බැඳීමක් නැති මුදුවක්

14 වන කොටස

“මට ත/මු/සෙ/ව සත පහකටවත් විශ්වාස නෑ..මට ඒ ගෑ/නි/ගෙ කටින්ම ඒක දැනගන්න ඕනේ ..”

උ/ඹ එහෙම කිව්වම මට හීන් දාඩිය දාන්න ගත්තා.මේක කාගේ හරි සැලසුමක් වත්ද කියලා මට හිතුනා..නැතිනම් කොහොමද කුමාරි අක්කාගේ ෆොටෝ මගේ ෆෝන් එකට එන්නේ…

උ/ඹ කියපු විදිහට කුමාරි අක්කට කෝල් එකක් අරන් දුන්නොත් ,කුමාරි අක්කා මාත් එක්ක තියෙන තරහවට උ/ඹ/ට මොන බොරුවක් කියාවිද කියලා මට බය හිතුනා….

කිසිම දෙයක් හන්ගන්නේ නැතුව ඇත්තම උ/ඹ/ට කියනවා කියලා මම කල්පනා කළා ..

කුමාරි අක්කා ගැන උ/ඹ/ට කියන්න මම හිතාගෙන හිටියත් ගෙදර ආපු ගමන් උ/ඹ/ට ඒ ගැන කියන්න වෙයි කියලා නම් මම නම් මම හිතුවේ නැහැ…..

‍”නෙහාරා එහෙම මුකුත් නෑ නෙහාරා …..

ඔයා වැරදියට තේරුම් අරන් ඉන්නේ ඔය ගෑනු කෙනා අපේ බෝඩිම් එහා පැත්තේ කාමරයක ඉන්නේ …”

මම කුමාරි අක්කා ගැන හැම විස්තරයක්ම උ/ඹ/ට කිව්වා.උ/ඹ මගේ දිහා දෑස් ලොකු කරගෙන බලාගෙන හිටියේ පුදුම වෙලා වගේ….

උ/ඹ ඒ විස්තර අහලා මොහොතක් කල්පනා කරන්න වුණා..මගේ පපුවේ ගැස්ම ත්‍රීව වුණේ උ/ඹේ තීරණය මොකක් වෙයිද කියලා හිතාගන්න බැරුව…

“දිලංක ඔය කියන්නේ ඇත්‍තද?..”

“ඔව් නෙහාරා …මම ඔයාට කියන්න කියලා හිටියේ ..ඒත් ඔයා ඊට කලින් දැනගත්තා.ඔය ගෑ/නිගේ ෆොටෝ කොහොමද මගේ ෆෝන් එකට ආවේ කියලා නම් මට හිතාගන්නවත් බෑ…”

මම එහෙම කිව්වම උ/ඹේ මූණට හරිම උපක්‍රමශීලී හිනාවක් ආවා..මම නොඉවසිල්ලෙන් උ/ඹේ මුහුණ දිහා බලාගෙන හිටියා.

“දැක්කනේ..දිලංක ඔයාට මට හොරෙන් කිසිම දෙයක් කරන්න බෑ..ඒක මතක තියාගන්න..ඔයා කුස්සියට ගියපු වෙලාවේ ඔය ගෑ/නිගෙන් ඔයාට මැසේජ් එකක් ආවා ..මම ඔයා වගේ මැසේජ් කරලා ෆොටෝ ගෙන්න ගත්තා…”

“ඔයා මාව බය කරපු තරම් සුදු …ඒත් ඔයා මම වගේ මැසේජ් කරපු එක වැරදියි..දැන් ඒ ගෑනු කෙනා හිතාවී..මම ඒ ගෑ/ණි/ට කැමතියි කියලා …

ඇත්තටම උ/ඹ කෙරේ පනින රිලවුන්ට ඉණිමං බඳින වගේ වැඩක් කියලා මට හිතුනේ උ/ඹ කුමාරි අක්කාගේ ෆොටෝ ගෙන්වා ගන්න යවපු මැසේජ් දැකලා …

“ඒක මම බලාගන්නම්…කෝ මට ඔයාගේ ෆෝන් එක දෙන්න…”

“ඒ මොකටද නෙහාරා ….?”

