බැඳීමක් නැති මුදුවක්

11 වන කොටස

“අදට මෙහෙම කන්නකෝ…

මම හෙට වැඩ ඇරිලා එනකොට ඔයාට කන්න විතරක් හරි මාළු ටිකක් අරං එන්නම්..දැන් ඔයා ඉස්සරටත් වඩා කන්න ඕනේ..මගේ පැටියත් එක්ක හොඳට කන්න…නැත්තම් පැටියා බඩගින්නෙනේ..”

මම එහෙම කියමින් උ/ඹ/ට බත් කට කට අනලා කැව්වා..

එකපාරටම කාමරයේ දොරට කිසිවෙකුත් තට්ටු කරන සද්දයක් මට ඇහුණා…

මේ වෙලාවේ කවුද?..අම්මා වෙන්නැති…

මම බත් එක දකුණු අතින් අරගෙන වම් අතින් දොර විවර කළා…

දොර එහා පසින් හිටපු කෙනා එකපාරටම කාමරේට කඩාගෙන පැන්නා…

ඒ කෙනාගේ ඇස් දෙක යොමු වුණේ මගේ අතේ තිබුණු පිඟාන දිහාවට…

“හොඳ වෙලාවට මම දුවට බත් උයාගෙන ආවේ…බඩ දරු අම්මා කෙනෙක්ට කන්න පුළුවන් කෑම ද මෙව්වා…”

උ/ඹේ අම්මා බත් පිඟානටයි මටයි මාරුවෙන් මාරුවට රැව්වා….

“නෙහාරා ප්‍රෙග්නට් කියලා දැනගත්තේ අද?.හෙට මම සේරම මස් මාළු ගෙනත් දාන්න හදන්නේ..”

මම එහෙම කිව්වම නැන්දම්මා මගේ දිහා දවාලු කරවන බැල්මක් හෙලුවා..

“මදැයි කිසිම දෙයක් නැති හි//ඟන්නෙක් ට මගේ දුව බන්දලා දීලා අපි කරගත්ත දෙයක්..ගෙදර කොයි තරම් සැපට හැදිච්ච ළමයි ද..මෙහෙ ඇවිත් නිකන් උනේ දුක් විඳීන්නේ…මේවා අපේ වැරදි…”

නැන්දම්මා එහෙම බැනගෙන බැනගෙන ගියා…

නැන්දම්මගෙ පිහි තුඩක් වගේ වචන මගේ හදවත ගැඹුරටම පසාරු කරගෙන ගියා..

උ/ඹ මගේ පැත්තට කතා කරයි කියලා හිතුවත් උඹ මගේ පැත්තට එක වචනයක්වත් කතා කළේ නෑ…

“එහෙම කියන්න එපා අම්මේ.මට වෙච්ච කරදරේ නිසා මේ සේරම වුණේ..මම කොයි තරම් දුකක් විදලා හරි නෙහාරා ටයි දරුවාට යි දුකක් දෙන්නේ නැතුව බලාගන්නවා.”

“රස්සාව විතරක් බලලා කසාද බන්දලා පි/ස්/සෙ/ක්/ට දුව දුන්නා…දැන් රස්සාවත් නෑ…කිසිම දෙයක් නෑ…කොයිතරම් හොඳ මනුස්සයෙක්ව හොයලා කසාද බන්දලා දෙන්න තිබ්බාද?”

නැන්දම්මා මාව අන්තිම පහත් තත්ත්වයට හෑල්ලු කළා…

මම පි/ස්/සෙ/ක් ලූ….

අහිංසකයෙක් වගේ හිටපු මම පි/ස්/සෙ?ක් වුනේ මේ සමාජය නිසා..

එක අතකින් මේවා මගෙත් වැරදි….

