කාවින්දි ලියනගේ

.🌻12 දිගහැරුම 🌻

කේශ්වර නිහඬව රිය දාවනය කරන්න වුයේ ඈ සෙමෙන් ඇගිලිපවා මුව තුල රුවාගනිමින් ප්‍රීතියෙන් පිසා කැබලි එකිනෙක රස විදින අයුරු දැක හදවතින් සිනා සෙමිනි.

” දෝණී ……… ..දෝණී ……….”

” ම්…………”

කේශ්වර අහිංසා කිහිප වරක් ඇමතුමද ඈ දෙනෙත් හෝ ඔහු දෙසට පා නොකර ඔහුට ඇහුම්කන් දෙනබව සන් කරන්න වුයේ බිම බෝතලය විවර කරගෙම එය පානය කරන්න වුයේ දෝතින්ම කුඩා බෝතලය අල්වාගෙනය..එය නෙත ගැටුනු කෙශ්වරගේ මුවෙහි සිනාහවක් සිත්තම් වුයේ ඇගේ මේ බොලද වැඩ අබියස ඇය වෙත තව තවත් සිය හදවත බැදෙද්දී ය……

” මේ අහන්නකෝ ඔයාට ඊයේ රෑ අපේ අම්මා මොනවද කිව්වේ ……”

ඈ සිටින්නේ කෑම පිලිබද සිහියෙන් නිසා මේය එ පිලිබදව තමාට දැනගත හැකි හොදම අවස්තාවයි..වෙන මොහොතක ඇයට කියටවත් සිය මව පැවසු දේවල් ඇයට ඇති බිය නිසා තමාට නොපවසන බව ඔහු තදින්ම විශ්වාස කරන්නට විය….

” ආ..ලොකු මැණිකේ කිව්වා…පොඩි පොඩි ගෑවට මන් එහෙම පොඩි නැලු..ලොකු මැණිකේ උනත් කරකාර බැන්දේ මගේ වයසෙන් කිව්වා …ආ තව මන් දහයට ගනින්න බෑ වගේ බොරුවට රගපන්න ලෑස්ති වෙන්න එපා කිව්වා…එක අතකට මේවා හාමුලේ වැරදි කිව්වා..වැඩකාරයෝ එ විදිහට තියාගන්නේ නැතුව කරේ තියගත්තා කිව්වා. හිගන්නුන්ට උගන්නන්න විය හියදම් කරන්න ලොකු හාමුට පිස්සු කියලත් කිව්වා……

මාත් අපේ අම්මාලා වගේලු කපටිකම ඇගපුරාම අහිංසකයි වගේ රගපලා මහත්තයාවයි ලොකුවයි රවට්ටගෙන අන්තිමේදි කොහොම හරි වලව්වට රින්ග ගත්තා කිව්වා .

තව කිව්වා කොහොම හරි මන් මේ පවුලේ ලේලි වෙලා ඉවරයිනේ දැන් මට තියෙන්නේ මේ පරම්පරාවට උරුමක්කාරයෙක් දෙන එකලු..මට අවුරුද්දක් දෙනවා කිව්වා. කාලේ ඇතුලත මගෙයි ලොකු බේබිගෙයි දරුවෙක් නොදුන්නොත්..මේ වලව්වේන් යන්න ලෑස්ති වෙන්න කිව්වා..තව වද ගෑනුන්ට දෙන්න මන් දරුවෝ හදලානෑ කියලාත් කිව්වා…

එහම නොවුනොත් මාව දික්කසාද කරලා මන් ලොකු බේබිව වෙන කෙනෙක්ට බන්දලා දෙනවලු ..අනික කොහොමත් ලොකු බේබිට ආයි කාසදයක් කරගන්න බැරි කමක් නෑනේ…රූපයෙන් අඩුවක්ද සල්ලි දේපලවලින් අඩුවක් කියලද .එහෙම නෑනේ..සල්ලිකාර පවුල් කියකින් ආපු යෝජනා එපා කිලලු මාව බැන්දේ…
මන් කැම්පස් යන්න ඕනි නෑ කිව්වා…කොහොමත් ගෑනු වැඩිය ඉගෙන ගන්න ඕනි නෑ කිව්වා .ගැනු උයන්න පිහන්න දරුවෙක් බලාගන්න ඔයවගේ දේවල් ඉගෙන ගත්තහම ඇතිලු…
මන් ඉගෙන ගෙන ජනාධිපති වෙන්නද කියල ඇහුවේ …

ඔය වගේ දේවල් තමා කිව්වේ……….”

අහිංසා හුස්මක් කටක් පවා නොගෙන එක දිගට කියාගෙන යන්න් වුයේ .ඔහු මේ දේවල් පවසා නැවත ඉක්මනින් පිසා කැමේ උවමනාවකට මිසක් ඔහු කුමක් ඇසුවදා කියා වැඩිදුර නොසිතාමින් ය…….

