නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය.😍
චන්ඩිරැජින🌹🌹
හය වන චන්ඩිකම 🙅🙅
” රොකී බොස් රොකී බොස් “
” ඇයි මාකස්”
” රොකී බොස් මේ කෝල් එකක් අපේ බ්‍රයන් බොස්ට” ☎
” ඉතින් ඕක ගේනව අයිසේ මෙහාට.ඔතන ඉදන් තෙපරබාන්නෙ නැතුව”🤬
මාකස් රැගෙන ආ දුරකතනය උදුරා ගත් බ්‍රයන් එය කනේ තබා ගත්තේය.වරින් වර බ්‍රයන්ගේ මුහුණේ ඉරියව් වෙනස් වන ආකාරය දෙස රොකී බලා සිටියේ විමසිල්ලෙනි.දුරකතන සංවාදය අවසානයේ ඔහුගේ මුහුනෙහි කෝපාවිෂ්ඨ ස්වභාවයක් ඇති වූ අතර අසල තිබූ මේසය මතට කෝපයෙන් දුරකතන විසි කර දැමූ බ්‍රයන් නැගිට හිද සිටි පුටුවට පා පහරක්ද,ගසා ඉදිරියේ හිද සිටි ගුණේ පිළිබදව කිසිදු තැකීමක්ද නොකර පහලට ඇදෙන තරප්පු පෙල දිගේ දිව ගියේය. ඒ දෙස බලමින් රොකීද.ඔහු පසුපස දිව යන්නට විය.
” ජෙනී ඉක්මන් කරල වාහනේ ගනින්.රොකී සෙට් එකත් එක්ක වරෙන් යන්න.අයිසේ ජෙනී ගනින් මිනිහො ඕක ඉක්මනට 🤬 තෝ ඔතන මුල් ඇදලද? “🤬🤬
” සොරි බොස් වාහනේ තෙල් ඉවරයි වගේ” 😔
” මොකක්ද? යකෝ උඹ කිව්වෙ” 🤬
එසේ පැවසූ බ්‍රයන් සිය ඉණෙහි රුවා ගෙන සිටි පිස්තෝලය පිටතට අදිනවාත් සමගම ක්‍රියාත්මක වූ රොකී කතා කරන්නට විය.
“ජෙනී එහෙනම් ඔය අටමගල පැත්තකට දාල ජීප් එක ගනින්.😡
ජෙනී වහා ජීප් රථය රැගෙන ආ අතර බ්‍රයන් ඉදිරියෙන්ද , රොකී ඇතුලු පිරිස පිටු පසින්ද,වාහනයට නැඟ ගත්හ.බ්‍රයන්ගේ මග පෙන්වීය යටතේ ජෙනී වාහනය ගෙන යන්නට විය.
” ඉක්මනට යමන් මිනිහො මොණ මගුලක් කරනවද? උඹ ” 🤬
බ්‍රයන් බෙරිහන් දෙන්නට වූයේ වාහනයද,දෙදරා යන තරමිනි.
” අද ට්‍රෆික් වැඩියි බොස්.ඒකයි මේ….”
” ඉතින් මට මොකද? මිනිහො උබටාමතක උනාද? මේක බ්‍රයන්ගෙ Eriya එක කියල.ආ…” 🤬
” ජෙනී බොස්ව කේන්ති ගස්සන්නෙ නැතුව පලයං මිනිහො ඉක්මනට” 😡
රොකී එසේ පවසන්නට වූයේ තව දුරටත් බ්‍රයන් කේන්ති කිරීමෙන් වන දෙය අත්දැකීමෙන්ම දන්නා හෙයිනි.වේගයෙන් ආ ජීප් රිය නතර වූයේ පාර අයිනේම වූ විශාල දෙමහල් නිආක් ඉදිරිපිටය.එය කවුරුත් පාහේ හොදින් දන්නා ස්වර්ණා සිංහංශ නම් මණ්ත්රීවරියගේ නිවස විය.
ස්වයංක්‍රීයව විවර වූ විශාල ගේට්ටුවෙන් ඇතුලු කරනු ලැබූ ජීප් රිය විශාල මිදුලේ කොනක නතර විය.එය ඉතාමත් විශාල මිදුලක් වූ අතර විවිධ වූ මල් වගා කොට තිබුනි.
වාහනයෙන් බැස ගත් බ්‍රයන් විශාල කොරිඩෝව හරහා නිවස තුලට ඇතුලු විය.රොකීද,ඔහු පසුපස ගිය අතර අනෙක් අය නිවස ඉදිරි පස නතර විය.
