තරු ඇස්🌟

  1. කොටස

බංගලාවට යන යනකොට බංගලාවේ එකම කලබලයයි…………. ඇගේ හිතට පොඩි බයක් දැනුණා…………. තෙනු හෙමින් හෙමින් අඩිය තියලා තමන්ගෙ කාමරේ තියන තැනට ආවා…….

එතකොට තමයි තෙනූ දැක්කෙ මිහේෂ්ගේ කාමරේ කට්ටිය ටිකක් වැඩිපුර ඉන්නවා කියලා……. ගෙනාපු බෑග් එකේ එහෙම පැත්තකින් තියලා තෙනු දිව්වේ ඒ කාමරේට…….. එතකොටම තමයි මිහේෂ්ගේ කාමරෙන් ඩොක්ටර් කියලා හිතන්න පුළුවන් කඩවසම් පිරිමි කෙනෙක් එළියට ආවේ……….

තෙනූ ඒ රුව දැකලා මොහොතකට ගැස්සුනා

” ඔයා වෙන්න ඇති මිහේෂ්ගේ වයිෆ් ….”

“අනේ ඩොක්ටර්…. මිහේෂ්ට මොකක් හරි කරදරයක්ද??….. ඇයි හැමෝම මේ කලබල වෙලා??….”

“නෑ…….. නෑ ළමයෝ බය වෙන්න එපා….. හොද දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ……. මොකද මිහේෂ්ට ඇවිදින්න පුළුවන් කියලා බලාපොරොත්තුවක් අපිට දැන් තිබ්බැකි……. එයා දැන් ටික ටික සනීප වෙනවා…………. මේ ඔක්කොටම ස්තුතියි කරන්න ඕනි ඔයාටයි….”

“අනේ ඩොක්ටර් ඇයි මට??………..”

” මේකයි තේනු ඔයා ආපු දවසෙ ඉඳල තමයි මිහේෂ් මේ විදිහට වෙනස් වෙන්න ගත්තේ…… මං හිතන්නෙ එයා දැන් හිතේ සතුටින් වගේම…. සැනසීමේ ඉන්නේ………. ඒකයි මේ වෙනසට හේතුව………. ඔයාට පුලුවන් වෙයි කවද හරි එයාව ඇවිද්දවන්නත් ……….. එයාට ඕනි මනසට නම් මානසික ප්‍රතිකාර තමයි…….. ඒ නිසා එයාව හැම වෙලේම සතුටින් තියන්න බලන්න… හරි තේනූ මං යන්නම්………..”

තෙනූ හෙමින් හෙමින් අඩිය තිය තිය කාමරේට ගියා……….. අනේ බලන්න ආසාවෙ බැ………….. මිහේෂ්ගේ මූනේ තියෙන්නේ හරි අව්‍යාජ අහිංසක හිනාවක්………. මෙහෙම හිනාවක් දකින්න හම්බෙන්නෙ පුංචි ළමයින්ගේ මූනකින් තමයි………

” අනේ තේනු දුවේ ඔයා ආවද???……. මේ බලන්න ඩොක්ටර් කිව්වා මිහේෂ්ට ඇවිදින්න පුළුවන් වෙනවා කියලා………… මං අදටත් සතුටු වෙනවා ඔය දෙන්නව එකතු කරන්න මං ගත්ත තීරණේ ගැන………….. ඔයාට පිං මගේ දුවේ……”

තෙනූට දැන් අවුරුදු 13ක් තිස්සේ නොලැබුණු ආදරය හැමෝගෙන්ම වගේ ලැබෙනවා……

ඊට පස්සේ සතිය ගෙවුනේ තෙනූට හරිම කාර්යබහුල කරමින්…….. මොකද ඊළඟ සතියෙ තේනුගේයි මිහේෂ්ගේ‍යි wedding එක ගන්නවා තේජ් නම් මේ කිසි දෙයක් බලන් ඉන්න බැරි නිසා ආපහු ගෙදර ගියා………… එයා නම් wedding එකට වත් එන එකක් නැහැ………… ඒත් මේ දේවල් ගැන නම් මැගී සතුටු වුණේ නැහැ……….

” අප්පේ ඉතින් මැස්සෙක් ගිය උඩ………… මං හිතුවා නලව නලව එනකොට කාවහරි දැලේ දා ගනියි කියලා…….. ඉතිං බලන්න දෙයක් නෑ දෙතුන් දෙනෙක්වම දැලේ දාගෙනනේ……”

මැගී එහෙම සෙනූට කිව්වේ තෙනූට ඇහෙන්නමයි……….. තෙනූ ඉතින් මේ කිසි දෙයක් ගණන් ගත්තේ නැහැ………. මොකද තෙනූ දැන් හදවතින්ම මිහේෂ්ගේ බිරිඳ වෙලා ඉවරයි…

දින සති ගෙවිලා උදා වුණේ ඒ සුන්දර දවස…….. වෙන මනාලියක් නම් මේ දවස ගැන සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන ඉන්නවා…….. ඒ උනාට ඔයාලා දන්නවා ඇතිනේ………. මිහේෂ්ට බැහැ තෙනූට නියම ස්වාමි පුරුෂයෙක් ලැබෙන්න ඕන යුතුකම් ටිකයි…… වගකීම ටිකයි කරන්න………. ස්වාමිපුරුෂයාගේ වගේම බිරිඳගේ හැමදේම කරන්න වෙන්නේ ඉදිරියට තෙනූටම තමා…….. ඒත් තෙනුගෙ හිතේ පොඩි බලාපොරොත්තුවක් තියෙනවා මිහේෂ් සනීප වෙලා තමන්ට පණ වගේ ආදරේ කරයි කියලා…….

