13 දිගහැරුම 🌻
” එ අඩෝ කේෂ් තරහ නැතුව පොඩ්ඩක් ඔය ඉස්සරහ සුපර් මාර්කට් එක ඉස්සරහින් ගාවින් නතර කරහන්කෝ……..”
” එ මොන මගුලකටද…උබ ඔය අපේ ගෙදර අරන් යන්න කියලා අනන් මනන්නම් ගන්නේ . මන් උබව මෙතනම දලා යනවා අයි ඉතිං කතා දෙකක් නෑ…….”
” අනේ මේ මට කහන්නේ බොලැගේ ගෙදර මේ බඩු උස්සන් යන්න..මන් මේ පොඩි මැණිකේට කන්න මොනව හරි ගන්න නවත්තන කිව්වේ..”
” මොන පොඩි මැණිකේක්ද බන්..උබ එ පාර තව සක්කරවට්ටමකට කර ගැහුවද.මොකෝ ගියපාර කෑව දඩාර බුට මදිවෙලාද මැණිකේ කෙනෙක් සෙට් කරගත්තේ ……..”
” මොන ලබ්බක්ද උබ කියවන්නේ ..මන් මේ උබේ ගැනී ගැන කිව්වේ බන්..දෝණී එකිට මොනවාහරි ගන්න නවත්තන්න කිව්වේ .උබ මේ මගුලක් කතා කරනවා…..”
” අඩේ එහෙමත් එකක්ද…සොරි බ්‍රෝ….
උබ මතක් කර එකත් හොදයි.අද මටත් කෙල්ලට මොනවත් ගන්න බැරි උනා…යමන් මාත් එන්නම්……..”
” පුතේ දැන් ඉතිං උයලා ඉවරනේ..ඔයා ගිහින් මේ ඇගපත පොඩ්ඩක් හෝදගන්න.
මහත්තයත් දැන් එනගමන් ඇත්තේ…”
ඉදි ආප්ප සමග අල කිරි හොද්දක් මාළු ඇඹුල් තියල් හා පොල් සම්බෝලයක් සෝමා අම්මා සමග එකතු වී අහිංසා රාත්‍රී ආහාරය ලෙස පිසින්න වුයේ ..බොහෝ ප්‍රීතියෙනි
” හරි සෝමා අම්මා මන් හෝදන් එන්නම්..සෝමා අම්මාට පුලුවන්ද කෑම ටික මේසෙට යවන්න.”
” ඕක මොක්කද චුටි මැණිකේ .මන් තියන්නම්කෝ..වතුර හීතල වෙන්න කලින් හෝදන් එන්නකෝ…..”
” අනේ තිසා අයියේ ඔයා……..ඔයාත් ආවද අද.ඔයා හරිම නරකයි අයියේ නිකමටවත් කිව්වේ නෑ තිසංක අයියා එනවා කියලා..”
” හරි දෝණී ඌ හිටියට කමක් නෑ..මේවා දැකලවත් මුට කසාද බදින්න හිතෙයිනේ…”
සිය මෝටරථය පොටිකෝව යට නතරකර මෝටර් රියෙන් බසිනවාත් සමග ඈ සුපුරුදු ලෙස දිවවිත් ඔහුගේ බද වටා දෑත් යවා ඔහුට තුරුල් වුයේ ..ඔහු සුපුරුදු ලෙස ඇගේ හිස මතින් දෙතොල් පෙති තවරද්දීය …..
පසෙක සිටි තිසංකගේ සිනා හඩ ඇසි ඈ කෝලයෙන් ඔහුගේ මෑත් වුයේ …ඔහුට නොක්කාඩු පවසමින් ය…..
” මන් හිටියට කමක් නෑ පොඩි මැණිකේ .මූ ඉතිං ඔයාගේ හබියානේ..”.
” සැක් මොක්කද අප්පා එ නම මන් එදත් ඔයාට කිව්වා ඔය මගුල් නම් කියන්න එපා කියලා..ඔයාවත් මේයාට කියන්න අයියේ .”
