බැඳීමක් නැති මුදුවක්

13 වන කොටස

“මොකද මල්ලි ඔච්චර බය.මම මල්ලි එක්ක කතා කරන්න කියලා ආවේ ..”

මම දොර ගාව රැකවල් දාගෙන හිටියත් කුමාරි අක්කා කාමරයට කඩාගෙන පනින්න හැදුවේ මාවත් පසෙකට තල්ලු කරලා…..

කුමාරි අක්කා වෙරදාලා මාව තල්ලු කරමින් කාමරය ඇතුලට කඩාගෙන පැන්නා..

කුමාරි අක්කා කියන්නේ උස මහත වෙලඹක් වගේ ශක්ති සම්පන්න කාන්තාවක් නිසා එයාට ඒක කරන්න අමාරු වුණේ නැහැ …

කුමාරි අක්කා බෝඩිං කාමරේ පටු යහන මත හිඳ ගත්තා..ඇය මේ සැරසෙන්නේ කුමටද කියලා මට තේරුම් ගන්න නොහැකි වුණේ නෑ…

“මම මල්ලි වගේ බය ගුල්ලෙක් දැක්කමයි…”

මගේ දිහා යටහින් බලමින් ඉඟි කරමින් ඇය එහෙම කියද්දි මම බිම බලා ගත්තා..

ඇය බෝඩිං කාමරේට එද්දි තිබුණු පරිද්දෙන් ම තවමත් දොර විවර ව පැවැතියා…

ඇය වරින් වර නොවසා ඇති දොර දිහා බැලුවා…

“අක්කේ කරුණාකරලා මගේ කාමරයෙන් යන්න..ඔයා ඔහොම මගේ කාමරේ අස්සට එනවා ඇවිත් ඉන්නවා දැක්කොත් දකින අය වැරදි විදියට හිතන්න පුළුවන්….”

“මල්ලි ඔය දොර වහන්නකෝ…එතකොට කවුරුවත් දකින්නේ නෑ නේ..”

“මොකක්ද අක්කේ මේ නටන්න හදන නාඩගම…පිරිමියෙක් තනියම ඉන්න බෝඩිං කාමරයකට ඇවිත් ඉන්න ඔයාට ලැජ්ජ නැද්ද?…”

හිතට නැගුන තරහව ඉවසගන්න බැරි නිසා මම කුමාරි අක්කාට එලෙස බැන වැදුනා…

“ඔයාව දැක්කා දා ඉදලා මට මොනවා වෙනවද කියල මටවත් හිතාගන්න බෑ…

මම දන්නේ මං ඔයාට ආදරේ කියල විතරයි…”

පොල්ලෙන් ගහන්න වගේ කුමාරි අක්කා එහෙම කියනකොට පුදුමේ වැඩි කමට මගේ ඇස් දෙක විසල් වුණා…..

කුමාරි අක්කා මම වගේම විවාහකයි…

ඇගේ සැමියා මැදපෙරදිග රටක රියැදුරෙක් වශයෙන් සේවය කරන බව මම අහලා තියෙනවා.විවාහක කාන්තාවක් වශයෙන් තවත් විවාහක පුරුෂයකුට ආදරයක් ඇති වෙන්නෙ කොහොමද කියලා මම කල්පනා කරන්න ගත්තා…

“ත/මු/සෙ/ත් කසාද බැදපු ගෑ&යෙක් නේද?..ලැජ්ජ නැද්ද තමන්ට මි/නි/හෙ/ක් ඉන්නකොට තවත් ගෑ/ණි/යෙ/ක්/ගේ මනුස්සයෙක්ට ඔහොම කියන්න…කරුණාකරලා ත/මු/සේ මේ කාමරෙන් එළියට යනවා…”

කුමාරි අක්කා හිඳගෙන උන්නු ඇඳෙන් නැගිටලා බිත්තිය අද්දර හිටගෙන උන්නු මගේ සමීපයටම පැමිණියා..

