-27 කොටස-
හිමංස ඇස් ඇරියෙ නළලට දැණුනු උණුසුම නිසා..මොහොතක් නිශාදිගෙ ඇස් දිහා බලං හිටපු හිමංස නිශාදිව ඈත් කලේ අකැමැත්තෙන්..
“හිමංස ..මහත්තයෝ ..තවම තරහද..අනේ මට මෙහෙම කරන්න එපා…මං හිතුවෙ රෑ බයටම මං මැරිලා යයි කියලා…”
නිශාදි කියපුවා ඇහෙන් නෑ වගේ හිමංස නැගිටලා ජනේලෙ කර්ට්න් එක ඈත් කලා..ඉරත් මුදුන් වෙන්න කිට්ටුයි..දන්නෙම නැතිව නින්ද ගියා…
නිශාදිට ඊයෙ උනු දේ දැන ගන්න ඕනෙ උනත් ආයෙ තරුන් ගැන ඇහැවොත් හිමංස යකා වාගෙ වෙන නිසා නිශ්ශබ්දව හිටියා…
හිමංස කාමරේ තිබුනු ලොකු ලී අල්මාරිය ඇරියා…ඒකෙ තිබුනු පාට පාට වටින ගවුම් එක එක අරගෙන ඇද උඩට දාන හැටි ඇද උඩ ඉදගෙන නිශාදි බලං හිටියෙ පුදුමෙන්..
මේ ගේ ගැන වගේම මේ කාමරේ ගැනත් නිශාදිගෙ හිතේ ඇති උනේ ලොකු කුතුහලයක්…
ඔක්කොම් ලස්සන ගවුම්….ඒවා බැලූ බැල්මට තමන්ට මැච් වෙනවා කියලා නිශාදිට තේරුනා
“හිමංස ..මේ ඇදුම් කාගෙද…මේ ගේ….මට මේ මොකුත් තේරුම් ගන්න බෑ”
නිශාදි නලල රැලි කරලා කියන හැටි හිමංස බලං හිටියා…
“මේ ගේ මගෙ… මේ කාමරෙත් මගෙ..මේ ඇදුම් මගෙ කලින් වයිෆ්ගෙ… දැන් සතුටුද…ඔතන තක්බීර් වෙලා ඉන්නෙ නැතුව වොෂ් එකක් දාගෙන මේකෙන් කැමති එකක් ඇදගෙන පහලට එනවා… සිංහලෙන් කීවම අහන්න බැරි නම් මං මීට වැඩිය හොද භාෂාත් දන්නවා..”
හිමංස කාමරෙන් එලියට ගියෙ දොර දඩස් ගාලා වහගෙන…
“අනේ… මේ මොකද්ද උනේ. හිමංසගෙ කලින් වයිෆ්…නෑ නෑ.. අනේ එහෙම කොහොමද වෙන්නෙ… හිමංස කලින් බැදපු කෙනෙක්ද…
නිශාදිට දුකයි හොදටම..මෙච්චර පැලෙන්න ආදරේ කරන හිමංස කලින් බැදපු කෙනෙක්…. නෑ..නෑ.. වෙන්න බෑ..
ඒත් එතකොට මේ ඇදුම් කාගෙද…. හරි ලස්සනයි මේවා…මේ ගේ හිමංසගෙලු..ඒත් කවුරුවත් මට මේ ගැන කලින් කියලා නෑ..අනේ මගෙ ඔලුවත් රිදෙනවා “
නිශාදි කල්පනා කරන එක නතර කරලා වොශ් රූම් එකට ගියෙ පරක්කු උනොත් හිමංස මොනවා කරයිද දන් නැති නිසා..
“චූටි මහත්තයා …ගොඩ කාලෙකින්..”
හිමංස ඉක්මන් ගමනින් ඇවිදගෙන ගියේ සුදත්ගෙ ගෙදරට… හිමංස දැක්ක ගමන් සුදත්ට සතුටුයි…
“එන්න ඇතුලට ..වාඩිවෙන්න…”
“නෑ ඕනෙ නෑ සුදත්… කොහොමද වාස දේස..
අනේ චූටි මහත්තයා … ඔබතුමාලා ඉන්නකල් අපිට අයහපතක් වෙනවයැ..අපෙ ලොකු කෙලිත් ඕං දැන් විස්ස විද්‍යාලෙට තේරිලා.”
