නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍

චන්ඩිරැජින🌹🌹

නව වන චන්ඩිකම 🙅🙅 •

  • ඒ මොකද? බං බොසා සැරද? *

සැරද බලන්න මං ඌව ඩෙවල් දැම්මෙ නෑ බං.හැබැයි වැඩි වෙලා නොගිහින් මූ මාව ඩෙවල් දාන්න බැරිකමකුත් නෑ.

එහෙම ගහල messege එක send කරා විතරයි ටොක් ටොක් ගාල සද්දයක් එනව.මොකක්ද? බලන්න ඔලුව ඉස්සුවෙ.ඔන්න රශියෝ අර හිකනලා මේ පැත්තට එනවා 😨

පරිස්සම් වෙලා හිටු.එහෙම හිතන ගමන් එකයි දෙකයි තුනයි කියල ඇගිලි නැමුවේ.

” මෙතන ගණන් පන්තියක් දාල කියල හිතුවද?” 😡

එහෙම කියන ගමන් බොසා ඇවිත් හිට ගත්තෙ මේසෙ ඉස්සරහම.

” මොකද? ඔය ෆෝන් එකක් අතේ තියා ගෙන.මෙතන වැඩ කරන වෙලාවට ඕව පාවිච්චි කරන්න බෑ.😡 දා ගන්නව ඕක බෑග් එකට.”

ඌ ආයෙත් සද්දෙන්ම එහෙම කියනව.ඌට හැටට හැටේ රවන ගමන් මං ෆෝන් එක බෑග් එකට දා ගත්තෙ.ඒත් එක්කම කව්දෝ ඇවිත් කතා කරේ.

” එක්ස් කියුස් මී විනෝද් සර් ටී ගෙනාව” 😁

” ආ සෝමදාස ඔය මේසෙ උඩින් තියල ගිහින් තව ටී එකක් අරන් එන්න”

අප්පෝ මුගෙ තියෙන පෙරේතකම 😏එතකොට මුගෙ නම විනෝද්ද,කව්ද? දන්නෙ නෑ මෙයාට නම දැම්මෙ.😏 මූ විනෝදෙන් ඉන්නව කෙසේ වෙතත් මගෙ විනෝදෙ නම් ධූරිම් භූත කරලම දැම්ම.😨මොන හාල් පාරුවෙක්ද,කියල හිතන ගමන් තාමත් දොර දිහා බලන් හිටපු නිසා ඌ දිහා බලල විරිත්තුවේ.

” මොකද? විරිත්තන්නෙ.ආයෙ අමුතුවෙන් විරිත්තන්න දෙයක් නෑ.විරිත්තුවෙ නැතත් වැදිරියො අදුර ගන්න පුලුවන්” 🤣

එහෙම කියල ආපස්ස හැරිල මූට යන්න වුණේ අඩි දෙකයි.computer එකට දාල තිබුනු වයර් එකේ පැටලිලා විසික් වෙච්ච පාර මූ මේසෙ ගාවටම විසි වෙලයි නතර වුණේ.🤣විසි වෙච්ච පාර එක සපත්තුවක් ගැලවිලා මේසෙ යටටම ඇදිල ගියා.

මාලුව නහින්නෙ කට හින්ද කියනවනෙ 😨 ඒක දැක්ක විතරයි මට ඉන්නෙ ඔෆිස් එකේ කියලත් අමතක වුණා.මේසෙටත් ගහ ගහා හයියෙන් හිනා වෙන්න ගත්තේ.මෙන්න මූ කන්න වගේ බලන් ඉන්නව.😶 එතකොටයි මතක් වුණේ කොහෙද? ඉන්නෙ කියල.ටක් ගාල ෆයිල් එක පෙරලල මූණත් වැහෙන්නම අල්ල ගත්තෙ වෙච්ච ලැජ්ජාව ෆයිල් එකෙන්වත් වහ ගන්න කියල හිතා ගෙන.

හෙමින් හෙමින් ෆයිල් එක උඩින් ඇහැ දාල බැලුවෙ මූ මොකද? කරන්නෙ බලන්න.මෙන්න මූ මේසෙ යට රිංගල සපත්තුව හොයනව.🤣 ආයෙ පාරක් හිනා යන්න ආවත් ටක් ගාල ල ලේන්සුව කටට කරල තද කර ගත්තෙ ආයෙත් හිනා වුනොත් නම් මූට එන කේන්තියෙ හැටියට මාව උස්සල අර ජනේලෙන් එළියට දායි.එහෙම උනොත් නම් මට ඉන්න වෙන්නෙ කාටුන්වල වෙනව වගේ ස්ටිකරයක් වගේ සමතලා වෙලා තමයි.😨

