තායිලන්තයේ පැවැති වයස 19න් පහළ ආසියානු රග්බි පළමු පෙළ තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම සමත් විය.

යෝන්චූවාන් කී‍්‍රඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී පිලිපීන කණ්ඩායම ලකුණු 40 – 00ක් ලෙසින් පරාජයට පත් කරමින් අදාළ ශූරතාව දිනා ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකි විය.

තරගාවලියේ අවසන් පූර්ව වටයේදී චීනය ලකුණු 39-14ක් වශයෙන් පරාජය කරමින් ශී‍්‍ර ලංකාව අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ අතර පිලිපීන කණ්ඩායම සත්කාරක තායිලන්තය ලකුණු 17-10ක් වශයෙන් පරාජයට පත් කරමින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

මේ අතර ආසියානු රග්බි වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ශූරතාව ජයග‍්‍රහණය කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමට එහි මුල් පෙළ කණ්ඩායම් අතර ශ්‍රේණිගත කිරීම්හී ඉහළ නැගීමටද හැකියාව ලැබී තිබේ.

Advertisment