බැඳීමක් නැති මුදුවක් 💔
10 වන කොටස
තරහින් මූණ රතු කරගෙන ඉන්නකොටත් උ/ඹේ මූණේ අමුතු ලස්සනක් තියෙනවා කියලා මට හිතුනා ….
මම උ/ඹේ මූණ දෝතට අරගෙන ඒ රෝස දෙතොල් මතට පාත් වුණේ අවසිහියෙන් වගේ….
උ/ඹ අතපය ගස ගසා මගේ ලගින් යන්න හැදුවත් මම උ/ඹ/ට යන්න බැරිවෙන්න හිරකරන් අල්ලගෙන හිටියා…
ඒ එක්කම උ/ඹ මගේ මුහුණ පසෙකට තල්ලු කරා…
උ/ඹ අසීරුවෙන් වගේ කාමරයේ දොර ඇරගෙන සාලය පැත්තට දිව්වා..
උ/ඹ/ට මොකක්ද මේ එක පාරට වුණේ…
මට හිතාගන්න බැරි වුනා….
මම උ/ඹේ පස්සෙන් සාලෙට දිව්වා….
උ/ඹ ගේ පිටිපස්සට දුවගෙන ගිහින් කොස් ගහ ළඟට බර වුණා…
කොස් ගහ ළඟට බරවෙලා හිටපු උඹට එකපාරටම ඔක්කාරයක් ආවා…
උ/ඹ/ට එකපාරටම මොකක්ද මේ සිද්ධ වුණේ…
කෑමක්වත් අජීර්ණ වෙලාද මම උ/ඹ දිහා බලාගෙන එහෙම හිතමින් උ/ඹේ පිට අතගාන්න ගත්තා….
උ/ඹ නොනවත්වා එක දිගට වමනය කරන්න ගත්තා….
උ/ඹ කොස් ගහ අල්ලගෙන වමනෙ කරන හැටි දැක්කම මගේ පපුවත් එක්ක රිදෙන්න ගත්තා…
ඒත් එක්කම අම්මා එතනට දුවගෙන ආවා .
උ/ඹ වමනය කරන හැටි දැකලා අම්මගේ මුහුණට ලොකු හිනාවක් ආවා…
අම්මගේ හිනාව දැකලා මෙතෙක් වෙලා සිහිපත් නොවී තිබුණු දෙයක් මට සිහිපත් වුණා….
උ/ඹ මගේ දරුවෙක්ගේ අම්මා කෙනෙක් වෙන්න යනවා වත්ද කියලා මට හිතුනා…
මගේ හිතේ අපිරිමිත සතුටක් ඇතිවුණා…
“මැණික අපේ පැටියෙක් ඇවිල්ලද?”
වමනේ කරලා ඉවර වෙලා තවමත් කොස් ගහට බර වෙලා උන්නු උ/ඹෙ/න් මම එහෙම ඇහුවා ..
උ/ඹ මගේ දිහා අපහසුවෙන් වගේ බලලා හිසින් සන් කරලා ඔව් කියලා කිව්වාම මට දැනුනේ රටක් රාජ්‍යයක් ලැබුණා වගේ….
ඒත් එක්කම අහස උසට තියෙන අග හිගකම් මට මතක් උනා…අගහිගකම් එක්ක අපිට දරුවෙක් හදා ගන්න ශක්තියක් තියෙනවද කියලා එකපාරටම මට කල්පනා වුණා …
මගේ ඇස් නිකමට වගේ කොස් ගහ දිහාවට යොමු වුණා .කොස් ගහට වඩා ගහේ තියෙන ගෙඩි බර ඇති වුණත් ගහට කවදාවත් ඒ ගෙඩි බරක් වුණේ නෑ නේද කියලා මට ඒ එක්කම හිතුනා…
නිකන් ද කියන්නේ ගහේ ගෙඩි ගහට බර නෑ කියලා…මටත් කවදාවත් මේ දරුවව බරක් වෙන එකක් නෑ….කුලී වැඩක් කරලා හරි මම මගේ මගෙ දරුවාව ජීවත් කරවනවා….
මම එහෙම හිතාගත්තා …
මම උ/ඹ/ව වත්තං කරගෙන ගේ ඇතුලට එක්කගෙන ගියා…
අම්මත් හරි සතුටින් අපි එක්කම ගේ ඇතුළට ආවා…
“දැන් ඉතින් පරිස්සම් වෙන්න ඕනේ දරුවෝ..”
අම්මා උ/ඹේ හිස අතගාමින් එහෙම කියද්දී උ/ඹ අම්මගෙන් ඇත් වෙලා අඩියක් දෙකක් පිටිපස්සට ගියා…
උ/ඹ ඒ කරපු දේට අම්මගේ මූණ එකපාරටම වෙනස් වුනත් අම්මා වෙනසක් නොපෙන්වාම කුස්සියට ගියා..