මමත් අංගුලිමාලයෙක් වෙලා මට වින කරපු එවුන්ගෙන් පලි ගන්න තිබුණා…

කොයිතරම් වැරැද්දක් කරපු කෙනෙක්ගෙන් වුනත් පළිගන්න බැරි අහිංසක හිතක් මට ලැබිච්ච එක ගැන මම ඒ මොහොතෙත් පසුතැවෙන්න ගත්තා..

“එදා වේල කාලා ජීවත් වෙන්න බැරි එකේ ළමයි හදන එක හරි පස්සට දාන්න තිබ්බා…අපේ දරුවා මෙහෙම දුක් විඳිද්දී අපිට පුළුවන්ද සතුටින් ඉන්න…”

නැන්දම්මා මට එක දිගට දොස් කියන්න ගත්තත් උ/ඹ ඒ කිසිම දෙයක් නෑහුණා වගේ නිහඩව හිටියා..

අපි එදාවේල කන්නේ බොන්නේ අමාරුවෙන් තමයි..ඒ වුණත් අපි ඉන්නේ දුකින් නෙමෙයි කියලා අඩුම තරමේ උ/ඹ/ට කියන්න තිබුණා …

උ/ඹ/ට/ත් උ/ඔ/ගේ අම්මට වගේ වටින්නේ සල්ලි විතරයි ද?..

මගේ පපුවේ මහමෙරක් තරමට උතුරන් යන ආදරය උ/ඹ/ට වටින්නේ නැද්ද?…

ජීවත් වෙන්න සල්ලි ඕන තමයි….

මම ඒක දන්නවා….

ඒ වුණත් ආදරය සල්ලි වලට ගන්න පුළුවන්ද….

ආදරය කරුණාව දයාව කියන්නේ මිලක් නියම කරන්න බැරි තරම් වටින දේවල්..

උ/ඹ/ට මගේ ආදරේ කවදාවත් නොවටිනා දෙයක් උනේ ඇයි කියල මම දන්නවා…

ඒ උ/ඹ/යි අම්මයි එක වල්ලේ පොල් වගේ නිසා…

උ/ඹ/ලා දෙන්නම හිතන්නේ සල්ලි ගැන විතරයි…

උ/ඹ/ලා දෙන්නම ආදරේ තත්වෙට තරාතිරමට විතරයි….

මට ඒ මොහොතත් උ/ඹ/ව දැකපු පළවෙනි දවස මතක් උනා …

රෝස පාට සාරිය ඇඳගෙන ඉලත්තට්ටුව අරගෙන උ/ඹ මගේ ලඟට ඇවිදන් ආපු හැටි මගේ ඇස් ඉස්සරහ මැවිලා පෙනුනා…

උ/ඹ/ව දැකපු මොහොතම මගේ හිත උ/ඹ/ට ගියේ උ/ඹ ලස්සන නිසාම නෙමෙයි…

එහෙම ලස්සන ගෑ* මම අපමණ දකින්න ඇති…

ඒත් මගේ ඇස් උ/ඹේ ඇස් ලඟ නැවතුනේ දැකපු ගමන්ම උ/ඹෙ/න් මට මොකක්ද පුරුදු කමක් දැනුන නිසා….

සමහර විට ඒ සංසාර පුරුද්ද වෙන්නැති..

ආත්ම ගානක් මම උ/බ/ට ආදරේ කරන්න ඇති…

ආදරය කරලා මේ වගේ දුක් විඳින්න ඇති….

මම උ/ඹේ දිහා බලාගෙන එහෙම හිතුවා….

නැන්දම්මා ගෙදරින් ගෙනාපු බත් මුල කාමරේ තිබ්බ මේසේ උඩ දිග හැරගෙන උ/ඹ/ට කවන්න ගත්තා….

“අම්මේ දිලංක මට බත් කව කවා හිටියේ.මම ඒ කෑම එක කාලා තව ටිකකින් අම්මා ගෙනාපු බත් එක කන්නම්….”

