඩා ගොඩක් විස්තර අන්කල් දන්නවා…අන්කල් ඇවිත් දුන්නා සිරා කතාවක් තරුන්ට ඇඩෙන්න..

තරුන්ගෙ ජීවිත කතාවම අන්කල් හොයාගෙන..පවුල් විස්තරත් එක්කම තමයි කතන්දරේ කීවෙ…තරුන්ගෙ පවුලෙ අය යහතින් ඉන්නවා දකින්න කැමති නම් ආයෙ උඹලා දිහා ඇහැක් ඇරලා බලන් නැති විය යුතුයි කියලා ලස්සනට තේරුම් කලා…

මාත් ඩිම් වුණා බං ඒ කතාවට.අම්මෝ…ගිරිරාජ් දෑල බණ්ඩාර නමටම හරියනවා…”

හිමංසගෙ මූණෙ ඇදුනෙ අපූරු හිනාවක්..අප්පච්චි…කිව්වොත් දෙයක් කිව්වම තමා…..නිශාදි මේ කතා බහ අහගෙන හිටියේ පුදුම වෙලා…

“හරි විනෝද් ..එහෙනම් මං දැන් ආයෙ එන්නෙ නෑ…හෙට මීට් වෙමු…”

“හරි බොස්..උඹෙ අර ගෝලයො තුන්දෙනා ගැන අන්කල්ට කියලා ෂේප් එක්ක දාන්න.මදාවි වුණාට උන් පව් බං…”

“ඕකේ..”

“එහෙනම් ශ්‍රී සුබ මංගලම්..”

“පිස්සුද බං ..දැන් මංගල්ලෙ ඉවරයි..දැන් අපි දරු හුරතල් බලන්න යන්නෙ.”

“නෑ..මරුනෙ..”

“බායි..”

හිමංස ෆෝන් එක කට් කරලා නිශාදි පැත්තට හැරුණා..

“නිශාදි..දැන් ඉතිං ප්‍රශ්න ඔක්කොම ඉවරයි…දැන් ඉදලා සතුටින් ඉන්න ඕනෙ..හරිද?අපි දිගටම මෙහෙ ඉමු..හොලිඩේ වලට එහෙ යමු..මේ පරිසරේ හොදයි ඔයාට..”

“හරි බොස්.ඔයාගෙ අණ”

නිශාදිගෙ හිතට දැනුනෙ ලොකු සැනසීමක්…කරදර ඔක්කොම ඉවර වෙලා ජීවිතේ මෙහෙම ලස්සන වේවි කියලා නිශාදි හිතුවෙ නෑ..

💜️💜️💜️💜️💜️💜️

“හිමංස..හිමංස..”

“ම්ම්ම්ම්…..ඇයි වදේ මොකද මේ…”

හිමංස ඇහැවෙ නිදිමතේ…

“අනේ මට බඩගිනි….”

“දැන් වෙලාව කීයද?”

“රෑ දොළහයි..”

“මොකක්…පිස්සුද හලෝ මේ යක්කු ගස් නගින වෙලාවෙ…”

“මට බඩගිනියි.. තේ එකක් හදලා දෙන්නකො..”

“රජෙක් වගේ හිටියෙ මං… දැන් පේනවනෙ වෙලා තියෙන දේ…ෂා..මරු හීනෙ ඒක..අපරාදෙ..”

“හිමංස…නැගිටින්නකො..මට තේ එකක් හදං එන්න…නැත්නම් මං කෑ ගහනවා ඕං..”

“හරි හරි …හදං එන්නම්.”

“මේ..හෙට උදේට මගෙ රෙදි ටික හෝදන්න ඕනෙ හොදද?”

“ෂිකේ…..දුකක් නැතිව මගෙන් වැඩ ගන්න හැටි..”

“ඉතිං ඔයා බබාගෙ අප්පච්චිනේ…ඔයාගෙ යුතුකම් ඒවා..”

“ඔව් නේද?බබා පිට දම දමා තව මාස තුනක් ඉන්නවකො…ඊට පස්සෙ මං ගන්නම් ඕවට වාඩුව..”

“නපුරා…ආදරේටනේ වැඩ ගන්නෙ..”

“අපොයි..පුදුම ආදරයක්…”

“බොරු නෙවෙයිනේ..හිමංස… ඇයි දැන් ඔයා මට නපුරු විදිහට බනින්නෙ නැත්තෙ…”

“ඇයි ආසද බැනුම් අහන්න ඒ විදිහට….”

