-30 කොටස-

“තරුන් ..දැන් ඕවා කිව්වා කියලා වැඩක් නෑ.. මාව අමතක කරන්න තරුන්… ප්ලීස්…මට විශ්වාසයි.. ඔයාට මට වඩා ගැලපෙන හොද කෙනෙක් ලැබෙයි තරුන්…”

“විකාරද නිශාදි …..මං මෙච්චර නැහෙන්න ඕනෙද වෙන කෙල්ලෙක් ඕනෙ නම්…එනවා යන්න මාත් එක්ක”

තරුන්ගෙ ස්වරූපය වෙනස් උනේ නිශාදි බලං ඉද්දිමයි….

“තරුන්….මං ආපහු කවදාවත් ඔයා ලගට එන්නෙ නෑ…. හිමංස මාව ඔයාට දෙනවා කියලා දෙන්නත් ලෑස්ති උනා. ඒත් ඔයා මතකද එදා ගියපු හැටි…. ඔයා මට ඇත්තටම ආදරේ කලා නම් ඒ වෙලාවෙ හරි මාව අරං යන්න තිබුනා නේද… දැන් හිමංස මාව දුන්නත් මං කැමති නෑ ඔයා ලගට එන්න…”

“එහෙනම් ඒකද තමුන්ගෙ තීරණේ…”

“ඔව්…” තරුන් අඩියක් නිශාදි ලගට ලංවුනා..

එතකොටම ඇහුනෙ ගේට් එක හෙලවෙන සද්දෙ… දෙන්නම දොර දිහා බැලුවා..මිඩ් වයිෆ් නෝනව අඩගහගෙන විමලා එන හැටි තමා පෙනුනෙ…

“නිශාදි ….මේකත් අහගන්නවා….මං උඹව ලබා ගන්න ගොඩක් දේවල් කලා…හිතන තරම් ලේසියෙන් මගෙන් ගැලවෙන්න උඹට බෑ..ලගදිම දවසක මං ආපහු එනවා..

එතකොට

උඹම කියාවි මාව අරං යන්න කියලා.. හිතන්න එපා මං හිමංස එක්ක සතුටින් ජීවත් වෙන්න ඉඩ දෙයි කියලා…මං අපායක් කරනවා උඹේ ජීවිතේ නිශාදි …අපායක් කරනවා….
උඹම මට වැද වැද කියයි මේ අපායෙන් ගලවන් යන්න කියලා…තමුසෙ වචනයක් හරි කියලා තිබ්බොත් අද මං ආවා කියලා..තමුසෙගෙ හිමංස පරලෝකෙ යයි…එකපාරකුත් අනූනවයෙන්නෙ බේරැණේ..හොදට මතක් කරනවා..”

නිශාදි ගල් ගැහිලා බලං ඉද්දි නිශාදිගෙ ලෝකෙම අනිත් පැත්ත පෙරලගෙන තර්ජනේ කරලා තරුන් ගියේ විමලා ගෙට එනවත් එක්කම…

“නෝනෙ..මොකෝ..මේ..”

තුෂ්ණිම්භූත වෙලා බලං ඉන්න නිශාදි ළඟට ආපු විමලා වේගෙන් ගේට්ටුවෙන් පිටවෙන කාර් එක දිහයි නිශාදි දිහයි මාරුවෙන් මාරුවට බල බල ඇහැවා..

“නෝනෙ..”

විමලා නිශාදිගෙ අතකින් අල්ලලා හොල්ලද්දි තමා නිශාදි පියවි සිහියට ආවේ..

“ආ… විමලා අක්කා….ඔයා ආ..වද?”

“නෝනෙ..ඇයි මේ..කවුද අර මහත්තයා…”

“ආ..මේ… ඒ.. හිමංස මහත්තයාගෙ යාළුවෙක්..ආ මේ මිඩ් වයිෆ් මිස් වෙන්න ඇති නේද..එන්න මිස් ..ඉදගන්න..”