ඇත්තමයි උ/ඹ නම් මහා අමුතු කෙනෙක්..
මනුස්සයෙක් එක්ක ළෙන්ගතුව වචනයක් දෙකක් කතා කරන එක උඹට හරියට නිකම් ඇඟෙන් ඇටයක් යනවා වගේ…
පිට කෙනෙක් නම් කමකුත් නෑ…
මගේ අම්මා උ/ඹ/ව ආදරයෙන් තුරුල් කරගත්තම උ/ඹ එහෙම හැසිරුණ එක වැරදියි කියලා මට හිතුනා…
ඒ වෙලාවේ අම්මට මොනවා නම් හිතෙන්නැද්ද කියලා මට හිතුණා….
“ආ දුවේ…උනුවෙන්ම බත් ටිකක් කාලා ඉමු….ඔය කාලෙට නිතරම බඩගිනි එනවා.
අම්මා කුස්සියෙ ඉඳන් උණුවෙන් දුම් දමන බත් පිඟානක් උස්සන් එද්දි මට නම් පුදුමත් හිතුනා..
උ/ඹ මේ තරම් නම් අම්මට වෙනස්කම් කරද්දි අම්මා උ/ඹ/ට කොයි තරම් නම් ආදරේ කරනවද කියලා මට ඒ වෙලාවේ හිතුනා .
අම්මලා කියන්නේ මේ ලෝකෙට ආදරය සාමය අරන් ආපු දේවදූතයෝ කියලා මට හිතුනා….
“මොළේ හොඳ නැද්ද මන්දා…මම මේ වමනෙ කරල ඉන්නවා…මේ අස්සේ බත් එකක් බෙදාගෙන ඇවිත් කන්න කියනවා…මට දැන්ම කන්න බෑ අම්මේ…”
උ/ඹ එහෙම කියමින් කාමරයට ගස්සන් යනකොට අම්මගේ ඇස් දෙක දුකින් බිමට බර වෙන හැටි මම දැක්කා…
උ/ඹ කොහොමත් අම්මගේ හිත රිද්දවන්නමයි බලාගෙන ඉන්නේ…
ඉස්සර නම් කමකුත් නෑ…
දැන් උ/ඹ/ත් අම්මා කෙනෙක් වෙන්න ඉන්න එකේ තවත් අම්මා කෙනෙක්ගේ හිතක් ඔය විදියට රිදවන එක මොනතරම් පවුකාර කමක්ද කියලා මට හිතුණා…
“ගණන් ගන්න එපා අම්මේ….ඔය නෙහාරගේ හැටි..”
මම එහෙම කිව්වේ ලොකු අසරණ කමකින්…
“ඔය කාලෙට ඔහොම තමයි පුතේ…ගොඩක් ගෑ/ණු/න්/ට හොස්ස ලගින් මැස්ස යන්න බෑ….ඕවා ගණන් ගන්න නරකයි පුතේ…”
මගේ අම්මා කොයිතරම්නම් හොඳ කෙනෙක්ද?.වෙද නැන්දම්මාලත් එක්ක බලනකොට උ/ඹ අපේ අම්මට මල් කියලා වඳින්න ඕනේ…..
උ/ඹ මාව කසාද බැඳලා ආපු දා ඉඳලා අම්මා උ/ඹ ට සලකන්නේ අම්මාගේම දරුවෙක් ගානට….
එහෙව් අම්මටනේ උ/ඹ මේ විදියට සලකන්නේ මම එහෙම හිතමින් අම්මගේ උරහිසට අත දාලා අම්මව මගේ ලඟට තුරුල් කරගත්තා.
අම්මාගේ මුහුණේ මෙතෙක් වෙලා තිබුණු කනස්සලු ගතිය සැනෙන් පහ වෙලා ගියා..
“පුතා එහෙනම් අර දරුවව බලන්න…ඔය කාලේදි මහත්තයාගේ ආදරේ වැඩිපුර ඕන වෙනවා…”
මම අම්මගෙන් මිදිලා කාමරේට උ/ඹ/ව හොයාගෙන ගියා….
මම කාමරේට යද්දි උ/ඹ කාමරේ ඇඳේ වැතිරිලා උන්නා…උ/ඹ අම්මට සලකපු විදිය හොඳ නැති උනත් මේ වෙලාවේ ඒක කියන්න හොඳ අවස්ථාවක් නෙමෙයි කියලා මට හිතුණා..
මම කාමරේට ඇවිත් දොරඅගුළු වසා දැමුවා..
මම උ/ඹ ලඟට ඇවිත් වාඩි වෙද්දි උ/ඹ මගේ දිහා රවාගෙන බලන් ඉන්න හැටි මම දැක්කත් නොදැක්කා වගේ හිටියා…
“අම්මත් එක්ක හුරතල් වෙලා ඉවර උනාද?..ඔයාට අම්මත් එක්ක හුරතල් වෙද්දී
මාව මතක් වෙන්නෙ නෑනෙ..”