උ/ඹ//ට කව කවා හිටපු මගේ ඉඳුල් අත දිහා මට නිරායාසයෙන්ම බැලුනා…

කමක් නෑ..හැමදාම මෙහේ කෑම කන එකේ අම්මගේ අතින් උයපු කෑම කන්න උ/ඹ/ත් ආසා ඇතිනේ….

මම එහෙම කල්පනා කරා…..

” ඒ හි/ඟ/න කෑම වගේද?.මම දුව ආස නිසා රයිස් එකත් එක්ක කන්න චිකනුයි,කංකුන් ඩෙවල් එකකුයි ,කට්ලට් හැදුවා.තව කෑම අරගෙන ආවා…ඔයාට තව ටිකකින් කන්න පුළුවන්….මෙහෙ ඉදන් ඔය විදිහට කෑවොත් නම් ඔයාටයි ඔය බඩේ ඉන්න දරුවාටයි මන්දපෝෂණය හැදෙයි…”

උ/ඹේ අම්මා එහෙම කියව කියවා උ/ඹ/ට බත් කවන්න ගත්තා…

මම දැන් දන්නවා හිත් රිදවන වචන උ/ඹ ඉගෙන ගත්තේ කොහොමද කියලා..

උ/ඹ ගිහින් තියෙන්නෙත් අම්මගේ ආරේටම තමයි..

ගහේ කටු ඉතිං අමුතුවෙන් උල් කරන්න ඕනේ ද?

උ/ඹේ අම්මගේ රළු පරළු වදන් තවත් ඉවසගන්න බැරුව මම කාමරේ ඉඳලා සාලේ පැත්තට ඇවිදගෙන ගියා….

මිදුලේ කොස් ගහ යටට වෙලා මම කල්පනා කරන්න ගත්තේ නෙහාරගෙ අම්මා කියපු හිත් රිදවෙන වචන ගැන…

අද මට මේ කතා අහන්න වෙලා තියෙන්නේ මම රස්සාව නැති කරගත්ත නිසා…

නැන්දම්මගෙ වුණත් කතාවක් අහන්නේ නැතිව ඉන්න නම් කොහොමහරි ඉක්මනට ගොඩ යන්න ඕනේ ..

උ/ඹ මගේ ලග හැමදාමත් ඉන්නවනම් ,උ/ඹේ ආදරය වෙනසක් නැතුව මට දෙනවනම් මට ඒ අරමුණට ඉක්මනට යන්න පුලුවන් වෙයි ….

මම එහෙම හිතුවා…

💔💔💔💔💔💔💔💔💔

“නංගියේ…දැන් හොදටම දවල් වෙලා නේ.. එන්න බත් කටක් කන්න…”

සාලෙට වෙලා නෙහාරා එක්ක කතා කර කර හිටපු නැන්දම්ම ලගට ඇවිත් අපේ අම්මා එහෙම කතා කරා….

“මම ගෙදර ගිහිල්ලාම කන්නම්…”

“ගෙදර යනකොට හවස් වෙයිනේ..බත් ටිකක් කාලා යමු…”

“මම දැක්කා උයලා තියෙන දේවල්…අපිට හරි හමන් මාළු පිලි ජාතියක් නැතුව කන්න අමාරුයි…අපි ඉතින් හොදට කාලා බීල පුරුදු වෙච්ච කට්ටියනේ..”

නැන්දම්මා එහෙම කියපු ගමන් අම්මගේ මූණ එක පාරටම වෙනස් වුණා..