“බැඳලා අවුරුදු දෙකයි අපි එකට ජීවත් වුණේ…එයා සෞදි ගියා …මම මෙහේ ගාමන්ට් වල වැඩ..මේ ජීවිතේ පාලුවට ගිහින් මල්ලි..එයා මගේ ළඟ නැත්තම් මම ළඟ ඉන්න කෙනෙක්ට ආදරේ කරන එක වැරදිද මල්ලී…?”

“අක්කාගේ හස්බන්ඩ් රට ගියේ අක්කා වෙනුවෙන්..ඇයි අක්කට එහෙම හිතලා ඉන්න බැරි..”

“එයා හිතන්නේ මම ගැන නෙමෙයි..එයා හිතන්නේ සල්ලි ගැන විතරයි..ආදරයක් නැති මේ ජීවිතය මට දැන් එපා වෙලා මල්ලී…මම ඔයාගෙන් ඉල්ලන්නේ ආදරේ විතරයි මල්ලී…”

කුමාරි අක්කා එහෙම පවසමින් මගේ අතකින් අල්ලාගත්තා..ඇය මගෙ අතින් ඇල්ලුවම මට දැනුනේ ගැරඬි හැවක් මගේ අතේ ගෑවුනා වගේ…මම කුමාරි අක්කාගේ අත ගසා දැමුවා.

කුමාරි අක්කා වගේ තනිවුනු තනි වුණු කාන්තාවන් මේ සමාජයේ කොතෙක් නම් ඉන්නවාද?..ස්වාමිපුරුෂයාගේ වැරැද්ද නිසාම කාන්තාවන් කොයිතරම් අනාචාරයට පෙළඹෙනවාද?..ඒත් අවසානයේ හැම පැත්තෙන්ම හංවඩු ගැහෙන්නේ රටේ ලෝකයෙන් නරක නාම,බැනුම් අහන්නේ ඒ ගෑනුන්ම තමයි…

පිරිමියාගේ වැරැද්ද ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ ..

නෙහාරා ඒ අතින් කොයිතරම් වාසනාවන්තද?..

නෙහාරාට මම කොයිතරම් ආදරේද?..

ඒ වුනත් ඇයට ඒ ආදරය පොඩ්ඩක්වත් වටින්නේ නෑ කියලා මම හිතුවා…

කෙනෙක්ට නොවටිනා දෙයක් තවත් කෙනෙක්ට කොයි තරම් වටිනවද කියලා හිතිලා මට පුදුම හිතුනා…

“අක්කේ ඔයා ඒ ප්‍රශ්නය අයියා එක්ක විසඳගන්න…ඒ ප්‍රශ්න වලට උත්තර වෙන පිරිමියෙක්ගෙන් හොයන්න යන්න එපා..ඇරත් මම කසාද බැඳපු මනුස්සයෙක්..ඔයා හදන්නෙ මගේ පවුලත් විනාශ කරන්න….දැන් කරුණාකරලා නැති ප්‍රශ්න ඇති කරන්නැතුව මෙතනින් යන්න..”

කුමාරි අක්කා මගේ දිහා මොහොතක් බලාගෙන හිටියා ..ඒ බැල්ම ගොඩක් දුක්බරයි කියල මට හිතුණා …මගේ හිතේ අනුකම්පාවක් ඇතිවුණේ නැහැ කිව්වොත් බොරුවක්….ඒත් අනුකම්පාව නිසා මගේ ජීවිතේ ලොකු භූමිකම්පාවක් ඇති වෙන්න දෙන්න බැහැ…

ස්වාමිපුරුෂයා රට ඉන්න නිසා ඇය මගෙන් මොනවද වැඩිපුරම බලාපොරොත්තු වෙන්නේ කියලා මට හිතාගන්න පුලුවන්…

නෙහාරාත් මට වැඩිය ලං වෙන්න දෙන්නේ නැති වුණාට,ඇයගේ අඩුපාඩුකම් කොතෙකුත් තිබුණත් වෙන ගැහැනියක්ට ලංවෙනවා තියා හිතන්නවත් මට බැහැ…

හරි පිරිමියෙක් දකින දකින ගෑනු ලඟ ඇඹලයෝ වගේ හැසිරෙන්නේ නැහැ..

