බැඳීමක් නැති මුදුවක් 💔
12 වන කොටස
“නෙහාරා මගේ වයිෆ්..එයා කරන්න ඕනේ මම කැමති දේවල්..නෙහාරාව මෙහෙ තියලා අම්මාට ඕනේනම් අම්මා මෙහෙන් යන්න..”
මම එහෙම උස් හඬින් කියනකොට උ/ඹ/යි උ/ඹේ අම්මායි එක පාරටම ගැස්සිලා ගියා…
උ/ඹ මගේ දිහා රවා ගෙන වගේ බලාගෙන උන්නා…
මෙතෙක් වේලා සාලේට වෙලා හිටපු අම්මා ඒ එක්කම අපේ කාමරයට ආවා..
“මොකෝ චූටි පුතා මේ කෑගහන්නේ…”
“නෙහාරාගේ අම්මා නෙහාරාව ගෙදර ගෙනියන්න හදනවා…”
මට ඊට එහා වචනයක්වත් කතා කරන්න නෙහාරාගේ අම්මා ඉඩක් දුන්නේ නැහැ….
“ඔව් මම මගේ කෙ/ල්/ල/ව ගෙදර එක්ක යනවා..ඒ/කි බඩ දරු එ/කී..මගේ කෙ/ල්/ල මෙහේ දුක් විඳින කොට අපි කොහොමද බලාගෙන ඉන්නේ…”
උ/ඹේ අම්මා ආවේගයෙන් කෑගැහුවා..
“මේ නෙහාරාගේ අම්මා…දැන් නෙහාරව බාර අපිට …අපි නොකා හිටියත් මේ දරුවාව බඩගින්නෙ තියන්නේ නැහැ..බඩ දරු අම්මා කෙනෙක්ට ෆයිඩ් රයිස්, කන්කුන් ඩෙවල් චිකන් වලට වඩා ඕනේ කරන්නේ ඇඟට ගුණ දෙන කෑම.මාළු ටිකක් කොස් පොලොස් ටිකක් මැල්ලුම් ටිකක්…කොස් පොලොස් වලින්නම් අපේ වත්ත පිටිය අඩුවක් නෑ…මම මේ දරුවාව හොඳට බලාකියා ගන්නම්…ඔයා කලබල නොවී ඉන්න…”
“කලබල නොවී ඉන්න තිබ්බා මේ දරුවා අපේ දරුවෙක් නොවුනානම්…මම මගේ දුවව ගෙනියනවා….”
“නෙහාරගෙ අම්මා හත් මාසයක් යනකන් මේ දරුවාව මෙහෙන් ගෙනියන්න ඔයාට කිසි අයිතියක් නෑ…හත් මාසයෙන් පස්සේ ඔයාට ඕනේ නම් නෙහාරාව ගෙනියන්න පුළුවන්….”
අම්මයි මමයි එහෙම දැඩි මතයක ඉන්න උ/ඹේ අම්මා මොහොතකින් පහු බැහලා ගියා…
“මම එහෙනම් ගිහින් එන්නම් දුව…කන්න ආස දෙයක් තියෙනවනම් මට කෝල් කරල කියන්න…මම උයාගෙන අරගෙන එන්නම්…පුළුවන් තරම් ඉක්මනට දොස්තර කෙනෙක් ළඟට ගිහින් පෙන්වන්න…”
උ/ඹේ අම්මා එහෙම කියාගෙන උ/ඹේ හිසත් අතගාගෙන මට රවාගෙනම පිටවෙලා ගියා ..
වෙනදාට මම උ/ඹේ අම්මට දණ ගහලා වැන්දට අද මම එහෙම දණ ගහලා වදින්න ගියේ නෑ…
වයසින් වැඩි වුණා කියලා කිසිම කෙනෙක් වැඩිහිටියෙක් වෙන්නේ නෑ..වැඩිහිටියෙක් කියන්නේ ගුණයෙන් වගේම නුවණින් වැඩි අයට…
තමන්ගේ දරුවාගේ ජීවිතය දුරදිග කල්පනා කරන්නැතුව හිතු මනාපයේ විනාස කරන්න හදන මේ වගේ අම්මලා මේ ලෝකේ ඉන්නව නේද කියලා මට පුදුම හිතුනා ..