“ඇයි ඔයා ෆෝන් එක දෙන්න බය…හිතේ මොකක් හරි හොරයක් තියෙනවා නම් නේ ඔයා බයවෙන්න ඕනේ…කරුණාකරලා මට ඔයා ෆෝන් එක දෙනවා ..”

“මේක පුදුම වදයක් වුනානේ…සැකය සැකය කොයි කොයිවෙලාවෙත් සැකය…මට ත/මු/සේ හැර වෙන ගෑ/නු නෑ නෙහාරා..අනේ ඇත්තමයි මට තමුසේ හින්දා ගෑ/නු සංහතියම එපාවෙලා තියෙන්නේ..

පිරිමියෙක් වගේ හැසිරෙන උ/ඹ ගැන මහ ලොකු කලකිරීමක් ඇති වෙලා මම එහෙම කිව්වා..පවුල රැක ගන්න ඕන නිසාම මේ තරම් ඉවසන මම මහා නිවටයෙක් කියලා උ/ඹ හිතනවා ඇති කියලා මට හිතුණා..

ඒත් මම ඉවසන්නේ නිවට කමට නෙමෙයි.මේ කසාදේ රැකගන්න කියලා උ/ඹ/ට හිතෙන්නේ නැත්තේ ඇයි කියලා මට තරහ ගියා..

හිතට දැනුන තරහ වැඩිකමට මට උ/ඹ ඉන්න තත්වය පවා අමතක උනා…

“කෝ දෙනවා ෆෝන් එක…”

උ/ඹ මගේ අතේ තිබ්බ මොබයිල් එක උදුරාගෙන එකෙන් කුමාරි අක්කට ඇමතුමක් අරන් ඒක ලවුඩ් ස්පීකර් දැම්මා …

“‘හලෝ…”

“ඇයි දිලා කතා නැත්තේ …ඔයා මගේ මැසේජ් එකට රිප්ලයි කරාම මට පුදුම හිතුනා…දැන් ගණන් උස්සලා ඉවරද?..අනේ ඇත්තමයි එදා ඔයා මාව එළව ගත්ත වෙලාවේ මගේ හිතට දැනුනේ පුදුම දුකක්..”

කුමාරි අක්කා එහෙම කිව්වම මගේ හිතට ලොකු සැනසීමක් දැනුණේ මගේ නිර්දෝෂී බව ඔප්පු වුණ නිසා..

කුමාරි අක්කා එහෙම ගියපු ගමන් උ/ඹේ මුහුණේ මාංශපේශී පවා නලියන්න ගත්තා…

“හෙලෝ…මම මේ කතා කරන්නේ දිලංකගේ වයිෆ්..”

“හෙ…ලෝ…”

කුමාරි අක්කා බය වෙච්ච පාරට ගොත ගහන්න ගත්තා….

“ලැජ්ජ නැද්ද ඕ/යි අනුන්ගේ මිනිස්සුන්ගේ පස්සේ යන්න….කලින් මමයි ත/මු/සේ එක්ක දිලංක වගේ මැසේජ් කරේ..ත/මු/සේ මීට පස්සේ මගේ මනුස්සයගෙ පස්සෙන් ගිහින් බලනවාකෝ මම ත/මු/සෙ/ට මොකක්ද කරන්නේ කියලා …”

උ/ඹ එහෙම කුමාරිඅක්කාට තර්ජනය කරන්න ගත්තා…

“අ..නේ.නං..ගි .. ම…ට ස..මා..වෙ..න්…න…මගේ අතින් ආයේ ඒ වගේ වැරැද්දක් වෙන්නෙ නෑ…”

කුමාරි අක්කගේ කටහඬ වෙව්ලනවා වගේ මට දැනුනා…

“මට ආයෙ කතා කරන්න ඉඩ තියන්න එපා.. ත/මු/සෙ/ව හොයාගෙන බෝඩිමට ඇවිත් හැමෝගෙම ඉස්සරහා මම උ/ඹ/ව ලැජ්ජා කරනවා…”

“අනේ නංගියේ එහෙම කරන්න එපා…මගේ අතින් ආයේ කිසිම වැරැද්දක් වෙන්නෙ නෑ..”