නියම පිරිමියෙක් හරියට සිංහයෙක් වගේ….

සිංහයා කොයිතරම් බඩගිනි වුණත් තණකොළ නොකනවා වගේ…

නියම පිරිමිත් දකින දකින ගෑනු ඉදිරියේ දියාරු වෙන්නේ නෑ කියලා මම කල්පනා කළා….

නෙහාරාගෙන් මට නොලැබෙන දේවල් වල හිස්තැන් පුරවගන්න වෙන කාන්තාවක් මට කොහෙත්ම ඕනේ වෙන්නේ නෑ කියලා මම කල්පනා කරන්න ගත්තා…

“කුමාරි අක්කේ..ඕවට හරියන කෙනෙක් ඔයා හොයා ගන්න මම ඔයා හිතන ජාතියේ කෙනෙක් නෙමෙයි..කරුණාකරලා ඔයා මේ දැන් මේ කාමරෙන් පිටවෙලා යන්න…ගියේ නැත්තම් මම බෝඩිමේ අයිතිකාරයාට ඔයාගේ ඉස්සරහම කෝල් එකක් ගන්නවා….”

කුමාරි අක්කා මගේ දිහා අවඥා සහගතව බැලුවා..

“ඔයානම් මහ මෝඩයෙක් මල්ලී….වෙන කෙනෙක්ට මේ චාන්ස් එක ලැබුණා නම් බලාගන්න තිබ්බා.මම යනවා..බලමුකෝ ඔයාට කවද හරි මම මාව ඕනේ වෙයි..”

ඇය පිරුණු නිතබ වනමින් මගේ කාමරයෙන් පිට වෙලා ගියා…මම ඒ එක්කම කාමරේ දොර අගුලු තදින් වසා දැමුවේ මින් මත්තේ කවුරු දොරට තට්ටු කළත් දොර විවර කරන්නේ නැහැ කියලා තීරණය කරන ගමන්…

මම සති අන්ත නිවාඩුවට ගෙදර පිටවෙලා ගියා …ගෙදරට යන්න කලින් මම ටවුමට ගියේ ගෙදරට ඕන කරන මාළු එළවළු ජාති මිලදී ගන්න කියලා කල්පනා කරලා….

එළවළු මාළු මිලදී ගන්න කොටත් මම වැඩිපුරම මිලට ගත්තේ නෙහාරා කන්න වැඩිපුරම කැමති කැරට්, බීට්,වට්ටක්කා බටු වගේ එළවලු ජාති….

හාල්මැස්සෝ,සැදැල්ලෝ වගේ පුංචි මාළු මේ කාලෙට කන්න වැඩිපුර ගුණ උනත් නෙහාරා ඒ දේවල් කන්න අකැමති නිසා මම මිලට ගත්තේ ලොකු මාළු…ගෙදරට ඕන කරන බඩු මුට්ටු සේරම ගත්තට පස්සේ මාසේ පඩියෙන් ඉතිරි උනේ සොච්චම් මුදලයි….

ඒ සොච්චමෙනුත් මම උ/ඹ කන්න ආසම පැණි වළලු යි පැණි බූන්දියි මිලට ගත්තා…

මගේ අඩුපාඩු නොතිබුණා නෙමෙයි..ඒත් ඒ අඩුපාඩු ඊළඟ මාසේ මිලට ගන්නවා කියලා මම හිතුවා.පිරිමි කියන්නේ මහා ආත්මාර්ථකාමි කොට්ඨාශයක් කියලා මේ සමාජය හංවඩු ගැහුවත් පිරිමියෙක් පවුලක් වෙනුවෙන් කරන කැප කිරීම මේ සමාජයේ කාටවත් පෙනෙන්නේ නැහැ….

