“ජෙස්ටින් සීයේ……. මීහු පව් නේද…..”

“ඔව් පුංචි නෝනා…….. බඩ පපුව දනවා මේ පවුලට උණ දේ මතක් වෙනකොට…… ගොඩක්ම දුක සෙනුලි දුව ගැන….”

“ඇයි සෙනුලි නංගිට මොකද??”

“ඒක දිග කතාවක්……….”

“දිග කතාවක් ද ??…….එහෙනම් කියන්නකො සීයේ මටත්…….”

“මේවා කියන එකත් හරි නැහැ…… ඒ උනාට නෝනා දැන් මේ පවුලේ කෙනෙක් නිසා මේවා දැන ගන්න ඕනේ නේ ………”

“ඒකනේ justin සීයේ….”

” මේකයි නෝනා සෙනුලි නෝනා කියන්නේ අපේ ලොකු නෝනගේ නංගිගේ දුවයි ……”

“මො…… මො……මොකාක්??…. ජස්ටින් සීයේ ඔය ඇත්තම???”

” මං මොකටද නෝනෙට බොරු කියන්නෙ??…. ලොකු නෝනමයි දවසක් ඔයි ගැන මාත් එක්ක කිව්වේ “

“එහෙනම් ඇයි ලොකු මැඩම් සෙනුලි ව වැඩකාරකමට ගන්නේ??……”

” දුක තමා තෙනුලි නෝනේ ඒකට හේතුව ලොකු මහත්තයා…….. ලොකු නෝනා කලින් හිටපු මහත්තයා මැරුනට පස්සෙ පස්සේ අලුත් එක්කෙනෙක් බැන්දා නේ……. ඒ මහත්තයා කැමති නැහැ නෝනගෙ නංගි ගේ පවුලට කලින් ඉඳලම………

ඒගොල්ලො අතර ප්‍රශ්න තිබුණා……… ඒ නිසා සෙනුලි දුව එයාලගේ කෙනෙක් කියලා ලොකු මහත්තයට කියන්න නෝනට හයියක් නැහැ………. ඒත් ඒකිව බලා ගන්න ඕනේ නිසයි ඔහොම බොරුවක් කියලා හරි ළඟ තියෙන ඉන්නේ…. නෝනා හරියට සලකනවා සෙනුලි දුවට එත් ඒ සේරම කරන්නේ හොරෙන් තමයි ඉතින්…….”

“එතකොට සෙනුලිගේ අම්මලා තාත්තලා”

“ඒක තමා දුක්ඛදායිම කතාව…….. සෙනුලි දුවගේ අම්මයි තාත්තයි දවසක් factory එකට ගිහින් එද්දි හැප්පිල මැරුන නේ…… එච්චර තමා මං දන්නේ……… වැඩි විස්තරයක් නං දන්නේ නැහැ……… ඒත් දැන් ඒ ෆැක්ටරි ඔක්කොම අයිති පොඩි නෝනට…. තමා………”

“සෙනුලි ගොඩක් පව්……. එයත් මං වගේම අනාථයෙක් නේද ??…… මට තේරෙනවා අනාථයෙක් වෙන එකේ දුක……… මොකද මං මගේ අම්මායි තාත්තයිත් දැකලවත් නැහැ……… මට ඒ අතීතෙ මතක වත් නැහැ…….. පව්…… අඩුම ගානේ සෙනුලිට ලොකු නැද්ද හරි ඉන්නවා නේ……”

” එහෙම කියන්නේ එපා නෝනට දැන් දැන් ඔය ලස්සන පවුලක් තියෙන්නේ…….. මිහේෂ් පුතා හරි හොඳයි…… අපි ඉක්මනට පුතාව සනීප කරගන්න බලමු…….”

” මාත් හිතනවා ජස්ටින් සීයෙ මිහේෂ් ඉක්මනට සනීප වෙයි කියලා……. එහෙම වුනොත් එක කොච්චර දෙයක්ද??….”

තෙනුලි එදා දවසම හිතුවෙ සෙනුලි ගැන… සෙනුලි කොච්චර පව්ද?? තමන්ගේ ලොකු නැන්දාගේ ගෙදර ම වැඩකාරියක් විදියට තමන්ට ඉන්න වෙලා…….. ඉතින් අවාසනාවන්තයි කියන්න තව මොනාද ඕනේ……. තෙනුලි සෙනුලි ගැන……. දැනුනේ මහ ලොකු අනුකම්පාවක්……..

බලන් ගියාම මෙහි හැමෝටම තියෙන්නේ හරිම දුක්ඛිත ජීවිත…….. ලොකු මැඩම් ගත්තොත් එයා….. ගොඩක් ආදරෙ කරපු එයාගේ පලවෙනි සැමියා අනතුරකින් මිය යනවා…….. ඊට පස්සේ ලොකු මැඩම්ට සිද්ධ වෙනවා අකමැත්තෙන් හැරි දෙවෙනි කසාදයක් කරගන්න…….තමන්ගේ නංගිගේ දුවට සලකන්න බැරි තරම් එයා අසරණයි……… තමන්ගේ පුතාගේ ජීවිතේ තමන්ගේ ඇස් ඉස්සරහම විනාශ වෙලා ගියා……….

ඊළඟට සෙනුලි………… තමන්ගේ අම්මයි තාත්තයි රිය අනතුරකින් මිය යනවා……… ඊට පස්සේ එයාට සිද්ධ වෙනවා තමන්ගේ ලොකු අම්මලයි ගෙදරට වැඩකාරියක් විදියට සේවය කරන්න………… යන එන මං නැති නිසා………..