කුමාරි අක්කා එහෙම කන්නලව් කරන්න ගත්තා..උ/ඹ නිහඬවම ඇමතුම විසන්ධි කරා..

මම උ/ඹ දිහා පුදුමයෙන් වගේ බලාගෙන හිටියා.උ/ඹ/ත් හරියටම උ/ඹේ අම්මා වගේ සැරපරුෂයි කියලා මට හිතුනා …ඒත් එක්කම කුමාරි අක්කා ආයේ නම් මගේ දිහා බලන එකක්වත් නෑ කියලා මට හිතුණා…

“ඔයා ඔය කාලෙට ඔය තරම් තරහ ගන්න හොඳ නෑ නෙහාරා ..ඔය කාලෙ හිතේ ඇතිකරගන්න ඕනේ යහපත් සිතුවිලි විතරයි..ඒවා ලැබෙන්න ඉන්න දරුවටත් බලපානවා.තරහව වෛරය එයාට දැනෙන්න දෙන්න හොඳ නෑ….”

“අනේ යන්න දිලංක…ඔයා ඔය කියන විදිහට මට නම් ඔයාගේ අම්මාට වගේ ඉන්න බෑ…ඔයා නම් තාත්තා වගේ එහෙම දෙයක් කරලා අහුවුනොත් මගෙන් නම් කිසි සමාවක් ඔයාට ලැබෙන්නේ නැහැ…ඔයාටත් ඔයි ලැබිලා තියෙන්නෙ ඔයාගේ අම්මා නිවට ගතිගුණ…මම මගේ දරුවාව නම් ඔය විදිහට හදන්නේ නැහැ .”.

උ/ඹ එහෙම කිව්වම මට මගේ දරුවා ගැන ලොකු බයක් ඇතිවුණා..උ/ඹ මගේ දරුවගේ ඔළුවට මොනවගේ විසබීජ පුරවාවිද කියලා මට හිතුනා..

මනුස්සයෙක්ගේ යහපත් ගතිගුණ මේ සමාජයට නිවටකමක් විදිහට පේන්නෙ ඇයි කියලා මම කල්පනා කරා…

හිතට අපමණ සිතුවිලි ඇතිවුනත් නිහඬවම හුන්නේ උ/ඹ මේ ගත කරන අවස්ථාව හැටියට උ/ඹේ හිත රිදවන්න හොඳ නෑ කියලා හිතුන නිසා…

💔💔💔💔💔💔💔

පහුවෙනිදා පාන්දරම මම ඇහැරුනේ උ/ඹේ කෙඳිරිලි හඬ ඇහිලා තිගැස්සිලා..උ/ඹ/ට මේ ගමන මොකක්ද වෙලා තියෙන්නේ මගේ හිතට අමුතුම බයක් ඇති වුණා….

තවමත් නිදි මතින් පිය වෙලා තියෙන මගේ දෑස් මම අමාරුවෙන් විවර කලා..උ/ඹේ සුදුමැලි වෙච්ච මුහුන දැකලා මගේ හිතට බියක් ඇති වුණා….

“ඇයි සුදූ මොකක්ද වෙලා තියෙන්නේ..?”

“අනේ මට හරි අමාරුයි….”

“මොකක්ද වෙලා තියෙන්නේ සුදු කියන්න…අපි ඩොක්ටර් ලඟට යමු..”

මම එහෙම කියාපු ගමන් උ/ඹ කලබල වුණා…උ/ඹ දෑස් ලොකු කරගෙන මගේ දිහා බය වෙලා වගේ බලාගෙන හිටියා ..

“අනේ දොස්තර කෙනෙක් ලඟට නම් යන්න බෑ…කොහොමද දොස්තරට මේ වගේ දෙයක් පෙන්වන්නේ …?”