” ආ බ්‍රයන් එන්ඩ එන්ඩ වාඩි වෙන්ඩ මං හිතුවෙ නෑ බ්‍රයන් කිව්ව ගමන් එයි කියල.” 😁
” එහෙම කියල බෑනෙ මැඩම්.මැඩම් දන්නවනෙ මේ බ්‍රයන්ට දෙයක් කිව්වොත්”
කකුලක් පිට කකුලක් දමා ගනිමින් බ්‍රයන් පැවසීය.
” මොකක්ද? මැඩම් දැන් කේස් එක” 🤔
” අර ඉද්දමල්ගොඩ ඇමතිය අපේ සේරම ඩීල් දැන ගෙන”
” මොකක්,😯ඒක කොහොමද? වෙන්නෙ.කව්ද? ඌට කියල තියෙන්නෙ” 🤔
” මාත් ඕක මේ දවස් ටිකේම හෙව්ව.විස්තර ඔක්කොම දැන ගෙන තමයි බ්‍රයන්ට කතා කරේ.” 🤔
” ok මැඩම් මට මිනිහ ගැන විස්තර ටිකක් කියන්ඩකො.හෙට හවස් වෙන කොට උගෙ බොඩී එක මැඩම්ගෙ කකුල් දෙක ගාව තියෙයි”
” නෑ නෑ බ්‍රයන් අපි දැන්ම ඒවගේ දේකට ගියොත් ඒක හරහ හිටින්නෙත් මටමයි.බ්‍රයන් දන්නවනෙ දැන් ජන්දෙත් ලගයිනෙ.”
” ok මැඩම්.මට වෙන්ඩ ඕනෙ දේ කියන්ඩකො.”
” කොටින්ම කිව්වොත් මෙච්චරයි බ්‍රයන්.මට ඕනෙ ඔය ඉද්දමල්ගොඩයව මේ ෆීල්ඩ් එකෙන් අයින් කරන්ඩ.මේ වෙලාවෙ හැටියට ඌ මේ ෆීල්ඩ් එකෙන් අයින් වෙනව කියන්නෙ මට එතනින් එහාට යන එක අවුලක් නෙවෙයි.
” ok මැඩම් වෙන්ඩ ඕනෙ ඕනෙ දේ ඒ විදිහට වෙයි.”
” හැබැයි බ්‍රයන් මේ කේස් එකට මගෙ නමවත්,බ්‍රයන්ගෙ නමවත් ගෑවෙන්ඩ බෑ.මිනිස්සුන්ට හිතා ගන්ඩ බැරි විදියට වැඩේ කෙරෙන්ඩයි ඕනෙ.”
” ok මැඩම් වැඩේ කෙරුනයි කියල හිතා ගන්ඩකො එහෙනම්”
එසේ පවසා ඔහු හිද සිටි පුටුවෙන් නැගිට්ටේය
” ඔය බ්‍රයන් යන්ඩද? ☕ එකක්වත් බිව්වෙ නෑනෙ.ප්ප්රිස් මේ බ්‍රයන් සර්ට මොණව හරි…..”
” එපා මැඩම් Thanks.අපි ගිහින් එන්නම්”
” ok බ්‍රයන් “
ස්වර්ණාට සමු දී පිටත් වූ බ්‍රයන්ගේ මීලග සැලසුම කිසිවෙකුටත් සිතා ගත නොහැක්කකි.
💓💓💓
” නිශා නැගිටපං කෙල්ලෙ.ඉක්මනට ලෑස්ති වෙයන්”
අද නිශා මුලොන්ම වැඩට යන දවස ඒ නිශා රශී උදෙන්ම නැගිටල කිරිබත් හැදුවා.නැගිටල මූණ හෝද ගෙන කිරි බතුත් කාල අම්ම තාත්තගෙ ෆොටෝ එකටත් වැදල කෙල්ල හත වෙනකොට ශොප් එකට ආවෙ පළවෙනිම දවස නිසා.ඒ උනත් සර් එන්නෙ අටට විතර කිව්ව නිසා කෙල්ලට ටිකක් වෙලා වාඩි වෙලා ඉන්න සිද්ද වුණා.
” මිස්,සර් ඇතුලට එන්න කිව්ව”
” හරි Thank you”
අටට විතර වගේ සර් ආපු නිසා කෙල්ලට ඇතුලට කතා කලා.
” Excuse me sir “
අහ් daughter come come” 😁
කෙල්ල හිනා වෙලාම ලගතිබුන පුටුවෙන් වාඩි වුණේ.වයස අවුරුදු විසි අටක විසි නමයක වගේ තරුණ පිරිමි ළමයෙකුත් එතන ළග පුටුවෙම වාඩි වෙලා හිටිය.