ගොඩක් පිරිමි හම්බකරන සබ්බ සකලමනාවම පවුල වෙනුවෙන් දරුවන් වෙනුවෙන් වියදම් කරත් තමන්ගේ ඇඳුමක් කැඩුමක් ගන්නවත් වියදම් කරන්නෙ නෑ…

දරුවන්ගේ පවුලගෙ බිරිඳගේ අවශ්‍යතා ඉස්සරහා තමන්ගේ අවශ්‍යතා හැමදාම පස්සට කල් දානවා…

කොයි තරම් කැපකිරීම් කරත් ස්වාමිපුරුෂයාගේ කැපකිරීම්,මහන්සිය අවබෝධ කරගන්නේ එහෙමත් බිරිඳක් විතරයි ..ඒ අතින් බලද්දී කාන්තාවන්ට වඩා පිරිමි අසරණයි…

ටවුමේ ඉඳලා ගෙදරට යන්න මහා ලොකු දුරක් නැති නිසා මම ඒ බඩු මලුත් අතින් කටින් ඔසවාගෙනම ගෙදර ගියා..

මම ගෙදරට ගොඩ වෙනකොට අම්මා වෙනදා වගේම මිදුලට වෙලා මම එනකම් බලාගෙන හිටියා…

“කෝ දෙන්න පුතේ…මේවා උස්සගෙන ඇවිල්ලා මගේ පුතාගේ අත් දෙකත් රිදෙනවා ඇති…යන්න ගිහින් ඇඟ පත හෝදගෙන එන්න…මම පුතාට තේ ටිකක් වක් කරන්නම්…”

මේ මුළු ලෝකයම වෙනස් උනත් අම්මා කෙනෙක් ,මව් සෙනෙහසක් කිසිම දවසක වෙනස් වෙන්නේ නෑ කියලා මට හිතුනා…

“කෝ අම්මේ නෙහාරා…”

“ඇඟපත අමාරුයි කියලා ඔන්න ඇඳේ වැතිරිලා ඉන්නවා..ඒ ළමයා හරි අමාරුවෙන් ඉන්නේ..”

අම්මාට කලින් තාත්තා එහෙම උත්තර දුන්නා.තාත්තගේ කටහඩේ උ/ඹ ගැන ලොකු අනුකම්පාවක් තියෙනවා කියලා මට හිතුනා..

පුදුමයි කිසි කෙනෙක් ගැන උණුවෙන්නේ නැති හිතක් තියෙන තාත්තාට උ/ඹ ගැන අනුකම්පාවක් හිතුන එක කියලා මට ඒ මොහොතේ හිතුණා ….

අයියටයි මටයි නම් තාත්තා කවදාවත් කිසිම කරුනාවක් ආදරයක් දැක්වුවේ නෑ..තාත්තලා කොහොමත් දුවලට වැඩිපුර ආදරේ කියලා මම අහලා තියනවා…

දුවෙක් නැති නිසා තාත්තා උ/ඹ/ට වැඩිපුර ආදරේ ඇති කියලා මට ඒ වෙලාවේ හිතුණා..

කොහොමත් උ/ඹ දැන් අපේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්න දරුවෙක් ගේන්න ඉන්න එකේ උ/ඹ/ට අපි හැමෝම එකතු වෙලා වෙනදාටත් වඩා ආදරය අනුකම්පාව දක්වන්න ඕනේ කියලා මටත් හිතුනා…

මම කාමරේට යනකොට උ/ඹ ඇඳේ වැතිරිලා නිදාගෙන උන්නා…උ/ඹ/ව දැකපු ගමන් මගේ පපුව හෝස් ගාල පත්තු වුනේ උ/ඹ මේ එක සතියට හොඳටම කෙට්ටුවෙලා සුදුමැලි වෙලා හිටපු නිසා..

