නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍
චන්ඩිරැජින🌹🌹
හත් වන චන්ඩිකම 🙅🙅 •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
සතියක්ම ගෙවිල ගියේ කිසිම වෙනසක් නැතුව.නිශා දැන් ශොප් එකේ හැමෝමත් එක්ක ගොඩාක් හිතවත්.ඇසල ධනුක නිශාගෙම අයියල දෙන්නෙක් වගේ.බොස් වුණත් හරිම කරුණාවන්තයි.ඒ නිසා කෙල්ල තමන්ගෙම තැනක වගේ හරිම ආසාවෙන් වැඩ කරන්නෙ.
👩 ” නිශෝ උබට හැමදාම බස් එකේ වැඩට යන්න බෑනෙ.මං දේවිකා අම්මට කිව්ව උබට ස්කූටියක් අරන් දුන්න නම් හරි කියල.”
👩 ” පිස්සුද? රශියො දේවිකා අම්ම මේ කරපු දේවල් මදි වෙලාද? තවත් කරදර කරන්න හදන්නෙ.අනික මට බස් එකේ යන්න පුලුවන්.
👩 ” අනේ මේ කට වහ ගෙන හිටපං උඹ ඕක කටක් ඇරල කියන්නෙ නෑ කියල දන්න නිසා තමයි මම කිව්වෙ අනික අපි A/L කරල ගෙදර හිටපු කාලෙ ලයිසන් ගත්තෙ පිටි කොටන්න නෙවෙයිනෙ.”😡
👩 “අනේ මංද බං.මට නම් මොකක්ද? වගේ”
👩 ” මේ විකාර නොකර හිටපං.😡 ආ…මේ කියන කොටම දේවිකා අම්මගෙන් කෝල් එකක්.”
☎ “හෙලෝ දේවිකා අම්මෙ”
☎ ” ආ ඔව් අම්මෙ අද එයත් ගෙදර නිවාඩු දවසනෙ ඉතින්.”
………………………………………………
☎ ” අනේ ඔය ඇත්තමද?අම්මෙ හා හා අපි අදම එන්නම්”
……………………………………………….
☎ ” හරි අම්මෙ.අපි හාස් වෙලා එන්නම්කො.බුදු සරණයි.”
👩 ” අනේ කෙල්ලෙ ඔන්න මටත් සුයිප් එක ඇදිල.”🤩
රශී නිශාගෙ උරහිසෙන් අල්ල ගෙන වටයක්ම කැරකුනේ සතුට වැඩිකමටම.
👩 ” ඇයි බං.මොකෝ වෙලා තියෙන්නෙ.මොකද? උබ ඔච්චර සතුටෙන්”
👩 ” සතුටු නැද්ද? බං.දෙවියන්ට පස්සෙ හරි මාව මතක් වෙලානෙ” 😃
👩 ” අනේ මේ කියන දෙයක් කියපං.හෑලි කියවන්නෙ නැතුව.” 😡
👩 ” හරි හරි කියන්නම්.ඔක්කොටම කලින් මෙතනින් වාඩි වෙයන්කො”😃
රශී නිශාගෙ උරහිසෙන් අල්ලල සාලෙ තියන පුටුවකින් වාඩි කෙරෙව්වෙ එයත් එතනින් වාඩි වෙන ගමන්ම.
👩 ” හ්ම්ම් කියපං දැන් මොනවද? දේවිකා අම්ම කිව්වෙ”
👩 ” දේවිකා අම්ම මට ජොබ් එකක් හොයා ගෙන බං.😃 අම්ම අදුරන තැනක්ලු.”
👩 ” නෑ 😯 wow 😲 ඔය ඇත්තමද? බං”
👩 ” ඔව් බං මං නම් හිතුවෙ නෑ අම්ම මෙච්චර ඉක්ම්නට ජොබ් එකක් හොයල දෙයි කියල.”
👩 ” ඒක නම් ඇත්ත.කොහොමහරි ඉක්ම්නට ජොබ් එකක් හම්බ වුණ එක නම් හොදයි.උඹ නැත්තං ගෙදරට වෙලා තනියෙන් ඉන්න එපැයි.”
👩 ” ඔව් නිශෝ ඔන්න මං අම්මට කිව්ව අද හවසම අපි දෙන්න එනව කියල”
👩 ” හ්ම්ම් අද මතත් නිවාඩු එකේ අපි හවස් වෙලා නිවාසෙට ගිහින් එමු එහෙනම්”
ඒත් එක්කම රශීට කෝල් එකක් ආවේ.
👩 ” මොකද?බං ගිලින්ඩ වගේ ඕක දිහා බලං ඉන්නෙ.ආන්සර් කරපං”
👩 ” ඒ මේ අර නම්බර් එක බං” 😯
👩 ” මොන නම්බර් එකද? “
👩 ” අර පහු ගිය දවස්වල කෝල් ආව නම්බර් එක් බං”
👩 ” හප්පට සිරි බොල,😯 ස්පීකර් දාල ආන්සර් ක්රපං බලන්න.”
☎ හෙලෝ කව්ද? හෙලෝ හෙලෝ කටේ පිට්ටු හිර වෙලාද? අයිසේ 😡 කෝල් ගත්ත නම් කතා කරන්න දන්නෙ නැද්ද? “
👩 “කව්ද? බං” 🤨
👩 ” කොහොමද? බං දන්නෙ මොන හිපාටුවෙක්ද? කියල.😡කටේ පිට්ටු හිර වෙලාද? කොහෙද?”
