·
🌻 11 දිගහැරුම 🌻
” අහිංසා ඔයා කාර් එකට නගින්නකෝ..මන් අම්මා එක්ක පොඩ්ඩක් කතා කරලා එන්නම්….”
” හරි මහත්තයා ……..මන් එහෙනම් ගිහින් එන්නම් අම්මේ …..”
” අම්මා මන් ඊයේ මොක්කද උනේ කියලා අහන්නේ නම් නෑ..මොකද අම්මා මන් එ ගැන ඇහුවා කියලා කියන්නේ නෑ කියලා මන් දන්නවා..එත් මන් දෙයක් කියන්නම්.ඔයලා බොරු වයසක් කියලා මට එ කෙල්ලව බැන්දුවට එ තමා ගෙදර හුරතලේට හැදුනු හයහතර නොතෙරෙන දරුවෙක්..එයා ගැනවත් තාම බලාගන්න එයාට තෙරෙන්නේ නෑ .ඔයාල මොන අරමුණින් මට එ ලමයා බැන්දුවද කියන්න මන් දන්නේ නෑ ..හැබැයි දැන් එයා මගේ වයිෆ් .එ නිසා එයා කරන්නේ මොක්කද නැත්තේ මොක්කද කියන එක තීරණය කරන්නේ මන්..ඉතිං මන් කැමති මගේ තිරණ වලට ඔයාල විරුද්ධ නොවී ඉන්නවම්.මට ඔය ටික තාම කියන්න ඕනි උනේ..
එහෙනම් අම්මා මන් ගියා..පුලුවන් දවසක අයි එන්නම්..”
” උබ එ පාර අර හිගන්නිගේ පැත්ත අරන් තමන්ගේ අම්මාට කෑගහනනවද.ලොකු පුතා .”
” අම්මා මන් එක පාරක් කිව්වා.ඔයා ඔය හිගන්නි කියලා බනින්නේ..ඉරුගල්බණඩාර වලව්වේ ලේලිට මිසක් වෙන කාටවත් නෙවෙයි කියන්න…ඔයා ඔහොමනම් හැසිරෙන්න මන් ආයි කවදාවත් මේ වලව්වේ පස් පාගන එකක් නෑ…….”
කේශ්වර කෝපයෙන් නිවසින් ඉවතට පා ඔසවන්න වුයේ ..අසල තිබු මල් බදුනකටද පයින් ගසමින් ය…….
වලව්වේන් පිට වි ගමනෙන් බොහො දුර පැමිණියද වාහනේ පැවතියේ දැඩි නිහඬව බවකි….ඔහු කේන්තියෙන් වාහනය නැගුනු නිසා ඇයත් ඔහු හා කතා කිරීමට බියෙන් වරින් වර ඔහු දෙසට දෙනෙත් පා කරන්න වුයේ .ඇයට දැනුනු දැඩි පාලුව නිසාවෙනි ..
” මොකො..මන් දිහා ඔච්චර හැරි හැරි බලන්නේ..මන් හැන්ඩ්සම් කියලා නම් මන් දන්නවා..එහෙමයි කියලා මන් දිහා ඔහොම බලන්න එපා..මට ලැජ්ජා හිතෙනවා..”
කේශ්වර දිය දෙතොල් දසන් අතර සිරකරගනිමින් සිනාහවක් පාමින් පවසන්න වුයේ .අහිංසාගේ මුව කෝලරයෙන් රත් පැහැගැන්වෙද්දිය ………
” අනේ.අයියේ යන්න අනේ යන්න..ඔයා එක්ක බෑ අප්පා..මන් මේ ඔයා කතා කරන්නේ නැති හින්දා බැලුවේ .මටත් කම්මැලිනේ මෙහෙම යනකොට ..”
” ම්..එහෙමද……..මන් කන්න මොනවත් අරන් දෙන්නද.”
අහිංසා හිස දෙපසට සොලවමින් කැමැත්ත පලකරන්න වුයේ ..දැසින් පවා සිනාසෙමෙනි.
” මාත් හරි කෙනාගෙන්නේ කන්න අරන් දෙන්නද ඇහුවේ ..එපාම කියයි…කඩයක් පිටින් උස්සනා ආවත් කිසි කතාවක් නැතුව හිස් කරයි……පිස්සු කෙල්ල ….
ඔහොම ඉන්න හොදද බහින්නේ නැතුව පරිස්සමට මන් කන්න දෙයක් අරන් එනකන්..”
