තරු ඇස්🌟

  1. කොටස

තවත් දවසක තෙනුලි හැදුවේ මිහේෂ්ගේ ඇඳුම් අල්මාරිය අස් කරන්න……… මිහේෂ්ගේ ඇඳුම් නම නම ඉන්නකොට ඒ එක ඇඳුමක් අරගෙන නහයට ලං කරලා සුවඳ බැලුවා…………. මිහේෂ්ගේ පිරිමි සුවඳ තෙනූගේ මුළු ආත්මයම ස්පර්ශ කළා වගේ ඇයට දැනුණේ…………. ඇය ඒ එකක් අරගෙන එහෙට කැරකෙනවා………. මෙහෙට කැරකෙනවා……… හරියට මිහේෂ් එක්ක බාල් නැටුමක් නටනවා වගේ ඒත් හදිස්සියේම කවුද දොර ගාව ඉන්නවා තෙනුලි දැක්කා

“මොකක් ඔයා …..”

ඒ ඇවිත් හිටියේ වෙන කවුරුත් නෙමෙයි තේජ්…………..

“ඔයා මොකද මෙහේ ??…”

“ඇයි මට දැන් මෙහෙ එන්නත් තහනම්ද ??”

“අනේ එහෙම නැහැ…….. ඒ උනාට මේක මිහේෂ් ගේ කාමරේනේ…………”

“මතක තියාගන්න තෙනුලි මිහේෂ් ඔයාගේ මහත්තයා වෙන්න කලින් මගේ හොඳම යාළුවා…………”

“ඒත් දැන් මිහේෂ කාමරේ නෑනේ ……..”

“මම ඒක දන්නවා……… මම ආවෙ ඔයාව හම්බවෙන්න තෙනුලි………”

“මාව මොකටද??……… අපිට තවත් කතා කරන්න දේවල් නැහැ නේද??”

“දෙයක් ඇත්තේම නැද්ද තෙනුලි??….. ඇයි මට මෙහෙම සලකන්නේ??……. මගේ ආදරේ ඔයාට දැනෙන්නේ නැද්ද ??……..”

“මං ඔයාට ආදරෙයි කියලා නැහැ නේද ??….”

එහෙම කියලා තෙනූ හැදුවේ කාමරෙන් එලියට යන්න මොකද කවුරුත් නැති වෙලාවේ මෙහෙම මේ දෙන්නා කාමරේ ඉන්න එක හරි නැති නිසා………….

ඒත් තේජ් කාමරෙන් එළියට යන්න ගිය තෙනුලිව ආපහු ඇදල අරන් බිත්තියට තියල තද කරගත්තා…………….

“අත අරින්න තේජ්……..හොඳට මතක තියා ගන්න මං දැන් ඔයාගේ යාළුවගේ වයිෆ්………….. ඒ නිසා ඔය හිතේ තියන දේවල් අමතක කරලා මට පාඩුවේ ඉන්න දෙන්න…………………. “

“මගේ ආදරේ මදි ද තෙනුලි???…… ඇයි ඔයා මේ අබ්බගාතයව බැඳගත්තේ??? දේපල නිසාද???…….. කියන්න…………. කියන්න……………. මම ඊට වඩා ඔයාට සල්ලි දෙන්නම්…………… අනේ මට ඔයා නැතුව ඉන්න බැහැ…………….. මගේ ළඟට එන්නකෝ……………”

“තේජ් තමුන් හිතනවා වගේ මම සල්ලි වලට මිහේෂ්ව බැන්දේ නැහැ………. මං මිහේෂ් ට ආදරෙයි………. ඒකයි එයාව බැන්දේ…………..”

“ආදරෙයි…………. මේ හැඟීමක් දැනීමක් නැති මිනිහට ඔයා ආදරෙයි???…….. කියනවා මගේ නැති මොනාද ඔයාට මිහේෂ්ගේ තියෙන්නේ???……….”

තේජ් ඒ දේ නම් කිව්වේ සමච්චලේට හිනා වෙලා……………

“සමහර දේවල් තියෙනවා තේජ් කියන්නම ඕනෙ නැහැ…………… මට මිහේෂ්ගේ ඇස්වලින් උතුරන්න ආදරේ පේනවා ……..”

