-26 කොටස-

“හෙලෝ….සර්…. සුපිරි සර්…. යක්කු පෙරේතයෝ දුවන මේ පාන්දර ජාමෙ….ෂා…..”

“උඹට මතකද මාව….”

හිමංස ඇහැවෙ හිනාව මූණෙන් අයින් නොකරම

“සර්ව අමතක වෙනවද ජීවීතේට …. මේ යකාටත් නැති වෙලාවෙ සර් මාව ඇමතුවේ මගෙ සුව දුක් අහන්න නෙවෙයිනෙ ….”

“ඔව්..මං අහන්න ගත්තෙ උඹෙ අර බොසාගෙ සුව දුක්…”

“මං කීවෙ පන උණත් දෙනව සර්ට…”

“මට උඹෙ පනෙන් වැඩක් නෑ. මට වැඩ දෙකක් තියෙනව කර ගන්න…

ගාන ප්‍රශ්නයක් නෑ.”

“නියමයි සර්…අපි රෙඩි.”

“එක.. උඹෙ බොස් ගැන සියලුම විස්තර ඕනෙ මට

….දෙක මං උඹෙ ෆෝන් එකට විස්තර එවන කොල්ලව මට මොන ලෝකෙන් හරි උදේ වෙද්දි ගෙනත් ඕනෙ…”

“සර් ..දෙවෙනි වැඩේ නම් සිම්පල් …ඒත් පලවෙනි එක නම් කැපිටල්..”

“ඒ මොකෝ…”

“බොස් එක්ක අපි දැන් වැඩ නෑ…ඩීල් එක ඉවරයි”

“අව්ලක් නෑනෙ මට ඕනෙ බොස් ගැන විස්තර විතරයි…”

“අවුල් තමා සර්…. බොස් ගැන අපිත් කිසිම දෙයක් දන්නෙ නෑ..”

“වට්”

“ඔව් සර්…. බොස්ව මීට් වෙලා තියෙන්නෙත් අපිට දෙතුන් පාරයි… ඒ හැමවෙලේම මූණ කවර් කරගෙන හිටියෙ..”

“ඔහ්.. ශිට්.. මේකා මොකෙක්ද”

“මාත් වෙලාවකට ඔය ගැන කල්පනා කරලා තියෙනවා සර්..

වෙලාවකට හිතෙනවා වැම්පයර් කෙනෙක්වත්ද කියලා..”

“පිස්සුද අයිසෙ..”

“නෑ සර්. එහෙම කලුවට කලුවෙ තමා අදින්නෙ…

මහ රෑත් ඉන්නෙ සන්ග්ලාස් දාගෙන.. එක්කො පිස්සන් කොටුවෙන් හොරට පැනලා තියෙන්නෙ…”

“අයිසෙ තමුසෙ දොඩවන බහුබූත වලට මගෙ ඔලුවත් කොලොප්පන් වෙනවා…..හරි… දෙවෙනි වැඩේ කරනවකො .. ගනන් හිලව් අව්ලක් නෑ…”

“ඒව මොනවද සර් ..සර් වගේ සිරා මෑන් කෙනෙක්ට අපේ සෙට් එක ෆුල් සපෝර්ට් එක දෙයි…”

හිමංස ෆෝන් එක කට් කලා.

“පිස්සෙක්.. මටත් පිස්සු හැදෙනවා ඌ එක්ක කතා කරලා..”

හිමංස අවධානෙ පාර දිහාට යොමු කලා.

හිමංස ගේට් එකෙන් ඇතුලට කාර් එක දැම්මෙ ගේ දිහාත් බලාගෙනමයි.. ගේ කලුවරයි …

හිමංස ගෙදර දොර ඇරියෙ ඇයි මේ කලුවර කියලා හිත හිතා….

“නිශාදි …”

හිමංස කතා කලාට නිශාදි සද්දයක් නෑ… මුලු ගේම මීයට පිම්බා වගේ… නිශ්ශබ්දයි.. හිමංසට එක පාරටම බයක් දැනුනා..කෝ නිශාදි ….

