කාවින්දි ලියනගේ
🌻 14 දිගහැරුම 🌻
කෑම මේසෙයේ ඇය හිද උන් ආසනයට යාබද අසුනෙන් ඔහු හිද ගත්තද.ඈ ඔහුට රැව්මක් පාකර පුටුව පසෙකට තල්ලු කරමින් නැගිසිටින්න වුයේ …කේශ්වරගේ මුවෙහි ලා මදහසක් නැගෙද්දිය ….
දෙතොල් අතර ඇදි සිනාහව මැඩගෙන බෑරෑරුම් පෙනුමක් සිය මුවට ආරූඪ කරගෙන කෑම මේසෙයේන් ඉවතට පා එසවිමට තනන ඇගේ අතකින් ඔහු අදින්න වුයේ ඈ…ඔහුගේ උකුල මත හිද වන ලෙසය..
” මොකද මේ මගේ නෝනා මට මේ රැස් දාන්නේ..ම්.කියමු බලන්න ..”
සිය උකුල මත හිදින ඇගේ ගෙල පිටුපස හාදු තවරමින් ඔහු විමසන්නට වුයේ ඈ සිය ගත හිරිවැටි යන ඔහුගේ පහස අහමුවේ කිතියෙන් ඇඹරෙමින් ,ඔහු පවසන වදන් නොඇසුන සේ ඈ ඔහුගේ ග්‍රහණයෙන් මිදීමට තැත් කරන්න වුයේ ..ඔහු තව තවත් ඇගේ ගත වටා දෑත් යවමින් ඈ තුරුල් කරගනිද්දිය ..
” අ..අත ග..න්න කෝ…….”
තමාට ඉවතට යාමට නොදී සිය බද වටා යවා ඇති ඔහුගේ ශක්තිමත් බාහු මෑත් කිරීමට උත්සහ කරමින් ඈ පවසන්නට විය..
” මොකක් කොහෙද අත ගාන්න ඕනි…අද මොක්කද කර ගත්තේ ..අනේ මන්දා දෝණී ඔයාටත් එක විදිහකට ඉන්නම් බෑනේ..”ඇය පැවසු වදන් හොදින්ම සවන් වැකුනද..ඈ මදක් ඇවිස්සීමේ උවමනාවේන්.ඔහු එලෙස පවසන්න වුයේ ..මුවින් ගිලිහිමට පොරකන සිනාහව මැඩගනිමින් ය……..
” අතගාන්න නෙවෙයි අනේ..අත ගන්න..අර තිසා අයියත් ඉන්නවා…..” අහිංසා කෝපයෙන් ඔහුගේ අත කුඩා පහරක් ගසමින් පවසන්න වුයේ ..ඔහුගේ මේ හැසිරීම් අබියස ඇගේ සිත සොම්නසින් පිරීගියද එය ඔහුගේන්ම සගවා ගැනීමට අසීරු උත්සහයක යෙදිමෙනි..
” ආ..එහෙමද ..ඌ හිටියාහම මොකෝ මන් තුරුල් කරන් ඉන්නේ මගේ ගෑනි මිසක් උගේ ගෑනි නෙවෙයි නේ……” තිසංක වෙත ඇයට නොපෙන්න ලෙස ඇසක් ගසමින් ඔහු පවසන වුයේ ..ඇය තව තවත් අවුලමින් ය..
” අඩෝ ඕවා කැත වැඩ බන්..මේ අහිසංක තනිකඩයා ඉස්සරහා උබලා ඔය ඇඩ්ලස් ඔන්ලි සීන් රගපලා මේ හිත රිද්දන්න එපා..අනික කොච්චර උනත් අපිත් ලැජ්ජ බයට හැදිච්ච මිනිස්සු…”
ඔහුගේ ඉගිය තේරුම් ගත් තිසංක වැඩියෙන් ලුණු ඇඹුල් එක්කර මුව එහාට මේහාට ඇද කරමින් පවසන්න වුයේ ..අහිංසාගේ මුවින් සිර කරගෙන හිදි සිනාහව කෑම කාමර පුරා විසිරෙද්දීය…….
” අනේ උබේ ලැජ්ජ බය..මගෙන් උබ ලුණු ඇඹුල් ඇතුව අහගන්නේ නැතුව .ඔය තියන දේහක් කාහන්…උබ වෝඩ් එකේ අර අලුත් ලෙඩි ඩොක්ටර් කට කනවා මන් ඊයේත් බලාගෙනයි……”
කේශ්වරගේ කතාවට මෙතෙක් ඔවුනට ඇද කරමින් සිටි ඔහුගේ මුව නිරායාසයෙන් වැසි ගියේ .තව කුමක් හෝ පැවසුව හොත් නිසැකයෙන් මොහු සිය සායම සෝදන බව අත්දැකීමෙන් දන්නා බැවිනි ……
” අඩෝ..අඩෝ..වදින්නම් මයේ දෙයියෝ උබේ ඔය බොක්කු කට වහගනින් .උබ ඔය හදන්නේ නංගී ඉස්සරහට මගේ සායම අරින්න පුතෝ…….”
” හහ්….හහ්……..”
කේශ්වර මහ හඩින් සිනාසෙමින් සිය උකුල මත උන් ඈ අනෙක් පුටුවෙන් තබා .ආහාර බෙදා ගන්න වුයේ .ඔහුටත් දෑසින් කෑම බෙදාගන්න ලෙස සන් කරන අතරවාරයේය …..
” තෝ ඉතිං හිනා වෙයන් ගල් මුසලයා..නොදකින් තෝ වගේ යාලුවෙක් මට මොන මගුකකට හම්බුනාද මන්දා…..”