උ/ඹ උ/ඹේ අම්මා පිටවෙලා ගිය වෙලාවෙ ඉඳලා මුහුණ නොරොක් කරගෙන පැත්තකට වෙලා හිටියේ මාව වැරදිකාරයෙක් කරලා…
අම්මත් එක්ක මම උ/ඹ/ට පිටවෙලා යන්න නොදුන් නිසා උ/ඹ මාත් එක්ක ඉන්නේ තරහින් කියලා මට හිතුනා…
ඇයි උ/ඹ පොඩ්ඩක්වත් මම ගැන හිතන්නේ නැත්තේ මට මම ගැනම අනුකම්පාවක් හිතුණා…
උ/ඹේ හිතේ තියෙන තරහ මගහැරලා යනකම් උ/ඹෙ/න් ඈත්වෙලා ඉන්න මම කල්පනා කරා…
ඒ නිසාම හවස් වෙලා තිබුණත් හන්දිය වටේ ඉබාගාතේ ඇවිදන් ගියා…
ගෙදරින් එළියට ආවේ උ/ඹෙ/න් මඟ හැරිලා ඉන්න වුණත් ගෙදරින් පිටවුණා කියලා උ/ඹ මගේ මනසෙන් නම් ඈත් වුණේ නැහැ…
උ/ඹ මේ විදිහට මුරණ්ඩු ,හිතුවක්කාර,
අනික් අයව නොරිස්සන කෙනෙක් වෙලා තියෙන්නේ උ/ඹේ අම්මා නිසා..
උඹ අම්මා ගහන පදයට නටන්න පුරුදු වෙච්ච කෙනෙක් …
උඹ අවුරුදු ගානක් ආදරේ කරපු ආදරවන්තයාව අත හැරලා මාව විවාහ වෙන්න කැමති වුණේ ඒ නිසයි….
ඒ නිසාම උ/ඹේ ජීවිතයට ලොකු බලපෑමක් කරන්න උ/ඹේ අම්මාට පුළුවන් කියලා මට හිතුණා ….අපේ විවාහ ජීවිතය සාර්ථකව ගෙනියන්න නම් උ/ඹේ අම්මාට අපේ ජීවිතයට ඇගිලි ගහන්න නොදී ඈතින් තියාගන්න ඕනේ කියලා මට ඒ මොහොතේ තේරුණා …
ඒ එක්කම මගේ මොබයිල් එකට ඇමතුමක් ආවා.ගෙදර දුරකතන අංකය එහි සටහන් වෙලා තිබුණා .මම පරක්කු නිසා උ/ඹ කතා කරනවා ඇති කියලා මට හිතුණා ….
හිතට අමුතුම සතුටක් දැනුනා …
“පුතා කොහෙද ගියේ….”
එහා පසින් අම්මාගේ කටහඬ ඇහෙද්දී මගේ හිතට දැනිච්ච සතුට නිකම්ම දියවෙලා ගියේ මගේ බලාපොරොත්තු සුනු විසුණු වෙලා ගිය නිසා..
“මම පාරට ටිකක් ආවා.මම ඒත් බය වුණා ..
රෑ වෙන්න කලින් ගෙදර එන්න පුතා …”
“කෝ නෙහාරා ….”
“ඔය ඉන්නේ කාමරේට වෙලා…”
උ/ඹ/ට මම ගැන නිනව්වක්වත් නැහැ කියලා හිතිලා හිතට ලොකු දුකක් දැනුනා .
“හරි.මම ඉක්මනට එන්නම් අම්මේ ..”
