නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍

චන්ඩිරැජින🌹🌹

අට වන චන්ඩිකම 🙅🙅 •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

පහුවදා උදෙන්ම කෙල්ලො දෙන්න ලෑස්ති වුණේ වැඩට යන්න.කලින් දවසෙ දේවිකා අම්ම කියපු රශී වැඩට යන්නෙ දේවිකා අම්මගෙ හොදම යාලුවෙක් වෙච්ච හේරත් මැඩම්ගෙ office එකේ.

👩 ” කෙල්ලෙ උඹ ලෑස්තියි නේද? “

👩 ” ඔව් නිශෝ මෙන්න මේ සාරි කට්ට ගහපන්කො.අනේ මන්ද මට නම් මොකක්ද? වගේ බං”

👩 ” විකාර නැතුව පලයං බං.බය වෙන්න දෙයක් නෑනෙ.අම්මගෙ හොදම යාලුවෙක් කිව්වනෙ හේරත් මැඩම්.උඹට කරදරයක් නැතුව එතන වැඩ කර ගෙන යන්න පුලුවන් වෙයි.”

👩 ” හරි හරි යමන් දැන් බස් එක අල්ල ගන්න බැරි වෙයි නැත්තං”

එකම බස් එකේ ඇවිත් රශී ටව්න් එකට පොඩ්ඩක් මෙහායින් බැහැ ගත්තේ.පාර අයිනෙම තිබුන ලොකු ගාමන්ට් factory එකක තමයි කෙල්ලට වැඩට එන්න තිබුණේ.

අම්ම කිව්ව විදිහට නම් මේක තමයි තැන ඇතුලට ගිහින්ම බලමුකො.🤨🤨

💓💓💓

” හෙලෝ මචං චරිත්.අර trip එක කල් දාන්ඩ වෙනව බං.අප්පච්චි ඊයෙ ඔසී ගියා.මාසයක් මට මෙතන වැඩ බලා ගන්ඩ වෙනව.අප්පිරියයි බං.කොහෙද? ඉතින් අපේ අම්මගෙන් බේරිල්ලක් නෑනෙ.මං ඒකමයි මේ අද ආවෙත්.අනිත් එක බං……..”

කොල්ල කියන්න හදපු දේත් එකපාරටම ගිල ගත්තෙ රූම් එකේ දොර ඇර ගෙන ඇතුළට ආව කෙනා දැකලයි.

” චරිය මං උඹට පස්සෙ ගන්නම් හොදේ.ok bye”

කොට රතු පාට ස්කර්ට් එකකට අත් දිග ටී ෂර්ට් එකක් ඇදල ඇතුළට ආවෙ ගාමන්ට් factory එකේ සුපර්වයිසර් කෙනෙක්.

” එක්ස්කියුස් මී සර්.අර සර් කියපු ගෑනු ළමය ඇවිල්ල. ඇතුළට එන්න කියන්නද?”

” හා මිනෝලි.එන්න කියන්නකො.”

” ඕකේ සර් ” 😊

” මිස් ඔයාට සර් ඇතුලට එන්න කිව්ව”

” ආ හරි Thank you “

Thanks කරල Office එකේ දොරත් ඇර ගෙන කෙල්ල ඇතුළට ආවෙ චුට්ටක් විතර බයෙන්.ඇයි ඉතින් සර් මොණවගේ කෙනෙක්ද? කියන්න දන්නෙ නෑනෙ.
දොර ඇර ගෙන ඇතුළට ආපු කෙල්ල දැක්ක විතරයි විනෝද් එක පාරටම පුටුවෙන් නැගිට්ටෙබය වෙලා වගේ.ඒක දැකල කෙල්ලත් චුට්ටක් බය වුණා.එක පාරට ඒ ඇස් ගැස්සෙනව රශී දැක්කත් නොදැක්ක ගානට ඇතුළට ගියා.විනෝද් නම් තාමත් සිහියක් පතක් නැතුව කෙල්ල දිහා බලන් ඉන්නව.ඇහිපිල්ලම්වත් නොගහ.

