නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍

චන්ඩිරැජින🌹🌹

දහ වන චන්ඩිකම 🙅🙅

ආව ගමන්ම සාරි එකවත් ගලවන්නෙ නැතුව ඇදට වැටුණෙ.කොට්ටෙත් බදා ගෙන හිතේ තියෙන දුක හේදිලා යනකම්ම ඇඩුවේ.කොච්චර වෙලා ඇඩුවද කියලවත් මතක නෑ එහෙම්මම නින්ද ගිහින් නිශා කතා කරනකම්ම දන්නෙ නෑ.

” රශී මොකද? කෙල්ලෙ මේ උඹ දැන් ද,ආවෙ 5.00ටනෙ එනව කිව්වෙ.” 😳

” ආ..ඔව් බං.5.00ට තමයි ආවෙ”

” රශී ඇත්ත කියපං.උඹ ඇඩුව නේද? මොකද? බං උනේ.”🤨

” අනේ බං.ඉහි ඉහි 😭😭 “

අඩා ගෙනම නිශාගෙ උරහිස්සට වාරු උණේ.

” රශී අඩන්නෙ නැතුව කියපංකො මොකද? උණේ කියල.”

ගියපු වෙලාවෙ ඉදන් වෙච්ච හැම දෙයක්ම නිශා එක්ක කිව්වෙ හිතේ තියෙන දුක අඩු වෙලා යන්නත් එක්කම.

” එතකොට උඹ ආයෙ එතන වැඩට යන්නෙ නැද්ද? “

” නෑ බං “

” ඌ යකාගෙ බොසෙක්නෙ බං.ඌට මොන අයිතියක්ද,උඹට ගහන්න.” 😡

” අනේ මං දන්නෙ නෑ නිශෝ මං නම් තවත් එතන වැඩට යන්නෙ නෑ.” 😭

” එතකොට බං ඔය විනෝද් කියන එකා අම්ම අර කියපු හේරත් මැඩම්ගෙ පුතාද?” 🤔

” පුතාද? යකාද? කියලවත් අහන්නෙ කොහොමද? බං.ගිය වෙලාවෙ ඉදන් ගිනි මකර වගේ පිඹ පිඹ ඉන්නවනෙ”

” හ්ම්ම්ම් උඹට ඔතන වැඩ කරන්න බැරි නම් නොගිහින් හිටහං.ඒත් ඔය කියන හේරත් මැඩම් අම්මගෙ හොද යාලුවෙක් කිව්වනෙ.අම්ම ඇහුවොත් අපි මොකද? බං කියන්නෙ”

” අනේ මට තේරෙන්නෙ නෑ නිශෝ.ඒත් මං එතන වැඩට නම් යන්නෙ නෑ ආයෙ”

” හරි හරි දැන් ගිහින් ඇදුම් මාරු කරල වොශ් එකක් දා ගනින්.මං එන ගමන් එළවළු ටිකකුත් අරන් ආවෙ.ටක් ගාල මොණව හරි ටිකක් උයල ගම්මු.”

💓💓💓

” පුංචි අප්පු,පුංචි අප්පු…”

” ලොකු නෝනෙ ” 😁

” අර ගේට්ටුව ඇරපං ගිහින්.ලොකු බේබි ඇවිල්ලද? කොහෙද? හෝන් ගහනව ඇහෙනව”

” ආ…පුතා,මං ඒත් කෝල් එකක් දෙන්නත් කියල බැලුවෙ.😊 අර දරුව ආවද? පුතා”

” හ්ම්ම්ම් “

” මොකද? දරුවො මේ මූණත් එක්ක මැලවිලා ගිහින්.ඇයි පුතේ අසනීපයක්වත් ද?” 😥

” අනේ නෑ අම්ම.මට මහන්සියි පොඩ්ඩක් පාඩුවෙ ඉන්න දෙන්නකො” 😡

විනෝද් ටිකක් සැරෙන් එහෙම කියල හේරත් මහත්මියගෙ අතත් ගසා දාල උඩ තට්ටුවට නගින පඩි පෙල නැඟල ගියේ හේරත් මහත්මියත් පුදුමයෙන් බලන් ඉන්න අතරෙම.

” මොකද? අම්ම එයාට ඒ වෙලා තියෙන්නෙ” 🤔

” අයියට මහන්සි ඇති දූ.යන්න ගිහින් සුමනට කියන්න අයියට Milk Tea එකක් හදන්න කියල.”

ඒ විනෝද්ගෙ නංගි.නෙතුලි නිමංසා වීරසේකර.තාම කැම්පස් යනව.මේ දවස් ටිකේ නිවාඩුවට ගෙදර ඇවිල්ල.එතකොට විනෝද්ගෙ තාත්ත වික්‍රම දේවප්‍රිය වීරසේකර.විනෝද්ගෙ අම්ම සුජීවා රම්‍යානි හේරත්.සුජීවගෙත් වික්‍රමගෙත් එකම පුතා විනෝද් අකලංක වීරසේකර.

විනෝද් නා ගෙන කාමරේට ආවෙ කෙස් අග රැදිල තියෙන වතුර අතින් ගසා දාන ගමන්.