.
” මොකො ඔහොම බලන්නේ දෝණී ඔයා මේවාට ආස නැද්ද…..”
ඇගේ උකුල මතින් තැබු කුඩා පෙට්ටිය හා බීම බෝතල දෙසත් තමා දෙසත් කිහිප විටක් දෑස් යවා අවසානයේ තමා දෙස කදුලු පිරි දෑසින් බලා හිදන ඇගේ හිස මත සිය දෑත තබමින් කේශ්වර විමසන්න වුයේ .ඇගේ මේ හැසිරීම ඔහුට තේරුම් ගත නොහැකිවය ……
” මේ..මේ..මේ ඔ..ඔක්කෝම ජාති මටද..”
” ඔව් දෝණී වෙන කාටද..මොකො මේ කාර් එකේ වෙන කවුරුත් නෑනේ..ඔයා මායි ඇරෙන්න..”
ඔහුගේ වදන් අවසන් වනවාත් සමග ඈ හඩමින් ඔහුගේ ලයට එක්වරම තුරුල් වුයේ ..ඔහු එක් මොහොතකට ගල් කරමින් ය…
තත්ත්පර කිහිපක් සිදු වුයේ කුමක්දැයි සිතා ගත නොහැකි සිටි ඔහු.සිය ලය තෙත් කරමින් ඇදවැටෙන ඇගේ කදුලු බිදු වල සිසිලසින් පියවි සිහියට පැමිණෙන්නට වුයේ..ඇගේ හිස මත ඔහුටත් නොදැනිම ඔහුගේ අත ඇගේ කෙහෙරැලි අතර සිරවෙද්දිය…….
” දෝ…දෝණී ..ඇ..ඇයි දෝණී .ම්..අඩන්නේ ඇයි මේ..කෝ මාව බය නොකර කියන්න දරුවෝ .මොක්කද ප්‍රශ්නේ ඔයාට ඇගේ කොහෙ හරි රිදෙනවද…ම්..”
සිය ලයට තුරුල් වි උන් ඈ මදකට ඈත් කරමින් .ඇගේ මුව වෙත පහත් වී ඔහු විමසන්නට වුයේ ..ඈ හිස දෙපසට සොලවද්දී ය.
” එහෙනම් ඇයි දෝණී මේ අඩන්නේ..කෝ අපි මේ කදුලු පිහිදාන් එමු..හරි ..දැන් කියන්න බලන්න..ඇයි ඇඩුවේ කියලා..”
” ඔ.ඔයා මට මේ තරම් ආදරේයිද මහත්තයා”
” දෝ…….දෝණී ……”
” ඔයා දන්නවද..මට මේ වෙනකන් කවුරුත් මෙහෙම අරන් දීලා නැ..ඉස්සර මන් හරි ආසයි මේවා කන්න.එත් අප්පච්චීට සල්ලි නෑනේ මට මේවා අරන් දෙන්න.ඔයාට හුගාක් පින් හොදද..”
” අනේ..පිස්සු කෙල්ල .දැන් ඇඩුවේ ඕකටද.ම්..මන් ඔයාට කියලා තියනවානේ දෝණී ඔයාට ඕනි දෙයක් තියවනම් මට කියන්න කියලා ..අදට විතරක් මන් සමාව දෙනවා.මිට පස්සේ ඔයා ආස දෙයක් තියනවම් මට කියන්න හොදද..”
” හරි එහෙනම් ඔයා කන්නකෝ යන ගමන්..”
ඔහු වෙත සිනාවක් පා කර ඈ..හනි හනික කුඩා කාඩ්බෝඩ් බදුන විවර කර එහි වු පිසා කැබැල්ලක් ගෙන ඔහු වෙත දිගු කරන්න වුයේ ..ඔහුගේ දෑස් ලා කදුලු පටලයකින් වැසි යද්දිය …
” මට ඕනි නෑ දෝණී ඔයා කන්න…”
ඔහුගේ බසට සවන් නොදී ඇ ගෙල මදක් ඇල කරගෙන ඔහුගේ මුව අසලම කුඩා පීසා කැබැල්ල ලංකරන්න විය.
ඔහු සිනා සී එයින් කුඩා කැබැල්ලක් මුව තුල රුවා ගෙන ඇගේ පිසා කැබැල්ල රැදි අත ගෙන ඇගේ මුවට ලංකරමින ට විය..
මතුසම්බන්ධයි