“ම්ම්ම්..ටිකක් ව්තර..ඒකෙත් පොඩි ගතියක් තියෙනවනෙ…”

“යනවා මාව ජෝක් එකට ගන් නැතිව…”

“ඔයා ඇත්තටම හැන්ඩ්සම් බෝයි අනේ..”

නිශාදි හිමංසගෙ කම්මුල් දෙක කොනිත්තනවා..කොල්ලා මේ විකාර ඔක්කොම ඉවසගෙන ඉන්නේ කෙල්ලගෙ හිත සන්තෝසෙන්ම තියන්න ඕන නිසා…

“හිමංස…”

“ම්ම්…”

“ඔයා හොදයි..ගොඩක්…පව් ..

අහිසංකයි..ස්වීට්…..”

“තව..ම්….”

“තව ….මං එදා දෙවනි මනාලි වුණේ නැත්නම්..අපිට මෙහෙම සතුටින් ඉන්න ලැබෙන එකක් නෑ නේද?”

“මොන පිස්සුද ඕයි…සංසාරෙ කරපු පව් ගෙවන්න එපැයි…ඒ නිසා මට තමුසෙව පාරකදි හරි මීට් වෙනවා…තමුසෙමනෙ ඕවා මට ඉගැන්නුවේ…”

“මහ නරකයි…කියපු කැත ඒක…දන්නවද..ලබන ආත්මෙත් ඔයාට වද දෙන්න මං ඔයාගෙ වයිෆ් වෙලාම ඉපදෙනවා..හොද වැඩේ මෝඩයට…”

“අපොයි… අහිංසක මං..”

හිමංස නිශාදිව තුරුළු කරගත්තෙ ගොඩක් ආදරෙන්….

හිමංස හදලා දීපු තේ එක බීලා නිශාදිට නින්ද යනකල් හිමංස ඔලුව අතගෑවා..පාන්දර නිශාදි ආයෙත් හිමංසව හොලවලා ඇහැරෙව්වා..

“මොකද්ද ඕයි තමුසෙට වෙලා තියෙන්නෙ..”

“හිමංස..අනේ එන්නකො…නැගිටින්නකො..යමුකො එළියට..”

“ඇයි අප්පා..”

“ඊයේ ටීවි එකේ කිව්වා අද පාන්දර උල්කාපාත වර්ෂාවක් තියෙනවා කියලා.. යමුකො බලන්න”

“මොකක්?….. ඕහ්….ෂිට්..ඔය ටීවි එක අල්ලලා පොලේ ගැහැවෙ නැත්නම් මං හිමංස නෙවෙයි..ඊඊඊඊඊඊඊඊඊඊ.”

“අනේ එන්නකො ඒයි…මට ආසයි ඒක බලන්න… “

“යමු ඉතිං අපායට හරි..දොළ දුකනෙ… “

හිමංස බැන බැන එළියට ආවා..

“අර..ලස්සනයි…”

හිමංස අහසෙ නිශාදි පෙන්නපු දිහා බැලුවා..

ඇත්තටම උල්කාපාත එක දෙක කඩා ගෙන වැටෙනවා…හරිම ලස්සන දර්ශනයක්..

“සතුටුද දැන් “

හිමංස ඇහැවෙ නිශාදිගෙ උරහිසින් අල්ලගෙන..

“ඔව් ගොඩක්..”

“ආයෙ මොනවද මං කරන්න ඕනේ..”

“ම්..හෙටත් පාන්දර නැගිටලා බලමු උල්කාපාත..”

“අපොයි ..අමුතුවෙන් බලන්න දෙයක් තියෙනවද නිශාදි…ඔයානෙ මගෙ උල්කාපාතෙ..මගෙ ජීවිතේට කඩං වැටිලා..මගෙ ලෝකෙම අමුතු ග්‍රහලෝකයක් කලේ ඔයානෙ…..”

“ඒකනේ…කොහොමද මගෙ වැඩ…”

“පිස්සි…සීතලයි දැන්..යමු…”

දෙන්නා ඇතුලට ගිහින් දොර වැහැවා…

උල්කාපාත තවමත් කඩා වැටෙනවා… දෙවනි මනාලිගේ ජීවිතේ හෙට දවසට අළුත් ඉරක් නැගෙනහිර අහසෙන් තව මොහොතකින් පායන බව ලස්සනට බබලන පහන් තරුව මතක් කලා.

💙💙💙💙අවසානයි💙💙💙💙