” ok නිශාදි.එහෙනම් අද ඉදන් වැඩ කරන්න පටන් ගන්න.නිශාදිට තියෙන්නෙ මෙහෙ එකව්න්ටින්ස් වැඩ ගැන බලන්න තමයි.ෆයිල්ස් චෙක් කරල අපේ වැඩ කරන අයගෙ පඩි හදන වැඩ එහෙම තමයි තියෙන්නෙ.මේ ඉන්නෙ ඇසල.මෙයත් මෙහෙ එකව්න්ටින් වැඩ තමයි ක්රන්නෙ.ඇසල නිශාවිට කරන්න ඕනෙ වැඩ ටික කියල දෙයි.නිශාදි හෙමිහිට වැඩ ටික අල ගන්න.ඔයා වැඩ කරන විදිය අනුව බලල මං සැලරි එක තීරන කරන්නම්.එහෙම කමක් නැද්ද ? නිශාදි” 😁
මිස්ට විජේසිංහ ඇහුවේ ලෙංගතු හිනාවක් පාල.
” කමක් නෑ සර් ඒ විදිහට කරන්න”
” ok එහෙනම් ඇසල නිශාදිව එක්කන් යන්නකො.එයාට මෙතන වැඩ සිද්ධ වෙන විදිය කියා දෙන්න”
Ok සර්.එන්න නංගි”
ඇසලත් එක්ක ආව නිශාදි ඔෆිස් රූම් එකෙන් පිට පඩි පෙලට ටිකක් ලගින් වෙන්න තියෙන මේසෙ ලගටා ආවේ.පිළිවලට හදපු මේස තුනක් එතන තියල තිබුනා.එක මේසෙක තවත් පිරිමි ලමයෙක් ඉද ගෙන ෆයිල් එක්ක් බල බල හිටියේ.නිශා ආව ගමන්ම ඒ පිරිමිලමය ඔලුව උස්සල බලල අහින්සක විදිහට හිනා වුණා.
” නිශාදි අද උදන්මෙතන තමයි ඔයාගෙ තැන. මේ ඉන්නෙ ධනුක.එයත් එකව්න්ටින්ස් වැඩ තමයි කරන්නෙ”
” හරි අයියෙ Thank you “
” ආ බොස් එතකොට මෙයා ගැනද? කිව්වෙ.අද අලුතෙන් එන්ව කියල” 😁
” ඔව් මච්ං මේ නිශාදි”
” එහෙමද? ඉතින් නිශාදි.අපි නිශාදි කියල කතා කරන්නද?නැත්තං නිශා කියල කතා කරන්නද?😁
” අයියල කැමැති විදිහකට කතා කරන්නකො” 😊
” අහ් ඔන්න එහෙනම් අපි නිශා කියල කතා කරන්ව.නේද? ඇසලය”😁
” ඔව් නිශාදිගෙ අකමැත්තක් නැති නම්”
ඇසල කිව්වෙ හිනා වෙලා.ඒ ටික වෙලාවට ඇසලයි ධනුකයි දෙන්න නිශාත් එක්ක ගොඩාක් ෆිට් වුණා.ලන්ච් එක ගත්තෙත් තුන් දෙනා එකටම.ඇසල ධනුක දෙන්න එකතු වෙලා කෙල්ලට වැඩ ටික කියල දුන්නා.කෙල්ලත් ඉක්මනට ඉක්ම්නර වැඩ ටික අල්ල ගත්තා.ධනුක නම් හැම වෙලේම විහිලු කර තමයි හිටියේ.ඒ නිසාම පාලුවන් තිබිනෙත් නෑ.කෙල්ල වැඩ කරේ හරිම ආසාවෙන්.තමන්ගෙම තැනක් කියල යල හිතා ගෙන.
💓💓💓
” නිශා උඹ දැන් කොහොමද?ගෙදර යන්නෙ”
” කකුල් දෙකෙන් බං.උබ හිතුවද?බඩ ගා ගෙන කියල” 😁😂
” අනේ පලයං බං.මං ඇහුවෙ බස් එකේද?යන්නෙ කියල”
” නැතුව ඉතින් උඹ හිතුවද? මේකිට යන්ඩ පෙජරෝ එකක් එනව කියල” 🤣
ධනුකගෙ කතාවලට නම් කේලට හොදටම හිනා.කතාව කොහොම වෙතත් ධනුකගෙ ඇක්ටින් දිහා බලන් හිටියම ඕන කෙනෙක්ට හිනා යනව.