” පුතා..ඔයා කොහෙද? ” 🗣️

” බැල්කනි එකේ අම්ම.එන්න” 🗣️

” ම්ම් මෙන්න පුතා Tea එක.කොහොමද දරුවො ඔෆිස් එකේ වැඩ”

” වරදක් නෑ අම්ම”

” ම්ම්ම් අර දරුව ආවද? පුතේ”

” හ්ම්ම් ආව “

” මොකද? කියන්නෙ ඒ දරුව”

” මොකුත් නෑ අම්ම.මට හිතෙනව එයා හොදට වැඩ ටික අල්ල ගෙන කරයි කියල.”

“හ්ම්ම් ඒ දරුවව මට එච්චර ම්තකයක් නෑ.හැබැයි චූටි කාලෙ නම් දැකල තියෙනව.හරිම හොද දරුවෙක්.ටිකක් කටකාර කෙල්ලෙක්.”

හේරත් මහත්මිය එසේ පවසා හඩ නගා සිනා සෙන්නට විය.

” ඔව් ඔව් ටිකක් කට නම් වැඩියි තමයි.චැටර් බොක්ස් එක වගේ ටිකක් කොයි වෙලෙත් කියවනව.” 😀

” හ්ම්ම් ඒ දරුවට බනින්න එහෙම එපා පුතේ.අම්ම තාත්තත් නැතුව හැදුණු දරුවනෙ.ඒ උනාට දේවිකාට නම් පණ උනත් දෙයි.ඒ තරම් ආදරෙයි කෙල්ල දේවිකාට.”

හේරත් මහත්මිය එහෙම කියල එතනින් පිට වුණේ කොල්ලගෙ හිතේ තවත් ගිනි ගොඩක් අවුලල.මොකද? කොල්ල තාමත් මේ ඉන්නෙ කෙල්ලට ගහපු එකට දුකෙන්.ඒකෙන් ගොඩක්ම රිදුනෙ කෙල්ලටත් වඩ කොල්ලගෙ හිත. ඒකට පොඩි හේතුවකුත් තියනව.හැබැයි ඒක දන්නෙත් විනෝද් විතරයි.

ශික් මං කලබල වුණා වැඩියි.මට ටිකක් ඉවසන්න තිබුණෙ.පව් කදුලුත් පුරව ගෙන බලන් උන්නු විදිහ මතක් වෙන කොට පපුවම දනව.කමක් නෑ හෙට සමාව ගන්නව.කොල්ල එහෙම හිතන ගමන් ලැප් එකත් අරන් ඇදට ගියේ.

💓💓💓

” ඒ රශියො මේ බලපංකො බං ” 😲

” මොකද? බං “

රශී රෑට උයන්න බෝංචි කඩ කඩ උන්නු වෙලාවෙ නිශා කෑ ගහ ගෙන කුස්සියට දුව ගෙන ආවෙ.

” මේ බලපංකො.උබේ අර ගොලු බෙල්ල ආයෙත් messege එකක් දාල” 😲

” ගොලු බෙල්ල ” 🤨

” ඔව් බං.අර උඹ ගොලුව කියල බැන්න එකා.”

” ආ… ඒ හිකනලාද? මොණවද? ඌ කියන්නෙ”

මැණික පරිස්සමින් ගෙදර ගියා නේද? කියල අහනව. මේ ඌ නම් උබ ගැන හොදට දන්න එකෙක් බං.”

” මොකා උනත් මට ඕකව හම්බ වුණ දවසට තමයි ඕක මේ රසී කව්ද? කියල දැන ගන්නෙ.මං ඕකව බෝංචි කඩනව වගේ කඩන්නෙ මෙහෙම මෙහෙම” 😡

” හා හා උබ ඒක ඌ හම්බ වුණු දවසට කර ගනින් ඔය බෝංචි ටික පැත්තකින් කියල.ඈ බොල උබ මේ බෝංචි ටික මෙච්චර හීනියට කැඩුවෙ මැල්ලුං හදන්ඩද? ” 😏

කෙල්ලො දෙන්න කතා කර කරම බෝංචි කිරට දාල පරිප්පු එක්ක පොල් සම්බෝලයක් හදල ඉක්මනට රෑට කාල නිදා ගත්තෙ පහුවදා උදෙන්ම වැඩට යන්න ඕනෙ නිසයි.

💓💓💓

” රශී නැගිටපන් බං රශී “

” අනේ පලයංකො බං වද නොදී” 😡

” උඹ වැඩට යන්න අදහසක් නැද්ද? “

” නෑ බං.මං කිව්වනෙ මං ආයෙ එතන වැඩට යන්නෙ නෑ.”

“අනේ මංද බං.අම්මට කතා කරල ඒ මිනිස්සු ඇහුවොත් එහෙම අම්මටත් හරි නෑ.”

” ඒක ඒ වෙලාවට බලා ගම්මුකො බං”

” හ්ම් හ්ම් මං යනව එහෙනම්.”

” හ්ම්ම් ඉව්වෙත් නෑ නේද? බං “

” මං උදේම නැගිටල ඉව්ව බං.උඹ දවල්ට මොණව හරි උයපං”

නිශා ලෑස්ති වෙලා වැඩට යන්න ගියේ රශී තවමත් නිද ගෙන ඉන්න අතරෙමයි.

නැවත හමුවෙමු. 👋👋

ඔන්න බෝනස් දැම්මා. Like,Coment ගොඩාක් ඕනෙ අද නම්