කවදාවත් කිසිම දේකට බය වෙන්නේ නැති උ/ඹ බියපත් හඬින් එහෙම කිව්වම මට පුදුමත් හිතුණා….

“මොකක්ද මගෙන් හංගන්නේ සුදු…කියන්න මොකද්ද වෙලා තියෙන්නේ…”

ඉවසලා ඉවසලා ඉවසිල්ලක් නැති තැන මම උ/ඹෙ/න් එහෙම ඇහුවා…උ/ඹ එක මොහොතක් මගේ දිහා බලාගෙන උන්නා…
ඉන් පස්සෙ උ/ඹ මගේ කනට කරලා රහසක් මිමිණුවා ….

උ/ඹ ඒ කියපු දේවල් අහලා මට හීන් දාඩිය දමන්න ගත්තා…උ/ඹ ඒ කියපු රෝග ලක්ෂණ අනුව මට එක්තරා රෝගයක් සිහිපත් වුණා..ඒත් එහෙම දෙයක් වෙන්නේ කොහොමද?මම කල්පනා කරන්න ගත්තා …

වෛද්‍යවරයෙක් ළඟට ගිහින් පරික්ෂාකිරීමෙන් හැරෙන්න ඒ ගැන තහවුරු කරගන්න වෙන විදියක් නෑ …

“සුදු ඔයා ඉන්න තත්වෙ හැටියට , පොඩි ලෙඩක් වුනත් සැලකිල්ලට ගන්න ඕනේ … නැත්තම් මේක දරුවාටත් බලපානවා..අපි මේක ඔයාගේ ඩොක්ටර් ට කියමු..අද doctor ඉන්න දවස නේද ?..ඉන්න අපි චැනලින් එකක් දාමු…”

“ඔයාට පිස්සුද?..මේක කොහොමද ඒ ඩොක්ටර්ට පෙන්නන්නේ .ලේඩි ඩොක්ටර් කෙනෙක් නම් තව කමකුත් නෑ… “

උ/ඹ එහෙම කියලා මුරණ්ඩු වෙන්න ගත්තා… අන්තිමේදි දරුවා නිසාම උ/ඹ මාත් එක්ක ඩොක්ටර් ලඟටයන්න කැමති වුණා ..

මම මගේ මොබයිල් එක අරගෙන චැනලින් එකක් දැම්මා…උදේ ඉඳන් හවස් වෙනකන් කාලය හිමිහිට ගතවෙලා යන බව මට දැනුනා..

පාරට ගිහින් වීල් එකක් අරගෙන මම උ/ඹ/ව දොස්තර ළඟට රැගෙන ගියා….අපේ වාරය එනතුරු මම උ/ඹ එක්ක නොඉවසිල්ලෙන් බලාගෙන හිටියා..

හෝරා දෙකකට පසුව අපේ වාරය උදා උනා…
මම උ/ඹ එක්ක වෛද්‍යවරයා ළඟට ගියා…

වෛද්‍යවරයා කාරුණිකව රෝග ලක්ෂණ ගැන අසද්දී උ/ඹ නිහඬව ලැජ්ජාවෙන් බිම බලාගෙන උන්නා.මම උ/ඹේ රෝග ලක්ෂණ එකක් නෑර විස්තර කරා…

රෝග ලක්ෂණ ඇහුවම වෛද්‍යවරයාගේ මුහුණ වෙනස් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ…වෛද්‍යවරයා බැරෑරුම් සහගත විදිහට අපි දෙදෙනාගේ මුහුණු දිහා මාරුවෙන් මාරුවට බැලුවා .

“ඇයි ඩොක්ටර් මොකක්ද වයිෆ්ට වෙලා තියෙන්නේ ?..”

“මට දැන්ම හරියට කියන්න බෑ..වයිෆ්ගෙ යූරීන් අරගෙන ලැබ් එකට ගිහින් දීලා රිපෝට් එක අරගෙන එන්න..ඒ එක්කම මේ ටෙස්ට් එකත් කරගෙන එන්න..