” හම්මෝ බං අදනම් බඩ පැලෙන්නම කෑවා..අම්මපා බන් කෑමනම් ආයි කියන්න වචන නෑ ..පට්ට..”
” එහෙනම් ඉතිං උබේ දොලදුක හරි ඇතිනේ..”
” හී..තැන්කස් බොක්ක….”
” අනේ පලයන් යන්න උබේ ටැංකිය තියන්..”
“මේ නංගී ඔයාට වෙන අක්කලා නංගීලා එහම නැද්ද……”
” එ මොන මගුලකටද …උබට මොකටද එ විස්තර……”
” තෝ කටවහක් ඉදහන්කෝ ගස් නරියෝ.මගේ නංගීගෙයි කතාවට බකට් නොදා…..”
” යකෝ මේක හරි වැඩක්නේ ..උබ වැඩිය සද්දෙ දාන් ආවොත් දෙන්නේ පයින් බොට මන්…….” අත පිස දැමු ලේන්සුව තිසංකගේ මුණට දමා ගසමින් ඔහු පවසන්න වුයේ ..බොරු කෝපාන්විතහඩක් නංවාගනිමිනි…….
” හරි එක පස්සේ බැරියෑ..මේ කියහන්කෝ නංගී ඔයාගේ පවුලේ වෙන කවුරුත් නැද්ද..”
ඔහු පවසන කිසිවක අග මුල තේරුම් ගත නොහැකිව මදක් කල්පනා කර අහිංසා හිස දෙපසට වන්න වුයේ .තමා පවුලේ එක දරුවා බැවිනි ..
” සැක්…..එහෙමත් එකක්ද..මදැයි මන් මේ රසට කෑම ටිකක් කන්න හීන දැක්කා…”
සිය හිසටත් පහරක් ගසා ගනිමින් කට ඇදකරගෙන ඔහු පුටුවේ හතර අතට දැත් පා දමා ගෙන අසුන් ගන්න වුයේ …ඔහුගේ කතා බහේ අගක් මුලක් තේරුම් ගත නොහැකිව කේශ්වර මෙන්ම අහිංසාද ඔහු දෙස බලා හිදිද්දිය …
” එ මොන හතර බීරි කතාවක්ද බන්…..”
” අනේ බුරුවෝ…මන් නංගීගෙන් එයාට වෙන අක්කලා නංගීලා නැද්ද ඇහුවේ..ඉන්නවම් කසාද බැද ගන්න බන්.ඇයි යකෝ මේක මෙච්චර රහට උයන්න පුලුවන් නම් එයාලත් පුලුවන්නේ..එ කියන්නේ මට තුන් වේල රහට කන්න බොන්න පුලුවන්නේ …….” ඔහුගේ කතාව අහිංසාට මෙන්ම කේශ්වර හිනාව නතර කර ගත නොහැකි විය……….
” අනේ මන්දා බන් .උබ ශුවර් එකට ඩොකෙක් නේ…”
” අනේ පලයන් යන්න කේෂ්..උබටනම් මොකෝ .උබට නංගී රහට උයලා දෙනවනේ..මේ අහිසංක මට අඩුම තේකක්වත් හදලා දෙන්න කෙනෙක් නැතුව වෙලී වෙලී ඉන්නවා..උබට නරකයි මටත් ගමේ කෑල්ලක් සෙට් කරානන්…”
” ඇයි බොගේ වැලි කෙලියේ ප්‍රේමය.එකට මොකද කරන්නේ .ඔයා දන්නද දෝණී මුට මොන්ඩිසෝරි යන කාලෙ ඉදන් යලු වෙච්චි කෙල්ලෙක් ඉන්නවා….”
” අනේ මගුලේ වැලි කෙලිය………එකි අඩුම හොද්දක ලුණු බලන්නත් තේරෙන්නේ නෑ .උබ මේ මගුලක් කියනවා…”
” හරි හරි උබ එහෙනම් අර ඩොක්ටර් කෙල්ල සෙට් කරගනින් බෝනික්කි වගේ ඉන්නේ..උබටම හරියන්න….”
” මන් වචනෙනම් දැම්මා..බලමුකෝ ..”
” ඕ..එකියන්නේ කොල්ලා මන් හිතුවට වඩා ෆෝවර්ඩ් නේ..ඔකේ..හරි හරි යමන් තව මෙහෙම හිටියොත් නිදා ගන්නේ නැතුව හෙට හොස්පිටල් යන්න වෙන්නේ..”
” ඔව් නේ..එහෙනම් බන් මාත් යන්නම්..නංගී කෑම ටිකනම් පට්ට හොදේ..මන් ආයි දවසක එන්නම් කාල යන්න…..එහෙනම් අපි ගියා……”
” පලයන් පලයන් ..යකෝ මේක මාර වැඩක් උනානේ…උබ අයි මෙහෙ කෑම කන්න එන්න ඕනි නෑ..”
” අනේ අයියේ තිසා අයියා පව්..එහෙම කියන්න එපා….”
” දැක්කා නේද නංගීගේ කරුණාව තෝ වගේ නෙවෙයි .කෙල්ල…….”
” අනේ පලයන් මගෙන් අහගන්නේ නැතුව සත්ව කරුණාව ගැන..”
” හරි බන් එහෙනම් මන් ගියා..දෙන්නාටම බුදු සරණයි ……..”
හරි හරි උබත් පරිස්සමෙන් පලයන් ..බුදු සරණයි ………..
මතුසම්බන්ධයි .