ෆයිල් එක මේසෙ උඩින් තියල ආයෙත් ඌ දිහා බැලුවෙ.මෙන්න මූ හිටු කියල රවනව.ඇයි යකෝ මං ඌව වැට්ටුව වගේනෙ.😏 හොද වැඩේ හැබැයි දැන් තේරෙන්න ඇති කව්ද? වදුර කියල. 🤣 ඇයි ඉතින් එසේ මෙසේ දුරකුත් නෙවෙයිනෙ මේ මේසෙ ගාව ඉදන් අර මේසෙ ගාවට පොර උඩින්නෙ ගියේ.හොද වැඩේ ඔරංඔටාට 😏 ඊට පාසෙ නම් විනෝද්කාරයගෙ කිසි සද්දයක් නෑ.😂මාත් සද්ද නැතුව වැඩ ටික කර ගෙන ගියේ ඉල්ල ගෙන පරිප්පු කන්න ඕනෙ නෑනෙ කියල හිතන ගමන්.

” ඔය ටික පැත්තකින් තියල කාල ඉන්නව.”

මෙන්න ඒ පාර 12.30ට විතර මේසෙ ගාවට ඇවිත් මූ එහෙම කියනව.යකෝ මූටත් තේරෙනව නේද? කන්න Time එකක් දෙන්න ඕන කියල.එහෙම හිතන ගමන් බෑග් එකේ තියෙන බත් එකත් අරන් නැගිට්ටෙ කැන්ටින් එකටවත් ගිහින් කාල එන්නම කියල හිතා ගෙන.

” තමුසෙ ඒ පාර කොහෙද? ඔය යන්නෙ”

” ඇයි සර්නෙ කිව්වෙ කෑම කන්න කියල”

එහෙම කියල සාරියත් පොඩ්ඩක් පිළිවෙලක් කර ගෙන ෆෝන් එකත් අරන් ඔෆිස් රූම් එකේ දොරත් ඇරන් එළියට ආවෙ සර් තව මොන මොනවදෝ කියවන අතරෙම.එළියට ආවට පස්සෙයි මතක් වුණේ කැන්ටින් එකට යන්න පාර දන්නෙ නෑනෙ කියල.ලග හිටපු ලමයෙක්ගෙන් පාරත් අහ ගෙන කැන්ටින් එකට එනකොට හෝ ගාල කට්ටිය ඇතුලෙ පිරිල.ඉද ගන්න තරම්වත් ඉඩක් නෑ.

ගාමන්ට් එකේ වැඩ කරන සේරම ලමයි කන්න එන වෙලාව නිසා මෙච්චර පිරිල තියෙන්නෙ.ආයෙත් ඔෆිස් එකට ගිහින් තව ටිකකින් එනව කියල හිතලත් අර නස්කූනිය එන්න දුන්නෙ නැත්නම් කියල කල්පනා වුණු නිසාම ආයෙත් හැරුණෙ ඉඩක් තියෙන තැනකින් වාඩි වෙනව කියල හිතලම.

එක පාරටම බුල් ඩෝසරයක් වගේ එකෙක් ඇවිත් ඇගේ හැප්පුණේ සූටි මාව අඩි දෙකක් විතර පිටිපස්සට විසි වෙලා යද්දී. 😨 අනිත් පැත්ත හැරුණෙ මොකෙක් උනත් කමක් නෑ ක්ණ පිරෙන්න දෙකක් කියනව කියල හිතා ගෙන.එතන හිටපු කෙනා දැක්කම නම් ඉහේ මල් දාහක් නෙවෙයි දහ දාහක් පිපුණ වගේ.😍

“අම්මෝ බං රශිය.දැක්ක කල්” 😲

” හෑ තරිදුව.😯 උඹනෙ බං.ඉතින් මෙහෙ මොකෝ කරන්නෙ”

ඉස්කෝලෙ යන කාලෙ හොදම යාලුවෙක් තරුදු.එයා මෙහෙ සුපර්වයිසර් කෙනෙක්ලු.අවුරුදු ගානකට පස්සෙ හම්බ වුණු නිසාම දෙන්නත් එක්ක කතා කර කර බත් එක කාල ඉවර වෙලා උඩට ආවේ.

ඔෆිස් එකේ දොර ගාවට ගිහින් දොර චුට්ටක් විතර ඇරල ඔළුව දාල බැලුවෙ.අර නස්කූනිය ඉන්නවද කියල.😶 රේඩාර් එකට අහු වෙන විදිහට නම් පොර පේන්න නෑ.😉 ඒ නිසා දොරත් ඇර ගෙන හෙමිහිට ඇතුලට ගියේ.

