කාවින්දි ලියනගේ
🌻 10 දිගහැරුම 🌻
කේශ්වර ඇගේ හිස පිරිමදිමින් කල්පනා කරන්න වුයේ . මෙතරම් හොදට සිටි ඇයට මේ එකවර වුයේ කුමක්දැයි කියා ය…කල්පනාව අතරතුර ඔහුගේ දෙනෙත් පිය වි අඩ නින්දකට වැටුනේ ඔහුටත් නොදැනිමය..
” අ…අ..අම්..අම්මා …….”
සිය සවනට වැකුනු කෙදුරුම් හඩින් කේශ්වර කලබලයෙන් අවදි වුයේ.එ හඩ ඇගේ බව හොදින්ම වැටහුණ නිසාවෙනි …..
දෝණී ..දෙවියයෙනේ කෙල්ලට හොදටම උණ නේද…ඕ..ශිට් මට කෙල්ලට පැන්ඩෝල් එකක්වත් දෙන්න අමතක උනානේ…
” දෝණී ..දෝණී කෝ හොද ළමයා වගේ නැගිටලා මේ පැන්ඩෝල් දෙක බොමු..නැත්නම් ඔයාට තව අමාරු වෙයි..”
” ම…ම..මට එපා..මට බොන්න බෑ..”
” එහෙම කියලා කොහොමද දෝණී .කෝ මේක බිලා ඉන්න…..”
වදෙන් පොරෙන් කේශ්වර ඇයට පැන්ඩෝල් පෙති දෙකක් ලබා දී ඇයව නිදිකරවනට විය.
ඇගේ හිස මතින් ඔඩිකොලොන් පෙගුවු රෙදි කැබැල්ලක් තබා ඇගේ ගත තෙත රෙදි කඩකින් වරින් වර පිසදමන්න වුයේ .ඇගේ ගත ගින්දර මෙන් උණුසුම් වු නිසාවෙනි .
හෝරා දෙකක් පමණ ඇගේ ගත තෙමාලමින් ඇගේ හිසට ඕඩිකොලොන් දාමමින් ඔහු ඇයව සිසිල් කරන්නට විය…
” ම්…දැන්නම් උණ බැහැලා වගේ.කෝකටත් හෙට බෙහෙත් ටිකක් ෆාමසියේන් ගෙනත් දෙන්න ඕනි..”
” අහ්………….”
හිසෙන් දැනෙන දරාගත නොහැකි වේදනාවෙන් අහිංසා දෑස් පියන් විවර කරන්න වුයේ .දෑතින් හිස තෙරපාවගනිමිනනි ..
” ම්..ආ..ඔයා නැගිට්ටද දෝණී .කෝ එන්න අපි වොශ් එකක් දාන් මේ සුප් එක බොමු..”
අහිංසා දෑස් පියන් විසල් කරගනිමින් ඔහු දෙස බලා සිටින්න වුයේ .ඔහු පවසන කිසිවක් තේරුම් ගත නොහැකිව ය..
” ම්..මොකද දැන් ඔහොම බලන්නේ..ඊයේ උන කිසිම දෙයක් මතක නැද්ද…හරි ඊට කලින් මට කියන්න දෝණී ඔයාට දැන් කොහොමද තාම ඔලුව රිදෙනවද ..”
අහිංසා හිස ඉහල පහල සොලවන්න වුයේ .දෑගිලි වලින් පොරෝණය ගුලිකරගනිමින් හිස ඉහල පහල සොලවන්න වුයේ .දෑසින් ගිලිහිමට පොරකන කදුලැලි ආයාසයෙන් මැඩගනිමිනි.
” දෝණී ….ඇයි දරුවෝ මේ……..කෝ මන් දිහා බලන්න..ඔය ඉතිං දැන් මේ ඇයි ඇස් වල කදුලු පුරවන් …”
” ම..ම..මට මො..මොක්කද ඊයේ උ..උනේ…”
” අනේ දරුවෝ දැන් ඕකටද මුණ එල්ලන් හිටියේ ..හරි මන් එ ගැන ඔයාට කියන්නම් ඊට කලින් අපි මුණ ටිකක් හෝදන් .මේ සුප් එක බිලා ඉමු..ඔයා ඊයේ රෑ ඉදන් තාම මුකුත් කලා නෑනේ..”
ඔහුගේ වදන් සමග දෙනෙත් අසල වු ඔරලෝසුව වෙත නිරායාසයෙන් යොමු වෙද්දී ඈ කලබල වී යහනෙන් බසින්න තැනු වේ ඇගේ ගත ඇයටම වාරු නොමැතිව ඇ ඔහුගේ ලය මතට ඇදවැටෙද්දීය
” දෝණී ඔයාට විකාරද ඇගට පණක් නැතුව කොහෙද මේ දුවන්න හදන්නේ ..ආ…..”
” මේ..මේ..උ..උ..උදේට උ..උයන්න ඕනි..ලො..ලොකු ..මෑ..මැණිකේ බ..බනි.”
” මොක්කද ඔයා කියන්නේ .කියන දෙයක් මට තේරෙන්නේ කියන්න දෝණී කලබල නොවී .කෝ ඉසෙල්ලා මේ වතුර එක බොන්නකො.හරි දැන් කියන්න මොක්කද කියන්න ගියේ කියලා..”
” උදේට උයන්න ඕනි .ලොකු මැණිකේ මට උදේට උයන්න කිව්වා ..”
” මොකක් ඔයා මොන එහෙකටද උයන්න යන්නේ .අපේ ගෙදර උයන්න අය ඕනි තරම් ඉන්නේ. අනේ මන්දා අපේ අම්මත්.
මේයලනම් කවදාවත් හැදෙන අයනම් නෙවෙයි .
එකට කමක් නෑ දෝණී ඔයාට අසනීප නිසා ඔයා ඇහැරුනේ නැනේ..මැණික් අම්මා උදේට කෑම හදලා තියෙන්නේ ..මන් මේ සුප් එකත් මැණික් අම්මට කියලා හදන් ආවේ..එන්න අපි මේක නිවෙන්න කලින් බිලා ඉමු..”
” අනේ පුතා ආව එකේ දවසක් දෙකක් ඉදලා යන්නකෝ.දුව උනත් මෙහෙ ආවමනේ….”
“එකට කමක් නෑ අම්මා..අහිංසාට බෙහෙත් ටිකක් අරන් ගෙදරම යනවා..අපි ආයි වෙලාවක එන්නම්කෝ…”
” හරි පුතා එහෙනම් පරිස්සමෙන් යන්න බුදු සරණයි …..”
” තමුන් මන් කිව්ව දේ ඇහුව හැටි නේද මේ..හොදයි බලාගමුකෝ..බොරු ලෙඩ අරන් දැන් මෙහෙන් ගියාට කමක් නැ..මන් ඊයේ කිව්ව දේවල් හොදට මතක තියා ගන්නවා .නැත්නම් මන් නරක ගෑනී කියන්න එපා……”
සිය දෙපා අබියස වැද වැටුනු අහිංසා තුරුල් කරගන්නා බවක් මවා පෙන්වමින් තලතා අහිංසාගේ සවන් වෙත මුමුණන්ට විය….
මතුසම්බන්ධයි