තේජ් කළේ තෙනුලිව අත ඇරලා හයියෙන් හිනා වෙන එකයි………………

තමුසෙට නම් පිස්සු තමා……… තමුසෙට කවද හරි මගේ ළඟට එන්න වෙනවා…….. මොකද තමුනුත් හැඟීම් දැනීම් තියන කෙල්ලෙක්නේ………. ඔයා හොඳටම දන්නවා මිහේෂ්ට බෑ ඔයාගේ ඒ හැඟීම් වලට පණ පොවන්න……….. ඒ නිසා ඔයාට මාව හොයාගෙන එන්නම වෙනවා තෙනුලි…….. ඒ දවස එඩි ඈතක නෙමේ………. ඔයා එනකම් මං බලාගෙන ඉන්නවා…………”

තේජ් කෝපයෙන් අසල තියෙන බිත්තියටත් ගහලා තමා එතනින් යන්න ගියේ……………..

මට සමාවෙන්න තේජ් ඔයාව මෙහෙම රිද්දනවට…………. ඒ උනාට මම දැන් මිහේෂ්ගේ නෝනා වෙලා ඉවරයි…….. ඔයා කොහොම හරි හිත හදා ගන්න ඕනේ……… ඒ වගේම මං මොනම හේතුවකටවත් දැන් මිහේෂ්ව අතාරින්න තියා හිතන්නෙවත් නැහැ………….

තෙනුලි තමන්ටම කියා ගත්තා………. එහෙම හැරිලා කාමරේ ඇතුළට යන්න යනකොටයි දැක්කේ ඈත කොරිඩෝවේ මිහේෂ් කඳුළු පුරවන් මේ දිහා බලන් ඉන්නවා ………………

දෙවියනි මිහේෂ් මං ගැන මොනා…….. හිතන්න ඇති ද ??……… එයාට තේජ් කියපුවා ඇහුනද දන්නෙ නෑ………… එහෙම නම් එයාගේ හිත හොදටම රිදිලා ඇති……….

තෙනුලි අඩියට දෙකට දිව්වේ මිහේෂ් ගාව………… ඒ ගිහින් මිහේෂගේ අතින් අල්ලගත්තා…………….

“මිහූ ඔයා ඕවා ගණන් ගන්න එපා………”

තෙනුලිට හිතන්නවත් වෙලාවක් නොදී මිහේෂ් තෙනුලිගේ අත ගසලා දැම්මා………

“මීහු….??”

තෙනුලි හැදුවේ ආයෙත් මිහේෂ්ව අල්ලන්න ඒත් මිහේෂ් මේ සැරේ ඉස්සෙල්ලට වඩා හයියෙන් තෙනූගේ අත ගසලා දාලා අහක බලා ගත්තා………..

එදා දවසම මිහෙෂ් කළේ තෙනුලි ව ප්‍රතික්ෂේප කරපු එකයි…………..

ඒ නිසා තෙනූ හිටියේ දවසම හිතේ අවුලෙන්………. තෙනූ මිහේෂ්ව යාලු කර ගන්න ගොඩක් දේවල් කලත් මිහේෂ් ඒ හැම වෙලේම තෙනූව ප්‍රතික්ෂේප කළා……….

එදා රෑත් පුරුදු විදියට තෙනුලි හැදුවේ……. රෑ කිරි එකත් බීලා නිදාගන්න……… ඒත් එක පාරටම කෙල්ලට කලන්තයක් වගේ ඇවිල්ලා වැටෙන්න ගියා………… එතකොට තෙනුලිගේ අතේ තිබ්බ කිරි කෝප්පේ බිම අත ඇරිලා බිඳිලා ගියා……….

“දෙවියනේ………..”

තෙනුලිගේ අත ගියේ පපුවට…….. තෙනුලිට එක පාරම අහේතුක බියක් හිතට ආවා….. තෙනූ එක පාරටම බැලුවේ තමන්ගේ එහා පැත්තේ නිදාගෙන ඉන්න මිහේෂ් දිහා………

“නෑ…………. නෑ……………. තෙනූ මොනවද තමුන් මේ හිතන්නේ??…….. ඒක නිකම් කිරි එකක්…………. ඕක බිඳුනට ඔච්චර බය වෙන්නේ???…… මිහේෂ් හොඳින්…….. එයාට මුකුත් වෙන්නේ නෑ……………”

එහෙම හිතලා තෙනූ හැදුවේ වීදුරු කටු ටික අස් කරන්න………… ඒත් නොහිතපු විදියට ඒ වීදුරු කටුවකට තෙනූගේ අත කැපෙනවා…….. රතු පාට ලේ බින්දු සුදු පාටට පොළවේ විසිරුණු කිරි එකේ අපූරුවට සටහන් උනේ තෙනූගේ හිතට දැනෙන ඒ නොසන්සුන් හැඟීම තවත් වැඩි කරලා……….. සේරම අස් කරපු තෙනූ ඇඳට ඇවිල්ලත් සෑහෙන්න වෙලාවක් එහාටයි මෙහාටයි පෙරලි පෙරලි ඉඳලා නින්ද යද්දි පාන්දර උනා…………..

තෙනුලි හිටියේ ලස්සන මල් වත්තක……….. ඒ මල් හරිම ලස්සනයි……… තෙනූ දැක්කේ ඒ මල් අස්සෙන් දුවගෙන එන මිහේෂ්ව…… ඔව් ඒ කඩවසම් රුව දිහා තෙනූ බලන් හිටියේ හරිම ආදරෙන්…………

“මිහූ….. ඔයා ඇවිදිනවා…….”

තෙනූගේ ඇස් වලින් කදුලු ගලනවා සතුටට……….

ඒත් එක පාරටම…………

“ඩෝං……………..”

ලේ විදින පපුවත් එක්ක මිහේෂ් ඇදගෙන වැටෙනවා………

“මීහූ……………..”

තෙනූ එතෙන්ට දුවගෙන යද්දිමයි…….. තවත් වෙඩිල්ලක් තමන් දිහාට ආවේ…..

“එපා…………..”

කෑ ගහගෙනම තෙනූ හීනෙන් නැගිට්ටා……

“දෙවියනේ මං මොකක්ද ඒ දැක්කේ??…….”

තෙනූගේ ඇඳුමම දාඩියෙන් පෙඟිලා……… බයට……….. තෙනූ එහෙම්මම මේසේ තිබ්බ වතුර වීදිරුව අරන් එක හුස්මටම බීලා ඉවර කලා…………. ඊට පස්සේ තෙනූ හැරුණේ මිහේෂ් ඉන්න දිහාවට………. එතකොටයි තෙනු දැක්කේ එතන මිහේෂ් නෑ කියලා……….. තෙනූගේ පපුව හිර වෙනවා වගේ දැනුනා…………

වට පිට බලද්දි දැක්කේ මිහේෂ්ගේ රෝදපුටුව තාම තියෙනවා……….

දැන් නම් තෙනූ හොඳටම බය වෙලා…….

මිහේෂ්ට කොහොමත් රෝද පුටුව නැතුව යන්න බෑ………… ඒ කියන්නෙ කවුරුහරි මිහේෂ්ව අරන් ගියාද???

තෙනූට කරගන්න දෙයක් හිතාගන්න බැරි උනා……… තෙනූ හැදුවේ ටෝච් එකත් අරන් ජස්ටින්ව හොයන්න යන්න……….. ඒත් තෙනූ ගෙදර ලයිට් දැම්මේ නෑ අනිත් අය ඇහැරෙයි කියලා………….. ඒ උනාට ඒක මෝඩ වැඩක් කියලා හිතුනේ තෙනූ ජස්ටින් හොයාගෙන යද්දි පදුරක් අස්සෙ ඉඳලා කවුද මිනිහෙක් දුවනවා දැකලා………….. ජස්ටින්ගේ කාමරේ තියෙන්නේ වත්තේ කෙලවර………… තෙනූ හිතට දෛර්‍ය් අරන් අර මනුස්සයා පස්සෙන් දිව්වා…..

“ඒයි නවතිනවා…………. තමුසේ කවුද……… නවතිනවා මිනිහො……….”

ඒත් තෙනුලිට වැඩිදුර යන්න හම්බුනේ නෑ……. එතකොටම කවුද පිටිපස්සෙන් ඇවිත් තෙනූගේ නහයට මොනාද ඇල්ලුවා………… තෙනූට එහෙම්මම සිහි නැති උනා………

ටික වෙලාවකට පස්සේ……….. තෙනූ හෙමීට ඇස් ඇරියා………..

එතකොටම තෙනූ දැක්කෙ………..

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

ඩේටා නෑ ළමයි night time දාන්නේ 😢….
ඔයාලා තමා තේජ්ව වෙන් කරන්න කිව්වේ….. දැන් ඉතිම් මේවත් ඔයාලම විසඳ ගන්න………….. ඔන්න මම නම් නෑ ඕවට………..