එතකොට මිහේෂ් තාත්තා නැති වෙනවා……… තමන් පණ මෙන් ආදරේ කරපු කෙනාව කසාද බැඳලා හනිමූන් එක ගත කරලා අලුත් ජීවිතයක් පටන් ගන්න එද්දී අනතුරක් සිද්ධ වෙලා තමන්ගෙ නෝනව තමන්ට අහිමි වෙනවා…….. කකුල් දෙකම පණ නැති වෙනවා…….. ඒ වගේම මතකයන් නැති වෙලා පොඩි ළමයෙක් වගේ වැඩ කරනවා………

එතකොට තේජ්ට තමා ආදරේ කරපු කෙනා වෙන කෙනෙක්ව කසාද බදිනවා බලන්න සිද්ධ වෙනවා……….

එතකොට තෙනුලි තව මොහොතක් ඇය ගැන සිතුවා……. ඇයට තමන්ගේ මව හා පියා එක්ක ගෙවපු ඒ සුන්දර අතීතය කිසිවක් මතක නැහැ……….. තමා මතක ඇති කාලයේ ඉදන් තනියම වැඩුනෙ…..

ඉතින් මේ පවුලම අවාසනාවන්තයි වගේ නේද…………….. තෙනුලි හිතාගත්තා මේ අවාසනාවන්ත කම කියන්නේ හිතේ තියෙන දෙයක් විතරයි………. ඒක හින්දා මේ ඔක්කොම නැති කරලා මේ පවුලට සතුට ගේන්න පුළුවන්………..

ඒකට කරන්න තියෙන හොඳම දේ………. මිහේෂ් ඉක්මනට සනීප කරගන්න එක…………. කොහොමත් තෙනුලි මෙහාට ආවේ සාත්තු සේවිකාවක් විදියටනේ………. ඉතින් ඉස්සරහටත් ඒ ටිකම තමා…………. මොකද ඉතින් මිහේෂ්ගේ නෝනා උනා කියලා වෙන්න ඕනි යුතුකම් නෑනෙ……….. තෙනුලිට ඉටු කරන්න………

තෙනූ හිටියේ මිහේෂ්ගේ කාමරේ ඇඳට වෙලා නවකතාවක් කියව…… කියව……. මිහේෂ් කළේ තමන්ගේ සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරපු එකයි…… තෙනුලි පොත කියවලා පහත් කරල බලද්දි මිහේෂ් හිටියේ තෙනුලිගේ මුහුණට එබීගෙන කෙලින්ම ඒ ඇස් දිහා බලාගෙනයි………

තාමත් තෙනුලිට තේරුම් ගන්න බැරි ඒ තරු ඇස් කියන කතාව හරි අපූරුවට ඒ ඇස් වල ලියවිලා වෙලා තිබ්බා………

තෙනූ ගල් ගැහිලා වගේ බලං හිටියේ මොකක්ද වෙන්න යන්නේ කියල…… තෙනුලි ඇස් ඉබේම ගියේ තොල් දෙකට…….. ඉතින් ඒවා ලා රෝස පාටයි දැක්කම හිතුනෙ ඒ තොල් දෙක සිප ගන්න…..

ඒ නිසා ඒ හැඟීම පාලනයක් නැති වෙද්දී තෙනුලි ඒ තොල් අල්ල ගත්තා මිනිත්තු කිහිපයක් ඒහෙම ඉඳලා තෙනුලි හැදුවේ පැත්තකට වෙන්නයි…….. ඒත් ඒ සවිමත් බාහු තව තවත් තද වෙනවා තෙනුලිට දැනුනේ…….. තවත් මිනිත්තු කීපයකට පස්සේ මිහේෂ් නැවතත් ගිහින් ඒ සෙල්ලම් බඩුවලින් සෙල්ලම් කරන්න පටන් ගත්තා…………..

තෙනුලිට මිහේෂ්ව නම් තේරුම් ගන්න බැහැ මොහොතින් මොහොත වෙනස් වන මිහේෂ්ගේ හැසිරීම තෙනුට ගෙනාවෙ ප්‍රහේලිකාවක් ………….. ඇත්තටම එයාට වෙලාවකට සනීප වෙනවා………….. ආයිත් පරණ විදිහට එනවා………… එතකොට ඉස්සෙල්ලා කරපු කිසි දෙයක් එයාට මතක නැහැ………….. කොහොම හරි මං ඔයාව සනීප කරගන්නවා මිහේෂ්….. එතකොට මං හිතනවා ඔයා ආදරණීය මහත්තයෙක් වෙලා මාව බලා ගනියි කියලා………

තවත් දවසක තෙනුලි හැදුවේ මිහේෂ්ගේ ඇඳුම් අල්මාරිය අස් කරන්න……… මිහේෂ්ගේ ඇඳුම් නම නම ඉන්නකොට ඒ එක ඇඳුමක් අරගෙන නහයට ලං කරලා සුවඳ බැලුවා…………. මිහේෂ්ගේ පිරිමි සුවඳ තෙනූගේ මුළු ආත්මයම ස්පර්ශ කළා වගේ ඇයට දැනුණේ…………. ඇය ඒ එකක් අරගෙන එහෙට කැරකෙනවා………. මෙහෙට කැරකෙනවා……… හරියට මිහේෂ් එක්ක බාල් නැටුමක් නටනවා වගේ ඒත් හදිස්සියේම කවුද දොර ගාව ඉන්නවා තෙනුලි දැක්කා

“මොකක් ඔයා …..”

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

අපොයි කවුද ළමයි ඒ ආවේ??
හෙට බෝනස් එකක් දෙන්න බලන්නම්