කොහොමත් උ/ඹ වැඩි උස මහතක් නැති පුංචි ශරීරයක් තියෙන කෙනෙක්..ඒ අතපය මුහුණ වෙනදාටත් වඩා හීන් වෙලා තිබුණා…

අනේ මැණික උ/ඹ මම නිසා කොයි තරම් නම් දුකක් විඳිනවා ඇද්ද කියලා මට හිතුණා ….

මම උ/ඹ/ව නොහැරවා මගේ තුවාය අරගෙන ලිඳට ගියා..ළිඳට ගිහින් නාන ගමනුත් මම කල්පනා කලේ උ/ඹ ගැන..

ඇත්තටම ගැහැණු තමන්ගේ ස්වාමි ස්වාමි පුරුෂයා නිසා මොන තරම් දුක් විඳිනවද?..තමන් හැදුණු වැඩුණු ගෙදර අම්මා තාත්තා දාලා වෙන ගෙදරකට ජීවත් වෙන්න වෙන එන එකම කොයි තරම් කැප කිරීමක් ද?…

ස්වාමිපුරුෂයා නිසා දරුවන් බිහිකරන්න ඇතිදැඩි කරන්න බිරින්දෑවරු කොයි තරම් නම් මහන්සි වෙනවද?..

කොයි තරම් මහන්සි වෙලා ඇප කැප වෙලා දරුවෙක් හැදුවත් ඒ දරුවාට අන්තිමට ලැබෙන්නේ තාත්තාගේ වාසගම විතරයි ..අපේ අම්මා ම ඒකට හොඳම උදාහරණයක්…තාත්තගේ පරම්පරාව ගෙනියන්න අපිව හැදුවත් අවසානයේ අපිවත් දාලා තාත්තා එයාගෙ සතුට හොයාගෙන ගියා..

තාත්තා අපිව දාලා ගියා කියලා අම්මා කවදාවත් අපිව දාලා ගියේ නැහැ ..වැරදි වැඩක් කළෙත් නෑ..ගැහැණියෙක්ට උහුලන්න බැරි තරමට අම්මා අපි වෙනුවෙන් දුක් වින්දා..අපිට කන්න දෙන්න පනම් හතරක් හොයාගන්න අම්මා කොයි තරම් දුක් වින්දද කියලා මම මගේ කුඩා අවධියේ ඉඳලා දැකලා තියනවා….

අම්මා කෙනෙක් කියන්නේ ඒ තරම්ම උත්තරීතර කාන්තාවක්…ඕනෑම කාන්තාවක් අම්මා කෙනෙක් වෙද්දි වෙනස් වෙනවා කියලා මම අහලා තියෙනවා…

මගේ දරුවා ඉපදුනාට පස්සේ උ/ඹෙ/ත් ඔය නපුරු ගති ඇරිලා යයි කියලා මට ඒ මොහොතේ හිතුනා …

මම නාලා ඇඳුම් මාරුකරගෙන ගෙට ගොඩ වෙනකොටම අම්මා උණු උණුවෙන් තේ එකක් මගේ අතේ තිබ්බා…

මම අම්මා ළඟට වෙලා තේ එක බොන්න ගත්තා…

“එළවළු මාළු වලට ඔය තරම් වියදම් කරන්න එපා පුතේ…”

“නෙහාරා දරුවෙකු ලැබෙන්න ඉන්නේ එකේ එයාට දැන් වෙන්නට වඩා හොඳට කන්න බොන්න දෙන්න ඕනේ ..දැක්කම පව් කියල හිතෙනවා හොඳටම කෙට්ටු වෙලා…”

“ඔව්වා ඔහොම තමයි පුතේ..මුල් මාස කීපයේ ගොඩක් අයට කෑම අප්පිරියාව එනවා..ඒ ළමයා ඔය තරම් කෙට්ටු වෙලා තියෙන්නේ පහුගිය ටිකේ කෑම නොකා ඉදපු නිසා….මම එහෙම කිව්වේ වෙන දෙයක් හිතලා නෙවෙයි…මාස ගානකින් ගෙයි ලෝන් එකට ගෙවා ගෙවා ගන්න බැරි උන නිසා..රත්තරන් බඩු ටිකත් සේරම බැංකුවේ..මොනා කරන්නද කියලා මම මේ කල්පනා කර කර හිටියේ…”

