29කොටස-

හිමංස පහුවදා උදෙන්ම ඔෆිස් ගියේ නිශාදිව විමලා එක්ක නතර කරලා….හිමංස ඊයෙ හවස ගෙනාපු මල් පැල ටික දෙන්න එක්ක එකතු වෙලා උදේ ඉදලා ගෙවත්ත පුරාම හදන්න ගත්තා…

එකොලහ විතර වෙද්දි දෙන්නටම මහන්සියි..

“නෝනෙ.. ඇයි”

විමල ඇහැවෙ නිශාදි ඔලුව අල්ලගෙන ඉන්න නිසා

“අනේ විමලා අක්කෙ කැරකිල්ල වගේනෙ”

වැටෙන්න ගියපු නිශාදිව වත්තම් කරගෙන විමලා ගෙට ගිහින් සෙටියෙ හාන්සි කලා..

වතුර ටිකක් ඉහලා පෙව්වම නිශාදිට කැරකිල්ල අඩුවුනා..

“මොකෝ උනේ නෝනෙ”

“අනේ මන්ද අක්කෙ… ඇගට පණ නෑ…මහන්සි නිසා වෙන්න ඇති…..”

“ඔක්කාරෙට එහෙමත් ආවද “

“මොකක්..”

“නෑ මං ඇහැවෙ වමනෙට වගේ ආවද මේ ටිකේ…”

විමලා ඇහැවෙ අඩමානෙට

“ම්ම්…උදේ නිකම් ඒ වගෙත් තිබුනා”

“නෝනෙ මං තේ එකක් හදාගෙන එන්නම්කො… ඒකරලා නෝනෙ මං විජහට දුවලා ගිහින් මිඩ් වයිෆ් මිසීව අඩගහගෙන එන්නම්..මිසී ගමට එන දවස අද…නැත්නම් තව සතියක් බලං ඉන්න වෙනවා”

“ඒ මොකටද”

නිශාදි ඇහැවෙ ඇස් බෝල කරං

“නෝනෙට ඕවා තේරෙන් නැහැනෙ ..කොයිකටත් හොදයි එහෙම”
“විමල අක්කට පිස්සුද මංදා”

“හා… ඒකට කාරි නෑ.. මං සුටුස් ගාලා දුවලා එක්කං එන්නම්කො…”

“විමල අක්කත් හිමංස වගේම තමයි ..කියන දේ අහන්නෙම නෑ…”

විමලා ගියාට පස්සෙ නිශාදි සෝෆා එකේ හාන්සි වෙලා ඇස් පියාගත්තා..උදේ හිමංසගෙන් ඇහැවට ඔෆිස් යන්න එන්නද කියලා යහපත් ප්‍රතිචාරයක් ලැබුනෙ නැහැ..

“අනේ හිමංස.. කම්මැලිනෙ දවසම ඉන්න…”

ඔෆිස් යන්න ලෑස්ති වෙන හිමංසගෙන් නිශාදි ඇහැවා..

“නිදා ගන්නවකො ඉතිං…..”

“හා..දවල්ට නිදාගෙන රෑට ඇහැරලා ඉන්නම්..ඔයාට තමයි ඉතිං කරදරේ එතකොට”

“ඔව්..දැක්කනෙ ඊයෙ…හොල්මන් කරනවා කියලා මාව මරන්න හදපු හැටි”

“හරි නරකයි ඔයා.මං විහිලුවටනෙ කරන්නෙ ඒවා..ඔයාව හිනස්සන්නනෙ..”

“ඇයි හිනස්සන්නෙ මාව…”

“හිනාවෙනකොට හැන්ඩ්සමනෙ ඔයා…”

“නැත්නම් නැද්ද….”

“ඇන්ග්‍රි මූඩ්😡 එකෙත් අමුතු ගතියක් තියෙනවා තමා ඉතිං.. ඒත් මට බය හිතෙනවනෙ අනේ එතකොට..”

“මාව යකා කරගන් නැතුව ඔහොම පාඩුවේ හිටිය නම් හරිනෙ….”

“හා සුදු මහත්තයා … “

නිශාදි කොල්ලව බදාගෙන බෙල්ල ඉඹිනවා…

“පොඩ්ඩක් ඉන්නවකො ෂර්ට් එක ගලවන්න”

“ඇයි”

“අදත් යන්න ඕනෙ නෑ…”

හිමංස නෝන්ඩියට හිනාවෙවී කියනවා

“නෑ.නෑ… යන්න යන්න.. හරි වැඩක් තමා වෙලා තියෙන්නෙ…”

“ඉතිං තමුසෙ ඔහොම අස්සට එනකොට යන්නෙ මොන හිතකින්ද”

“යන්නෙ කකුල් දෙකෙන්නෙ..හිත මගෙ ලග තියලා යන්න..”