ආපු වෙලාවේ ඉඳන් නැන්දම්මගේ හිත රිදවන වදන් මම ඉවසගෙන හිටියත්…

මගේ අම්මගේ මූණට දමලා ගහන්න වගේ එහෙම කියද්දි මට හොඳටම තරහා ගියා…

මොන විදිහට හැසිරුණත් මේ ඉන්නේ උ/ඹේ අම්මා…

මගේ අම්මට වගේම මම උ/ඹේ අම්මට සලකන්න ඕනේ …

මම ඒ නිසාම ඒ දේවල් නෑහුනා වගේ හිටියා …

“ඒක නං ඇත්ත..නංගියේ …මෙහෙ කනවා නෙමේ ලෙවකනවා..මටත් මස්මාළු නැතුව කෑම කෑවොත් උගුරෙන් පහලට යන්නේ නෑ වගේ..මොනවා කරන්නද දෙන දේ කාලා ඉන්නවා”

අපේ තාත්තත් ඒ මැද්දට ඇවිත් ඒ කතාවට ලුණු ඇඹුල් දාද්දි මගේ ඉවසීම උපරිම සීමාවට පැන්නා …

අයියාවයි මාවයි උස් මහත් කරන්න අම්මා විඳපු දුක දන්නෙ අපි විතරයි..

හරිනම් සලකනවා තියා ගෙයි හතර මායිමක වද්ද ගන්න හොඳ නෑ…

රස්සාවක් කරල අතමිට සරුවට හිටපු කාලේ අපිව දාලා වෙන ගෑ/නු කෙනෙක්ට කන්න බොන්න අඳින්න පළඳින්න දුන්නු තාත්තාට අපි මේ කරනවා වැඩි වෙලා…

උ/ඹේ අම්මා ළඟ හිටපු නිසා මම බොහොම අමාරුවෙන් කට පියාගෙන උන්නා…

අම්මා තාත්තා දිහා බලාගෙන රවාගෙන උන්නත් තාත්තා ඒ ගැන වගේ වගක් නැතුව උ/ඹේ අම්මා එක්ක එකතුවෙලා මටයි අම්මටයි හොඳටම දොස් කියනවා….

“රස්සාව නැති වෙයි කියලා හිතුවා නම් අපි කීයටවත් මේ කසාදෙට කැමති වෙන්නේ නැහැ..අපරාදේ මගේ දරුවාගේ ජීවිතේ විනාශ උනා …”

“කොහෙද මූ පණ්ඩිත වැඩියි නේ…එදා ගහපු පාරම ලොක්කට කිව්වා නම් මේ කිසිම දෙයක් නෑ…කොහෙද ඉතින් මු/න් අපි කියන දේවල් අහන්නේ නෑනේ..මහ අම්මන්ඩි කියලා දේවල් විතරනේ අහන්නේ..”

“සිරිල් ඔයා කාල ඉවර නම් මෙතනින් යන්න….මගේ කො*ලා හම්බකරන සල්ලි වලින් කාලා බීලා තව ඒ/කා/වම ලැජ්ජ කරනවා…”

අම්මා ඉවසගෙන ඉන්න බැරිම තැන තාත්තට දොස් කිව්වා…

“මේ ගෑ//නි තමයි කො/ල්/ලො/න්ව නරක් කරන්නේ….පොඩි එ/කා/ව හුරතල් කරලාම කෑවා…”

තාත්තගේ වදන් අහලා ඉවසන් ඉන්න බැරි කමට මම තරහින් එතනින් පිටවෙලා කාමරයට ගියා….

නෙහාරාගේ අම්මා නම් තව කමකුත් නෑ…

මගේ තාත්තාම මෙහෙම හතුරුකම් කරද්දි මම කොහොමද ඉවසලා ඉන්නේ ….

මම ඇඳේ වාඩි වෙලා තරහෙන් පිපිරමින් උන්නා…

වැඩිවෙලාවක් යන්න කලින් උ/ඹ කාමරයට ඇවිත් මගේ ලගින්ම වාඩි උනා…

“අයියේ….අම්මා මට කතා කරනවා…”

උ/ඹ එහෙම කියපු ගමන් මම උ?ඹේ දිහා තිගැස්සිලා බැලුවේ උ/ඹ ඒ ගමන මොකට අර අදිනවද කියලා හිතාගන්න බැරුව….