නිශාදි ආයාසයෙන් මූණට හිනාවක් නංව ගත්තා…එතන ඉදලා මිඩ් වයිෆ් මිස්ගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්නයි..කාමරේට ගිහින් එයාගෙ චෙක්අප් වලට මූණ දෙන්නයි නිශාදිට සිද්ද වුණා.. ඒ වුණත් නිශාදිගෙ කල්පනාව තිබුනෙම මේ සිද්ද වුණු දේ ගැන..

තරුන්..කාලයක් පුරාවට නිශාදිගේ ආදරේ දිනාගෙන හිටපු තරුන්මද මේ..තරුන්ගෙ මේ දුෂ්ට ස්වරූපය නිශාදි කවදාවත් දැකලා තිබුණෙ නෑ…

‘අනේ..මොකද්ද මේ වුණේ..තරුන්…මං හිතුවෙ නෑ එයා කවදාවත් මෙහෙම වෙයි කියලා…මේ මගේ තරුන්මද?…මං කොහොමද මේක විශ්වාස කරන්නෙ..හිමංස කොච්චර නපුරු වුනත් එයා මෙහෙම දුෂ්ට නෑ.. තරුන් මට තර්ජනේ කරන්නෙ ඇයි..මං එයා එක්ක යන්න අකමැති වුණු නිසා නේද?..

මොකද්ද අර කීව එකේ තේරුම…හිමංස එක පාරක් අනූනවනේ බේරුණේ කියලා කීවෙ..දෙයියනේ ඒ කියන්නෙ අපි බැදපු අලුත හිමංස ඇක්සිඩන්ට් වෙච්චි එකද? කකුල තුවාල කරගෙන හිටියේ කාලයක්…ඒක කෙරෙව්ව තරුන්ද?

තරුන් අර හෙමින් අඩි තිය තිය මගෙ ළඟට ආපු හැටි…මට එවෙලේ මොකද්දෝ මතක් වෙලා අමතක වෙනවා වගේ සිතිවිල්ලක් හිතට ආවා… ඒ ආපු විදිහෙ හුරු පුරුදු ගතියක්..

ඕ..මයි ගෝඩ්….එදා අර කිඩ්නැපර්…. අර අදුරු කාමරේදි මගේ ළඟට ආවෙත් ඒ විදිහටම නේද? ඒකේ තේරුම ඒ කිඩ්නැපර් තරුන්ද?මුළු මූණම කවර් කරගෙන හිටියේ මං අදුරගනියි කියලද…. වචනයක්වත් කතා කලෙත් නෑ..ඒ කටහඩ මං අදුරගනී කියලද?…

මට මේ හිතෙන දේවල් ඇත්තද? හිමංසගේ සල්ලිත් එක්කම මාවත් ළං කරගන්නද තරුන් මේ ඔක්කොම කලේ…අනේ මේ විදිහෙ කපටි මනුස්සයෙක්ටද මං ආදරේ කලේ…ලැජ්ජාවක් නැද්ද මෙහෙම දේවල් කරන්න..

මගෙ හිමංස..දෙයියනේ එයා කොච්චර අහිංසකද?

නපුරුකම් කලාට මට කොච්චර ආදරේද? මං වෙනුවෙන් මොනවද නොකලේ…මං දැන් මේ ගැන හිමංසට කියන්නෙ කොහොමද?තරුන් හිමංසට කරදරයක් කරයිද? අනේ..මගෙ හිමංස…පව් ඔයා….

“Miss Nishadhi .. My Congradulations… You are Pregnant …..”

මිඩ් වයිෆ් මිස්ගෙ සුබ පැතුම නිශාදිට ඇහුණෙ එහා ලෝකෙකින් එන පණිවිඩයක් වගේ… තමන් දිහා ඇස් ලොකු කරන් බලං ඉන්න නිශාදි ගැන මිඩ් වයිෆ් මිස්ටත් පුදුමයි..