” ඔව් ඔව්..උබට දත් නැතුව බත් කන්න ඔනිනම් ඔය නම් මේකිට කියහන්..”
” හරි එන්න එන්න ගෙදට්ට අයියේ කන්න කලින් තේකක්වත් බොන්න..”
” අන්න බලහන් කෙල්ලෝ..උබ මෙච්චර වෙලා මා එක්ක කියෝ කියෝ හිටියා .නිකමටවත් මට ගෙට එන්න කියලවත් කිව්වද නෑනේ..
දැක්කද එකට නංගී …මූට ඕනි නෑ නංගී ඔයා මට විතරක් කිරි පොඩ්ඩක් වැඩියෙන් දාපු රසම රස තේකක් ගෙන්නකෝ…”
” හරි හරි අයියේ එන්නකෝ ඉස්සෙල්ලා ගෙට..ඔයා වොශ් එකක් දාන් එනවද .නැත්නම් රෑ වෙලාම දාගන්නවද..”
” බෑ දෝණී මන් වොශ් එකක් දන්නම් එන්නම් අද දවසම වොඩ්නේ..
මේ උබත් වොශ් එකක් දාගන්න දාගනින්..”
“.ඔව් නේ බන් වොශ් එකක් දාගත්තනම් හරි වගේ.පට්ට කට්ටක් අද කෑවේ…
ආ..තද පොඩ්ඩෙන් අමතක වෙනවා..ආ නංගී මේක ඔයාට …”
” මොනාද මේ….අනේ..මෙච්චර ජාති…”
” ඔව්..මට කේශ්වර කිව්වා මෙහෙ පොඩි බබෙක් ඉන්නවා කියලා .මන් ඉතිං එයාට තමා ඔය “
” අනේ තැන්කස් අයියේ ….”
කේශ්වර තිසංක සමගින් වැරෙන්ඩාවට වී බියර් කෑනයක් හිස් කරන්න වුයේ ..නිදහසේ කතා බස් කරමින් ය…
” හැමදාම මන් එනකන් දොරකොඩ ගාවට වෙලා බලන් ඉන්නවා..මට වාහනේන් බහින්නවත් හම්බවෙන්න නෑ..දුවගෙන ඇවිත් එල්ලෙනවා…බොහොම අමාරුවෙන් ඇගෙන් අයින් කරලා මන් වොශ් එකක් දාන් එන්නෙ ….ඒ ආවත් ඉතිං කිසි වෙනසක් නෑ..කුඩැල්ලා වගේ මගේ ඇගේමයි…ඊටපස්සේ ඉතිං දවසෙම වෙච්චි දේවල් ටික තොරතෝංචියක් නැතුව කියවනවද්දී එකිත් දන්නේ නෑ කියවන අස්සෙම නින්ද යනවා…” කේශ්වර පවසන්න වුයේ දෑස් වලින් පවා සතුට උතුරද්දීය…..
” මට උබ ගැන පට්ටම සතුටුයි බන් . උබ ඉස්සර විද විදව හිටිය විදිහත් එක්ක උබ මෙහෙම හිනා වෙලා ඉන්නකොට මට මාරම සතුටක් දැනෙන්නේ…”
” ඔව් බන්..මට දැන් මන් ජිවත් වෙනවා කියලා දැනෙනවා..මාර සැහැල්ලුවක් සතුටක් දැනෙනවා බන් කෙල්ල එක්ක ඉද්දි..මට ඒ හැගීම ගැන කියන්න තේරෙන්නේ නෑ…”
” හරි වරෙන් කන්න යන්න..නැත්නම් නංගී මාවත් එලවයි.උබව බොන්න එක්ක ආවා කියලා…”
” හුම් යමන් කෙල්ලත් බඩගින්නේ ඇත්තේ .අපි එනකන්…….යමන් යමන්….”
කේශ්වර අත වු හිස් බියර් කැනයද මේසය මතින් තබා .තිසංකගේ කරවටා දෑත යවා තරප්පුපෙල බසින්නට විය……..
මතුසම්බන්ධයි