” ඔ.ශිට්……….”

කේශ්වර අත මිටිකර සුක්කානම මත පහර දෙන්න වුයේ සිය කෝපය පාලනය ආයාසයෙන් පාලනය කරගනිමින් ය.ඔහුට සිය මව පිලිබද දැනෙන්න වුයේ දැඩි පිලිකුලකි.තවමත් එ හැටි මෝරා නොමැති මැගෙන් දරුවෙක්.ඇය මොන ආකාරයේ ගැහැනියක් දැයි සිතමින් ඔහු නිහඬව රිය පදවන්නට විය………

” මෙහෙම කිව්වට තරහ වෙන්න එපා බන්.උබෙලා අම්මා එ ජාතියේ ගෑනියෙක් කියලා මන් කවදාවත් හිතුවේ නෑ..කොහොමද බන් එයත් ගෑනියෙක් වෙලා අර පොඩි කෙල්ලගෙන් අර වගේ දෙයක් ඉල්ලන හිත හදාගත්තේ …..”

“මොන මගුලකට මන් උබ එක්ක තරහ වෙන්නද බන්..ඕන ගොනෙක්ට අපේ අම්මාගේ කතාව කොච්චර අසාධාරණද කියලා තේරෙන්නේ එපැයි ..පව් බන් දෝණී එකි එකට කොච්චර ශොක් වෙලාද කිව්වොත් කෙල්ල බාත්රූම් එකේ ෆෙන්ට් වෙලා ඉද්දී මට රෑ හම්බුනේ…”

” අනේ මන්දා බන් මටත් වෙලාවකට උබලාගේ පවුලේ එව්වෝ ගෑන තේරුම් ගන්න බෑ..මේ එක නෙවෙයි මන් උබෙන් දෙයක් අහන්නද……”

” ඕන මගුලක් අහපන් බන්…….”

” උබේ ඔය ප්‍රශ්නේ ගැන මායි ප්‍රොෆෙසයි ඇරුනාහම ගෙදර කිසිම කෙනෙක් දන්නේ නැද්ද..අඩුම මලියවත්……..”

” නෑ..බන් උබ මන් එක්ක එහෙ හිටිය නිසයි උබත් මේක දන්නේ නැත්නම් මන් උබටවත් කියන්නේ නෑ…පොඩිට කියලා ඌව තවත් වට්ටන්න මට ඕනි නෑ.. බන් අම්මාලා නිසා ඌ එහෙට වෙලා විදවන තරම ඇති…….”

” එතකොට එ ඇක්සිඩන්ට් එක ගැන කවුරුත්ම දන්නේ නෑ කියලද උබ කියන්නේ .”

” නෑ..මන් ඇක්සිඩන්ට් උනා කියලා මන් ලංකාවට ආවට පස්සේ ගෙදරට කිව්වා..එත් මන් මට ලොකු ඩැමේජ් එකක් උනා කියලා කිව්වේ නෑ…….”

” යකෝ තෝව උල තියලත් මදිනේ..මාස තුනක් කෝමා එකේ ඉදලා.ඔපරේශන් දහයක් විතර කරලා උබව ගොඩ ගත්තේ ..උබ එ කිසි දෙයක් දැන් මතක නැද්ද..ඔහොම අන්කෙලෙස් වෙන්න එපා බන්.උබට ජිවිතේ නැති උනේ නෑනේ..”

” එත් බන් මන් දවසක එක තැනක හිර වෙනවා.මන් කොහොමද බන් එදාට දෝණීට මුණ දෙන්නේ.එකි හිතයිද මන් එකිව රැවැට්ටුවා කියලා…..”

” අනේ මී වස්සෝ..උබ මේ එන්න තියන අනාගතයක් ගැන හිත දුක් නොවී අද දවස කෙල්ල එක්ක සතුටින් ඉදහන්..අපි එ දවසට එ ප්‍රශ්නේ ගැන බලමු .උබේ ඕනිම දේකට මන් ඉන්නවා..එ නිසා බය වෙන්න එපා…”

“උබ පින් බන්……”

” අනේ..මේ පින් දිලා ශෙප් වෙන්න ලෑස්ති වෙන්න එපා..මට නංගී අතින් හදපු තේකක් බොන්නවත් කතා කරහන්……”

” හරි එහෙනම් වරෙන් යන්න අද රෑට අපේ දිහාවෙන් කමු..අද රෑට කොහොමත් දෝණී උයන කතාවක් කිව්වේ .යමන්…”

” අඩෝ මේ සිරාවටමනේද කියන්නේ…උබ මාව ජොක් එකකට අරන් නෙවෙයි නේ….”

” නෑ..නෑ බන් වරෙන් යන්න ඉතිං ……”

” .යමන් යමන් එහෙනම් …….”

මතුසම්බන්ධයි