“මිසී..ඒ කියන්නෙ..මං හිතුවා හරි නේද?”

“ඔව් විමලා..දැන් නෝනව පරෙස්සම් කරගන්න කියලා මහත්තයාට කියන්න..”

විමලට නම් සංතෝසෙ උතුරනව… විමලා මිඩ් වයිෆ් මිසීට තේ එහෙම හදලා දීලා සංග්‍රහ කරලා පිටත් කලා…නිශාදි තවමත් ඉන්නෙ තුෂ්ණිම්භූත වෙලා….

“නෝනෙ.. මොකෝ මේ බය වෙලා ඉන්නෙ…. අනේ මං තනියම දාලා ගිය නිසාද…. නැත්නම් තනිකම් දෝසයක්වත් ආවද….සතුටු නැද්ද නෝනෙට..”

“ම්ම්ම්ම් ..අනේ විමලා අක්කෙ එහෙම දෙයක් නෑ… මට පුදුම හිතුනා…අක්කා කොහොමද දැන ගත්තෙ කියලා…ඊයෙ අක්ක ගෙනාපු පොලොස් ඇඹුල් කෑවෙත් මං ආසාවෙන්..උදේ මං හිමංටත් කීවා..”

“ඕව මොනවද නෝනෙ අපිට. නෝනා ආස කෑමක් කියන්නකො මං හදලා දෙන්නම්…මහත්තයා හවස ආවම විස්තරේ කියන්න…”

“හා…”

හිමංස හවස ආවම මොන විදිහෙ විස්තර කියන්නද කියලා නිශාදිට හිතාගන්න බෑ… සතුටු වෙන්න ඕනෙ වෙලාවක් උනත් කෙල්ලගෙ මුලු හිතම කලු වලාකුලු වලින් වැහිලා තිබුනෙ…..ඒ නිසා නැගීගෙන එන රිදී ඉර නිශාදිට පෙනුනෙ නෑ….

🌹🌹🌹🌹🌹🌹

හිමංස හතර හමාර වෙද්දි ඔෆිස් එකෙන් යන්නයි ලෑස්ති උනේ..විනෝද් එතනට කඩාපාත් උනේ පූර්ව දැනුම් දීමකින් තොරව..

“හිමංස… මාර වැඩක්නෙ වෙලා තියෙන්නෙ….”

“ආ විනෝද්..කොහොමද..”

“මගෙ සැප දුක වැඩක්‍ද බං උඹට….”

“හරි වාඩි වෙමුකො මුලින්ම”

විනෝද් ඉදගත්තෙ බොහොම කලබලෙන්…

“මොකද්ද බං මේ…”

“හිමංසයා….මං මේ කියන දේ ඇහැවම උඹත් ඔහොම ඉන්න එකා නෑ.මං හිතාගෙන හිටියෙ තරුන්ව මං හොදට ඇන්දුවා කියලා.. ඒ උනත් වැඩේ වෙලා තියෙන්නෙ ඔක්කොම ඌට ඕනෙ විදිහට….”

“මොකක්ද කියන්නෙ බං..”

“හිමංස …උඹ දන්නවනෙ තරුන්ට රට යන්න සෙට් කලේ මං කියලා…. ඌට සුරංගනා ලෝකයක් පෙන්නලා ගේම ගැහැවෙ මං කියලා.. ඒ උනත් එදා තරුන් ඇත්තටම රට ගිහින් නෑ.. ඌ ඩීටේල් ඔක්කොම බොරුවට හදලා..මේක මාස්ටර් ප්ලෑන් එකක්..”

“ඉතිං විනෝද් ..ඕක අපි දන්න දේනෙ…”

“හරි බං…. මට මාර අප්සෙට් ..මේ ගැන මොකුත් හොයා ගන්න බැරි උනු එකට..”