“බෑ..බෑ.. මං ඉන්නවා අද… අපි යමු වැවට..නාලා පිස්සුවක් නටමු”

“එතකොට හරිද ..ඔෆිස් එකේ බොස් ඔයා නේද….”

“හිතෙන් නෑ දාලා යන්න….”

“එහෙනම් එක්කගෙන යන්නකො….මං ලගටම වෙලා ඉන්නම්.”

“නෑ නෑ… කැරකිලා කැරකිලා තමුසෙ එන්නෙම ඒ ටොපික් එකට නේද…. දැන්ම බෑ…. ටික දවසක් මෙහෙම ඉමු…..”

“අනේ මට හිතට හරි නෑ ඔයාව තනියම යවන්න..”

“ඇයි..තමුසෙ හිතන්නෙ මං ලදරුවෙක් කියලද..”

“නෑ අනේ.. අර රශ්මිත් ඉන්නවනෙ ඔෆිස් එකේ….”

“ඉතිං ඔහෙ හිටපුවාවෙ…මට මොකෝ”

“මට ඉරිසියයි…”

“ඇයි…”

“එයා අද දවසම ඔයා ලගට වෙලා ඉදියි…”

“ඉතිං හොදයිනෙ… මං වගේ හැන්ඩි කොල්ලෙක් වටේ මුලු දවසම ලස්සන කෙල්ලො ඉන්න එක සාමාන්‍ය දෙයක්නෙ….කාටද ආඩම්බර.. “

හිමංස කොලර් එක උස්සනවා…

“අපෝ මට නම් ආඩම්බර නෑ ඒකට.. මං කැමති නෑ ඔය සෝබන කෙල්ලො කවුරුවත් ඔයා ලගට එනවට….”

“මේ මං අහන්නමයි හිටියෙ .. තමුසෙ මොකද දැන් ඔය කොට ගවුම් අදින්නෙ…බලනවා කකුල් දෙකෙන් බාගයක් එලියෙ.. මාව දැලේ දාගන්න නේද ….ගෑණු මායම්….”

“ඇයි..ඔයාගෙ කලින් වයිෆ්ගෙ ගවුම්නෙ මේවා.. එයා ඇන්දනම් මං ඇන්දම මොනවා වෙනවද…..”

නිශාදි ඇගට පතට නොදැනී කියල දැම්මා…මේ ගවුම් වලට අදින්න ලෙගින් තිබ්බට කෙල්ල ඒව ඇන්දෙ නැත්තෙ හිමංසව තරහ ගස්සන්නමයි…එතකොට හිමංසගෙ කටින්ම කියයිනෙ මේ ගවුම් එයාගෙ අම්මගෙ කියලා…

“ලෙගින් තියෙන්නෙ අදින්න”

“මට ඕවා අදින්න බෑ…”

නිශාදි බලාපොරොත්තු උනාට කොල්ලා ඒක කියන්නෙම නෑ..හිමංස ඇස් උඩ ඉදලා පල්ලෙහාට යව යවා රවනවා..

“ඉන්නකො මං ඔයාට කලන්තෙ දාන්නම මායමක් පෙන්නන්න..”

නිශාදි කාමරේ කොනට ගිහිල්ල එක අතක් ඉනට තියාගෙන මොඩ්ලර් කෙනෙක් වගේ කැට් වෝක් එකෙන් හිමංස දිහාට ආවා…

ලගට ඇවිත් ‘හායි හැන්ඩ්සම් ‘ කියලා අමුතු තාලෙකට කීවා..

හිමංස දෙකට නැමි නැමී හිනා වෙන්න පටං ගත්තා…

“හහා…….තමුසෙට නම්.. අය්යෝ නිශාදි …. මං කවදහරි මැරෙන්නෙ තමුසෙගෙ මොංගල් වැඩ වලට හිනා වෙලා…. “

“ඇයි අනේ…. කොහොමද ඒක…”

“ඒක.. හ්හ්හ්හ්හහා….. කියල වැඩක් නෑ.. අර චාලි චැප්ලින් තමුසෙගෙ මී මුත්තෙක්ද”

“ඈ… ඒ මොකෙක්ද…”

“දන්නෙ නැද්ද චාලි චැප්ලින්…”

නිශාදි ඇගිල්ලකින් කම්මුලකට තට්ටු කට කර උඩ බලාගෙන කල්පනා කරනවා…

.”කැටයම් නම් ලෝකයයි.. “

හිමංස එක පාරටම තුරුලු කරගෙන කම්මුල් ඉඹිනකොට නිශාදි කෑ ගහනවා..

