🌟තරු ඇස්🌟
“අක්කේ………….. මැඩම් එන්නලු………..”
තෙනූ සෙනූගේ පිටිපස්සෙන් මැඩම් ඉන්න තැනට ගියා………. ඒ කාමරේ සර් මැඩම් වගේම තේජුත් ඉන්නවා……….. තේජ්ගේ ඇස් ස්තුටින් දිලිසෙනවා……….. කාමරේට ඇතුල් උනාම තේජ් හොරෙන් තෙනූට ඇහැක් ගහනවා………
“තෙනූ…………. දරුවෝ ඉතිම් කැමතියිනේ මැරේජ් එකට…….. තේජ් එක්ක……”
“ඔව් මං කැමතියි මැඩ්ම්……………”
තේජ්ගේ ඇස් දිලිසුණා……..
“ඒත් තේජ්ව නෙමේ මිහේෂ් සර්ව මැරි කරන්න…”
ඒක ඇහුනා විතරයි……. කට්ටියම ඉන්න තැන් වලින් නැගිට්ටා………….
“තේනූ……. මගේ දරුවෝ……. හොඳට හිතලද මේ තීරණය ගත්තේ……… තේජ් වගේ දරුවෙක් එපා කියලා මිහේෂ්ව තෝර ගත්තේ??”
“ඔව් මැඩම් මං හොඳට හිතුවා………. මගේ තීරණයේ වෙන්සක් නෑ……… මැඩම් තව එක දෙයක්……..”
“කියන්න දරුවෝ………”
“මැඩම් මට පුලුවන්ද මැරේජ් එකට කලින් මඩමට ගිහින් එන්න??”
“ඔ….ඔව්……….. තෙනුලි ඔයාට පුලුවන්……”
තෙනුලිගේ ස්ථීර හඬ එක්ක කට්ටියගෙම කටවල් ගොළු වෙලා තිබ්බේ…….. තෙනුලි එහෙම්ම මුකුත් නොකියා කාමරේට දිව්වා…… ඒ දුවලා දොර වහන් අඬන්න පටන් ගත්තා….. තෙනූ පපුවටත් අත තියන් මතක් කළේ ඊයේ රෑ වෙච්ච සිදුවීම් ටික……….
ඊයේ රෑ තෙනුලි නින්දත් නොනින්දත් අතර ඉන්නකොටයි තෙනුලිට කවුද කතාකරන සද්දයක් ඇහෙන්නේ…….
“අක්කේ………. මේ දොර අරින්න ඉක්මනට……”
තෙනුලි ඉක්මනට ගිහින් දොර ඇරියාම දොර එහා පැත්තේ උන්නේ සෙනුලි……..
“නංගි ඇයිමේ……….. අනික මේ වෙලාවේ……..”
සෙනුලි කෙලින්ම තෙනුලිගේ කාමරේට ඇවිත් දොර වැහුවා………….
“අනේ අක්කේ………”
සෙනූ අඬන්න පටන් ගත්තා……..
“අනේ සෙනූ කියන්නකෝ…….. අක්කට………….. මාව බය කරන්න එපා නංගි…….”
“අනේ……. අක්කේ………….. තේජ්ව බඳින්න එපා…….”
“නංගි…………… ඇ……………යි ඒ??”
“මොකද …………. මොකද මම තේජ් අයියට ආදරේ කරනවා……………. “
“නංගි………….. ඒත් තේජ් මේ ගැන දන්නවද……”
“තේ……….ජ් අයියා……………… නෑ……… නෑ………. දන්නේ නෑනේ………”
“එහෙනම්??………..”
“අනේ අක්කේ පිං සිද්ද වෙයි තේජ් අයියව බඳින්න එපා…………… අනේ………”
සෙනූ තෙනූගේ කකුල් දෙක අල්ලන් අඬා වැටුනා………. ඊයේ රෑ ඒ උන සිද්දිය…….. තමයි මේ තීරණයට බලපෑවේ……………
ඊට කලින් තෙනූ තමන්ගේ හදවතට තට්ටු කරලා බැලුවා…….. ඇත්තටම එයා තේජ්ට ආදරෙයිද කියලා……….. ඒත් තෙනූට තේරුනා…… ඒක නිකම් ආකර්ෂණයක් මිසක් ආදරයක් නෙමේ කියලා……………. ඒත් මිහේෂ් ගැන හිතද්දි ඒ හිතේ ගැඹුරුම තැනක් රිදෙන්න ගන්නවා…..
