-28කොටස-
නිශාදි බලං ඉද්දි විනාඩි පහක්වත් යන්න කලින් කෑම ටික විමලා මේසෙට ඇරියෙ නිශාදිගෙ බඩගින්නත් වැඩි කරලා…
“නෝනෙ.. ඔය ගවුමට ලොකු නෝන වගේම නෝනත් හරි හැඩයි..”
විමලා කියද්දි නිශාදි ඇස් ලොකු කරලා විමලා දිහා බැලුවා.
ලොකු නෝනා”
“ඔව්.. ඇයි නෝනෙ මහත්තයා කීවෙ නැද්ද ඔය ගවුම ලොකු නෝනා මේ ගෙදර ඉන්න කාලෙ ඇදපු එකක්..”
“ම්ම්ම් මං ඒ ගැන දන් නෑ අක්කෙ….හිමංස ඉස්සර මෙහෙ හිටියද… “
නිශාදි හිතුවෙ විමලගෙන් හිමංස කීව කලින් කසාදෙ ගැන දැන ගන්න පුලුවන් වෙයි කියලා
“නැතුව.. පොඩි කාලෙ කාලයක් මෙහෙ හිටියෙ.. දැනුත් ඉදල හිටල කට්ටිය ඇවිත් යනවා.. එහෙ අලුත් ගෙදර පදිංචියට ගියාට පස්සෙ හිමංස මහත්තයා නම් නිතරම ඇවිත් යනවා..”
“එහෙමද …ඇයි දන් නෑ නේ හිමංස එන්නෙ යන්නෙ.. මෙහෙ වෙන කවුරුත් ඉදලා තියෙනවද ..”
“අපොයි හිමංස මහත්තයා එන්නෙ තනියම සැනසීමෙ ඉන්න හිතුනු වෙලාවට… අපේ සුදත්.. ඒ කීවෙ අපෙ මහත්තයා එතකොට ඇවිත් තියෙන වැඩක් පලක් කරලා දීලා යනවා…”
“අක්කෙ …එතකොට අර උඩ රූම් එකෙ තියෙන ඇදුම්..ඒවා මට ගානට මැච් වෙනවා. ඒවා කාගෙද”
“වෙන කාගෙද ලොකු නෝනගෙ මිසක්..ඕවා ඔක්කොම දාල ගිහින්… සල්ලි කන්දක් තියෙද්දි ඇදුම් මොනවද නෝනෙ..”
දැන් තමයි නිශාදිගෙ හිතට සැනසීමක් දැනුනෙ…
‘මෝඩයා.. බොරු කියලා මාව අන්දනවා හැම වෙලේම.. මාත් මෝඩියක් .අහුවෙනවනෙ බොරු වලට….අපරාදෙ.’
“මොකද කෑම දිහා බල බල කෙල ගිලින්නෙ.. කනවා ඉතිං.. කොහොමද විමලා…”
හිමංස ලගට එනකල්ම නිශාදි දැක්කෙ නෑ..නිශාදි හිමංසට පෑවෙ කෝමල හිනාවක්.
‘විරිත්තන හැටි… විමල ඉන්නවනෙ ලග…’
හිමංස හිත හිතා කෑම මේසෙන් වාඩි උනා…
”හොදින් ඉන්නවා චූටි මහත්තයා … කෑම හදිසියට හැදුවෙ… දවල්ට මං රසට උයලා දෙන්නම් අපේ මනුස්සයා බඩු ටිකක් අරං එයි…”
“විමලට කරදරේ නේද”
“මොන පිස්සුද මහත්තයා…මේ සීදේවි සුදු නෝනා දැක්කත් ඇති.. මං හවසට අපෙ කෙලීවත් අඩගහගෙන එන්නම් නෝනෙව පෙන්නන්න..”
“ආ……. ආව ගමන් විමලවත් අල්ලගත්තද මායම් දාලා.. විමලා රැවටෙන්න එපා ඕවට..”
“අනේ මහත්තයා කරන විහිලු… “
නිශාදි රවනවා හිමංසට …..විමලා ඉන්න නිසා හිමංසට සැර කරන්නත් බෑ..
“නිශාදි ….හෙට ඉදලා ඔයාගෙ තනියට විමලා ඉදියි දවල්ට…විමලා වැඩ ටිකත් කරලා දෙයි… මං හවසට ගිහින් මල් පැල ටිකක් ගේන්නම්… දෙන්නම එකතු වෙලා එලියෙ හදන්න..”
නිශාදි කල්පනා කලේ ඒකෙ තේරුම මෙහෙ දිගටම ඉන්නවා කියන එක නේද කියලා..
‘ එතකොට මං ඔෆිස් යන් නැද්ද…අනේ මන්දා…’
💗💗💗💗💗
හිමංස හවස් වෙලා ගෙදරින් එලියට ගියේ පොඩ්ඩලාව බලලා එන්න…නිශාදිගෙ තනියට විමලා හිටවලා උපදෙස් ගොඩකුත් දීලයි ආවෙ…
”ඒයි කෝ පුංචා.. හොරා වගේ ගෙට යන හැටි…”
චුට්ට හිමංසගෙ කකුල බදාගත්තෙ හෙල්ලෙන්න නොදී..