ඉතින් එදා වැඩි සෙනඟකට ආරාධනා නොකරම විවාහ උත්සවය පැවැත්වුණා……. තෙනූගේ මඩමේ කට්ටිය නම් ඇවිල්ලා…… ඒ නිසා තෙනූ හිටියේ මාරම සතුටකින්………. තෙනූගේ පුංචි ගැන්සිය තමා තෙනූගේ මල් කුමාර කුමාරියෝ වුනේ………..

තෙනූ සැරසිලා උන්නේ ක්‍රීම් පාට උඩරට ඔසරියකින්……. එතකොට මිහේෂ් හිටියේ කෝට් කිට් එකකින් සැරසිලා……. මොකද රෝද පුටුවේ ඉඳගෙන මිහේෂ්ට නිළමේ ඇඳුම අඳින්න බැහැනේ……………. ඉතින් මේ වැඩ කටයුතු අවසන් උනහම කට්ටියම අලුත් යුවළට සුබ පතලා යන්න ගියා………. ඒ උනාට මේ දෙන්නා සාම්ප්‍රදායික විදිහට මධුසමයට පිටත් නොවුනේ එහෙම ගිහින් වැඩක් නැති හින්දයි………. අනික තෙනූට බැහැ තනියම මිහේශ්ව බලාගන්න… මොකක් හරි උනොත් තෙනූට මිහේෂ්ව උස්සගන්නත් අමාරුයි……… අනික ගිහින් ඇඳුම් මාරු කරන්න තාමත් තෙනූට බැහැ……. ඒ නිසා ඒ දෙන්නට මේ බංගලාවේ ඉන්න දීලා මැඩමුයි සර්රුයි ආයේ කොළඹට පිටත් වුණා……..

අද තෙනූ ඉන්නේ මිහේෂ්ගේ කාමරේමයි……… මිහේෂ්ගේ ඇස් වලින් තෙනූ හැමදාම දකින අර පසුතැවිල්ල වෙනුවට දැන් තියෙන්නේ උද්යෝගිමත් ඇස් දෙකක්……… තෙනූ ඈත අහසේ පායලා තියෙන හද දිහා බලාගෙනයි උන්නේ……….. තෙනූගේ හිතට අමුතුම සින්දුවක් මේ වෙලේ ආවා …………..

හඬවන්නෙ ඇයි මාව රහසින්………

සඟවන්න ඔය නුරා බැල්මන්………

තහනම් හීනයේ දෑස යාවුනේ………..

සනසන්න ඔය දෙතොල් පහසින්……….

නැලවෙන්න මා ගාව රහසින්……….

තහනම් නේද මේ මැරුණු ආත්මයේ……….

සීමා නෑ……….. මායිම් නෑ…………

දෑසින් කී කථා කතා නිමා වෙන්නෙ නෑ ……..

සීමා නෑ……….. මායිම් නෑ………….

තරු ඇස් කී කතා නමක් දුන්නේ නෑ………..

හැමදාම ළඟ ඉන්න සිහිනෙන්……..
සැනසෙන්න ඉඩ දෙන්න සුවඳේ………

එක්ටැම් ලොවක නෑ පැතු ආදරේ……..
හුරතලෙන් දැවටෙන්න ආසයි……….

හිත ළඟම තනි වෙන්න ආසයි………..
සරදම් ඕනේ නෑ පාළු ජීවිතේ……….

සීමා නෑ…………. මායිම් නෑ………….

නන්නාදුනන ලෙසින්…. ඔබ ඉන්නෙ ඇයි දුරින්…..
උතුරනා ආදරෙන්….. තෙමන්නදො ලවන්……

රෑ අහසේ පායනා තරු අසන්නේ කෝම මං………..
පියා ගනිමි ඇස්……. යන්න හීන අරන් …………..

සීමා නෑ……….. මායිම් නෑ…………
දෑසින් කී කථා කතා නිමා වෙන්නෙ නෑ ……..

සීමා නෑ……….. මායිම් නෑ………….
තරු ඇස් කී කතා නමක් දුන්නේ නෑ………..

තෙනුලි ඇස් දෙකත් පියාගෙන…… ගීතයට සම වැදිලා වගේ ගායනය කරා……… තෙනුලි මොහොතකට හිතුවා මේ ගීය ලියවිලා තියෙන්නේ තමන්ගේ අනාගතය බලලම ද කියලා………….. ඒත් තෙනුලි ඇස් දෙක ඇරලා බැලුවම දැක්කේ තෙනුලි දිහා අසරණව බලන් ඉන්න මිහේෂ්ව……… තෙනූට පොඩි පසුතැවීමක් හිතුනා තමන් නොදැනුවත්ව හරි මිහේෂ්ව රිද්දනවා කියලා……….ඉතිම් තෙනූ හිතින් හිතා ගත්තා මොන මොනතරම් දුක්………… මොන තරම් කරදර ආවත්……….. තමන් එකෙන්ම මිහේෂ්ගේ බිරිඳ විදිහට හැමදාම ඉන්නවා කියලා………….

” යම් මිහු අපි නිදා ගමු………… “

තෙනූ මිහේශ්ව ඇඳෙන් තියලා නින්ද යනකම් ඔලුව අතගෑවා…………… තෙනූ නිදාගන්න යනකොට තමා කවුද දොරට තට්ටු කරන සද්දෙ ඇහුනේ………….

සොරි හොඳේ පරක්කු උනාට………. ඔන්න මං ම්හේෂ්ට මුකුත් කලේ නෑ……😌😌 (දැනට….😁)