කෙල්ල ෆෝන් එකත් කනේ තියා ගෙන හොදටම බනිනව.නිශාටත් හිනා ඉතින්.
☎ ” මේ හලෝ තමුන් මොකා උනත් මට කමක් නෑ.ගොලු උනාට කන් දෙක හොදට ඇහෙනව ඇතිනෙ මේක හොදට අහ ගන්නව.තමුන්ට වැඩ නැති වුණාට අපිට වැඩ තියෙනව.ආයෙ මේකට කෝල් අරන් මං නරක ගෑනි කියන්ඩ එපා.”
තවත් එක එක දේවල් කියල බැනල රශී ෆෝන් එක ඕෆ් කලේ.නිශා නම් තාමත් රශී දිහා හලා ගෙන හොනා වෙනව..ඒත් එක්කම ආයෙත් messege එකක් ආපු නිසාම කෙල්ල බැලුවෙ කාගෙන්ද? කියල.ඒ පාර කෙල්ල ෆෝන් එක දිහා බලා ගෙන කාටද?මන්ද කුටු කුටු ගගා බනිනව.ඒ පාර මොකක්ද? වෙලා තියෙන්නෙ කියල හිතන ගමන් නිශා රශීගෙ අතින් ෆෝන් එක උදුරල ගත්තේ.ඒ messege එක දැක්ක විතරයි නිශා ආයෙත් හිනා වෙන්න ගත්තේ.රශී හෝ හෝ ගාල රවන අතරෙ.
- අම්මෝ මිරිස් කරලක්නෙ.හී හී මං නම් බය වෙයි.😏අපි ඉක්මනට හම්බ වෙමුකෝ* 😘
අර නම්බර් එකෙන් ඒ විදියට messege එකක් ඇවිත් ඒකයි මේ කෙල්ලට යකා නැඟල තියෙන්නෙ.
👩 ” හේ 😯 මේ බලපංකො.ඉක්මනට හම්බ වෙමුලු” 🤣
👩 ” මාත් ඒ ගස් ගෙම්බ හම්බ වෙනකං තමයි ඉන්නෙ මේ.ලුණු ඇඹුල් ඇතුව හොද දෙකක් කියා දෙන්න.” 😡
👩 ” හරි හරි උඹේ ලුණු ඇඹුල් ටික දැන්මම ලෑස්ති කර ගනින් එහෙනම්.මේ යන විදියට ළගදිම හම්බ වෙයි වගේ.🤣 මං යනව නා ගන්න හවසට නිවාසෙට යන්නත් එපැයි.”
නිශා එහෙම කියල එතනින් ගියේ රශී හැටට හැටේ රවන අතරෙ.
💓💓💓
” පුතා පුතා….”
“එන්න අම්ම.දොර ඇරල තියෙන්නෙ”
” පුතා ඔයා වැඩක් කර කරද? හිටියෙ. මේ මං තේ අරන් ආව.” ☺️
විනෝද් බල බල හිටපු ලැප් එක වහල පැත්තකින් තියල අම්ම දීපු තේ කෝප්පෙත් අරන් ඇදේ පොඩ්ඩක් එහාට වෙලා ඉද ගත්තෙ අම්මටත් ඉද ගන්න ඉඩ දීලම.
” පුතා ඔයා හෙට factory එකට යනව නේද?”
” ආ ඇයි අම්ම.අප්පච්චි හෙට යන්නෙ නැතිලුද? “
” නෑ පුතා.අප්පච්චිට හදිස්සියෙන්ම ඔසී යන්න වෙලා. මාසෙකට.අද රෑ 7.30 ෆලයිට් එකෙන් යනව එයා.”
” අයියෝ අම්ම මං හිතා ගෙන හිටියෙ ටික දවසකට චරිත්ලත් එක්ක නුවරඑළි ගිහින් එන්න කියල Enjoy කරන්නත් එක්ක”
” හෙට ඉදන් ඔයාට තමයි Factory එක බලා ගන්න වෙන්නෙ පුතා.අනික හෙට මගෙ යාලුවෙකුගෙ දුවෙකුත් එනව කිව්ව.අප්පච්චි එයාගෙ ප්‍රයිවට් ඇසිස්ටන් විදියට ගර්ල් කෙනෙක් හොය හොය හිටියනෙ.ඒ අතරෙ තමයි මගෙ යාලුව කතා කරල කිව්වෙ එයාගෙ දුවට ජොබ් එකක් දෙන්න කියල.අප්පච්චිත් කිව්ව අදුරන දරුවෙකුත් නිසා ඒ දරුවට හෙට එන්න කියල.”
” අනේ අම්ම මට ඔය වැඩ තේරෙන්නෙ නෑ”
” එහෙම කියල බෑනෙ දරුවො ඔයා දැන් මේ දේවල් ගැන බලන්න ඕනෙ.අප්පච්චිගෙන් පස්සෙ මේ දේවල් අයිති වෙන්නෙ ඔයාටනෙ.අප්පච්චිත් ඔයාට කතා කරයි.විකාර නැතුව හෙට යන්න ලෑස්ති වෙන්න.”
අම්ම එහෙම කියල තේ බීපු කෝප්පෙත් අරන් එලියට ගියේ විනෝද් නෝක්කාඩුවෙන් බලන් ඉන්න අතරෙම….
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
නැවත හමුවෙමු 👋👋
ඔන්න අලුත් චරිතයක් ආව.ඉස්සරහට කතාව ගොඩක් ලස්සනම වෙයි.දිගටම කතාවක් එක්ක ඉන්න. Share පාරක් දාල help එකක් දෙන්න වස්තුලා