මම එහෙම කියමින් ඇමතුම විසන්ධි කළා..
මම රෑ බෝ වෙනකන් පාරේ කරක් ගහ ගහා හිටියත් උ/ඹෙ/න් මට එකම ඇමතුමක් වත් ලැබුණේ නැහැ…
මම උ/ඹේ සැමියා …
උ/ඹේ කුසේ පිළිසිදලා ඉන්න දරුවාගේ පියා…
එහෙව් මම ගැන උ/ඹේ හිතේ කිසිම හැඟීමක් ඇති නොවෙන්නේ ඇයි කියලා මට හිතාගන්න බැරිවුණා …
දැන්වත් ඔය ගල්හිතේ මම ගැන ආදරයක් ඇතිවුණේ නැද්ද සුදූ….
මගේ හිත දුකෙන් කෑමොර ගහන්න ගත්තා…
ආදරේ කියන්නේ ලැබිය යුතු දෙයක් නෙවෙයි පිදිය යුතු දෙයක් බව මට ඒ මොහොතේත් හිතුනා …..
උ/ඹ මගේ ලේ ධාතුවක් කුසේ දරාගෙන මාව තාත්තෙක් කරන්න ඉන්න මගේ බිරිඳ …..
උ/ඹ මට ආදරේ කරත් නොකරත් මගේ ආදරේ වෙනසක් නොකරන්න මම තීරණය කලා..
මම ගෙදර යනකොට අම්මා මිදුලට වෙලා මම එනතුරු මඟ බලාගෙන උන්නා.
මාව දැකපු ගමන් අම්මාගේ මුහුණ මදක් එළිය වුණා …
තවමත් මම එනතුරු මඟ බලන් ඉන්නේ අම්මා පමණයි කියලා මගේ හිතේ පොඩි දුකක් ඇති වුණා ….
“මොනවාද පුතා ඔයා මේ කරන වැඩ…ඔයා දැන් ඉස්සර වගේ නෙමෙයි .කසාද බැඳපු මනුස්සයෙක්..පාරේ රස්තියාදු ගහන්නේ..යන්න ගිහින් ඇග හෝදාගෙන කෑම කන්න එන්න…”
මම අම්මාගේ වදන් නොඇසුනා වගේ කාමරේට පිටවෙලා ගියා.මම යද්දි උ/ඹ ඇඳට වෙලා දෑස් පියාගෙන නිදාගෙන උන්නා…
උ/ඹේ මුහුණ තෙහට්ටුවට ඈලිමෑලි වෙලා තිබුණු හැටි දැකලා මට ගොඩාක් දුක හිතුණා …
උ/ඹ ගැන අහිතක් හිතන්න නරකයි ..
මගේ දරුවා කුසේ දරාගෙන උ/ඹ දුක් විදිනවා ඇති කියලා මට හිතුණා…
උඹව නොහැරවා ඉන්න මම හිතාගත්තා ….
මම ළිඳ ළගට ගිහින් ඇඟපත දොවාගෙන කෑම කාලා ආයෙමත් කාමරයට ආවා..
මම ඒ එද්දිත් උ/ඹ උන්නේ විසල් නින්දක දැවටිලා..
මම උ/ඹේ කොපුලක් හිමිහිට සිපගත්තේ හිතට දැනුණු ආදරය දරාගන්න නොහැකිවෙලා…
මගේ ඒ සිපුමත් එක්ක උ/ඹේ පියවෙලා තිබුණු දෑස් විවර වුණා …
අපරාදේ උ/ඹේ නින්ද මම කැඩුවේ මගේ හිතේ පසුතැවීමක් ඇති වුණා ..
උ/ඹ දෑස් විවර කරන් මගේ දිහා මොහොතක් බලාගෙන ඉදලා මොහොතක් ගතවුණාට පස්සේ මගේ දිහා දෑස් හකුලුවාගෙන බැලුවේ මා එක්ක අමනපයෙන් වගේ….