“තෙනූ…………. මේ දොර අරිනවා……………… තෙනූ ඇහෙන්නේ නැද්ද කිව්වම සැරයක් මේ දොර අරිනවා…………”
තෙනූ පියවි සිහියට ආවේ……… තේජ් දොරට තට්ටු කරන හඬින්………. තෙනූට තේජ්ට මූණ දෙන්න තරම් ශ්ක්තියක් නෑ…….. ඒත් ඒ අහිංසකයත් පව්…….. අදම මේ ප්‍රශ්නේ බේරුමක් කර ගන්න ඕනි………… ඒ නිසා තෙනූ….. සියලුම දෛර්‍ය් අරගෙන ගිහින් දොර ඇරියා……………
“තෙනූ තමුසෙ මොනාද මේ කරන්නේ……………. පිස්සුවක් හැදීගෙන එනවද??……… මං……. මං වගේ කෙනෙක් ඉද්දි…… අර මිහේෂ් වගේ කෙනෙක් මැරි කරන්න කැමති වුනේ ඇයි??……. කියන්න තෙනූ……….. මේ අය ඔයාට බල කලා නේද???………… ඔයා බය වෙන්න එපා…….. මං ඉන්නවනේ ඔයාට……………. අපි මෙහෙන් යමු….. දුරකට ගිහින් සතුටින් ඉමු……… මං දන්නවා මගේ කෙල්ල ආදරේ මටනේ…………”
තේජ් දොර ඇරපු ගමන් පේනුව බදාගෙන අඬන්න අඬන්න පටන් ගත්තා
“නැහැ තේජ් මහත්තය…… මං මේ…….. මේ……. තීරණය ගත්තේ තීරණය ගත්තේ මගේ කැමැත්තෙන්මයි……… ඔයා යන්න දැන් මොකද මගේ මගේ තීරණේ වෙනස් වෙන්නේ නැහැ………….”
” එතකොට තෙනූ ඔයා මෙච්චර කල් මට පෙන්නුවේ බොරු ආදරයක්ද??….”
” නැහැ තේජ් මහත්තයා මං ඔයාට කවදාවත් ආදරෙයි කියලා නැහැ………”
” ඔව්……….. ඔව්……. ඒ වුණාට මේ ඇස් දෙකෙන් ඊයේ ආදරය දැක්කා……. කියන්න ඒ දැක්කේ බොරුවක් ද ??…….මගේ ඇස් දෙක දිහා කෙළින් බලලා කියන්න පුළුවන්ද ඔයාට මට ආදරේ කරන්නේ කරන්නේ නැහැ කියලා??………..”
මේ තේජ්ගේ වැඩ නිසා තෙනුලි පත් උනේ අපහසුවකට…………. මොනා නැතත් දැන් ගිය වචන ඇතුන් ලවා වත් අද්දන බැරි බව……….. තෙනූ දැනගෙන හිටියා……….. මිහේෂ් වගේ කෙනෙක්ට බලාපොරොත්තු දීලා ඒක බිඳින්න තෙනූට කොහොමත් පුලුවන් කමක් නැහැ…….. ඒ නිසා තෙනූ තේජ්ගේ ඇස් දෙක දිහා කෙළින් බලා කිව්වා…………….
“මම ඔයාට ආදරෙ කරන්නේ නැහැ…….. මං මීහුව මැරි කරන්න ඉන්නේ ඒ නිසා කරුණාකරල මට කරදර කරන්න එපා………….. එහෙම උනොත් ලොකු මැඩම්ට මේ ගැන කියනවා……….. තේජ් ඔයාට මට වඩා හොඳට ආදරය කරන්න පුළුවන් කෙනෙක් මේ වටේම ඉන්නවා……….. ඔයා එයාව හොයාගන්න ……….. ලස්සනට ජීවත් වෙන්න………….. ඔයාට ආදරෙයි නැති කෙනෙක් වෙනුවෙන් කඳුලු හලන්න එපා……. තේජ් ප්ලීස්…….. තේරුම් ගන්න………. දැන් ඔයාට පුලුවන් මෙතනින් යන්න………..”
” මගෙ මැණික මම යන්නම්………. ඒ උනාට කවද හරි මේ ගැන ඔයාට පසුතැවෙන්න වෙයි………. හොඳට මතක තියාගන්න…….. ඔයා මොනා කරත් කවදාවත් මං වෙනුවෙන් බලන් ඉන්න බව අමතක කරන්න එපා……… මං යන්නම්…. සතුටින් ඉන්න බුදු සරණයි …….”
තේජ් ළඟ තියෙන බිත්තියටත් තදින් පාරක් ගහලා යන්න ගියේ……… තෙනූ ඉකි ගගහා අඬද්දී………… තෙනු………එතකොටයි දැක්කෙ තෙනූගේ කාමරේ දොර ගාවට වෙලා තෙනූ දිහා අසරණව බලාගෙන ඉන්න මිහේෂ්ව……
” අනේ මීහු ඔයා මොකද මෙතන කරන්නේ??”