එක පාරටම ඇදිල ගිය මාව චටාස් ගාල කම්මුල් පාරක් වැදුණෙ හිතා ගන්න බැරි වේගෙන්.🙄ඒත් එක්කම විසි වෙලා ගියපුපාර කාගෙ හරි හැඩි දැඩි හස්තයකට හිර වුණේ.කම්මුල් පාරෙ සැරටම ඇස්වල කදුලු පුරෝ ගෙන ඔලුව උස්සල බැලුවෙ මොකුත් හිතා ගන්න බැරුව.

ඇස් දෙකත් රතු කර ගෙන යකෙක් වගේ විනෝද්මූණ දිහාම බලන් ඉන්නව.මේ මොන විකාරයක්ද කියල හිතන ගමන් විනෝද්ග්ව් අත අත ඇරල හැරිල යන්බ හදනවත් එක්කම විනෝද් අති ඇදල ගත්තු පාරට ඇදිල ගිහින් නතර වුණේ ඒ පපුවෙ.

” ඔච්චර මුරණ්ඩු මොකද? ආ…😡 මෙච්චර වෙලා කොහෙ ගිහින් ඉදලද,ආවෙ.”

” ක න් න ගියේ සර් කැන්ටින් එකට” 😥

” ඒකට ගිහින් කෑවද? නැත්තං එක එකා එක්ක මුකුලු කරාද?” 😡

” මේ සර් ම මං…..” 😥

” මොකද? වචන පිට වෙන්නෙ නැද්ද?😡 ඇයි මං ඉන්න කියද්දිත් ගියේ”

” ම ම ට ඇහුනෙ නෑ සර්”😥

” ඔව් ඉතින් කොහෙ ඇහෙන්නද? කියන්නත් කලින් ගිහින් ඉවරනෙ.”😡

එහෙම කියල විනෝද් මගෙ අත අතඇරල පිටිපස්සට තල්ලු කරේ.තාමත් පුපුරු ගහන කම්මුල එක අතකින් අල්ල ගෙන ඇස්වලින් පිටට පන්න හදන කදුලුත් හිර කර ගෙන ඇවිත් පුටුවෙන් වාඩි වුණේ.එයා තාමත් කේන්තියෙන් හලන් ඉන්නව එතනටම වෙලා.ඇස් කොනකින් දැක්කත් නොදැක්ක ගානට ෆයිල් ටික අර ගෙන ඉක්මනට ඉක්ම්නට චෙක් කරන්න ගත්තෙ ඉක්ම්නට ගෙදර යන්න හිතා ගෙනම.

” ආයෙත් වැඩට ආවට පස්සෙ හවස ඕෆ් වෙලා යනකං අර දොරෙන් එළියට ගියොත් බලා ගම්මු.😡 අර තියෙන්නෙ මගෙ ප්‍රයිවට් රූම් එක කෑම කන වෙලාවට ඒකට ගිහින කනව.”

එහෙම කියල එයා අත දික්කරල පෙන්නුවෙ පිටිපස්සට වෙන්න තියෙන දොරක් දිහාවට.

” අර තියෙන්නෙ බාත් රූම් එක”

වම් පැත්තෙ තියෙන දොරක් පෙන්නල එයර්හ් ගිහින් වාඩි වුණේ.මූ හිතුවද? දන්නෑ මං ඔෆිස් එන්නෙ නාන්න කියල.😏 මට බාත් රූම් පෙන්නන්නෙ ම්හු.මූකලම් බස්ස.😖

” තමුසෙ මෙතනට ආවෙ මගේ ඇසිස්ටන් විදිහට.ඒක හොදට මතක තියා ගන්නව.”😡

එයා ආයෙමත් එහෙම කිය්ල ෆයිල් එකක් අතට ගත්තේ.ඊට පස්සෙ නම් මොකුත්ම කියන්න ගියේ නෑ.ඒත් එයා සැරෙන් සැරේට මං දිහා බලනව දැක්ක වෙච්ච දේට සමාව ගන්න වගේ.මං නම් රවා ගෙනමයි හිටියෙ.කේන්තියටත් එක්කම දුකට.

හවස පහ වෙන කොට චෙක් කරල ඉවර කරපු ෆය්ල් ටික විනෝද්ගෙ මේසෙ උඩින් තියල බෑග් එකත් අතට අර ගෙන කොණ්ඩෙත් අතින් පිළිවෙලක් කර ගෙන දොරත් ඇර ගෙන පහලට දිව්වෙ ආයෙ නම් මෙතන වැඩට එන්නෙ නෑ කියල හිතා ගෙන.විනෝද් මොනව හරි කියන්න හදනව දැක්ක වුණත් ඒ කිසිම දෙයක් අහන්න මට උවමනාවක් තිබුණෙ නෑ……

නැවත හමුවෙමු.👋👋

Like එකක් දා ගෙන යන්න වස්තුලා