“ඔහ්.. චුට්ටා.. මං ආවෙ ඔයාලාව බලලා යන්න…”
“කොයි පුංචා… මං ඇහැවෙ කොයි පුංචා.”
“අප්පේ සැර මෙයාගෙ….”
“පුතා ආවද… කෝ දුව…. “
චතුරිකා ආවෙ චුට්ටගෙ සද්දෙට..රාජ්ටත් සද්දෙ ඇහිලා ලගට ආවා..
“අම්මෙ… අපි ටික දවසකට පරණ ගෙදර නවතිනවා.. නිශාදි ආවෙ නෑ..තනියට විමලා ඉන්නවා..”
“ඒත් පුතේ මේ හදිසියේ”
“අම්මෙ.. ටිකක් තනියම ඉන්න හිතුනා අපිට.. අව්ලක් නෑ ඉක්මණට එනවා”
“මේ පොඩි එවුන්”
“හා හා.. ඇති චතූ….. පුතාලා දැන් පොඩි ලමයි නෙවේනෙ.. එයාලගෙ ජීවිත ගැන තීරණ ගන්න එයාලට අයිතියක් තියෙනවා…ටික දවසක් ඉදල එයි… යන්න පුතාට තේ එකක් ගේන්න.. ඔයාලා දෙන්නත් යන්න ඇතුලට හ්ම්..”
සීයගෙ අණට කීකරු උනු පොඩි දෙන්න ඇතුලට ගියා .
“තෑන්ක්ස් අප්පච්චි..”
චතුරිකත් ඇතුලට ගියාට පස්සෙ හිමංස රාජ්ට කීවා.
“යමුකො පුතා එලියට.”
රාජ් හිමංස එක්ක එලියෙ බංකුවේ වාඩි උනා..
“පුතා .මට ඕනෙ ඇත්ත දැන ගන්න විතරයි. අම්මලා මේවා දැන නොගත්තට කමක් නෑ… මොකද්ද පුතාට තියෙන මේ ප්රශ්නෙ..”
රාජ් ඒක අහපු විදිහට හිමංසට තේරුනා තවත් හංගලා වැඩක් නෑ කියලා..
“පුතා අද දවල් ආවා කොල්ලෙක්..පුතාව හොයාගෙන.අපි නම් එයාව අදුනන් නෑ..ඒත් චුට්ට අදුන ගත්තා.. එදා චුට්ටගෙ බර්ත්ඩේ එකට ආවලු… නිශාදි දුවව අරං යන්නලු ආවේ..”
හිමංසගෙ ඇගේ මාලු නටනවා.
“අප්පච්චි …ඌ ආවද මෙහෙට ..මං හිටියෙ නැහැනෙ.. ඕකව ඉතුරු කරන් නෑ මං..”
“පුතා කලබල නොවී ඇත්ත කියන්න.”
හිමංසගෙ කතාව රාජ් සාවධානව අහගෙන හිටියා…
“පුතා බය වෙන්න එපා … මාත් ඉන්නවා දැන් ගේම් එකේ… අම්මට කියන්න එපා මේවා
.. කලබල වෙනව බොරුවට… “
රාජ් කියද්දි හිමංසගෙ හිතට ආවෙ ලොකු ෆිට් එකක්.. අප්පච්චි ගැන පුතා හොදට දන්නවා…කිව්වොත් කිව්වා…
💗💗💗💗💗
හිමංස ආපහු ගෙදර එන ගමන් කෝල් එකක් ගත්තා..
“හෙලෝ සර්.. සුබ දවසක්”
“කොහොමද ඕයි දවස සුබ වෙන්නෙ.. දැන් හවස් වෙන්නත් ආවා.. කොයි මං දුන්නු වැඩේ කලාද තමුන්..”
“ඒක තමයි සර්.. මාර අවුලනෙ… අපිට මේ වගෙ අවුල් වෙලා නෑ කවදාවත් ..”
“ඒ මොකෝ”
“සර්.. සර්ට ෂුවර්ද සර් අපිට උස්සන්න කීව මෑන් මේ ලෝකෙ ඉන්න එකෙක් කියලා”
“ඒ කීවෙ.”
“මෑන් ගැන කිසිදු ඩීටේල් එකක් නැහැනෙ සර්….පරලොව සැපත් උනු කෙනෙක්වත්ද.”
“පිස්සුද අයිසෙ…ඒකා අපෙ ගෙදරටත් ඇවිත් ගිහින්…”
“නෑ..”
“තමුසෙගෙ කට විතරයි ..වැඩ නෑ….”
“එහෙම චාටර් කතා කියන්න එපා සර්… පුලුවන් ඉක්මණට වැඩේ කරන්නම්…”
“හරි…බලමුකො…”
💗💗💗💗
ඇදේ අනිත් පැත්තට හැරිලා නිදාගෙන ඉන්න හිමංස දිහා නිශාදි බලාගෙන හිටියෙ සෑහෙන වෙලාවක ඉදලා…
‘යාලු වෙන්නෙම නෑ නපුරා. දැන් නම් යාලු කර ගන්නවාමයි මං..’