” එක්ස් කියුස් මී සර් ☺️” යකෝ මූ බීරෙක්ද? මහසෝණ දැකල වගේ බලන් ඉන්නෙ එක්ස් කියුස් මී සර් 🗣️

කෙල්ල ඒ පාර නම් කිව්වෙ ටිකක් විතර සද්දෙන්.

” අහ් මේ වාඩි වෙන්න” 😯

එහෙම කියල කොල්ලත් ඉද ගත්තේ.හැබැයි හිත නම් පොඩ්ඩක් කලබල වෙලා කියල තේරුණත් පිටට නොපෙන්වන්න කොල්ල හිතා ගත්තා.

” ම්ම් ok නම් මොකක්ද? “

” මේකෙද? සර් මේ හෑන්ඩ් බෑග් එකක්” ☺️

” මොකක් ” 😡

” න් නැ නෑ සර් ඕකෙ නම මොකක්ද? කියලනෙ ඇහුවෙ ඉ ඉතින් මං හිතුවෙ බෑග් එක ගැන අහනව කියල” 😥

කෙල්ලගෙ කතාවට විනෝදට හිනා යන්න ආවත් හිනාව තද කර ගෙන කොල්ල බොරු කේන්තියක් මවා ගත්තේ.

” තමුන් හිතුවද? මං බූරුවෙක් කියල. ආ… ඔය ඉලව් බෑග් එකක් ගැන නෙවෙයි මං ඇහුවෙ 😡 තමුසෙගෙ නම”

යකෝ ඉතින් ඒක පැහැදිලිව ඇහුව නම් ඉවරනෙ.මෙතන නැට්ට පාග ගෙන දගලන්නෙ නැතුව.ඇයි යකෝ මෙතන වහලෙත් උඩ යන්න කෑ ගහන්න තරම් දෙයක් උණේ නෑනෙ 😏 කෙල්ල එහෙම හිතුව විතරයි ඉතින් කියන්න ගියේ නෑ.🤣🤣

” මොණවද? ඒ පාර කුටු කුටු ගාන්නෙ.කණ ඇහෙනවත් අඩුද? ” 😡

” ආ මේ න් නෑ සර් මගෙ නම රශිනි ණුවන්තිකා.”

” ම්ම්ම් රශිනි අද ඉදන් මගෙ ප්‍රයිවට් ඇසිස්ටන්”

හෑ 😯 මං මේ හිවලගෙ ප්‍රයිවට් ඇසිස්ටන් වෙන්න.😫බුදම්මෝ ඊට වඩා හොදයි කඩේක කොත්තු දාන්න ගියා නම්.ඇයි දෙවියනේ ඔබ වහන්සේ මාව මේ වගේ මූලක්ගිනිකාරයෙක් ගාවට රැගෙන ආවෙ 😖

” තමුන් මොණවද? ඒ පාරාඅයෙත් කුටු කුටු ගාන්නෙ.මෙතන ඉන්න ඕනි නම් මට ඕනෙ විදියට ඉන්නව.නැත්නම් යන්න පුලුවන්.හ්ම්ම් අර තමුන්ගෙ තැන.දැන් යන්න පුලුවන්.” 😏

විනෝද් අත දික් කරල පෙන්නුවෙ දකුණු පැත්තෙ තියෙන මේසෙ දිහාවට.

ඇසිස්ටන් මදිවට මේකගෙ ලගින්ම ඉන්නත් වෙලා.හපොයි දෙවියනේ මූ නම් මාව කොත්තු රොටී හදල බන්දේසියක තියල වෙන්දේසි කරයි.😖අනේ දෙවියනේ ඔබ වහන්සේ ම්ට මේ වගේ කුරිරු දඩුවමක් ලබා දුන්නෙ ඇයි

කෙල්ල තනියම කියව කියව ඇවිල්ල එතන තිබුනු පුටුවෙන් ඉද ගන්නවත් එක්කම messege එකක් ආවේ.කව්ද? කියල හිත හිත අරන් බලන කොට නිශාගෙන් messege එක.