” අනේ මට බෑ බං උබත් එක්ක කතා කරල දිනන්න.මං යනව”
ඇසල මේසෙ අස් කරල බෑග් එක එල්ල ගත්තෙ ගෙදර යන්න.
” හී හී 😁 හරිහරි නිශා මං බයික් එකේ යන්නෙ.උබ කැමැති නම් ටික දුරකට හරි ට්‍රාන්ස්පෝට් එක දෙන්න පුලුවන්.මොකද? කියන්නෙ”
” කමක් නෑ ධනූ අයියෙ.මං බස් එකේ යන්නම් වැඩි දුරක් නෑනෙ”😊
” ok ok oya එහෙනම් අපි කැපුන.හෙට හම්බ වෙමු.good bye දෙන්නටම”
” මූ නම් මහ පිස්සෙක්.යමු නිශා මාත් බස් හෝල්ට් එකට යනව”
ඇසලත් එක්ක බස් හෝල්ට් එකට ආපු නිශාට ඉක්මනට ගෙදර එන්න පුලුවන් වුණේ.පාරට එනකොටම බස් එකක් හම්බ වුනු නිසා.නිශා එනකොටත් රශී නාල ඉවර වෙලා රෙදි වනවනව.
👩 ” අහ් කෙල්ලෙ උඹ ආවද? මං ඒත් තව ටිකකින් කෝල් එකක් දෙන්න කියල හිතුවෙ”
👩 ” ඔව් බන් පාරට එන කොටම බස් එකක් ආව.හරිම මහන්සියි බං”
👩 ” උබ ගිහින් න් වොශ් එක්ක් දාල වරෙන්කො.මං බත් ටිකක් බෙදන්නම්”
නිශා වොශ් එකක් දා ගෙන එනකොටත් රශී බත් දෙකක් බෙදල බලන් ඉන්නව.
👩 “අම්මෝ අද නම් මාර බඩගින්නක් බං”
👩 ” ඇයි උඹ මෙච්චර වෙලා සාගතේට අහු වෙලාද? හිටියෙ.අර නාකි පූස කන්නවත් දෙන්නෙ නැද්ද? බං”
👩 ” අපෝ එහෙම නෑ බං.සර් නම් හරිම හොදයි.හරිම කරුණාවන්තයි.”
👩 ” අපෝ ඕවපලවෙනි දවසට විතරයි බං.බලපංකො මොකක් හරි වැඩක් වරද්දල අහින්සක එකා දරුණු වෙන විදිහ” 😏
👩 ” කරන්න තියන වැඩ හරියටම කරනව නම් එහෙම වෙන්නෙ නෑනෙ බං”
👩 ” හ්ම් හ්ම් දැන් උඹ තනියමද? එතන වැඩ”
👩 ” අපෝ නෑ අං තව සේවකයො ඕන තරම් ඉන්නව ශොප් එකේ”😂
👩 ” නෑ හිවලියෙ.😏මං ඇහුවෙ තෝතෙක්ක එකට වැඩ කරන උන් තව නැද්ද? කියල”
👩 ” ආ ඉන්නව බං.තව අයියල දෙන්නෙක්ම ඉන්නව එයාලත් එක්ක වැඩ කරන කොට කම්මැලිකමකුත් නෑ”
කෙල්ලො දෙන්න කතාවෙන් කතාවෙන්ම කෑම ටිකත් කාල ඉවර කලේ…
නැවත හමුවෙමු.👋👋
- කතාව ටිකක් බෝරින් වගේ ඇති චරිත ටික එක් තැන් කර ගන්නකම් චුට්ටක් එහෙම තමයි.තාම කතාව මුල් හරිය නිසා තමයි එහෙම.
- චන්ඩි රැජින කිව්වට චන්ඩි කොල්ලෙක්නෙ ඉන්නෙ කියල හිතෙනව ඇති.
- මං ලියන කතා ටිකක් වෙනස්.මගෙ කතා කියවල තියෙන අය ඒ ගැන හොදට දන්නව.අවසානයත් එක්කම ඉන්න එතකොට පටලැවිල තියෙන තැන් තේරේවි.මේක ගොඩක්ම වෙනස් විදිහෙ කතාවක්.ඉස්සරහට තව අලුත්ම චරිත එකතු වේවි.
- දිගටම කතාවත් එක්ක ඉන්න.ඔයාලට හිතෙන දේ පහලින් කොටාන යන්න.
- පරිස්සමින් ඉන්න හැමෝම.බුදු සරණයි.ජේසු පිහිටයි.