කවර් එක අලුත් කරා ෆෙන්ස් ඔයාලට කතාව හොයා ගන්න පුලුවන් වෙයි කියල හිතනව.** 😍😍
නව කතාව
චන්ඩිරැජින🌹🌹🌹
පස් වන චණ්ඩිකම🙅🙅
සතියකට පසු~~~~
👩 ” රශියෝ රශියෝ කෝ බං කොහෙද? උබ”
👩 ” මේ එළියෙ බං.බෙරිහන් දෙන්නෙ නැතුව මෙහෙ වර”
👩 ” රශියො මේ සැරේ නම් දෙවියො අපි ගැන බලල බං”😍
👩 ” මොකද? බං කෑ ගහන්නෙ මොනවද? වෙලා තියෙන්නෙ”
👩 ” දැන් ටිකකට කලින් අර interview ගියපු Textile එකෙන් කතා කලා.😍
👩 ” යකෝ, 😯 ඉතින් ඉතින් මොකෝ කිව්වෙ වෙන ජොබ් එකක් හොයා ගන්න කිව්වද? “
👩 ” ආපෝ බං උබේ කට.😣 පොඩ්ඩක් ඔය වක්කඩේ වහ ගෙන හිටපන්කො බං මැදින් ඇඩ් නොදා”
👩 ” හ්ම්ම් හරි හරි කියපකො ඉතින්”
👩 ” මාව ජොබ් එකට තෝර ගෙන බං සදුද ඉදන් වැඩට එන්න කිව්ව” 😍
👩 ” හම්මට බොල 😯 අඩේ ඔය සිරාවටමද? බං ඒ නාකි පූසට මල් තියල වදින්න එපැයි යකෝ”
👩 ” මොකාද? බං නාකි පූසා” 🤨
👩 ” බොසා බොසා බං.වෙන කව්ද? ඉතින්”😂
👩 ” මොකක්ද? බං මිනිස්සුන්ට හරියට කතා කරන්න ඉගන ගනින්. අනික දැන් ඒ මගේ බොස් හරිද? “
👩 ” හරි හරි බං”
👩 ” මොකෝ බං ඔය මූනෙ හැටි අර මොකක්ද එකකට අහු වෙච්ච කජු ලෙල්ල වගේ”
👩 ” ඒ කියන්නෙ මටත් ජොබ් එකක් හොයා ගන්න වෙයි නේද? බං” 😔
රශී එහෙම කියල හයියෙන් හුස්මක් දැම්මේ. ඒත් එක්කම නිශා ඇවිත් රශීගේ උරහිස් දෙකෙන් අල්ල ගත්තේ.
👩 ” උබ ඒ ගැන දුක් නොවී හිටපං.මං සර් එක්ක කතා කරල උබටත් ජොබ් එකක් සෙට් කරල දෙන්නම්”
👩 ” එපා එපා මට වෙන ජොබ් එකක් හොයා ගන්න පුලුවන්.කොච්චර මහන්සි වෙලාද? උබට මේ ජොබ් එක හම්බ වුණේ.ඒක උබේ වාසනාව බං.”
👩 ” ඒ උනාට බං……”
👩 ” හරි හරි දැන් ඒක වැඩක් නෑ.සදුද කියන්නෙ අනිද්දනෙ.උබට සාරි ටිකක් ගන්න වෙයි නේද? අලුතෙන්.”
👩 ” ඔව් බං මේ තියෙන පරණ ඒව ඇද ගෙන යන්නත් බෑනෙ.”
👩 ” හරි එහෙනම් අපි හෙට ගිහිල්ල උබට සාරියි.තව ඕනෙ කරන ජාතියි.ගෙදරට බඩු ටිකකුත් අරන් එමු.ගිය සතියෙ දේවිකා අම්ම දීපු සල්ලි වගයක් තිබුන.”
👩 ” හා හා එහෙම ක්‍රමු.දේවිකා අම්මටත් කියන්න වෙයි.”
👩 ” හ්ම්ම් අපි හෙට ගිහින් එන ගමන් නිවාසෙ පැත්තෙ ගිහින් දේවිකා අම්මවත් බලල එමු.”