  • මොකද? උණේ රශී අවුලක් නෑ නේද? *

දැනට නම් අවුලක් නෑ ඒත් ඉදිරියට පැහැදිලිත් නෑ.
Messege එක send කරල ෆෝන් එක බෑග් එකට දා ගත්තේ. ඈ යකෝ ඒ පාර මේ හිවල කොහෙට උුනාද? 😯

” මොණවද ? හොයන්නෙ ම්ම්ම්” ☺️

කණ ගාවින් ඇහුන සද්දෙත් එක්ක එක පාරට හැරිල බැලුවේ.මෙන්න ඒ පාර මූ මෙතන.යකෝ මූ වාශ්ප වෙනවද? මන්ද මේ ටිකට මූ කොහොම මෙතනට ආවද? දත් තිස් දෙකම පෙන්නල ලොන්ත හිනාවක් දැම්මෙ මොණව උනත් මූ දැන් ම්ගෙ බොස්නෙ කියල හිතල. 😁

” ආ..කෙල්ලට ලස්සනට හිනා දෙන්නත් පුලුවන්නෙ”😉

රහසක් කියනව වගේ එහෙම කියල මෙන්න මූත් හිනා වෙනව.ඕක ඉතින් ඔච්චර ලං වෙලා කියන්න ඕන ඇයි.මූ හිතුවද? දන්නෑ මගෙ කන් ඇහෙන්නෙ නෑ කියල.😏අම්මෝ මූ ගාවින් එන සුවද? ☺️සෙන්ට් බෝතලේම හලා ගෙනද? කොහෙද? ශුවර් එක්ටම මූ සතියට එක පාරයි නාන්නෙ.ඒකනෙ මෙච්චර සෙන්ට් හලා ගෙන එන්නෙ.🤣

එක පාරටම කන ගාවින් ආපු සද්දෙත් එක්ක ගැස්සිලා ගියේ.

” මොකද ? ම්ම්ම්ම්”☺️

එතකොටයි තේරුණේ මං මෙච්චර වෙලා මුගෙ මූණ දිහා බලා ගෙන භාවනා කරල.හෑ එතකොට රොමෑන්ටික් සීන් එකකුත් වෙලාද? මෙතන 😯 හයියූ මට නම් බෑ සාන්ත.😖

” මෙන්න මේ ෆයිල් ටික අද හවස පහ වෙනකොට මට චෙක් කරල ඕනෙ”

ඒ පාර මූ ෆයිල් කන්දක්ම ගෙනත් මගෙ ඉස්සරහින් තිබ්බේ.යකෝ මූ හිතා හිතා ගෙන ඉන්නෙ මං රොබොඉ කෙනෙක් කියලද?දන්නෑ.පහ වෙන කොට මෙච්චර ගොඩක් 😖

” මොකද?රවන්නෙ දැන්ම වැඩ පටන් ගන්නව ඉතින් ” 😡

ඕක ඉතින් හෙමින් කිව්ව නම් ඉවරනෙ.මෙතන ගිරිය පුප්ප ගෙන කෑ ගහන්න ඕන ඇයි. 😏මූ නම් මොණ නස්පෝනියෙක්ද කියල හිතන ගමන් ෆයිල් එක් අතට ගත්තේ.ඒත් එක්කම messege එකක් නිශාගෙන්.

  • ඒ මොකද?බං.බොසා සැරද? *😯

සැරද? බලන්න මං ඌව ඩෙවල් දැම්මෙ නෑ බං.හැබැයි වැඩි වෙලා නොගිහින් මූ මාව ඩෙවල් දාන්න බැරිකමකුත් නෑ.

එහෙම ගහල messege එක Send කරා විතරයි…..😲

නැවත හමුවෙමු.