උ/ඹ මට ඒ ගමන ඇනුම්පද කියන්න ගත්තා…
උ/ඹ මගේ දරුවාව කුසේ දරාගෙන කොයි තරම් ඇඟපතේ වේදනාවකින් ,ඉන්න ඇතිද කියලා හිතලා මම ඒ දේවල් නෑහුණා වගේ
උ/ඹේ හිස හෙමිහිට පිරිමදින්න ගත්තා..
“සුදු…දැන් කොහොමද?තාම ඇගපතේ කැක්කුම තියෙනවාද ?..”
මම එහෙම ඇහුවම උ/ඹ ආයෙමත් වතාවක් මගේ දිහා රවලා බැලුවා…
“දැන් තමයි ඒක මතක් වෙලා තියෙන්නේ…”
“ඔච්චර තරහ ගන්න එපා සුදූ…ඔයා කතා කරන්නේ හරියට මං ඔයාව අමතක කරල ඉන්නවා වගේ නේ…..ඒක නෙමෙයි මට මෙච්චර දවසක් මේක හංගගෙන හිටියේ ඇයි ? ….”
“හිතේ පොඩි සැකයක් තිබ්බා..ඒත් හරියටම දන්නේ නැති නිසා ටිකක් බලලාම ඔයාට කියන්න හිටියේ….මම හිතුවේ නෑ අයියේ මේ වෙලාවේ දරුවෙක් අපි ලඟට එයි කියලා…”
උ/ඹේ කටහඩේ ලොකු පසුතැවීමක් තිබ්බා…උ/ඹ මේ උපදින්න ඉන්න දරුවා ගැන අහිතකින්වත් ද ඉන්නේ කියලා මට හිතුණා …
“ඇයි නංගි එහෙම කියන්නේ..ඔයා මේ දරුවා අපි ළඟට ආපු එක ගැන අකමැත්තෙන්ද ඉන්නේ …”
මම උ/ඹේ මූණ දිහා බැලුවේ උ/ඹේ හිතේ තියෙන හැඟීම් මට එහෙම ඒ මූණෙන් කියවන්න පුළුවන් වෙයිද කියලා හිතන ගමන් …
උ/ඹේ මූනෙන් නම් අකමැත්තක සේයාවක් මම දැක්කෙ නෑ..ඒ වුණත් උ/ඹ ඉන්නේ චකිතයකින් කියලා මට හිතුනා..
“නෑ අයියේ…ඔයාගේ රස්සාවත් නැතිවෙච්ච එකේ මේ දරුවාට වියදම් කරන්න සල්ලි නැති නිසයි මම කල්පනා කරේ..”
“අයියෝ එහෙම හිතන්න එපා නංගි….මේ දරුවා අපිට බරක් නෙමෙයි…මම සිකුයුරිටි ජොබ් එකක් නෙමෙයි කුලී වැඩක් කරලා හරි ඔයාවයි දරුවාවයි බලාගන්නවා…ඒ ගැන සැකයක් තියාගන්න එපා….ඔයාට දැන් බඩගිනිත් ඇති.අපි කාලා එමු…”
මම එහෙම කිව්වම උ/ඹ මගේ දිහා බලලා මද සිනාවක් පෑවා….මම උ/ඹ/ට ඇඳෙන් නැගිටින්න උදව් කරා…
“මට තවම නැගිටින්න බැරි තරමට අමාරූ නෑ අයියේ …”
උ/ඹ නොහිතුවෙත් නැති වෙලාවක මම උ/ඹ/ව දෝතට අරගත්තා..
“මේ මොකක්ද මේ කරන්නේ..කෝ මාව බිමින් තියන්න….”
උ/ඹ එහෙම කෑ ගැහුවත් මම ගනනකටවත් ගත්තෙ නෑ…
“මට බැහැ….මට අද ගොඩක් සතුටුයි….මගේ මැණික අද මට ලොකු සතුටක් දුන්නා…මට ඒ සතුට විඳින්න දෙන්න….”
උ/ඹ හිනාවෙවී මගෙ දෑතට වෙලා උන්නා…
මම උ/ඹ/ව සීරුවෙන් ඇද මත තැබුවා…
ඇඳ මත තබලා උ/ඹ ඇඳන් උන්නූ බ්ලවුසය මදක් ඉහලට කරලා උ/ඹේ නිරුවත් කුස සිපින්නට වුණා..
මම සිප ගත්තේ උ/ඹේ කුස වුනත් මට දැනුනේ මම සිපගත්තේ මගේ කිරිකැටියා කියලා…..