“ෂා.. නියමයිනෙ..”
“චූටි මහත්තයා අදද ආවෙ..”
“නැහැ ඊයෙ රෑ.. සුදත් මං ආවෙ නෝනා එක්ක . ටික දවසක් මෙහෙ නැවතිලා ඉන්නවා.. සුදත් මට උදව්වක් කරන්න ඕනෙ”
“චූටි මහත්තයාට නොකරන උදව් තියෙනවද… අපි මේ කාලා ඇදලා ඉන්නෙ ගිරිරාජ් මහත්තයාට පිං සිද්ද වෙන්නනෙ….”
“ඒව මොනවද බං… මේකයි වෙන්න ඕනෙ… මං දවල්ට ඔෆිස් යන්න ..ඕනෙ ඒ වෙලාවට නෝනගෙ තනියට ඉන්නයි… ගෙදර කෑම ටික ලෑස්ති කරන්නයි.. වැඩ ටික කරන්නයි විශ්වාසවන්ත කෙනෙක් ඕනේ…
තව දෙයක් තවම අපි උදේට කෑවෙත් නෑ… ඉකමණට ඔය මොනවා හරි රත් කරලා ගෙනි යන්න ඕනේ..”
“ආයෙ වෙන කවුරුත් මොකටද මහත්තයා ..අපෙ විමලා ඔය ඔක්කොම කරයි… මහත්තයා පොඩ්ඩක්වත් බයවෙන්න එපා… දැන් ගෙදර යන්න. නෝන තනියමනෙ.මං විමලා අතේ පැයක් යන්න කලින් කෑම එවන්නම්.”
“ෆිට් තමයි…”
හිමංස මහපට ඇගිල්ල පෙන්නුවා…
හිමංස ගෙට ගොඩ වෙන කොට නිශාදි සෙටියෙ ඉදගෙන කල්පනා කර කර ඉන්නවා රතු පාට කොට ගවුමක් ඇදගෙන.. පොඩි එකෙක් වගේ.ඒ මදිවට කොන්ඩ දෙකකුත් ගොතලා.. මේකිට වයර් මාරු වෙලාද..
එක බැල්මෙන් ඔක්කොම නිරීක්ෂණය කරපු හිමංස නිශාදිව ගනන් නොගෙන පඩිපෙල නගින්න පටං ගත්තා..
“හිමංස …”
හිමංස මග නතර වෙලා හැරිලා බැලුවා..
“ඇයි…”
“මට ටිකක් කතා කරන්න ඕනෙ..”
“ඇත්තට.. ඒත් මට ඕනෙ නෑ…..”
“මට ඕනෙ… මට ගෙදර යන්න ඕනෙ.. පොඩි දෙන්න බලාගෙන ඇති… අපි අද අලුත් සෙල්ලමක් කරන්න දාගෙන හිටියෙ…”
“තමුසෙට උන් දෙන්න ගැන මතක් උනේ දැන්ද… ඊයෙ රෑ අරූ ගාවට ඉගිලෙද්දි මතක් උන් නැද්ද..”
“අනේ හිමංස තාමත් ඒක ගැන මගෙන් පලිගන්නවද.. මං ඔයා දාලා කොහෙවත් යන් නෑ…ඔයා මාව එලෙව්වත් යන් නෑ.. බැරි වෙලාවත් මැරුණත් හොල්මනක් වෙලා හරි ඔයා පස්සෙන්ම එනවා..”
නිශාදි කට උල් කර කර ඒක කියපු හැටියට පිටවෙන්න ආපු හිනාව හිමංස කට ඇතුලෙම ගිල ගත්තෙ බොහොම අමාරුවෙන්…
“හරි ඉන්නවා.. තමුසෙ වොශ් දාගෙන ගිනි කිරිල්ලි වගේ ඉදගෙන හිටියම ඇති නේද.. මං ඊයෙ රෑ ඇදුම් පිටින්ම හඩු පිටින් ඉන්නම්….”
“ඔහ්..අනේ සොරි ඔයා යන්න…මං ඉන්නම්.”
“තමුසෙට බඩගිනිද..”