තෙනූ දැක්කා මිහේෂ්ගේ ඇස් වල කඳුළු පටලයක් තියෙනවා………. මිහේෂ් තෙනූ දිහා අසරණව බලන් උන්නේ හරියට ඇයි එහෙම කළේ කියලා ඒ ඇස් වලින් අහන්න වගේ ……..
” ඔයා මේවා ගැන හිතන්න එපා……… අපි හැමදාම සතුටින් ඉමු “
එහෙම කියලා තෙනූ මිහුගේ නලල සිප ගත්තා..
ඊළඟ දවසේ තෙනු උදෙන්ම ලෑස්ති උනේ මඩමට ගිහින් මේ ආරංචිය කට්ටියටම කියලා වෙඩින් එකට එක්කන් යන්නයි…….තෙනූ ගියාම හැමෝම තෙනූව ආදරෙන් පිළිගත්තා………
” සිස්ටර් මම සිස්ටර් වැදගත් දෙයක් කියන්න ආවෙ………….”
” මම දන්නවා තෙනු කියන්නේ මොනාද කියලා ……”
සිස්ටර් තෙරේසා හිනාවෙලා තෙනූට එහෙම කිව්වා………..
“සිස්ටර් දන්නවා??……… ඒත් කොහොමද??……”
” ඔයාට මෙහෙම යෝජනා කරන්න කලින් මැඩම් මගෙන් අවසර ගත්තා…………ඒකයි මං ඔයාට කිව්වේ මොළෙන් නැතුව හදවතට ඇහුම්කන් දෙන්නේ කියලා………”
” ඒ කියන්නෙ සිස්ටත් බලාපොරොත්තුවෙන් උන්නෙ මං මිහේෂ්ව මැරි කරයි කියල ද ??……”
“නැහැ දරුවෝ….මේක මගේ බලාපොරොත්තුව නෙමෙයි…………. මම හැමදාම වගේ ඔයාට කියනවා දෙවියන් වහන්සේගේ කැමැත්තට ඉඩ දෙන්න…….. කියලා…….. එතුමා අපිට කවදාවත් වැරදි මාර්ගය පෙන්නන්නෙ නැහැ……..”
“මම ආවේ ඔයාලව marrege එකට එක්කගෙන යන්න………..”
” හරි දරුවෝ ඒ ඔක්කොම හරි අපි නියම දවසට කට්ටියම එක්ක එදාට එනවා……..”
” sister මට පුළුවන්ද මගේ සෙට් එකේ ඉන්නේ මගේ යාළුවො ටිකව මගේ මගේ කුමාරියන්ට ගන්න………..”
” මැඩම් කැමතිනම් ඉතින් අපේ විරුද්ධත්වයක් නැහැ………… මේක ඔයාගේ වෙඩින් එක ඔයාට සතුටු හිතෙන ඕනි දෙයක් කරන්න………. ඔයා හැමදාම සතුටින් ඉන්නවා බලන්න තමයි අපිටත් ඕනි තේනූ……….”
ඉතින් සතියක් විතර තේනු එහෙ ගත කළා……. මේ තමයි නිදහස් කෙල්ලෙක් විදියට ගත කරන අවසාන දවස් කිහිපය………. ඊළඟ සතියේ ඉඳලා තෙනු වගකිම් සහිත බිරිඳක් වෙනවා……. ඒකත් ආබාධිත සැමියෙක්……… ඒ නිසා තෙනූට සාමාන්‍ය බිරිඳකට වඩා වගකීම් තරමක් වැඩියි……..
සතියක් විතර යාළුවොත් එක්ක වෙනදා වගේම සතුටින් ගත කරපු තෙනූ………ආයේ මේ බංගලාවට ආවේ ටිකක් විතර හිතේ සැනසීමෙන්………..
බංගලාවට යන යනකොට බංගලාවේ එකම කලබලයයි…………. ඇගේ හිතට පොඩි බයක් දැනුණා…………. තෙනු හෙමින් හෙමින් අඩිය තියලා තමන්ගෙ කාමරේ තියන තැනට ආවා…….
එතකොට තමයි තෙනූ දැක්කෙ මිහේෂ්ගේ කාමරේ කට්ටිය ටිකක් වැඩිපුර ඉන්නවා කියලා……. ගෙනාපු බෑග් එකේ එහෙම පැත්තකින් තියලා තෙනු දිව්වේ ඒ කාමරේට…….. එතකොටම තමයි මිහේෂ්ගේ කාමරෙන් ඩොක්ටර් කියලා හිතන්න පුළුවන් කඩවසම් පිරිමි කෙනෙක් එළියට ආවේ……….
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
කෝ කෝ මට බැනපු තර්ජනය කරපු අය පෝලිමේ එන්න ටොක්ක ගානේ අනින්න……..
ඔයාලා දන්නවනේ ඉතිම් මං ඔයාලව අවුස්සන්න ආසයිනේ.