“මගේ පැටියෝ..ඔයා අපි ලගට එනකන් අපි ඇගිලි ගැන බලන් ඉන්නවා….එතකන් අම්මට වද නොදී අම්ම ලගට වෙලා පරිස්සමින් ඉන්න ඕනේ….”
මම එහෙම උ/ඹේ කුසේ උන්නු මගෙ රන් කැටියා එක්ක කතා කරනකොට උ/ඹ හයියෙන් හිනාවෙන්න ගත්තා……
කොයි තිස්සෙත් හිනා නොවී බුම්මගෙන හිටියට උ/ඹ මෙහෙම කිකිණි හඬින් හිනාවෙනකොට හරි සිරියාවන්තයි කියලා මට හිතුනා..
මෙතෙක් දවස් මගේ හිතේ උ/ඹ ගැන තියපු ආදරය මේ එක දවසට වැඩි වෙලා කියලා මට දැනුනා…
“අපි යමු සුදු කන්න….ඔයාට හොඳටම බඩගිනි ඇති ..උදේ කාපු කෑම ටික සේරම වමනේ දැම්මානේ….”
“අයියේ ඔයාට බැරිද බත් එක කාමරයට අරගෙන එන්න…”
උ/ඹ මොනවගේ උනත් මගේ පතිනිය…
මගේ ඉපදෙන්න ඉන්න දරුවාගේ අම්මා…
මගේ ලේ ධාතුවකින් මට දරුවෙක් දෙන්න ඉන්න උ/ඹ/ට මම ණයගැතියි.
ගෙදර ඉන්න දවසේ උ/ඹ වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම උදව්වක්ම කරන්න ,උ/ඹ/ට එදාටත් වඩා වැඩිපුර ආදරය කරන්න මම හිතා ගත්තා….
මම කුස්සියට ගිහින් උ/ඹේ බත් එක අරගෙන කාමරයට ආවා…
මම බත් එක අරගෙන එන හැටි දැකලා උ/ඹේ මුහුණට හිනාවක් ආවා..
මම උ/ඹ ලඟින් ඇවිත් වාඩි වුණා…
“දන්නවද සුදු….ඔයා ඔහොම හිනා වෙලා ඉන්නකොට තමා වැඩිපුරම ලස්සන…”
“අද අයියා සතුටින්නේ ඉන්නේ…ඒක තමයි මාව වැඩිපුර ලස්සනට පේනවා ඇත්තේ..”
“මට ඔයාව කොහොමත් පේන්නේ ලස්සනට සුදු..ඔයා හිනා වෙලා ඉන්නකොට වැඩිපුර ලස්සනයි කියලා මං කිව්වේ..”
මම හෙමිහිට බත් කටක් අනලා උ/ඹ/ට කැව්වා..
බත් කට කටට ගත්ත විතරයි උ/ඹේ මුහුණ ඇඹුල් වුණා….
උ/ඹ මූණ දෙක කරගෙන බත් එක දිහා බලාගෙන හිටියා….
“ඇයි සුදු…”
“හැමදාම එළවළුයි බතුයි කාලා ඇතිවෙලා…මතක ඇති කාලෙකින් චිකන් කැල්ලක් මාළු කෑල්ලක් කෑවේ නෑ…”
උ/ඹ එහෙම කිව්වම මගේ පපුව පත්තු වුණා වගේ වුණා…
හෙට වැඩ ඇරිලා එන ගමන් හන්දියෙන් මාළු ටිකක් අරන් එන්න මම කල්පනා කරා…..
“මේ අම්මා බිත්තරයක් තම්බලා තියෙන්නෙ සුදු….”
“පහුගිය ටිකේ හැමදාම බිත්තරයි ,හාල්මැස්සොයි,සෝයායි “
“අදට මෙහෙම කන්නකෝ…
මම හෙට වැඩ ඇරිලා එනකොට ඔයාට කන්න විතරක් හරි මාළු ටිකක් අරං එන්නම්..දැන් ඔයා ඉස්සරටත් වඩා කන්න ඕනේ..මගේ පැටියත් එක්ක හොඳට කන්න…නැත්තම් පැටියා බඩගින්නෙනේ..”
මම එහෙම කියමින් උ/ඹ/ට බත් කට කට අනලා කැව්වා..
එකපාරටම කාමරයේ දොරට කිසිවෙකුත් තට්ටු කරන සද්දයක් මට ඇහුණා…
මේ වෙලාවේ කවුද?..අම්මා වෙන්නැති…
මම බත් එක දකුණු අතින් අරගෙන වම් අතින් දොර විවර කළා…
දොර එහා පසින් හිටපු කෙනා එකපාරටම කාමරේට කඩාගෙන පැන්නා…
ඒ කෙනාගේ ඇස් දෙක යොමු වුණේ මගේ අතේ තිබුණු පිඟාන දිහාවට…
හමුවෙමු මීළඟ කොටසින්