ඊටත් පස්සේ උ/ඹ ඇදේ අනෙක් පසට හැරවුනේ මාත් එක්ක හිතේ තිබුණු අමනාපය මතක් වෙලා වගේ…
මම උ/බ/ව හිමිහිට මගේ පැත්තට නැඹුරු කරගත්තා….
මම උ/ඹේ ඇස් වලට එබිලා බලද්දි උ/ඹ උ/ඹේ ඇස් බිමට යොමු කළේ අමනාපයෙන් වගේ …
“සුදූ ඇයි ඔහොම මගෙන්පලිගන්නේ…තවම දන්නෙ නැද්ද මම උ/බ/ට කොච්චර ආදරේද කියලා…මට දැන් ඔයා නැතුව ඉන්න බෑ සුදු…උ/ඹ මාව දාලා ගියාම මම කොහොමද ජීවත් වෙන්නේ…..”
මම එහෙම කිව්වම උ/ඹ උ/ඹේ පුංචි ඇස් දෙක විසල් කරගෙන මගේ දිහා පුදුමයෙන් වගේ බලාගෙන හිටියා…
ඇස් දෙක ලොකු කරගෙන උ/ඹ එහෙම ඉන්නකොට හරි හුරතල් කියලා මට හිතුනා ..
රෑ අහසේ පායපු සඳක් වගේ මට උ/බේ මුහුණ දිස් වුණා.අමාවක රැයක් වුණත් උ/ඹ මම ළඟ ඉන්නවානම් පහලොස්වක පෝය දවසක් වගේ කියලා මට හිතුනා …
හිතට මෙතෙකැයි කියා ගන්න බැරි තරම් ආදරයක් දැනිලා මම ඔය මුහුණ ආදරයෙන් සිප ගත්තා…
“මම මෙච්චර අමාරුවෙන් ඉන්නකොට ත/මු/සෙ/ට ඕනේ වෙන වෙන දේවල්…මට මේ ඇඟ පතේ අමාරුව ඉවසගන්න බැහැ…..එහාට යනවා..”
උ/ඹ එහෙම කියලා මගේ මුහුණ පසෙකට තල්ලු කරද්දී මට මම ගැනම මහා ආත්මානුකම්පාවක් දැනුනා…
මම මේ තරම් උ/ඹ/ට ආදරේ කරද්දි ,උ/ඹ/ට අඩුම තරමේ මගේ ආදරේ තේරුම් ගන්නවත් අමාරුද කියලා මට හිතුනා ….
මම උ/ඹව අද සිපගත්තේ කිසිම රාගික හැඟීමකින් නොවෙයි කියලා දන්නෙ මගේ හිත විතරයි.ඒත් උ/ඹ තිස්සෙම මම ගැන වැරදි විදිහට හිතලා මාව හංවඩු ගහනවා…
පිරිමි කියන්නේ ගොඩක් වෙලාවට හැඟීම් එළියට දාන කොට්ඨාශයක් නෙමෙයි…
පිරිමියෙක්ගේ හැඟීම් හිත ඇතුළෙම සිර කරලා දාන්න හුරු කරන්නේ මේ සමාජය…
පිරිමියෙක්ගෙ ඇස් වලින් කදුලු වැටෙන්නත් වාරණ දාල තියෙද්දී පිරිමි කොහොමද සංවේදි වෙන්නේ…..
ඒ නිසාම ගැහැණු හිතන්නේ පිරිමි කියන්නේ මහා අසංවේදී ,රළු පරළු හිත් තියෙන කොට්ඨාශයක් කියලා..
ඒත් පොඩ්ඩක් හරි ඒ රළු පරළු පපුව අස්සේ හැංගිලා තියෙන මුදු මොළොක් හදවතට එබිල බැලුවොත් තේරේවී පිරිමි කියන්නෙත් ගැහැනු වගේම සංවේදී කොට්ඨාශයක් කියලා….