“නිශාදි..”

හිමංස අදුරෙම ස්විච් එක හෙව්වා…

ඔහ්.. කරන්ට් නැහැනෙ…..

ටිප් එක වත් ගිහිනද..හිමංස හිතේ හුරුවට ටිප් එක තිබුනු තැන හොයාගෙන ස්විච් එක ඕන් කලා….එච්චර වෙලා අන්ධකාරයේ ගිලිලා තිබුනු ගේ එලිය උනා… හිමංස වටපිට බැලුවෙ නිශාදිව දකින්න…

ගේ දොරේ මුල්ලේ වැතිරිලා ඉන්න නිශාදිව දැක්කම හිමංසගෙ පපුව කඩා වැටුනා…..දෙයියනේ … මගෙ කෙල්ල … මොකද්ද මේ උනේ..

හිමංස නිශාදි ලගට දුවගෙන ගිහින් දණ ගැහැවා..

නිශාදගෙ මූණ බිමට හැරවිලා.. හිමංස නිශාදිගෙ ඔලුව උස්සලා.. ඔඩොක්කුවට ගත්තා..

නිශාදි හිටියෙ තද නින්දක…

‘ඔහ් ගෝඩ්….මං මොකද්ද මේ කලේ… කරන්ට් එක ගියාම හොදම බය වෙන්න ඇති….අනික මේ පාලු ගෙදර තනියම දාලා…නිශාදි හොදටම බයවෙන්න ඇති… තනියම ඉන්න කොහොමත් බයයිනෙ….ගවුමත් යන්තම් තෙතයි…’

“නිශාදි ….”

කතා කලාට නිශාදි ඇහැරුනේ නෑ..

හිමංස නිශාදිව හරවට වඩා ගෙන පඩිපෙල දිගේ උඩට ගියා… උඩ තිබුනු නිදන කාමරේ ඇදේ නිශාදිව තියලා කබඩ් එකෙන් ශීට් අරගෙන පෙරෙව්වා.. කොට්ට වලින් වට කරලා නිශාදිව තුරුලු කරන් හාන්සි.. උනා…

හිතේ තිබ්බ තරහ ගොඩක් දුරට අඩු වෙලා තිබුනට මේ ප්‍රශ්නෙ විසදගන්නකල් නිශාදි එක්ක හොදින් ඉන්නෙ නෑ කියලා හිමංස හිතා ගත්තා..

ඒත් එහෙම හිතුවට කෙල්ලගෙ අහිංසක මූණ දකිද්දි නම් හිත හදාගන්න අමාරුයි….ඉක්මණ් උනා වැඩිද කියලත් හිමංසට භිතුනා….

💜️💜️💜️

“රාජ්…පුතාලා ඇවිත් නැහැනෙ තවම දහයාමාරයි වෙලාව…”

ඉරිදා දවස විවේකෙන් ගත කරන ගිරිරාජ් ගාර්ඩ්න් එකේ ඉදලා එක්සසයිස් කර කර හිටියෙ….

“මොකද චතූ වෙලා තියෙන්නෙ… පුතාගෙ ෆෝන් එකට අරං බැලුවෙ නැද්ද”

“ඒක වැඩ නෑ රාජ්..”

“දෙන්න ඒවි….. බොරුවට කලබල නොවී ඉන්නකො.”

“සීයෙ.. පුංචා කොයි….. බාප්පිත් පේන්න නෑ…”

පොඩි දෙන්න නිශාදිව හොයන්නෙ සෙල්ලම් කරන්න

“ආ… එයලා තව ඇවිත් නැහැනෙ චූටි.”

රාජ් කීවෙ චූටිගෙ ඔලුව අතගාලා

“බලන්න සීයෙ… බාප්පි තමා ඔක්කොම කරන්නෙ… යන හැම තැනම පුංචව එක්ක යනවා… මේක හරිම අසාධාරණයි..”

චුට්ට කියද්දි රාජ්ගෙ මූණට හිනාවක් ආවා…

“ඒකනෙ.. අපි දැන් මේකට මොකද කරන්නෙ…”

“ආච්චි.. අපි පුංචව අරං යන්න තහනම් කරමු බාප්පිට…ඔයාට පුලුවන් ඒක කරන්න….”