හිමංස අහද්දි බිම බලා ගත්තා…කෙල්ලට බඩගිනි..හිමංස දුක හිතුනා.. ගෙදර හිටියනම් පොඩි දෙන්නත් එක්ක ෆ්‍රිජ් එකම ඉවර කරලා මේ වෙනකොට
“මං ඇහැවෙ ප්‍රශ්නයක් … ප්‍රශ්නයක් ඇහැවම බිම බලන එක උත්තරේ කියලා ඉගැන්නුවේ ඉස්කෝලෙන්ද….”
“බඩගිනි.. “
නිශාදි බිමට රව රව කියන හැටි හිමංස පඩිපෙලේ ඉදලා බලං හිටියෙ හිතින් හිනා වෙවී..
“බිමට රැව්වට කෑම හැදෙන් නෑ.. කෙල්ලෙක් උනාම උයන්න පිහින්න පුලුවන් වෙන්න ඕනෙ.කොහෙද අර සීතයි අපෙ අම්මයි තමයි තමුසෙව හුරතල් කරලා තියෙන්නෙ…”
“ඉතිං මං කිචන් එකේ බැලුවනෙ.. ඒකෙ තියෙන්නෙ බඩු මුට්ටු විතරයි.. උයන්න මොකුත් නෑ..”
“මොලෙත් තියෙනවා එහෙනම් කල්පනා කරන්න… තව පැයක් විතර ඔහොම ඉන්නවා දත් මිටි කකා… මොකද ඔරවන්නෙ..”
හිමංස පඩි පෙල බහින්න හැදුවා..
“මං ඔරවන්නෙ ඔයාට නෙවේ…”
“එහෙනම්”
“අර බිත්තියේ ඉන්න හූනට.. ඊයා…”
නිශාදි අත් දිග් කරපු දිහා හිමංස බැලුවා..මේකි නම්..
“මේ ගෙදර ඉන්න සත්තු අයිතිත් මට… ඒ සත්තුන්ටත් පාඩුවේ ඉන්න දුන්නොත් හොදයි කුමාරිහාමි.”
“හිමංස ඔයාගෙ කලින් වයිෆ්ටත් උයන්න පුලුවන්ද …”
නිශාදි මූණ බෙරි කරන් අහනවා.
” උයන්න විතරක් නෙවෙයි.. හැමදේම පුලුවන්.”
“ඇයි ඉතිං එයාව ඩිවෝස් කලේ.”
“මං ඩිවෝස් කලේ නෑ…තමුසෙව බැන්දෙ හොර කසාද සහතිකේකට.. තමුසෙ අර වෙඩින් එකේ දෙවනි මනමාලිට ඇදලා කැටයම් දදා ඉද්දි මට ආස ..හිතුනා”
හිමංස කීවෙ ෆුල් සීරියස් පිට.
“තමුසෙට ඒවා අදාල නෑ.. ආයෙත් මගෙන් කලින් වයිෆ් ගැන ඇහැවොත් දත්ටික තියෙයි බඩේ…..”
හිමංස වේගෙන් පඩිපෙල නැග්ගා.
‘අම්මෝ… පුදුම නපුරු කමක්… ඒත් දැන් නම් ඇස් දෙක ඊයෙ වගේ නෑ… බලමුකො කවද වෙනකල් මගෙත් එක්ක රණ්ඩු වෙවී ඉදියිද කියලා…නපුරු හිමංස……. මං දන්නවා ඔය රණ්ඩු වෙන්නෙ බොරුවට කියලා… කලින් වයිෆ් කෙනෙක් ගැන දොඩවන්නෙත් බොරුවට….මං අහුවෙයි ඕවට…ඒත් ඒක ඇත්තම නම්….නෑ නෑ. වෙන්න බෑ..
තරුන් අපේ ජීවිතේ හිටියෙ නැත්නම් අපි කොච්චර සංතෝසෙන් ඉදියිද හිමංස… ඔයා මට කොච්චර බැන්නත් මං ඔයාට ආදරෙයි… ඔයා ඒක තේරුම් ගන්න කල් මං බලං ඉන්නවා…
ඔයා මාව විශ්වාස කරන්නෙ කවද්ද හිමංස..’
“ටීං..ටීං..”