“ඒක නම් එහෙම තමයි අම්මේ…මේ රස්සාවෙන් හම්බෙන පඩිය යන්තමින් එදා වේල කාලා ඉන්න පුලුවන්..ඊට එහා මුකුත් කරනවා තියා හිතන්නවත් බෑ..”

මම තේ එක බිලා හිස් තේ කෝප්පය සින්ක් එකට අල්ලලා සෝදලා පසෙකින් තියලා කාමරයට ගියා…

මම කාමරයට යද්දීම උ/ඹ නිදා උන්නු ඇඳෙන් නැගිටලා කාමරේ දොර ලඟට ඇවිද එමින් සිටියා…බැලූ බැල්මට උ/ඹ ඉන්නේ ලොකු අපහසුතාවයකින් කියලා මට පෙනුනා …

උ/ඹ මාත් එක්ක වචනයක්වත් කතා නොකර කුස්සියේ පිළිකන්න පැත්තට දුවගෙන ගියා..උගුර අල්ලගෙන දුවගෙන ගිය විදිහෙන් උ/ඹ/ට ඔක්කාරයක් ඇවිදින් කියලා මට හිතුනා…

මමත් උ/ඹේ පස්සෙන්ම කලබලයෙන් දුවගෙන ගියා..උ/ඹ ඔක්කාරය කරමින් වමනේ දාද්දි මට උ/ඹ ගැන මෙතෙකැයි කියන්න බැරිතරම් අනුකම්පාවක් ඇතිවුණ ….

අනේ මම නිසා මගේ දරුවා නිසා උ/ඹ කොයි තරම් නම් දුකක් විදිනවද?..උ/ඹ කොයිතරම් නම් මට වෙනස්කම් කලත් කවදාවත් මගේ ආදරය වෙනස් වෙන්නේ නෑ කියලා මම හිතා ගත්තා…

උ/ඹ වමනේ කරලා ඉවර කරනකම් මම උ/ඹ/ව වාරු කරගෙන උන්නා…වමනය ඉවරවෙලා උ/ඹේ මූණ මූණ කට සෝදවා ගෙනම මම උ/ඹ/ව වාරු කරගෙනම ගේ ඇතුලට එක්කගෙන ගියා…

ඇවිද ගන්නවත් පන නැතුව ඇවිදන් යන උ/ඹ ගැන මගේ හිතේ ලොකු අනුකම්පාවක් ඇතිවුණා…

කාමරේට ගිහින් මොහොතක් ගත වුණාට පස්සේ උඹේ/ අමාරු ගතිය පහ වෙලා ගියා…

මගේ බෑගයේ තිබ්බ කඩචෝරු මල්ල මට එක එකපාරටම මතක් උනා…උ/ඹ ඒක දැක්කම ගොඩක් සතුටු වෙයි කියලා සිතමින් මම උ/ඹේ අතේ ඒ කඩචෝරු මල්ල තැබූවා..

ඒක දැකපු ගමන් උ/ඹේ මූණ සතුටින් පිරේවි කියලා මට හිතුනත් ඒක දැකපු ගමන් උ/ඹේ මූණ නොරොක් වෙලා ගියා..

“මේ මොනවද දිලංක…මේවා කන්න පුළුවන්ද මේ කාලෙට?…ඔයාට නම් පොඩ්ඩක්වත් මොලේ නෑ…”

උ/ඹ එහෙම කියපු ගමන් මට දුකත් හිතුණා..මම මෙච්චර ආසාවෙන් ගෙනාපු දේ උ/ඹ ප්‍රතික්ෂේප කරයි කියලා මට නිකමටවත් හිතුනේ නැහැ

“ඇයි ඔයා කන්න ආසයිනේ..”