චුට්ට කියද්දි චතුරිකා හිනා වෙනවා

“මං කොහොමද දරුවනේ ඒක කරන්නෙ…”

“ඇයි අනේ ඔයා වැඩිහිටියෙක්නෙ.. වැඩිහිටියො කියන දේ හැමෝම අහන්න ඕනෙනෙ…”

“ආ…ඔව් නේද.. හා.. මං කියන්නම්කො බාප්පිට…”

“බලන්නකො ආච්චි අපි හිටියෙ අද අලුත් සෙල්ලමක් කරන්න .”

හරි දැන් දෙන්න ගිහින් වෙන සෙල්ලමක් කරන්නකො..

පොඩි දෙන්න ගෙට යනකොටම ඇහුනෙ ගේට් එක ලග වාහනයක් හෝන් කරන සද්දයක්..

“සීතා ගේට් එක අරින්න…”

චතුරිකා සීතට කෑගැහැවා..

“බලන්න රාජ් …මං සීතට ඉස්සෙල්ලත් කීවා පුතාලා දැන් එයි ගේට් එක අරින්න කියලා…ඒත් මෙලෝ සිහියක් නැහැනෙ..”

“හ හ.. ඔයත් පුතා වගේ සීතත් එක්ක අල්ලන් නැතිව ඉන්න..”

ගේට් එකෙන් ඇතුලට ආවෙ චතුරිකා බලාපොරොත්තු උනු කාර් එක නෙවෙයි…කලු පාට මේ කාර් එක කාගෙද….

කාර් එකෙන් බැහැලා ජෝඩුව ලගට ආවෙ වෙන කවුරුවත් නෙවෙයි තරුන්…

දෙන්නම බලං හිටියෙ ‍තරුන් කව්ද කියලා එයාලා දැනගෙන හිටියෙ නැති නිසා..

“හෙලෝ ආන්ටි..අන්කල්… හිමංස ඉන්නවද”

තරුන් එහෙම කියද්දි දෙන්නම හිතුවෙ මේ තරුන්ගෙ යාලුවෙක් කියලා

“මේ පුතා හිමංසගෙ යාලුවෙක් වෙන්න ඇති නේද.”

රාජ් ඇහැවෙ හරියටම දැන ගන්න

“ම්ම්ම්ම්ම්ම්..එහෙම හිතුවත් හරි”

“ආ…. හිමංස නම් ගෙදර නෑ පුතා.. ඇත්තටම අපිත් මේ බලං ඉන්නෙ හිමංස එනකල්. ඊයෙ රෑ පාර්ටි එකක් තිබුනා… ජෝඩුවම ගියේ.. තවම ආවෙ නෑ”

ඒක අහපු ගමන් තරුන්ගෙ මූණ සම්පූර්ණයෙන් අවුල් වෙන හැටි රාජ් බලං හිටියෙ පුදුමෙන්…

“යමු පුතා ගෙට …වාඩිවෙලා කතා කරමු..”

“නෑ.. තෑන්ක්ස් අන්කල්….මට වෙලා යනවා.. මං වෙන වෙලාවක එන්නම්…බායි.”

තරුන් එතනින් යනකොටම එතනට අවෙ චුට්ටා…

තරුන්ගෙ කාර් එක වේගෙන් එතනින් යන හැටි ඔක්කොම බලං හිටියෙ පුදුමෙන්..

“මොකෝ චතු.. අර හාදයා ආපු වේගෙන්ම අර යන්නෙ…”

“අනේ මන්දා”

“සීයෙ අර අංකල් ඇයි ඇවිත් තියෙන්නෙ … ආයෙත් අපේ පුංචව ගෙනියන්නද.”

චුට්ටා අහද්දි දෙන්නම චුට්ට දිහා බැලුවෙ පුදුමවෙලා

“චුට්ටා… ඔයා දන්නවද ඒ අංකල්ව.”

