1. කොටස
    (බෝනස් කොටස)

“ඒයි නවතිනවා…………. තමුසේ කවුද……… නවතිනවා මිනිහො……….”

ඒත් තෙනුලිට වැඩිදුර යන්න හම්බුනේ නෑ……. එතකොටම කවුද පිටිපස්සෙන් ඇවිත් තෙනූගේ නහයට මොනාද ඇල්ලුවා………… තෙනූට එහෙම්මම සිහි නැති උනා………

ටික වෙලාවකට පස්සේ……….. තෙනූ හෙමීට ඇස් ඇරියා………..

එතකොටම තෙනූ දැක්කෙ……….. තෙනූ තමන්ගේ ඇඳේ නිදාගෙන ඉන්නවා……..

“මෝ………… මොකක්……….. මං එතකොට ඒ දැක්කේ හීනයක්ද???………”

තෙනූගේ එහා පැත්තේ මිහේෂ් හොඳට නිදාගෙන ඉන්නවා………..

“ඒත් ඒක වෙන්නේ කොහොමද???…… ඔලුවත් රිදෙනවා…………. හීනයක් වෙන්න ඇති…………. හම්ම්ම්……… මොකක් උනත් කමක් නෑ මිහේෂ් පරිස්සමෙන් ඉන්නවනේ……. “

“හොඳටම දවලුත් වෙලා……….. දෙවියනේ මීහුගේ උදේ කෑම එක……….”

තේනුලි ඇදුමක් අරන් ඉක්මනට නාන කාමරේට ගියා……….. ඒ ගිහින් හොඳට නාලා පිරිසිදු වෙලා………. එළියට ආවා……. ඒ එනකොටත් මිහේෂ් නැඟිටලා……..

මිහේෂ් තාමත් ඉන්නේ තෙනුලි එක්ක අමනාපෙන් ඒ නිසා ම්8හේෂ්ගේ විරුද්දත්වය මැද තෙනූ මිහේෂ්ව සොදලා… පහළට ගියේ මිහේෂ්ගේ උදේ කෑම එක අරන් එන්න………….

ඒ එනකොට තෙනූ දැක්ක දෙයින් තෙනූගේ කකුල් පවා පණ නැති උනා……… මිහේෂ් රෝද පුටුව පැත්තකට දාලා………. බඩු අල්ල අල්ල ඇවිදින්න ට්‍රයි කරනවා………..

එක පාරම මිහේෂ් වැටෙන්න ගියා……. තෙනූ දුවගෙන ඇවිත් මිහේෂ්ව අල්ල ගත්තත්……… දෙන්නටම බැලන්ස් නැති වෙලා වැටුනේ ඇඳට……….

දෙන්නගෙම ඇස් මොහොතකට යා උනා……. එහෙම්මම මිහේෂ් ආයේ පාත් උනේ ඒ තොල් වලට………. මිනිතුවක් දෙකක් ඒ තොල්මත දඟ කරපු මිහේෂ් තෙනුලිව තල්ලු කරලා ඇඳට ගිහින් ඔලුවේ ඉඳලම පොරෝ ගත්තා…….

තෙනූ හැදුවේ කොහොමහරි මිහේෂ්ට කෑම එක කවන්න………

ඒත් මිහේෂ් කලේ……. ඒ කෑම එකට පයින් ගහපු එක……….

ඇයි මිහේෂ් මෙහෙම හැසිරෙන්නේ ??

තෙනූගේ ඇස් වල කදුලු තෙනූ අඬ අඬම ඒ
ඒ විසිරුණු කෑම එක අස් කරා………

මිහේෂ් මෙහෙම කරන්නේ තේජ් කියපු දේවල් වලටද???

එදා උදේටත් කෑම කෑවේ නැති නිසා තෙනූ සුප් එකක් අරන් ගියේ මිහේෂ් ගාවට…….. ඒ යද්දි මිහේෂ් කාමරේ නෑ……….. තෙනූ බය වෙලා මිහේෂ්ව හොයද්දියි දැක්කේ අනිත් පඩිපෙළ ගාව රෝද පුටුව තියෙනවා…………

“දෙවියනේ මීහූ……………”

මිහේෂ් පඩිපෙළ අල්ලන් බහින්න යනවා……

ඒත් එතකොටම………..

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

බෑ මං මිහේෂ්ව මරලා හරි තෙනූට තේජ්ව දෙනවා…