“ඇයි සුදු ඔයා හැමතිස්සෙම මම ගැන තර්ඩ් ක්ලාස් විදියට හිතන්නේ…ඔයා ඉන්නේ අමාරුවෙන් කියලා මම දන්නවා.අමාරුවෙන් ඉන්නකොට ඔයාට කරදර කරන්න තරම් මම න&මයෙක් නෙවෙයි..මම ඔයාව කිස් කළේ ආදරේට..ඔයා මට ආදරේ කරන්න ඕනේ නෑ…මම ඔයාටත් එක්ක් ඇතිවෙන්න ආදරේ කරන්නම්…ඒත් මම ඔයාගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි..ඒ මට ඔයාට ආදරේ කරන්න ඉඩ දෙන්න කියලා විතරයි…”
මම එහෙම කියද්දි උ/ඹේ මුහුණ එක එකපාරටම වෙනස්වුණා..උ/ඹ මගේ පපුව අස්සට ඔලුව තියාගෙන නිහඬව දෑස් පියාගත්තේ එක වදනක් වත් නොකියාම……
මොහොතක් මම උ/ඹේ හිස පිරිමදිද්දි පූසි පැටියෙක් වගේ මට තුරුල් වෙලා උ/ඹ නිදන්න ගත්තා…
මම දෑස් පියාගෙන නිදන්න උත්සහ කළත් නින්ද මගේ ලඟට ආවේනම් නැහැ….
ඒත් මගේ හිත අද්දරට ගීතයක් සිහිපත් වුණා…
මා ලඟටම තව ළං වෙලා
හිඳින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතපෙන නින්දේ
නුපුර හෝ ප්‍රියේ…
පා සුළගිල්ලේ හඩ නම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා
සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
සැතපුණුදා දුටු කින්නර පෙම් සිහිනේ
මහළු වෙලා අද සඳ වාගේ
යෞවන රෑ සඳ බලාන උන්නාවේ
කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
අපි යමු මේ රෑ අනාගතය සොයලා
නල මුදු සුවඳේ නිදන මලේ
මට මල් රොනගුන් සුවඳ දැනේ ලඳුනේ
අලුත් රැකියාව සුවපහසු එකක් වුනේ නම් නෑ..ක්‍රියාන්විත සේවයේ කරපු අපිට සැප සම්පත් නැතිව වැඩ කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි…
ඒත් ඒ රැකියාවට හොඳ සමාජ පිළිගැනීමක් තිබුණා ..
ආරක්ෂක නිලධාරියෙක් කිව්වම බහුතරයක් දෙනා අපි දිහා බලන්නේ කිසිම උගත් කමක් නැති නොවැදගත් මිනිස්සු දිහා බලනවා වගේ…..
රාජකාරි ස්ථානයට නුදුරින් මම නවාතැනක් හොයා ගත්තා.සුනිමල් අයියා එයාගේම බෝඩිමේ මට නවතින්න ඉඩ දුන්නා.ඉස්සර මාසෙකට දවස් දහයක් ගෙදර වැකේෂ්න් යන මම දැන් සතියට දවසක් නිවාඩුවට ගෙදර යනවා….
රාජකාරි කටයුතු කොපමණ තිබුනත් රෑ නොනිදා සේවාමුර යෙදෙන මට ඒ හැම ඇසිල්ලක ම සිහිපත් වුණේ උ/ඹ/ව….
මීට සති දෙකකට කලින් මම උ/ඹ එක්කගෙන ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට ගෙන ගිය හැටි මට තාම මතකයි…
ඒ වෛද්‍යවරයා නෙහාරට වගේම මටත් ගොඩක් උපදෙස් මාලාවක් දුන්නා…
ඒ සේරම මට කට පාඩම්.ඒ වුණත් උ/ඹ වෙනුවෙන් සාත්තු සප්පායම් කරන්න මට වෙලාවක් ලැබුණෙ නෑ.මගේ රැකියාවත් එක්ක සතියකට දවසක් වගේ කාලයක් විතරයි මට ඒවා කරන්න පුළුවන් උනේ….