“නැතුව…ඇයි එදා බර්ත්ඩේ පාර්ටි එකට ආවෙ…අපෙ පුංචව එයාට දෙන්නනෙ හිටියෙ බාප්පි.. ඒ උනාට එදා දුන් නෑ. අද ආවෙ ඇයි දන් නෑ..”

පොඩි එකා කියද්දි දෙන්නටම හිතා ගන්න බෑ.

රාජ් චතුරිකා දිහා බැලුවෙ අදහන්න බැරි දෙයක් උනා වගේ..

💜️💜️💜️💜️💜️

නිශාදි හිටියෙ සාලෙ සෙටිය උඩ… චූටි නිශාදිගෙ දකුණු අත අල්ලගෙන ඇගිලි එක එක නවනවා…

“ඔන්න පුංචා ..මෙයා බත් ඉල්ලනවා,මෙයා කොස් ඉල්ලනවා..,මෙයා දෙල් ඉල්ලනවා..මෙයා පොල් ඉල්ලනවා..මෙයා…..චොකෝ ඉල්ලනවා….

චොකෝ කොහෙද තියෙන්නෙ.. මෙහෙම මෙහෙම ගිහින්.. මෙන්න මෙතන….”

චූටි ඇගිලි දෙකක් නිශාදිගෙ අත දිගේ උඩට ගෙනියලා කිති කවන හැටි හිමංස බලං හිටියෙ හරි සතුටින්..

නිශාදි හිනාව නවත්තන්නෙම නෑ..

“අනේ ඇති චූටි… මට හිනා.. යනව… අනේ කිති….හ්හ…….”

“ආ දැන් ඇති ……. දැන් මගේ වාරෙ..”

හිමංස චූටිව තල්ලු කරලා සෙටියෙන් ඉද ගත්ත..

“අම්මෝ..බෑ..බෑ”

“..හිමංසගෙ පැණි හිනාව දැකපු නිශාදි කෑ ගහන්න ගත්තා..”

“අනේ බෑ..බෑ.”

“මේ මේ ඒව ඔට්ටු නෑ.. සෙල්ලම නම් සෙල්ලම…”

“යේ….. කමෝන් බාප්පි…. “

“අනේ චූටි බෑ..”

නිශාදි බෑ කියද්දිම බලෙන්ම අත අල්ලගත්තු හිමංස කියවන්න පටංගත්තා.

“ඕන්න.. මෙයා කොස් ඉල්ලනවා …මෙයා මාළු ඉල්ලනවා ,මෙයා බත් ඉල්ලනවා …මෙයා හොදි ඉල්ලනවා…මෙයා මැල්ලුම් ඉල්ලනවා.. මැල්ලුම් හොයන්න..මෙහෙම මෙහෙම..”

“අනේ එපා හිමංස..කිති මට…හ්හ්හ්හ්හාහා ….”

“එපා..එපා.හිමංස”

නිශාදි ඇස් ඇරියෙ මුමුණ මුමුණ…ඒක හීනයක්… ඒත් ඇත්තටම දවසක් උනු දෙයක්…

අනේ ඒ හීනෙම හැමදාම ජීවත් වෙන්න තිබුනනම්…නිශාදිගෙ ඇගට අතක් දාගෙන හිමංස නිදාගෙන ඉන්න හැටි දැක්කම කෙල්ලට පුදුමයි..

“හිමංස … ඇවිත්…ඒත් මං කොහොමද මෙතනට ආවෙ… මේ කොහෙද…”

උත්තර අහන්න වෙන්නෙ හිමංසගෙන්මයි..ඒත් හිමංස සැපට නිදාගෙන ඉන්න හැටි.. නිශාදිට ලෝබ හිතුනා ඇහැරවන්නත්…

නපුරු මූණ දැන් නම් අහිංසක පාටයි…..දැක්කම දුක හිතෙනවා…. නිශාදි හෙමිහිට හිමංසගෙ නලල සිප ගත්තෙ… හිමංස ගැන ඇතිවුණු දරා ගන්න බැරි ආදරේ හින්දමයි