නිශාදි කල්පනා කර කර ඉද්දිම කාලෙ ගිහින්…
මොකද්ද ඒ සද්දෙ .ගෙදර බෙල් එක නේද..කවුද ඒ…
“ටීං ටීං”
නිශාදිට හිතාගන්න බෑ දොර අරින්නද එපාද කියල ඇරියත් හිමංස බනිනවා..නැතත් බනිනවා…
නිශාදි ඉක්මණට පඩිපෙල නැගලා කාමරේට ගියා. හිමංස තවම වොශ් රූම් එකේ
“හිමංස ..හිමංස…”
“මොකද ඕයි..නිදහසේ නා ගන්නවත් දෙන් නැද්ද මට..”
“කවුදෝ ඇවිත් හිමංස .. බෙල් එක ගහනවා.. මොකද කරන්නෙ දැන්.”
“ඉතිං දොර අරිනවා.”
“අනේ මට බයයි ..ඔයා එන්නකො…”
“මෙහෙම එන්න පුලුවන්ද. සබන් පිටින්..පිස්සු නැතිව දොර අරිනව.. මං දන්න කෙනෙක් එන්නෙ…”
“හා ඔයා කියනව නම් ඕං අරින්නම්.”
එහෙම කියලා නිශාදි වොශ් රූම් එකේ දොර බාගෙට ඇරියෙ හිනාව තද කරගෙන.
“ඒයි මෝඩි මොකද්ද කරන්නෙ .යනව මගෙන් ගුටි නොකා…”
නිශාදි දොර ආපහු වහලා උඩ පැන පැන හිනා වෙවී යන සද්දෙ හිමංස අහගෙන හිටියෙ හිනාවෙවී….
ඊයෙ උනු දේවල් ගැන වගේ වගක් නැතිව ෆුල් ජොලියෙ ඉන්න හැටි. නැව ගිලුනත් බෑන්ඩ් චූන්…මං කොහොමද මේ පිස්සු කේස් එක නැතිව දවසක්වත් ඉන්නෙ…
ඊයෙ රෑ නම් එයා හොදටම බය උනා…මටත් පිස්සු හැදිලනෙ තිබුනෙ ඉතිං… ඇති යන්තම් ඔයින් ගියා ..මගෙ අතින් තව මොනවා වෙයිද දන් නෑ පාන්දර ගෙදරින් ගියේ නැත්නම්…වෙලාවට ගියේ…
නිශාදි දොර අරිද්දි දොරකඩ හිටියෙ මැදිවියේ ගෑණු කෙනෙක්.. ලොකු භාජනේකුත් උස්සගෙන..නිශාදිව දැක්ක ගමන් කට පුරා හිනා වුනා..
“අප්පේ….. ඇස් වහක් කට වහක් නෑ සීදේවි නෝනෙක් අපේ චූටි මහත්තයා ගෙනත් තියෙන්නෙ…”
නිශාදි ගෑනු කෙනාගෙ උඩ ඉදලා පල්ලෙහාට බලනවා..ගෑනු කෙනා නිශාදිගෙ උඩ ඉදල පල්ලෙහාට බලනවා..
“නෝනෙ බඩගිනි ඇති කාල ඉමුකො .. මහත්තයා බැන්නද මං පරක්කුයි කියලා..”
ඉස්සෙල්ල හිමංස කීව කතාව දැන් තමයි නිශාදිට තේරුනේ.. පැයක් විතර දත්මිටි කන්න කියලනෙ කිව්වෙ..
“එන්න ඇතුලට අක්කා…”
“අනේ සුදු නෝනෙ… අක්ක නෙවෙයි මං විමලා…අපි දෑලබණ්ඩාර පරම්පරාවෙ දාසයො..”
“චී.. එහෙම කියන්න එපා…අපි හැමෝම මිනිස්සු.. මං විමලා අක්ක කියන්නද..”
විමලා ඇස් දෙකට කදුලු පුරවගත්ත..
“අනේ සුදු නෝනා මට වාවන් නෑ. ඔහොම වචනයක් මං ඇහැවමයි
.. ලොකු නෝනාත් කරුණාවන්තයි ..ඒත් ඔහොම හිතට දැනිලා නෑ..”
“එන්නකො ඇතුලට..මහත්තයා වොශ් රූම් එකේ”
“හොදමයි..”