හිමංසගෙ ෆෝන් එක රිං උනා

“හෙලෝ”

“හෙලෝ.. සර්.. ඉතාමත්ම සුබ ආරංචියක් සර්.. ඉතාමත්ම සුබයි.”

“ඇයි උඹෙ නෝනට බබා හම්බුනාද..”

“අය්යෝ සර්… ලැජ්ජාවෙ බෑනෙ සර්ගෙ විහිලු….”

“එහෙනම් මගුල කියන එකක් ඉක්මණට කියනවා..අරූ හම්බුනාද.”

“ඔව් සර්…මේ ඉන්නෙ බැබලි බැබලි….”

“ශා…නියමයි..උඹලත් සුපිරි යක්කු ටිකක්නෙ..”

“හදවත නතර උනා සර්ගෙ ප්‍රශංසාවට …ඒත් සර් මේ යකා දගලනව වැඩියි හොදටම..

ඒ මදිවට මහ පුදුම කතාවක්නෙ කියන්නෙ..”

“ඇයි”

“මේක කියනවනෙ අපෙ බොස් ඌ කියලා..ඌව අතාරින්න කියලා….”

“මොකද්ද ..”

“ඔව් සර්… මූට තව ටිකක් හොදට සලකන්නද අපි.”

“නෑ ..නෑ… ඉන්න තැන මට මැසේජ් කරනවා. මං එන්නම්… මං බලාගන්නම් “

..”ඕකේ සර්… සර්ගෙ කැමැත්ත..”

හිමංස ෆෝන් එක කට් කලා..විනෝද් බලං හිටියෙ කටත් ඇරගෙන…

“දැන් උඹ කියන්න හදන්නෙ..තරුන්ව උඹ හොයා ගත්ත කියලද”

“ඔව් බං.. ඒත් මෙතන ලොකු අවුලක් තියෙනවා… නෑ.. දැනුයි මට තේරෙන්නෙ… උන්ගෙ බොස් ඇත්තටම තරුන් නම්…විනෝද්… ඒ හිවලා.”

“මොනවද බං කියන්නෙ..”

“නිශාදිව කිඩ්නැප් කලේ තරුන්…..ඇයි මේක මට කලින් මීටර් උනේ නැත්තෙ.”

“සුපිරි ගේමක්නෙ බං…”

“එච්චර හැකියාවක් ඒ හිවලට තිබ්බද විනෝද්..”

“හිමංස ..ස්ල්ලි වලට මිනිස්සු ඔයිට වැඩිය දේවලුත් කරනවා..”

“හරි ප්ලේස් එක ආවා මැසේජ් එක.. යමු…උඹ එනවද..”

“නැතුව යමු….”

🖤🖤🖤🖤🖤🖤🖤🖤

තරුන්ගෙ ඇස් දිහා කෙලින් බලාගෙන හිමංස හිටියෙ තරහින් කලු වුණු මූණෙන්..තරුන් බලං හිටියෙත් ඊට දෙවනි නොවන මූණකින්..

වටේට මදාවියෝ ටිකයි විනෝදුයි බලං හිටියා…

තරුන්ගෙ අත් ලිහලා දාන්න කියලා හිමංස මදාවියට කීවෙ නිදහසේ සලකන්න ඕනෙ උනෙ නිසා…අත් දෙක බැදල ඉන්න කොල්ලෙක්ට ගහන්න තරම් හිමංස දුර්වල නෑ..

“මිස්ටර් තරුන්… මාර ගේමක්..මාස්ටර් ප්ලෑන් එකක්….. නියමයි…තමන් ආදරේ කරපු කෙල්ලව වෙන එකෙකුට දීලා ..ඒ කෙල්ලවම කිඩ්නැප් කරලා කප්පම් ගන්නවා…උඹ මොකෙක්ද ආ……..”