ගමේ ක්ලිනික් එකට උ/ඹ/ව ලියා පදිංචි කරාම මාසෙකට වතාවක් උ/ඹ/ව එක්කරගෙන එන්න කියලා ඒ අය දැනුම් දුන්නා….
උ/ඹ ක්ලිනික් එක්කං යන්න නියමිත වෙලා තිබුනේ ඊයේ දවසේ.උ/ඹ මට නිවාඩු අරගෙන එන්න කිව්වත් රැකියාවට ඇවිත් මහ ලොකු කාලයක් නැති නිසා ආයතනයෙන් මට නිවාඩු දුන්නේ නෑ….සති අන්තයේ තියෙන නිවාඩුව මට ඒ දවසේ දෙන්න කියලා ඉල්ලුවත් මාත් එක්ක වැඩ කරන සුනිමල් අයියා එදා නිවාඩු දවස නිසා මට මොකවත් කරගන්න බැරි වුණා…
මට නිවාඩු ගන්න වෙන්නේ නෑ..අම්මා එක්ක ක්ලීනික් යන්න කිව්වම උ/ඹ මට පෙරදවසක බැණ වැදුණු හැටි මට සිහිපත් වුණා …
“සුදු මම මෙහෙ වැඩට ආපු අලුතනේ..මේ මාසේ විතරක් අම්මා එක්ක ක්ලිනික් යන්න…අම්මා ත්‍රීවිල් එකක් එකක් කතාකරගෙන ඔයාව එක්කගෙන යන්නම් කිව්වා…ඊළඟ මාසේ මම එන්නම්…”
උ/ඹ මොහොතක් නිහඬව හිටියා…
“සුදු ලයින් එකේ ඉන්නවා ද?..”
මම එහෙම කිව්වේ එහා පසින් උ/ඹේ කිසිම සද්දයක් තිබුනෙ නැති නිසා..
“ඉන්නවා…කියන්නේ නම් මහ ලොකුවට අච්චර ආදරෙයි මෙච්චර ආදරේ කියලා..ඒ උනාට මාත් එක්ක ක්ලිනික් යන්න එන්න බෑ…අපරාදේ අම්ම කතා කරපු වෙලාවේ මට ගෙදර යන්න දුන්නෙත් නෑ…එහෙනම් මේ සේරම අම්මා කරනවා….”
උ/ඹ එහෙම කියද්දි මට දැනුනේ උ/ඹ හරියට මගේ පපුව නියපොත්තෙන් සූරලා තුවාල කලා වගේ ලොකු වේදනාවක්…
උ/ඹ/ට ඕනේ හැමදාම මට මදිපුංචිකම් කරන්න.මගේ ආදරේ හෑල්ලු කරන්න.
ඇයි උ/ඹ මෙහෙම මට නපුරු විදිහට සලකන්නෙ කතා කරන්නේ.
මට එහෙම හිතුනා …
“නෙහාරා මාව තේරුම් ගන්න..මම ලොකු සල්ලිකාරයෙක් නම් මට රස්සාවක් නැත්තං තුන්සිය හැටපස් දවසෙම ඔයාගේ ළඟට වෙලා මට ඔයාට සාත්තු සප්පායම් කරන්න තිබ්බා,ඔයා එක්ක හැම තැනකම යන්න තිබ්බා.ඒ වුණත් මම දුප්පත් මනුස්සයෙක්.අපි හැමෝම කාලා බීලා ඇඳලා ඉන්නේ මගේ මේ රස්සාවෙන්…ත/මු/සේ දන්නවා නෙහාරා මට ත/මු/සේ ලඟට එන්න පුළුවන්නම් මම පියාඹලා එන්නේ කියලා…”..