පහුවදා කෙල්ලො දෙන්න උදෙන්ම ලෑස්ති වෙලා town එකට ගියේ ඕන කරන බඩු මුට්ටුත් අරන් නිවාසෙටත් ගිහින් එන්න කියල හිතා ගෙන.සාරි තෝරන්න නම් කෙල්ලො දෙන්නට පැයක් විතර ගියා.කොහොම කොහොම හරි ලස්සන සාරි ටිකකුත් අරන් සාරි කඩෙන් එලියට එන කොටම තමයි රශීට කෝල් එකක් ආවෙ.
👩 ” කව්ද? බං” 🤨
👩 ” දන්නෙ නෑ නිශෝ ඊයෙ කෝල් ආපු නම්බර් එකම තමයි.”
👩 ” මෙන්න මෙහෙ දීපං ඕක මං කතා කරන්න.”
රශීගෙන් ෆෝන් එක උදුර ගෙන නිශා කතා කරත් නිශාගෙ කට හඩ ඇහුන ගමන් එහා පැත්තෙන් කෝල් එක කට් කලා.
👩 ” යකෝ මූ”
👩” ඇයි බං මොණවද? කියන්නෙ.” 🤨
👩 “මගෙ කට හඩ ඇහුන විතරයි කෝල් එක කට් වුණා බං.මං හිතන්නෙ කට් කරා”
ඒත් එක්කම messege එකක්.
පරිස්සමට යන්න මැණික බුදු සරණයි.
👩 ” ඒ මේ බලපංකො.😯මූ නම් පුතේ උබව දන්න එකෙක්.මට හිතෙන්නෙ පොර මේ ලග පාතම ඉන්නව වගේ.නැත්තං කොහොමද? මෙහෙම messege එකක් දැම්මේ”
👩 ” අනේ මන්ද බං.ඒත් දේවිකා අම්ම ගාව විතරනෙ මගෙ නම්බර් එක තියෙන්නෙ”🤔
👩 ” හරි හරි අපි පස්සෙ ගම්මුකො මොකාද මේ හැංගිමුත්තන් කරන එකා කියල.දැන් යමු නිවාසෙට යන්නත් එපැයි.”
කෙල්ලො දෙන්න ගෙදරට ඕන කරන අනිත් බඩු මුට්ටුත් සේරම අරගෙන පිටත් වුණේ ළමා නිවාසෙට යන්න.එයාල යනකොටත් නිවාසෙ ළමයි ඉස්කෝලෙ ගිහින් දේවිකා අම්මට උදව් කර ගෙනම ඉන්න මැගී අම්මයි විතරයි නිවාසෙ හිටියෙ.
” හානේ මගෙ කෙල්ලො දෙන්න.😘 එන්න එන්න කොහොමද? ඉතින් “😊
කෙල්ලො දෙන්නව දැක්ක ගමන් දේවිකා අම්ම කෙල්ලො දෙන්නව තුරුලු කර ගත්තේ හරිම ආදරෙන්.
👩 ” අපි ගොඩාක් හොදින් ඉන්නව දේවිකා අම්ම.😊 අමට කොහොමද? “
” මමත් හොදින් ඉන්නව.මේ චූටි පැටව් එක්ක ඉන්න කොට කාලෙ යනව දැනෙන්නෙ නෑනෙ”
👩 ” ඒක නම් ඇත්ත තමයි.අපිත් මේ ආවෙ නිශා හෙට මුලින්ම ජොබ් එකකට යනානෙ.අම්මට කියන්න ආවෙ”
” අනේ කොච්චර දෙයක්ද? මගෙ කෙල්ලො දෙන්නට ඇස් වහක් නම් වදින්න එපා”
ඇය එහෙම කිව්වෙ නිශාගෙ අත් දෙක අල්ල ගෙන.අව්‍යාජ වූ මව් සෙනෙහසින්.
