1. කොටස

යම් මිහු අපි නිදා ගමු………… “

තෙනූ මිහේශ්ව ඇඳෙන් තියලා නින්ද යනකම් ඔලුව අතගෑවා…………… තෙනූ නිදාගන්න යනකොට තමා කවුද දොරට තට්ටු කරන සද්දෙ ඇහුනේ………….

“අහ් සෙනූ මේ රෑ වෙලා???”

“අක්කේ ලොකු මැඩම් කිව්වා අද ඉඳලා අක්කට කිරි එකක් දෙන්න කියලා……. රෑ නිදාගන්න කලින්……..”

“ඒත් මං රෑට කිරි බොන්නේ නෑනේ…….”

“ම්ම්ම් මේක මෙහෙ සිරිතක් අක්කේ…… මේකට වැනිලත් දාලා තියෙන්නේ….. “

“ම්ම්ම්ම් හරි නංගි එහෙනම් බොන්න එපැයි……. කෝ දෙන්න……..”

තෙනූ කිරි වීදුරුව එක හුස්මට බීලා දැම්මා……

“හරි අක්කේ එහෙනම් නිදාගන්න සුභ රාත්‍රියක්”

“සුභ රාත්‍රියක් නංගි…….”

තෙනූ පහුවදා උදෙන්ම නැඟිට්ටේ වෙනදටත් වඩා ප්‍රබෝධයක් එක්ක…………….

දැන් තමන් මේ ගෙදර ලේලියක් හින්දා……. මිහේෂ් තවම නිදි හින්දත් තෙනූ ගියේ කුස්සියට…… තාම කවුරුත් ඇහැරිලා නෑ…….. ඉතිම් තෙනූ කේතලේ ලිපේ තියලා……. ඉඹුල් කිරි බතක් හදන්න පටන් ගත්තා…….. අද ඉඳලා ඉතිම් තේනූ බිරිඳක්……….. ඒ නිසා……… සුභ දෙයක් විදියටයි තෙනූ………. ඉඹුල් බත හදන්නේ…………

තෙනූ කුස්සියට ඇවිත් පැයකින් විතර තමා සෙනූ කුස්සියට එන්නේ……….

“අක්කේ……….. ඔයා??”.

“ඔව්නේ……….. මටත් උයන්න හිතුනා……… කෝ මැගී…….”

“අපෝ එයා එද්දි තව සෑහෙන්න වෙලා යයි…….. මොනද උයන්නේ……… සුවඳයි………”

“ඇවිත්ම බලන්නකෝ……..”

“ඉඹුල් කිරිබත්……….. සෝක්නේ………. මෙහෙ කවදාවත් ඕවා හදන්නේ නෑ…….. මැගී කැමති කෑමනේ හදන්නේ……… ලොකු නෝනල නැති දවසට කන්න විශේෂ කෙනෙක් නෑනේ…………”

“ම්ම්ම්ම් ආසයිද………”

“ගොඩාක්…………”

“එහෙනම් අද කාලා බලන්නකෝ………… මං ඉන්නවනේ දැන්………..”

දෙන්නා කියව කියව ඉන්නකොටයි මැගී කුස්සියට ආවේ………..

“තමුන්……………. තමුන් මොනාද මගේ කුස්සියේ කරන්නේ………???”

“අහ් මැගී ගුඩ් මෝර්නින්……. අපි මේ උදේ කෑම හැදුවා…….”

“උදේ කෑම ??…….”

“ඔව් ඉතිම් උදේට හදන්නේ උදේ කෑම නේ

“ඒ බව නම් මම දන්නවා ඒත් තමුන් මොකද මගේ මගේ කුස්සියේ කරන්නේ?”

” ඔයාගේ කුස්සිය??”

” ඔව් මේ බංගලාවේ උයන පිහන රාජකාරිය අයිති මට……… ඒකට තමුන් ඇඟිලි ගහන්න ඕන නෑ………. තමා ලොකු බේබිව බලාගෙන පාඩුවේ පැත්තකට වෙලා හිටියොත් හොඳයි……….. අනික මොනාද උදේට හදලා තියෙන්නේ??…… ඉඹුල් කිරිබත්……මේව කන්න පුළුවන්ද උදේට පැණිරහ……..??”

“ඒව මං අද ඉඳලා අලුත් ජීවිතයක් පටන් ගන්නවනෙ……….. ඒ නිසයි……… සුභ දෙයක් පටන් ගන්න කලින් පැණිරස දෙයක් කන එක හොඳයිනේ…….”

” අනේ මට නං බෑ ඕව කන්න…….. අනික ඔයාට මොනා මොනා දානවද කියල කවුද දන්නෙ…… මෙතන ලොකු බේබිවයි…… ලොකු නෝනත් රවට්ටගෙන මේ ගෙදරට ආවම හිතන්ඩ එපා මාත් ඔයාට යටත් වෙලා ඉඳියි කියලා……… මගේ වැඩ මම බලාගන්නම්………. කරුණාකරලා පුංචි නෝනා කුස්සියෙන් එලියට ගියොත් හොඳයි………..”

මැගී කිව්ව දේවල් වලට තෙනුලිගේ හිත රිදුනත් ඉතින් මැගි එක්ක එල්ලෙන්න ගියේ නෑ………… ඒක තෙනුලි පුරුද්දක්නෙ…….. තෙනුලි කොහොමත් වැඩිහිටියන්ට ගරු කරනවා

තෙනුලි ඊට පස්සේ ගියේ මිහේෂ්ගේ කාමරයට යන කොටත් මිහේෂ් තාම නිදි….

” මිහු නැගිටින්න කෝ ඉතින්….. අපි මූණ හොදගමු…..”

තෙනුලි මිහේෂ්ව සෝදලා ජෙස්ටින්ට කියලා ඇඳුමුත් අන්දගෙන් ආවේ පහල වත්තේ ලස්සන බලන්න ……..

“ජෙස්ටින් සීයේ……. මීහු පව් නේද…..”

“ඔව් පුංචි නෝනා…….. බඩ පපුව දනවා මේ පවුලට උණ දේ මතක් වෙනකොට…… ගොඩක්ම දුක සෙනුලි දුව ගැන….”

“ඇයි සෙනුලි නංගිට මොකද??”

“ඒක දිග කතාවක්……….

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
අනේ සෝ…………………. සොරි හිතලා පරක්කු කරේ නෑ……. ලැප් එක කැඩුනා….. පිස්සු හැදිලා උන්නේ FB ලොග් වෙන්න බැරුව………….. චුට්ටයි😢 කියන්න එපා හදාගත්ත ගමන් ටයිප් කලේ හෙට දිගම දිග එකක් දෙන්නම් ප්‍රොමිස්……… මාව අමතක නෑනේ