මම එහෙම කිව්වේ නෑ මට එහෙම කියවුණා…
“අනේ මේ ත/මු/සෙ/ගෙ මහා ලොකු රස්සාව…ඕකත් රස්සාවක්ද ?..තියාගන්නවා ඔය හි//ඟන රස්සාව …මට බෑ ත/මු/සෙ?ගෙ අම්මා එක්ක යන්න…මම බැන්දේ අම්මාව නෙමෙයිනේ ත/මු/සෙ/නේ..”
“ත/මු/සේ නම් මහ උද්දච්ච ගෑ//නියෙක් නෙහාරා….”
මම එහෙම කියද්දිම උ/ඹ ඇමතුම විසන්ධි කළා..වෙන ගැහණු නම් තමන්ගේ පිරිමියා වැටුනම නැගිටින්න උදවු කරනවා…ඒත් උ/ඹ වැටිච්ච මාව තව තව පාගනවා….
මේක නම් මගේ ලැබීම තමා…
කොහොමහරි මීට වඩා හොඳ රස්සාවක් හොයාගන්න ඕනේ කියලා මම කල්පනා කරා…
සේවා මුරය අවසන් වෙලා මම පාන්දර නවාතැනට ඇවිත් නිදා ගත්තා…
සුනිමල් අයියා සේවා මුරයේ හිටපු නිසා මම ඒ වෙලාවේ තනියම බෝඩිමේ නිදාගෙන හිටියේ….
ආයේ සේවයට යන්න තියෙන්නේ දවාලට නිසා කොහොමත් ටිකක් දවල් වෙනකම් මම නිදා ගන්න පුරුදු වෙලා හිටියා….
තද නින්දක හිටපු මම එකපාරටම තිගැස්සිලා ඇහැරුණේ කිසිවෙකු දොරට තට්ටු කරන සද්දේ ඇහිලා….
ටක්…ටක්..ටක්….
කවුද මේ වෙලාවේ දොරට තට්ටු කරන්නේ ….
මම නිකමට වගේ ඔරලෝසුව දිහා බැලුවා..
තවම වෙලාව නමයයි….
මේ මොන කරදරයක්ද නිදාගන්න තියෙන වෙලාවේ නිදාගන්න වත් නැහැ….
මම හිතින් බනිමින් කාමරේ දොර විවර කරා.ඒ ඇවිදින් හිටපු කෙනා දැකලා මගේ ඇස් දෙක විසල් වුණා.ඒ ඇවිදින් හිටියේ බෝඩිමේ
යාබද කාමරයේ නැවතිලා හිටපු කුමාරි අක්කා ..
“ඇයි අක්කේ…”
“මල්ලි මම ඔයාට කෑමක් ගෙනාවා….”
කුමාරි අක්කා මගේ කාමරය ඇතුලට ඇතුල් වෙන්න හදද්දිම මම කාමරයේ දොර ලගට ගියා.ලඟකදි ඉඳලා ඇය මට ඉඟි බිඟි පානවා වැඩියි කියලා මට හිතුනා….
ඒ වුනත් මම ඒ දේවල් ගණන් ගන්න ගන්නේ නැතිව මගෙ පාඩුවේ හිටියා…
“කෝ දෙන්න අක්කේ..”
මම ඒ අතේ තිබුණු දීසිය උදුරලා වගේ ගත්තේ ඇය කාමරය තුලට කඩා ගෙන පනිවී කියලා බය හිතිලා….
“මොකද මල්ලි ඔච්චර බය.මම මල්ලි එක්ක කතා කරන්න කියලා ආවේ ..”
මම දොර ගාව රැකවල් දාගෙන හිටියත් කුමාරි අක්කා කාමරයට කඩාගෙන පනින්න හැදුවේ මාවත් පසෙකට තල්ලු කරලා…..
හමුවෙමු මීළඟ කොටසින්💔💔💔💔
අහක බලාගෙන යන්න එපා .ලයික් ,කමෙන්ට් දාගෙන යන්න අමතක කරන්න එපා