” ඒක නෙවෙයි එතකොට රශී මොකද? කරන්නෙ”
👩 ” මමත් වෙන ජොබ් එකක් හොයා ගන්න ඕනෙ අම්මෙ”
” ඒ මොකද? වෙන ජොබ් එකක් ඉතින් ඔය දෙන්නම එකම තැන ජොබ් එක කරාම ලේසිනෙ”
👩 ” ඒක තමයි අම්මෙ මාත් මෙයාට කිව්වෙ.කොහෙද? ඉතින් මෙයා ඒකට කැමැති නෑනෙ”
“ඒ මොකද? රශී දුව ඇයි ඔයා අකමැති”
” නෑ අම්මෙ මං කිව්වෙ අත දාගන්න ඉඩක් දුන්නම මුලු ඇගම දා ගන්න ගිහින් ඔක්කොම නැති කර ගන්න ඕන නෑනෙ.නේද?”
” හ්ම්ම් ඒකත් ඇත්ත තමයි නිශා දුව.රශී කියන කතාව ඇත්ත.ඔයා ඒ ජොබ් එක හොදට කර ගෙන යන්නකො.රශීට මං ජොබ් එකක් හොයල දෙන්නම්කො”
” අනේ ඔය ඇත්තමද? අම්මෙ මගෙ හොද අම්ම උම්ම්මා” 😘
රශී දේවිකාගෙ ලම්මුලක් සිප ගත්තෙ ආදරෙන්.කෙල්ලො දෙන්න ගොඩක් වෙලා දේවිකා අම්මත් එක්ක කතා කර කර ඉදල දවල්ටත් කාලමයි ගෙදර එන්න පිටත් වුණේ.
💓💓💓
” බ්‍රයන් බොස් අර ගුනය ඇවිල්ල බොස්ව අහනව”
” අහ් මිනිහට එන්ඩ කියන්ඩකො රොකී”
” රූබට් අර මනුස්සයට එන්ඩ කියපං”
” හොදමයි රොකී බොස්.”
” ඒ එන්ඩ බොස් කතා කරනව”
” ආ යමු මල්ලි” 😁
” ආ හරි රූබට් උබ පලයං”
” එන්ඩ ගුනේ ඇවිත් වාඩි වෙන්ඩකො”
” බොහොම ස්තූතියි රොකී.මේ..බ්‍රයන් බොස් මගෙ අර වැඩේ….”
” මොන වැඩේ ගැනද? රොකී මේ කියන්නෙ”
” බොස් අර ඉන්දික විජේසිංහ….”
” ආ හරි හරි අපි දැන් වැඩේට Enter වෙලා තියෙන්නෙ.බලමු ඉස්සරහට මිනිහ මොකාටද? එන්නෙ කියල”
” ok බ්‍රයන් මේ මගෙන් මොනවද? වෙන්ඩ ඕනෙ.මං මේ කිව්වෙ සල්ලි එහෙම”
” ආ ඒ දේවල් ගැන රොකී තමුසෙට කියයි.ඒ විදියට වැඩ කරනව.නැත්තං තමුන් දන්නවනෙ මේ බ්‍රයන්ගෙ තියරිය”
බ්‍රයන් සිය දබර ඇගිල්ල බෙල්ල හරහා ඇද ගොස් පෙන්වීය.
” රොකී බොස් රොකී බොස්…..” 😳
නැවත හමුවෙමු.👋👋
කතාව දාන්නෙ නෑ කියල ඉදලත් ආයෙ දාන්න හිතුවෙ ගොඩක් අය බලන් ඉන්න නිසාම.එක coment එකක් නිසා කලකිරිල 😞 ඉන්නෙ.කවදාවත් කතාවට like එකක්වත් නොකරන කෙනෙක් coment එකක් දාල කතාව තාත්වික නෑ කියල.නව කතාවක් කෙටි කතාවක් අදුර ගන්න දන්නෙ නැති එයාට අනුකම්පා කරනව.කියන්න තියෙන්නෙ මෙච්චරයි කතාවට අකමැති කෙනෙක් ඉන්නවනම් කියවන්නෙ නැතුව ඉන්න. බල්ලො බිරුවට කන්දක් පාත් වෙන්නෙ නෑනෙ. 🤣🤣හැමෝටම නෙවෙයි කිව්වෙ කතාව ආසාවෙන් කියවන අය ඉන්නව.එයාලට හැමදාම ආදරෙයි.දිගටම කතාවත් එක්ක ඉන්න.කතාව හොද නැතිනම් coment එකක් දා ගෙන යන්න වස්තුලා