“හිමංස දෑල බණ්ඩාර…තමුසෙ මගෙ කෙල්ලව අරං යනකල් මං බලං හිටියෙ නිකම් නෙවෙයි…. තමුසෙලා මං ගැන මොනවද දන්නෙ…

තමුසෙගෙ මේ යාලුවා විනෝද් හිතුවෙ උගෙ චාටු කතා වලට මං අහුවුණා කියලා.. ඒ උනාට ඇත්තටම මෝඩයා උනේ කවුද කියලා දැන් පේනවනෙ….”

හිමංස තරුන්ගෙ කොලර් එකෙන් ඇදල ගත්තා..

“උඹ මේ සෙල්ලම දැන් නවත්තන්න ඕනෙ..නිශාදිව කවදාවත් උඹට දෙන් නෑ මං…”

හිමංස එහෙම කීවම තරුන් හයියෙන් හිනාවෙන්න ගත්තෙ හිමංස ලෝකෙ ලොකුම විහිලුව කලා වගේ..

“නිශාදි මගෙ ලගට එනවා හිමංස…. ඉක්මනට එනවා..උඹ මෝඩයෙක් හිමංස… ගිහින් අහනවා නිශාදිගෙන් මේ මොකුත් එයා දන්නෙ නැද්ද කියලා…මේ ඔක්කොම අපි දෙන්නගෙම ප්ලෑන්…අද දවල් මං ගියා එයා මීට් වෙන්න…. නිකමට ගිහින් අහපන්කො…”

තරුන් ඒ කීව කතාවට නම් හිමංසගෙ හිත පුදුම තරම් අප්සෙට් උනා…..නිශාදි එහෙම කරයිද …..හිමංස එතනින් පිටත් උනේ විනෝද්ව එතන තියලා..

හිමංස වේගෙන් කාර් එක අරං ගියේ හිත යකාගෙ කම්මලක් වෙලා තියෙද්දි..

🍀🍀🍀🍀🍀

“නෝනා මහත්තයා පරක්කු ඇයි දන්නෙ නෑ..”
“අනේ මන්ද විමලා අක්කෙ…”

“ආ…ඔය කියනකොටම එන්නෙ… එහෙනම් මං යන්නම් නෝනෙ… කෙලී බලං ඇති.. හෙට උදේම එන්නම්…..”

“හා අක්කෙ…”

හිමංස ගෙට ගොඩ වෙනවා නිශාදි බලං හිටියෙ බය වෙලා… වෙච්ච දේවල් කොහොමද හිමංසට කියන්නෙ…යකා නටයි…

හිමංස දොර වහලා අඩියෙන් අඩිය ලං වෙද්දි නිශාදි ගැහෙනවා…හිමංස බලන්නෙත් අමුතු බැල්මක්….

“හිමංස…ඇයි මේ ..ඔයා අමුතු වෙලා…”

“මං ..අමුතු වෙලා…..මගෙ මොකද්ද අමුත්ත….”

හිමංස නිශාදිව තුරුලු කරගත්තෙ බොහොම ඉවසීමෙන්…තරහ අරං ඇත්ත දැන ගන්න බැරි බව හිමංස දන්නවා…

“ඔයා වොශ් දාන් නැද්ද…මහන්සියි නේද “

නිශාදි හිතුවෙ හිමංස ටිකක් කූල් වුනාම විස්තරේ කියන්න..

ඒත් හිමංස නිශාදිව අතාරින පාටක් නෑ..

“මහන්සි ඇයි මට….ඔයාව දැක්කම මහන්සිය නිවෙනවා මගෙ….”

හිමංස නිශාදිගෙ කොන්ඩ කට්ට ගලවලා කොන්ඩෙ අතගානවා..

“හිමංස….. මට කියන්න දෙයක් තියෙනවා..”

“මං දන්නවා”

“ආ….”

“ඔව්……කියපන් ඇයි එහෙම කලේ උඹ ඇයි…”

හිමංස නිශාදිගෙ කොන්ඩෙ ඇදලා මූණ ලගට ගත්තෙ නිශාදිට හිතන්නවත් ඉඩ නොදී..