“එපා අනේ… “

“එහෙම කොහොමද එපා කියන්නෙ… තමුසෙ මගේනෙ…”

නිශාදි එක පාරටම මූණ එල්ල ගත්තා…

“මොකෝ ඒ පාර වෙනස් උනේ..”

“අපරාදෙ අනේ .. ඊයෙ රෑ විමලා අක්ක ගෙනත් තිබුනු පොලොස් වලින් කෑලි දෙකක් අරං තියා ගන්න තිබුනෙ උදේට කන්න…

මං ඔක්කොම ටික කෑවනෙ.. ඒක මාර රසයි…”

නිශාදි බොහොම ශෝක මූඩ් එකෙන් කියනකොට හිමංසට හිනාව නතර කර ගන්න බැරි උනා..

“නි….නිශාදි තමුසෙ නම් මාර කේස් එකක්නෙ…. ටොපික් එක මාරු කරන්න හරි දස්සයිනෙ…. ඊයෙ රෑ කාපුවා ගැන විතරද මතක් කරන්නෙ… හොල්මන් කරලා උන දේවල් මතක නැද්ද?”

“ඇයි මොනවද උනේ “

නිශාදි ඇස් ලොකු කරල අහනව….හිමංස කට අරින්න යද්දිම දකුනු අතින් කෙල්ල කට වැහැවා…

“නෑ නෑ මොකුත් උනේ නෑ… මං යනවා ආන්….. විමලා අක්ක ඇවිත්ද කොහෙද… “

පන කඩාගෙන කාමරෙන් එලියට දුවන නිශාදි දිහා හිමංස බලං හිටියෙ මූනෙ උතුරලා යන හිනාවෙන්…. බලෙන් බැදගත්තට පාඩු නෑ පොඩ්ඩක්වත්…

හිතට සංතෝසෙ දෙන්නෙ උපරිමෙන්…..

කොල්ලගෙ හිත ඉගිලෙන්නෙ කුරුල්ලෙක් වගේ…. දිගටම මේ ගෙදරම හිටියොත් හොදයි කියලත් හිතෙනවා…. බලමුකො…අර හිවලව සීන් එකෙන් අයින් කරලා ඉන්න එපැයි ඔක්කොටම කලින්..

හිමංසගෙ හිනාව අතුරුදන් උනේ තරුන් මතක් වෙනකොට

💜️💜️💜️💜️💜️💜️

දන්නෙම නැතිව නින්දකුත් යාගෙන එද්දි ගෙදර බෙල් එක නාද උනා.නිශාදි දොර ඇරියෙ විමලා ඇවිත් කියලා හිතලා..

ඒත් දොරකඩ හිටගෙන හිටියෙ නිශාදි කොහෙත්ම දකින්න බලාපොරොත්තු වුනු කෙනෙක් නෙවෙයි..

“තරුන්…ඔයා..”

මිදුලෙ නතර කරල තිබුනෙ කලු පාට කාර් එකක්…නිශාදි බාගෙට නිදාගෙන හිටපු නිසයි සද්දෙ ඇහුනෙ නැත්තෙ…නිල් ඩෙනිමට සුදු පාට ටී ෂර්ට් එකක් ඇදල හිටිය තරුන් නිශාදි දිහා බලං හිටියෙ ගොඩක් සතුටින්…

නිශාදිට හිතා ගන්න බැරිඋනා… ඊටත් වඩා නිශාදි ගොඩක් බය වුනා… හිමංස ආවොත් එහෙම මොනවයින් මොනවා වෙයිද.. තරුන් කොහොමද මෙහෙ හොයා ගත්තෙ…විමලත් ගෙදර නෑ..

තරුන් නිශාදිගෙන් බලාපොරොත්තු උනු හිනහව නම් නිශාදිගෙ මූණෙ ගෑවිලා වත් තිබුනෙ නැහැ..

“නිශාදි..මගෙ මැණික..මට ඇතුලට අඩගහන් නැද්ද…”

නිශාදිගෙ පපුව ගැහෙනවා හෝ ගාලා…

“ප්ලීස් තරුන් .ඔයා යන්න දැන්…”

තරුන් ගැස්සුනා නිශාදිගෙ තද ස්වරයට…

“නිශාදි … මොකද වෙලා තියෙන්නෙ ඔයාට සතුටු නැද්ද මාව දැක්කම”

“තරුන් හිමංස ගෙදර නෑ….ප්ලීස්.”

“ඉතිං ඒකට මොකද… මට හිමංසගෙන් වැඩක් නෑ…මං ආවෙ ඔයාව එක්කගෙන යන්න..”