“කොහේ යන්නද ?..”

“වෙන කොහේ යන්නද ගෙදර යන්න…”

උ/ඹ එහෙම කිව්වේ ගානකට වත් නැතිව…

” ඒ මොකටද ?…”

“මේ කාලේ මෙහෙම නිකන් ඉඳලා බෑ…ඩොක්ටර්ස්ලා චැනල් කරලා පෙන්නන්න යන්න ඕනේ..ඇඟට ගුණ දෙන කෑම කන්න ඕනේ….අම්මා කිව්වා මාව එහේ එක්කගෙන ගිහින් ඒ සේරම බලා ගන්නවා කියලා…”

දැන් උ/ඹ මගේ පතිනිය…

මාව දාලා උ/ඹ/ට දැන් එහෙම යන්න දෙන්න පුලුවන්ද?…

නැන්දම්මා හදන්නේ උ/ඹ/ව මගෙන් උදුරාගන්න…

මට ඒ මොහොතේ නම් උ/ඹේ අම්මා එක්ක ඇතිවුණේ ඉවසගන්න බැරි ලොකු තරහක්

“මම ඔයාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න යන්න ඇපොයිමන්ට් එකක් දාන්න හිටියේ …”

“ඔයා ඕවාකරන්න ලෑස්ති වෙද්දි බබා හම්බවෙලත් තියේවි…”

උ/ඹ එහෙම කිව්වේ කිව්වේ කට ඇද කරලා අපහාසයට වගේ ….

ඒත් එක්කම කඩාගෙන පනින හමුදා සෙබලියක් වගේ උ/ඹේ අම්මා නොවසා ඇති දොරෙන් කාමරය ඇතුල් වුණා …

“දුව යන්න ලෑස්ති වෙන්න…මම වාහනයක් කතා කරගන්නම්..”

උ/ඹේ අම්මා එහෙම කියනකොට නම් මගේ ඉවසීම රතු කට්ටට පැන්නා ..

“එහෙම කොහොමද අම්මේ නෙහාරාව එක්කගෙන යන්නේ….”

මම එහෙම ඇහුවම නැන්දම්මා තරහින්

දෙබැම රැලි කරගෙන මගේ දිහා බැලුවා…

“මෙයා ඔයාගේ වයිෆ් උනාට කලින් එයා මගේ දුව වුණේ …මට අයිතියක් තියෙනවා මගේ දුව ගෙනියන්න …..”

“ඒ මොන අයිතියක්ද අම්මේ…නෙහාරා දැන් ජීවත් වෙන්න ඕනේ මාත් එක්ක…අම්මගේ ලග තියාගන්න නම් මොකද මට කසාද බන්දලා දුන්නේ…?..”

“හොඳ රස්සාවක් කරන වැදගත් මනුස්සයෙක් කියලා අපි කසාද බන්දලා දීලා තියෙන්නේ කොහෙවත් නැති හි/ඟන්/නෙ/ක්ට..මේ දරුවා දැන් බඩ දරු අම්මා කෙනෙක්…මේ දරුවා මෙහේ දුක් විඳිනකොට අපි කොහොමද ඉවසගෙන ඉන්නේ දරුවා ලැබෙන කම් මම දුවව එහේ තියාගෙන බලාගන්නම්….”

උ/ඹේ අම්මා එහෙම කියද්දි මට කට උත්තර නැති වුණා…

මම හිතුවා හරි..

නැන්දම්මා හදන්නේ මගේ රස්සාව නැති වූන නිසා උ/ඹ/ව මගෙන් වෙන් කරන්න…..

මට එහෙම හිතුනා…

හමුවෙමු මීළඟ කොටසින්💔💔💔💔

කතාව බලලා අහක බලාගෙන යන්න එපා .

ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න..

කතාව කියවන හැමෝටම ස්තූතියි ආදරෙයි