“ඩොක්ටර් රිපෝට් එක ඒ වෙලාවෙම ගන්න පුළුවන් වෙයිද?.”

“ඉක්මනට ගියොත් කරගන්න පුළුවන්…පහට අන්තිම රිපෝට් ටික දෙනවා…”

“හරි ඩොක්ටර් අපි වැඩේ කරගෙන එන්නම්…”

අපි වෛද්‍යවරයා ලඟින් පිටවෙලා ගියා…

“ඇති යන්තම් අයියේ.මම හිතුවේ ඩොක්ටර් ට පෙන්නන්න වෙයි කියලා ..ඔයා මේ බොරුවට බය වෙලා…අම්මා නම් කිව්වේ ඇඟේ ඌෂ්ණයට වෙන්න ඇති කියලා…”
.
අපි පරීක්ෂණය කරගෙන ලැබ් එකට ගිහින් වාර්තාව රැගෙන ආවා..වෛද්‍යවරයා යටතේ උන්නූ හෙදිය අපිට වෛද්‍යවරයා වෙත යන්න අවස්ථාවක් ලබා දුන්නා….

වෛද්‍යවරයා පරීක්ෂණ වාර්තාව දිහා මොහොතක් බලාගෙන හිටියා..වෛද්‍යවරයාගේ දෙබැම රැලි කරගෙන අප දෙදෙනා දිහා බැලුවා……

“මම ගෙස් කළා හරි…”

“ඇයි ඩොක්ටර් ?..”

“කලබල වෙන්න එපා..මට කණගාටුයි මෙහෙම කියන්න උ..නා..ට..ඔයාගෙ වයිෆ්ට

තියෙන්නේ ලිං*කව සම්ප්‍රේෂණය වන ලෙඩක්…ඔයාලා අහල තියනවද ගො/නෝ/රි/යා …වයිෆ් ඉන්නෙත් මේ තත්ත්වයෙන්…”

ඩොක්ටර් එහෙම කිව්වා විතරයි උ/ඹේ මුහුණ එකපාරට අඳුරු වුණා…උ/ඹ මගේ දිහා බය වෙලා වගේ බලාගෙන හිටියා…

“එහෙම කොහොමද වෙන්නේ ඩොක්ටර් ..?”

“අනාරක්ෂිත හැසිරීමකින් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්…ඔය දෙන්නගෙන් කෙනෙක් අනාරක්ෂිත හැසිරීමක යෙදිලා තියෙනවා..ඒ කියන්නේ රෝග වාහකයෙක් එක්ක ඇතිවෙන අනාරක්ෂිත හැසිරීමක්.වයිෆ් ඔය රෝගයෙන් පෙළෙනවා නම් අනිවාර්යෙන්ම ඔයත් ඔය රෝගයට ගොදුරු වෙලා ඉන්න පුළුවන්..මිස්ටර් දිලංකගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා ද?..”

මගේ මුළු ලෝකයම දෙදරලා ගියා වගේ මට දැණුනා…..

මේ මොකක්ද මේ වෙන්න යන්නේ..

ඇයි මේ වගේ කරදර එකපිට අපේ පුංචි කැදැල්ලමහොයාගෙන එන්නේ….

ඒ වගේ දෙයක් කොහොමද වෙන්නේ..

මේ රෝගය නිසා මගේ කිරිකැටියාට කරදරයක් සිද්ධ වෙයිද…

මේ දේවල් කල්පනා කරලාම මගේ හිස කකියන්න ගත්තා…

හමුවෙමු මීලඟ කොටසින්💔💔💔💔

මේ දවස් ටිකේ ගොඩාක් අය කතාව පෙන්නන්නෙ නෑ කියලා කියනවා..කතාව කියවලා අහක බලන් නැතුව ලයික්එකයි කමෙන්ට් එකත් එක්කම sticker comment 10 ගාන දාගෙන යන්න…

කතාව කියවන ඔයාලා හැමෝටම ස්තූතියි ආදරෙයි