එහෙම කියපු තරුන් බලෙන්ම ගෙට ඇතුලු වුණා…

නිශාදිට කරගන්න දෙයක් තිබුනෙ නැහැ…

“නිශාදි ..මං රට ගියේ නෑ….. මං එදා පාර්ටි එකට ආවෙ ඔයා එන බව දැනගෙනමයි..දැන් මං පෝසත් හිමංස වගේම ..මං බිස්නස් එකකුත් පටං ගත්තා…”

“තරුන් ..ඔයා ඇයි බොරු කීවෙ මට… ආ…….”

.”නිශාදි ඒක දිග කතාවක්…”

“අර කාර් එක කාගෙද….ඔයාට ඔච්චර සල්ලි කොහෙන්ද තරුන්.. මේ ටික දවසට..”

“නිශාදි ..ඒක තමයි මං කියන්න හැදුවෙ… අපි දෙන්නගෙම වාසනාව මේක …මට එදා රට යන්න බැරි උනා.. මට ටිකට් එකක් ඇදුනා..දැන් මාත් පෝසත්…මට පුලුවන් දුකක් නොදී ඔයාව බලාගන්න…”

“තරුන් ප්ලීස්… දැන් ඔයා මොනවා කීවත් වැඩක් නෑ…මට බැහැ ඔයා එක්ක එන්න..තේරුම් ගන්න.. මං දැන් හිමංසගෙ වෙලා ඉවරයි….ඔයා කොහොමද මෙහෙට ආවෙ…මේ ගේ ගැන කොහොමද දන්නෙ”

“ඒකනෙ මං කියන්නෙ පැටියො…හිමංසමයි මට විස්තර දුන්නෙ… ඇවිත් ඔයා එක්ක යන්න කීවා…”

තරුන් කියද්දි නිශාදි පුදුම වෙලා බැලුවෙ ඒක විශ්වාස කරන්න බැරි නිසා..

“නෑ …ඒක නම් කොහොමටවත් වෙන්න බෑ.. හිමංස කවදාවත් එහෙම කරන් නෑ..”

“නිශාදි මොනවද ඔයා මේ කියවන්නෙ.. ඔයාට මට වඩා හිමංස විශ්වාස වුනේ කොහොමද….මේ අහන්න පැටියො”

එහෙම කියලා තරුන් නිශාදි ලගට ඇවිත් එයාගෙ අත අල්ලන්න හැදුවා..

“ඩෝන්ට් ටච් මී තරුන්..ප්ලීස්… “

නිශාදි තරුන්ගෙන් ඈත් උනේ මූන පුලුටු කරලා…

නිශාදිගෙ මේ වෙනස් වීම තරුන්ට අදහගන්න බෑ…

“තරුන් මං කීවනෙ මං දැන් හිමංසගෙ වෙලා ඉවරයි.. නීතියෙන් විතරක් නෙවේ.. තේරුම් ගන්න.. “

නිශාදිගෙ හඩේ තිබ්බෙ නොසැලෙන ගතියක්…

“මට ඒව ප්‍රශ්න නෙවෙයි නිශාදි ..මට ඕනෙ ඔයාව විතරයි..ඔයා මොන විදිහට හිමංසගෙ උනත්….ඔයා ආදරේ කරන්නෙ මට…..ඒක වෙනස් නොවෙන බව මං දන්නවා..

හිමංසගෙ බලපෑමටයි ඔයා ඔහොම කියන්නෙ…. හිමංස ඔයාව මෙහෙ හිර කලේ ඇයි කියලත් මං දන්නවා…එදා පාර්ටි එකේදි ඔයාව ඇදගෙන ගියපු හැටියටම මට හිතුනා මිනිහා වෙනස් වෙලා කියලා…”

“තරුන් ..ඕවා කීවා කියලා දැන් වැඩක් නෑ… ප්ලීස් යන්න.. හිමංස ආවොත් ඔයාවත් මරලා මාවත් මරලා දායි.. ඔයා දන්නෙ නෑ එයාගෙ හැටි…”

“නිශාදි ….. ඔයා ඔහොම කියන්නෙ මට ආදරේ නිසා කියලා මං දන්නවා මැණික…. අද ඔයා නැතිව මං යන්නෙ නෑ…මතක් කරන්න අපේ ආදරේ ..මං වචනෙකින්වත් ඔයාව රිද්දලා තියෙනවද….

ඔයා කියන හැම දේටම කැමති උනා.. ඔයා හිමංසව බදින්න ගත්ත තීරනෙත් මං ඉවසං හිටියා… ඔයා දන්නවා මං ගැන”

නිශාදි තරුන් දිහා බලං හිටියෙ කර කියා ගන්න දෙයක් නැතිව…මෙහෙම කඩඉමක් මේ ජීවිතේට ඇයි උදාවුනේ…කෙල්ලට දැනුනෙ පුදුම වේදනාවක්…