“ඒ ඉස්සර නේ…මේ කාලෙට පැණි රහජාති කන්න බෑ…මේ කාලේට කන්න පුළුවන් ඇඹුල් ජාති…”

කාන්තාවක් ගර්භනී උනාම මොන තරම් වෙනස් වෙනවාද කියල මට හිතුනා ..වත්ත පහළ අඹ ගහෙන් අඹ ගෙඩියක් දෙකක් කඩලා උ/ඹ/ට අඹ අච්චාරු වක් හදලා දෙන්න මට හිතුනා…

“පොඩ්ඩක් ඉන්න සුදු .මම කුස්සියට ගිහින් එන්නම්…”

මම උ/ඹෙ/න් මිදිලා වත්ත පහළට ගිහින් අඹ අච්චාරු හදන්න පුළුවන් තරමට පැහුණු අඹ ගෙඩි කිහිපයක් කඩා ගත්තා…ඒවා කුස්සියට අරන් ගිහින් හෝදලා පොතු ඇරලා කැබලි වලට කපලා ලුණු , ගම්මිරිස් ,මිරිස් එක්ක වංගෙඩියේ දාලා කොටලා කදිම අඹ අච්චාරුවක් හැදුවා…

ඒ අඹ අච්චාරුවෙන් ටිකක් දීසියකට දාලා මම ඒකත් අරගෙන කුස්සියට ගියා…

“ආ.. සුදු…”

මම කාමරේට යනකොට උ/ඹ මගේ ෆෝන් එක අතේ තියාගෙන බලමින් උන්නා…උඹේ මුහුණේ මෙතෙක් වෙලා තිබ්බ අසනීප පාට,සුදුමැලි පාට එකපාරටම අතුරුදහන් වෙලා තිබුණා ..

මම උ/ඹේ අතට අච්චාරු දීසිය දුන්නත් උඹ ගානකටවත් ගත්තෙ නෑ…උ/ඹ ඒ දීසිය පසෙකට කරා…

“මොකක්ද සුදු ..ඔයා නිසාමයි තකහනියක් අඹ කඩාගෙන අඹ අච්චාරැ හදාගෙන ආවේ…ඒක කන්න…”

මම එහෙම කියාපු ගමන් උ/ඹ මගේ ඇඟට කඩාගෙන පැන්නේ මම නොසිතපු විදිහට….

“අච්චාරු…මට ඕනේ ඇති අච්චාරුවක් නෑ…මට පුලුවන්නම් ව//හ ටිකක් ගෙනත් දෙනවා..”

උ/ඹ හරියට සුළඟ වගේ කියලා මට හිතුනා..කොයි මොහොතේ වෙනස් වෙයිද කියලා කාටවත් හිතාගන්න බෑ…උ/ඹේ මේ වෙනස් වීමට හේතුව මොකක්ද කියලා මම කල්පනා කළා…

“ඉඳලා ඉඳලා ආසාවෙන් ත/මු/සෙ/ව බලන්න ආවම ත/මු/සේ ආපු වෙලාවේ ඉඳන්ම මාත් එක්ක රණ්ඩු කරනවා…ඇත්තටම මේක පුදුම කරුමයක් නේ…”

ඇඟපතේ තෙහෙට්ටුවෙන් ඉන්න උ/ඹ/ට මේ විදියට බැණ වදින එක හොඳ දෙයක් නෙමෙයි වුණත් මගේ ඉවසීමේ සීමාව උපරිමේට පැනපු නිසා මම එහෙම කෑ ගහන්න ගත්තා..

“කරුමේ ත/මු/සෙ/ගෙ නෙමෙයි මගේ …අපේ අම්මලා මට මොකට ත/මු/සේ වගේ මනුස්සයෙක්ව කසාද බන්දල දුන්නද මන්දා….”