නිශාදි හිමංසගෙ කන ලගට ගිහින් හූ කියපු පාර හිමංස ඇදේ ඉද ගත්තෙ බැනගෙනමයි.
“මොකද්ද ඕයි තමුසෙට මේ වෙලා තියෙන්නෙ
. ඉන්න දෙන්නම නැද්ද මට… “
“ඇයි මං ඉන්න දෙන්නෙ… මට නින්ද යන් නැහැනෙ..”
“ඒඒඒඒ….මං එහා කාමරේට යනවා.”
“හා මාත් එනවා”
හිමංස රවනවා..
“හැන්ඩ්සම් රවනකොට…. මං කීවනෙ අනේ… මැරුණත් මං පස්සෙන් එනවා කියලා…. හොල්මනක් වෙලා හරි”
“ඔව් එතකොට මට කොහොමත් නිදන්න බැරි වෙයි..”
“දන්නවද මං මැරුණට පස්සෙ හොල්මන් කරන්නෙ කොහොමද කියලා..”
නිශාදි කොණ්ඩෙ බාගයක් ඉස්සරහට දාගෙන අත්දෙක උඩට කරගෙන ඇස් දෙකත් උඩට කරගෙන කටහඩත් වෙනස් කරගත්තා.
“හී…මාංස…..හී….මාංස…. මං ආවා… ඔයා නැතිව මං කොහොමද මේ භූත ලෝකෙ ඉන්නෙ… අනේ ඔයත් ඉක්මණට එන්නකෝ මං ලගට..පා…ලුයි මට…. බූ… හා…… අපි දෙන්නම එකතු වෙලා හොල්මන් කරමු… බූ……ත්…..”
හිමංසට හිනාව නතර කරගන්න බැරි උනා ඒ පාර නම්…
“ඕයි නිශාදි .. තමුසෙ මාව හිනස්සලා මරන්නද හදන්නෙ.. හ්හ…… නවත්වනවා ඕක….තමුසෙ නියම හොල්මනක්…හ්හා……”.
හිමංස බඩ අල්ලගෙන හිනාවෙනවා…
“කොහොමද ශෝක් නේ…. යාලුයි නේ.. “
නිශාදි හිමංසව බදාගෙන අහනවා..
“නෑ ..නෑ. යාලු නෑ”
“ඒවා ඔට්ටු නෑ..හිනාවුනානෙ… යාලුයි හොදේ..”
“හා…හා… යාලුයි..”
“හොද හිමංස..ගුඩ් බෝයි..”
නිශාදි හිමංසගෙ කොන්ඩෙ ඇවිස්සුවා..
“පිස්සු කේස් එකක්නෙ … තමුසෙ හරි යන්නෙ අපෙ පොඩි ඩබලටම තමා…”
ඒ පාර නිශාදි මූණ හදාගත්තෙ ෆුල් සීරියස් මූඩ් එකකට..
“හිමංස ..මං දෙයක් අහන්නම් ඇත්තම කියනවද…”
“මගෙ කලින් වයිෆ් ගැනද..”
“ආ… හරි ආස ඇති නේද ඒවා ගැන කියවන්න..”
“ඔව් ආසයි අප්පා. මාරයි… .ඌයි කොනිත්තන්න එපා ඉතිං…ඌයි …ආස නෑ… නෑ.. ඔහොමත් කොනිත්තනවද අප්පා..යක්ෂණී”
“හොද වැඩේ… ආයෙ කියනවකො පරන කසාද ගැන…”
“හරි දැන් මොකද්ද අහන්න ගියෙ..”
“හිමංස.. ඇත්තටම බැරි වෙලාවත් මං මැරිලා හොල්මන් කලොත් ඔයා තොවිල් කරලා මාව එලවනවද.”
“මොකක් හ්හා…”
හිමංස ආයෙත් හිනා වෙනවා..
“හිනාවෙන්නෙ….කියන්නකො අනේ…. ඔයා මාව එලවන්න ගුරුකම් කරනවද…”
“පිස්සුද හලෝ… මං කරන්නෙ හොද කට්ටඩියෙක් හොයාගෙන තමුසෙව බෝතලේකට දාලා හිර කරනවා…ඒකරලා මගෙ අල්මාරියෙ දාගන්නවා ලේබල් කරලා..”
“ශිට්.. ඒක කියපු කැත…”
“ඇයි එතකොට ඉතිං මට හැමදාම බල බල ඉන්න පුලුවන්නෙ.”
“ආ… මං දන්නවා එහෙම කලාම ලේසිනෙ මෙයාට… මට හොරෙන් පරණ වයිෆුයි..අලුත් වයිෆුයි දෙන්නම ලගට යන්න…ඒවා කොහෙද මං අහු වෙන් නෑ ඕවට…”
හිමංස නැගිටලා ගිහින් ලයිට් එක ඕෆ් කලේ හයියෙන් හිනා වෙවී
“ඉන්නවකො.. මං ඇත්ත හොල්මන් පෙන්නන්න ….දුවයි අද නම්… බූත්..නීශාදී…..”
“එපා අනේ බයයි මට….”