“මොනවද නෙහාරා ත/මු/සේ මේ කියන්නේ..කියන දෙයක් තේරෙන සිංහලෙන් කියනවා…”

“මම ප්‍රෙග්නට් වෙලා තවම මාසයයි…එත් ඒ ටිකට ත/මු/සේ වෙන ගෑනියෙක් හොයා ගෙන..මේවා දකිනවට වඩා හොඳයි මැ&ලා යනවා නම්..”

උ/ඹ එහෙම කිව්වම නම් මගේ හිතේ පොඩි තිගැස්මක් ඇතිවුණා .උ/ඹ මේ මොනවා ගැනද කියන්නේ.මට හැමදේටම ඉන්නේ උ/ඹ විතරයි ..මම රහසෙන්වත් උ/ඹ/ට වැරැද්දක් කරලා නෑ..

ඒත් එක්කම මට කුමාරි අක්කා මතක් වුනා ..සමහරවිට කුමාරි අක්කා මට කෝල් කළා වත්ද?..ඒක නෙහාරා ආන්සර් කරා වත්ද?..
මම එහෙම කල්පනා කරන්න ගත්තා…..

“මට කවුද කියනවා මේ ගෑනී…”

උ/ඹ එහෙම කියලා මගේ ජංගම දුරකථනයේ ගැලරියේ තිබුණු කුමාරි අක්කගේ වෛවාරණ ඡායාරූප පෙළක් මට පෙන්නුවා….

මගේ මොබයිල් එකේ කුමාරි අක්කාගේ එක ෆොටෝ එකක් තිබුණේ නෑ…ඒ මොබයිල් එකට කොහොමද හදිස්සියේ මේ ෆොටෝ ආවේ මම එහෙම කල්පනා කරන්න ගත්තා….

“මොකෝ ත/මු/සෙට කට උත්තර නෑ නේද?…ත/මු/සෙ/ත් ත/මු/සෙ/ගේ අප්පා වගේමයි.රට වටේම ගෑ/ණු…”

“මේ අපේ බෝඩිමේ එහා පැත්තේ ඉන්න අක්කා කෙනෙක්…ඔයාට කොයින්ද ඕවා..”

“හැටි විතරක් මේ නා/කි ගෑගේ….මම කොහොමද ත/මු/සෙ/ගේ හොර ගෑ/නු ගැන දන්නේ…තමුසගේ ෆෝන් එකේ තමයි තිබ්බේ….ඇත්ත කියනවා ත/මු/සේ/ගෙ/යි මේ ගැගෙයි තියෙන සම්බන්දේ මොකක්ද?…”

උ/ඹ පරල වෙලා වගේ කෑ ගහන්න ගත්තා….

මම දැන් මොකක්ද කරන්නේ…

මම ඇත්ත කිව්වත් උ/ඹ මාව විශ්වාස කරයිද කියලා මම කල්පනා කරන්න ගත්තා….

“එහෙම සම්බන්ධයක් නෑ…”

“මට ත/මු/සෙ/ව සත පහකටවත් විශ්වාස නෑ..මට ඒ ගෑ/නි/ගෙ කටින්ම ඒක දැනගන්න ඕනේ ..”

උ/ඹ එහෙම කිව්වම මට හීන් දාඩිය දාන්න ගත්තා.මේක කාගේ හරි සැලසුමක් වත්ද කියලා මට හිතුනා..නැතිනම් කොහොමද කුමාරි අක්කාගේ ෆොටෝ මගේ ෆෝන් එකට එන්නේ…

උ/ඹ කියපු විදිහට කුමාරි අක්කට කෝල් එකක් අරන් දුන්නොත් ,කුමාරි අක්කා මාත් එක්ක තියෙන තරහවට උ/ඹ/ට මොන මොන බොරුවක් කියාවිද කියලා මට බය හිතුනා….

හමුවෙමු මීළඟ කොටසින්💔💔💔💔

අහක බලාගෙන යන්නේ නැතුව ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා